"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සද කැන් වැසිලා.....VICTOR RATHNAYAKA



මුලු හදින්ම ආදරයෙන් පසුවන පෙම්වතෙකුට,තම පෙම්වතිය කෙරේ බැලුම්ලන වෙනකෙකු පැමිනීම නිසාවෙන් ඔහුට දැනෙන හැගීම් දැනීම් සියුම් ලෙසින් ගීපද පෙලකට ගලපා ඇති ගීතයක් ලෙස හැදින්විය හැක.මේ ලොව මා සතු ඈ සතු ඒ නේතු අසල්වාසියෙකු සොයනු දැනේ....වැනි යෙදුම් ගී පද රචනයේ දක්ෂතාවන් මැනවින් පෙන්නුම් කරයි.මධුර තනුවකින් හැඩවී වික්ටර් රත්නායකයන්ගේ මනෝහර හඩ සමග මුසුවු සාර්ථක නිර්මානයක් ලෙස දැක්විය හැක......


සද කැන් වැසිලා........
අදුරේ එතිලා.............
ඝනදුර ‍රැ ........තනිකම නෑ.......
සොයා එන්න ගනදුරු තරු නිවලා.......
මගේ එලිය අද ඔබ පමනී.......//


ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නේතු අසල්වාසියෙකු සොයනු දැනේ....


සද කැන් වැසිලා........


මා නැත අන් සතු සිත් බිදලා
දෑතම බැදගෙන හිදිමි බලා..
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු රහස් අහස් තලයට පවරා....


සද කැන් වැසිලා........
අදුරේ එතිලා.............
ඝනදුර ‍රැ ........තනිකම නෑ.......
සොයා එන්න ගනදුරු තරු නිවලා.......
මගේ එලිය අද ඔබ පමනී.......


සින්දුව අහන්න මෙතන click කරන්න

No comments:

Post a Comment

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......