"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සිංඩිකේටරයට තවත් කෝඩුකාරයෙක්???

මමත් syndi යට එකතු වෙලා.හුගක් කල් ඉදන් සින්ඩියට ඇව්ල්ල blog කියවා කියවා ඉන්නකොට තමයි හිතුනේ සිංහල බ්ලොග් එකක් පටන් ගන්න ඕනි කියලා.syndicater එක හන්දම තමයි blog එක ලියන්න ඕනි කියලා හිතුනේ.ඒක හන්ද මුලින්ම syndiයට ස්තූතිවන්ත වෙන්න ඕනි මාවත් මේකට එකතු කරගත්තට.මොකද නැත්නම් අපි ලියන ඒවා කවුරු බලන්නද?





syndiයට එකතු වුනා විතරයි මගේ blog එක බලපු ගාන හුගක් වැඩි වෙලා.පලවේනි දවසෙ ආවෙ 5 දෙනයි.syndi යට ආව විතරයි ඒ ගාන 33කට වැඩි වෙලා.මම ලියපු ඒවත් බැලුවොත් පොඩි comment එකක් දාන්න.එතකොට තව තවත් ලියන්න උනන්දුව වැඩි වෙයි.මේකට ආපු ඔක්කොටම thanks.

වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු වෙනවා,,,,,,,,,



මේ දවස්වල බස්වල යන කොට හුඟක්ම ඇහිලා ඇති රබානක් අරගෙන ඇවිත් මොකක් හරි අමාරුකමක් කියලා සිංදු තුනක් විතර කියලා සල්ලි ඉල්ල ගන්නවා. නැත්නම් විරිඳු ටිකක් කියලා මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ල ගන්නවා.පෙලක් අයගේ සිංදු විරිදු අහගෙන ඉන්න හිතනවා.ඒ තරමට වැඩේ හොඳට කරනවා.තවත් සමහරුන්ගෙ නම් සිංදු විරිඳු මෙලෝ රහක් නෑ.නිකම්ම නිකං ගෝසාවක් විතරයි.පහුගිය දවසක මමත් කැම්පස් එකේ ඉඳන් රත්නපුරේ ගෙදර එනකොට බස් එකට නැංගා dial එකක් රබානක් අරගෙන විරිඳු කියන්න කියලා.මුලින්ම තියන අමාරුකම් ටික කියලා එහෙම විරිඳු කියන්න පටන් ගත්තා. මමත් shape එකේ මගේ phone එකට කියන විරිඳු ටික record කරගත්තා.කියවල බලන්නකෝ මෙන්න කියපු විරිඳු ටික........



ජීවිත  ගනනක්  අරගෙන  බස්   එක දෑතින්  එලවන
සියලුම   දෙවි   ඇකවරනයි  රිය පදවන   රන් දෑතට

රිය  පදවන   රන්    දෑතට    කඩන ටිකට රන් දෑතට
සුමන සමන් දෙවි පිහිටයි රථේ ගමන් කරන  සැමට

කරදර කෙරුවාට එපා සුපින්වතුනි   තරහා ගන්න
හෑමදාම එනව නෙවෙයි ඔහෙලට කරදර කරන්න

ගල නම් ගල...ගල නම් ගල....උතුරට අර පෙනෙන නගර
ගල නම් ගල... ගල නම් ගල....මගේ  ගමත්   කුරුනෑගල

සොරකම් මංකොල්ලකෑම් අප ඉපදුන රටට කැතයි...
සිංදු   විරිඳු    කියන  එක   පිංවත   අපෙරැකියාවයි...

ඌරා බිව්වෙ ලේ කිරි කර  දරුවෙක් මෙලොවට  බිහිවුන
රවා බලනුවත් හොඳ නැහැ කිසි කලකදි මව් කෙනෙක්ට

අම්මා අමිල කරුනා බර බැතියනි ලොව නිධානයකි
ගුන සිහි   කර  වඳිනවානං   අම්මත්   බුදු  පිලිමයකි

කොච්චර කරදර තිබුනත් මවකට නම් එය ඇබද්දි
දෙතනේ කිරි හංගනවද   කිරි දරුවෙක් එය හඬද්දි

අම්මා   බුදු වෙන්න  කියා සමහරු  පපුවේ කොටනවා
එහෙම ලිව්ව පුතා ලෙසින් අම්මට පිහියෙන් අනිනවා

ලෙඩක් දුකක් හැදුන විටදි අම්ම අපෙ ලගින් හිඳී
දවසට දෙවරක්  වැන්දත් අම්මේ මගෙ හිතට මදී

අම්මා පෙව් කිරි  බිදෛන් මුනි සිරිපා   යුග තෙමන්න
අපි පින් කරලා මදි පිංවත බිව් කිරි වල නය ගෙවන්න

දාම් කොටුවකට ඉත්තා කූඩුවෙ දැමු විට පෙත්තා
අම්මාගේරැකවරනෙන් අපි හැමදෙනරැකගත්තා

වැදු මවටත්  පයින්    ගහන බේබදු දරුවන් ඉන්නවා
කැත්තෙන් කොටලා පිංවත අම්මා තාත්තව මරනවා

ලලයි ලිලයි ලයි කිය කිය අද සමහරු ජොලි කරනවා
වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු වෙනවා

 උපන්නා වාගෙම මැරෙනවා නෑ පෙලකට කල්පනාව
 හපන්කමින්   ඉන්න  හදයි   මරුවට   දීගෙන  පගාව

නැති  බැරිකම  දුප්පත්කම  ඔබට  අපට  සිදු  වෙනවා
දෛවය කැරකෙන විදියට ජීවිතෙ අපෙ පෙරලෙනවා

අව්වෙන්  මුතු කැට  වැටෙනවා වැස්ස්සට දියවෙලා යනවා
පිංවත අප මැරුනු දාට මහ පොලොවට පොහොර වෙනවා

වාත්තු  කර  මිටි  බන්දල්  ගෙන දුන්නත් මාරයාට
මාට්ටු කරරැගෙන යනවා මරුගෙ දිනය ආපු දාට

වැද  වැද  තාලයට  අපේ  රස  මුසු කර  විරිඳු නගී
කඳ සුරිදුනි මෙහෙට ඇතී..පිබිදෙන මල් පියලි වඳී

පෙලින් පෙලට කියලා බලමු අතු අග මල්  නෙලා  ගන්න
මුලින් ඉන්න ඔහෙල ගානෙ තිබුනොත් පිලිසරන වෙන්න

කල වෙලාව නැහැ පිංවත එක තැන කිය කියා ඉන්න
බහින නගරෙ ලඟා වෙනවා ගැන චුට්ටක් හිතන්න

දුක  හඳුනන  එතන  මැතිඳු  අරගෙන  අර  විස්ස දුන්නෙ
අපි කන බත් මිටක් ගානෙ ඔහෙලට පින් සිද්ද වෙන්නෙ

රුවන්පුරේ නිවන් දොරටු ඇරේවා පිං වන්ත සැමට
ඉතින් විරිදු  පෙල  ඉවරයි  සම්බුදු  සරනයි හැමටම




වීදි නාට්‍යකරනයේ පියා ගාමිනි හත්තො‍ටුවේගම (Gamini Haththotuwegama)

 

එක් දහස් නවසිය තිස් නවය වසරේ නොවැම්බර් මස 29 වැනිදා ගාල්ලේ උපත ලැබූ ගාමිනි හත්තොටුවේගම මහතා ගාලු පුරයෙන් බිහිවු තවත් අග්රන්  කලාකරුවේකි.ශ්රි ලංකාවට වීදි නාට් හදුන්වාදීමේ පෙරගමන්කරුවා ලෙසින් විරුදාවලිය ලැබූ මේ මහතා තම නිසඟ කලා හැකියාවන් විවිද වූ ක්ෂෙස්ත් ඔස්සේ එලි දක්වා ඇත.

විටෙක නාට් තිර පිටපත් රචකයෙක් ලේසින්ද,විටෙක රංග අඩ්යක්ෂකයෙක් ලෙසත් තවත් විටෙක රංගධරයෙක් ලෙසත් වැනි විවිද වූ අංශ ඔස්සේ තම හකියාවන් තුලින් ශ්රි ලාංකීය කලා කේත අස්වැද්දීමට සමත්විය.1965 වර්ෂයේදී කැලනිය සරසවියේ ඉංග්රීසි අංශයට එක්වූ ගාමිනි හත්තොටුවේගම මහතා වර්ෂ 1974දී කැලනිය සරසවියේ කලා අංශය පිහිටුවීමට මූලිකත්වය ගෙන ක්රියා කලේය.ශ්රීලාංකීය කලාව කෙරේ සිදු කල අනුපමේය මෙහෙය වෙනුවෙන් 1995 වර්ශයේදී කලා කීර්ති සම්මනායෙන්ද පිදුම් ලැබුවා.


              වීදි නාට්‍යක් වීදිගත වෙන අවස්ථාවක්........

ජීවිතයේ අවසාන කාලයේදීත් පේරාදෙනිය සහ කැලනිය සරසවි තුල දේශන පවත්වමින්ද කටයුතු කල හත්තොටුවේගම මහතා දරුනු පිලිකා රෝගයක් හේතුවෙන් 2009 ඔක්තෝබර් මස 29 වැනි බ්රහස්පතින්දා අප සැම අතරින් සදහටම සමුගත්තා.මිය යන විට එතුමාට වයස අවුරුදු 73ක්.ගාමිනි හත්තොටුවෙගම මහතාගෙන් කලාවට සිදුවූ අනුපමේය මතු මතුවටත් ශ්රි ලාන්කීය නාට් කලාවේ රන් අකුරෙන් ලියවෙනු ඇත.



sony ericsson phone එකට රහස් ඉඟි.....


 

1)  > * < < * < *
model no එක software version පිලිබඳව,IMEI no එක,sim lock වැනි දැ පිලිබදව දැනගනීමට

2) * # 0 6 #
IMEI no එක දැනගනීමට..

3) 0 #
අවසන් වරට ඇමතු දුරකතන අංක බලාගැනීමට

4)ඕනැම අංකයක් සමග #
සිම් පතට save කරපු අංක බලා ගනීමට..

5)  <0  0 0 0>
දුරකතනයේ language එක වෙනස් වුනොත් නැවත්හ default language එක ලබාගැනීමට

6)  < * * <
network information පිලිබද දැනගැනීමට