"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

මමත් බ්ලොග් ඒකක් පටන් ගත්තා..........

ඉන්ටනෙට් එකේ කොච්චරවත් රවුම් ගහලා ගහලා එපාවෙලා ඉන්නකොට මම දැක්කා මරු සිංහල බ්ලොග් එකක් ..ඒකෙ කියවන්ඩ දේවල් ගොඩාක් තිබුනා.ඒකෙ තවත් ගොඩක් ලින්ක් තිබුනා. ඒවට ගියහම තවත් කියවන්න වැදගත් ඒවා ගොඩයි...මරු මරු.....සිංහල බ්ලොග් ගොඩක් තියෙනවා.

මේ වගේ මටත් කරන්න බැරිවෙයිද...ට්‍රයි ඒකක් දාන්ඩ ඕනි කියල මමත් සිංහලෙන් බ්ලොග් එකක් ලියන්ඩ කියල ප්ලැන් කරල වැඩෙට ලැහැස්ති උනා.....මුලින්ම කලේ මගේ පෝන් එකට රුපියල් සීයක් රීලෝඩ් කරගන්න එක මොකද මට ඒ ඩී එස් එල් නැති නිසා...මොබිටෙල් ඩිලයිට් දාගෙන මම කල්පනා කලා කොහොමද මේ වැඩේ කරන්නෙ කියල....

මුලින්ම මම හිතුව කොහොම හරි අකුරු ටික ටයිප් කරලා ඊට පස්සෙ ඒවා බ්ලොග් එකට පේස්ට් කරනවා කියල.මම වර්ඩ් දාගෙන ටයිප් කරන්න පටන් ගත්තා

ඊට පස්සෙ බ්ලොග් සයිට් ඒකේ ලියාපදිංචි වෙලා මගේම කියලා බ්ලොග් ඒකක් පටන් ගත්තා......ඊට පස්සෙ ඒවා බ්ලොග් එකට පේස්ට් කරා. මේ ටික මුලින්ම ලිවුවෙ මම වගේ තවත් අය ඉන්නවා නම් මම ගිය පාරෙ යන්න ටේස්ට් එකක් දාන්න කියන්න.....

මමත් මොනවා හරි වැදගත් දෙයක් මගෙ බ්ලොග් ඒකටත් එකතු කරන්න හිතාගෙන ඉන්නවා ඔයගොල්ලන්ගෙ අදහස් ඒවට ලැබුනොත් හුගක් හොදට මට වැඩේ කරගෙන යන්න පුලුවන්.....

රාජිත අනුරාධ