"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ඉක්මන් කරන්න,නොමිලේ Atom Processor Architechure ගැන පොතක් ගෙදරටම....


මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ  atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ  ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි.
මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම වෙනම නිලධාරියෙක් ඇවිත් ගෙනත් දෙනවා.පොත ගෙදෙට්ට ගේන්න කලින් ඔයා ලබාදෙන දුරකථන අංකයට කතා කරල වැඩේ ස්තීර කරගෙන තමයි පොත අපට ලබාදෙන්නෙ.ටිකක් ඉක්මන් උනොත් හොඳයි.මොකද සීමිත දවස් ප්‍රමානයකට තමයි මේ offer එක.කස්ටිය එහෙනම් බලන්නකෝ  ඔන්න මම ගියා.ජයශ්‍රී!

ප්‍රේමය නම් කිමැයි කියා...............



ආදරය, ප්‍රේමය යනු වර්තමනයෙනන් දෙසින්  කන වැකෙන වචනයි .ආදරය යනු කුමක්දෙයි කෙනෙකුගෙන් ඈසු විට අපට විවිද වු පිලිතුරු ලැබේ.මව සහ දරුවන් අතර ඈති ආදරය ,පියා සහ දරුවන් අතර ඇති ආදරය,සහොදර සහොදරයන් අතර ඈති ආදරය ,යහලු යෙහෙලියන් අතර ඈති ආදරය යනදී වශයෙන් ආදරය විවිදාකාර වු ආකාරයෙන් අපට ප්‍රභේද කල හෑක .
නමුත් අද අපි කතා කරන්නෙ යොවුන් වියෙ ප්‍රේමය ගෑනයි.යොවුන් වියෙ ප්‍රේමය කෙබදුද  දෑයි එය විදිමින් සිටින කෙනෙකුගෙන් ඈසුවහොත්,ඔහු  හො ඈය විවිද ඒ පිලිබද විවිද  වු අදහස් දක්වයි.වර්තමනයෙ බහුලව සමාජය තුල කතා කෙරෙන්නෙ මෙම යොවුන් වියෙ ප්‍රෙමය ගෑනයි.රූපවාහිනියෙන් ,ගුවන්විදුලියෙන් ඈසෙන සෑම ගීතකටම  පාහේ වස්තු විශය  වි ඈත්තෙ මෙම ප්‍රේමය යි.එපමනක් නොව රුපවාහිනි මාධ්‍ය ඔස් සේ විකාශය වන ටෙලි නාට්‍යක ,චිත්‍ර පටියක ප්‍රදාන තේමාව වන්නෙ ප්‍රේමයයි.
ප්‍රේමය පාදක කොට ගනිමින් ලියෑවුන ගීත රාශියක් වර්තමානයෙ සේම අතීතයෙන්ද අපට උකහා ගත හෑක.ප්‍රේමය වටා මෙතරම් නිර්මානයන් ගොඩ නෙගෙන්නෙ එය එතරම් සොඳුරු වු දෙයකෑයි වරෙක ප්‍රස්නයක් මතු වනු ඈත.
"ප්‍රේමය දෑක්මෙන් වුව ,ඈසීමෙන් වුව ,දෑනීමෙන් වුව සිත පහන් කරවන සන්වේදනාවක් නම් ,ඒය විදින්නට පෙරුම්  පුරන්නෙ ජීවිතය ප්‍රේමයෙන් පුරවන්නටය.සුවපත් කරන්නටය.කෙනෙකුට නොහෙගෙන,ඒ හෑගුම් තනි සිතක දරාගෙන  කල්පයක් වුව තව අයෙක් වෙනුවෙන් බලා සිටින සිත් කෙතරම්ද? දෙනෙත දකින සිතට දෑනෙන සොදුරු වු හෑම දෙයකම වේදනවක් මුසු වි ඈති බවක් දෑනෙන ,තනිකඩ සිතක  සිතුවිලි ගීයක පද වෙලක් වි ගැයේ නම් ඒක් මොහොතකට හො ඒය සොදුරු පෑතුමකි.
සිනාවක පව සෙනෙහසින් රෑදෙන්නට මග බල සිටින තනි සිතක් හිමි වුනත්,නොවුනත්,ගොලු වු සිතිවිලි සුසුමකින් සගව ගනිවි .ඒ ........සෑලමුතු සෙනෙහසක අරුතින්....."
 "සද මඩල මියදෙනා අමාවක සීතාම්බරේ
තරු  පොකුරු ඈහෑරිලා ඈයිද සරදම් මේ ලෙසින්
නිල් දෑස හඩවනා මේ කදුලු වෑහි සීතලේ
 මල් හීන පොඩිවෙනා තරම් හිරිකඩ වෑටේ  දෑන්   
  
තනියෙන්ම හිනහෙනා ජීවිතේ තනිමන්සලේ  
දුර ඈත පවෙනා ජීවිතේ තනිමන්සලේ
නුබේ සිහින නොමියෙනා සොදුරු වු මෙ විල් තෙරේ
 නුබේ දෑස මානයෙ හිද ගීයකින් ගයන්නම්

සෝසුසුම් පවෙනා නුබේ මුව සින රෑල්ලේ
රෑදෙන්න්ට   පින් පුරා ප්‍රේමයෙන් මග බලන්නම්
තනි  සිතක් හඩවනා ඒ හෑගුම් සදා ගොලු වී
වරම් නෙති වුවත් හද සුසුමකින් සගවන්නම්     "
ප්‍රේමය නිසා ජීවිතය සාර්තක කරගත් අය සේම ,ප්‍රේමය නිසා ජීවිතය විනාශ කරගත් අයද වර්තමාන සමාජය තුල අපට බහුලව අසන්නට මෙන්ම දකින්නට ද ලෑබෙ.විශ්වවිද්යාල තුල ප්‍රේමය කෙතරම් සුන්දර වුවත් ,ඒයින් සාර්තක ලෙස අවසන් වන්නෙ ඉතාමත් සුලු පිරිසකගේ ප්‍රේමයන් පමනි.අනෙක් අයගෙ ප්‍රේමය අසාර්තක වීම හෙතුවෙන් ජීවිත හනි කරගෙනීම් පවා ඈති වු අවස්තා විශ්වවිද්යාල තුල පමනක් නොව ඉන් බාහිර සමජයේ ද එමටය.ප්‍රේමය යනු අන්ද වු දෙයකෑ යි වරෙක ගීත රචකයන් පවා අපට පසක් කරන්නෙ මෙ නිසා විය හෑක
 ප්‍රේමය යනු කෙතරම් සුන්දර දෙයක් වුවත් ,ප්‍රේමය යනු හදවතින් විදිය යුතු නමුත් බුද්ධියෙන් තීරන ගත යුතු උතුම් වු මානුශීය හෑගිමකි.

කැත පුරුද්දක් නැති කරගත්තෙමි……..



ඔන්න අද කියන්න යන්නේ මගේ කැත පුරුද්දක් නැති කර ගත්තු විදියක් ගැන.කැත පුරුද්ද තමයි සෙරෙප්පු මාරු කිරීම.පෝයට පංසලට අපේ පිංවතුන් ගිහින් එනකොට පෙලක් වෙලාවට අපි දන්නෙම නැතුව අපේ සෙරෙප්පු වලට විදපු වෙලාවල් ඔයාලටත් නම් ඕනි තරම් ඇති.ඉතින් ඔය වෙලාවට ටිකක් විතර මල පැන්නට ඒතරම් කේස් එකක් නැ මොකද තවත් පංසලට ආපු පිංවතෙක්ගෙ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර එන එක තමයි කරන්න තියෙන්නේ.ඒත් මම කවදාවත් පංසලක නම් සෙරෙප්පු මාරු කරලා නැ. ඒක කොහොමත් පව් වැඩක්නේ.
 අපේ කැම්පස් එකේ ලැබ් එකට යන්න ඕනි නම් එලියෙ සෙරෙප්පු ගලවලා තමයි ඇතුලට යන්න ඕනි.මම කරන්නේ කොහෙන් හරි ජාති දෙකක සෙරෙප්පු දෙකක් හරි හොඳටම ජරා වෙච්ච සෙරෙප්පු දෙකක් හරි දාගෙන ඇවිත්  ලැබ් එක ඇතුලට ගිහින් ආයෙත් එනකොට සුපිරි සෙරෙප්පු දෙකක් දාගෙන එනවා.කොහොම හරි අන්තිමට එන එකාට ඉතුරු වෙන්නේ මම හඳුන්වා දුන්නු සෙරෙප්පු දෙක.මොනව කරන්නද කියලා අන්තිමයා ඒ සෙරෙප්පු දෙක දාගෙන එනවා.
පුංචි පහේ සිඟිති ආතල් එකක්  ඒ වැඩෙත් තියනවා.ඒත් මේ වැඩේ කවදවත් හොරකමක් කියලා හිතුනෙත් නැ..අනික මම මගෙ වටේ ඉන්න එවුන්ටත් කියලා තමයි මම මේ වැඩේ කරගෙන ගියෙත්.මම ගෙනාපු සෙරෙප්පු දෙක දාගෙන යන එකා සෙරෙප්පු මාරු කරපු එකාට බැන බැන යනකොට කොහොමද කුනු සෙරෙප්පු දෙකකුත් දාගෙන. කොහොම උනත් ඔහොම කරල දවසක් මාව අතටම අල්ල ගත්ත අපේ සීනියර් කෙනෙක්.එදා මම දාගෙන ආවෙ අපේ අලුත් හොස්ටල් එකේ වැඩ කරන අය මේසන් බාස්ල පාවිච්චි කරලා අයින් කරපු සිමෙන්ති ගැවිච්ච සෙරෙප්පු දෙකක්. මම ශේප් එකේ මේ දෙක මාරු කරලා යන්න ගියා. අන්තිමට මේ සෙරෙප්පු දෙක දාගෙන යන්න වෙලා තියෙන්නේ අපේ සීනියර්  අයියෙක්ට. අන්තිමට  කොහොම හරි මැන්ස්ට ආරංචි වෙලා මේ සෙරෙප්පු දෙක මාරු කලේ මං කියලා.අපේ සීනියර් අයියත් මේ සෙරෙප්පු දෙක දාගෙන ආවා මාව හොයාගෙන.මේකට ඔත්තුව දීල තිබුනෙ මාත් එක්ක හිටපු එකෙක්ම තමයි.හැබැයි එහෙම කිව්වේ නැත්නම් මේ වැඩෙත් අහුවෙන්නේ නැ.හික් හික්.කොහොම උනත් සීනියර් මගේ බොක්කක්.උබත් මරු වැඩ තමයි කරන්නේ කියල පොර සෙරෙප්පු දෙක මාරු කරන්  යන්න ගියා.කිසිම කේස් එකක් උන් නැ එදත්. :):):)
කොහොම හරි පහුගිය සතියේ දවසකත් මම මගේ වැඩේ කරල රූම් එකට ඇවිත් "බලපන් අද මම අලුත්ම සෙරෙප්පු දෙකකට මාරු උනා"
කියලා කිව්ව.
මේක අහපු මගේ යාලුවෙක් "උබට ඔය වැඩේට කකුල් දෙක කැඩිලා ඉපදෙන්න වෙයිද දන්නෙ නැ ඊලග ආත්මෙක" කියලා කිව්වා.මට මේකට ටිකක් අප්සට්.
"ඉතිං බන් මම මේක කරන්නේ ආතල් එකටනෙ.."
"යකෝ ආතල් එකට උනත් හොරකමක්නේ..අහල නැද්ද අර ජාතක කතාව.." මැන් කියනව..
දැන් ඉතිං මට මේක කියන ජාතක කතාව දැන ගන්න හිතුනා. මොකක්ද මගෙ කකුල කැඩෙයි කියපු එකෙයි ජාතක කතාවෙ සම්බන්දෙයි බලන්න.ඒත් පොර ජාතක කතාවෙ නම නම් දන්නේ නැ.ඉතින් මම අහගත්ත විදියට මේකයි කතාව.
ඉස්සර කාලේ පොඩි ලමයි ටිකක් සෙල්ලම් කරනකොට තලගොයෙක් අල්ලගෙන නැට්ටෙන් හිර කරලා තියනවා.ආයෙත් අයින් කරන්න හිතාගෙන.ඒත් ලමයි සෙල්ලම් කරල ගෙවල් වලට ගිහින් හැබැයි අර තලගොයාව නිදහස් කරන්න අමතක වෙලා.ලමයින්ට මේක මතක් වෙලා තියෙන්නේ පස්සේ දවසක.ඒත් පස්සේ ඇවිත් බලනකොට පරක්කු වැඩියි.අර තලගොයා මැරිලා.කොහොම හරි මේ ලමයි සෙට් එක පහු ආත්මයක ශාසනේ  මහන වෙනවා.මෙහෙම මහන වෙලා බුදුන් බැහැදකින්න කියලා දිගු දුරක් ගෙවාගෙන එනකොට ගමන දුර වැඩි නිසා කැලේක ගල් ගුහාවක නතර වෙනවා රාත්‍රිය ගතකරන්න.ඒත් උදේ බලනකොට අර ගල් ගුහාවේ දොර හිරවෙල වැහිලා.අපේ මේ සෙට් එකම මේ ගල් ගුහාවේ හිරවෙලා එලියට එන්න බැරිවෙලා අර මුල් ආත්මේ තලගොයා මැරිච්චි විදියටම මියයන්න සිද්ද වෙලා.කොහොමද වැඩේ...විහිලුවට පෙර කල පවක් පලිසන් දීල.
මේ කතාව ඇහුවම මටත් ටිකක් අප්සට්.ඒත් මං කරලා තියෙන්නේ ඒ තරම් ලොකු වැ‍රැද්දකුත් නෙවෙයි.ඒ උනත් මගෙ කකුල් දෙක නැතුව වත් ඊලඟ ආත්මෙක ඉපදුනොත් කාට කියන්නද.ඒක හන්දා මම මගේ ඒ නරක පුරුද්දත් නැති කොර ගත්ත......ඔයගොල්ලොත් මේ ටයිප් එකේ පොඩි පොඩි වැරදි කරනවනම් බලන්න මේ ජාතක කථාවත් එක්ක සම්බන්ද කරලා.කෙනෙක් හරි ඒ වගේ දෙයක් නිවැරදි කර ගත්තොත් මගේ මේ ලිපියත් සාර්ථකයි..ඒ ගමන්ම කියන්න ඕනි ඔන්න මේ තමයි බ්ලොග් එකට ලියන පනස් වෙනි ලිපිය.ඒ ගැනත් පොඩි සතුටක් තියනවා.එහෙනම් මේක කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඔන්න මම ගියා හැමෝටම ජය ශ්‍රී!!!