"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

Trip to Thanthirimale - තන්තිරිමලේ වඳින්න යමු

පහුගිය දවසක අපිත් ගියා තන්තිරිමලේ.මේ දවස් වල කැම්පස් එකේ වැඩිපුර වැඩක් නැති හන්දා හොස්ටල් එකේ කට්ටියත් එක්ක තමයි ගමන යන්ඩ පිටත් වුනේ.අනුරාධපුරේ ඉදලා යනවා නම් පරන බස් ස්ටැන්ඩ් එකෙන් පැයකට වරක් බස් යනවා.කොහොමහරි අපිත් බස් එකේ පැය එක හමාරකින් විතර තන්තිරිමලේ පුදබිමට ලඟා උනා.අනුරාධපුරෙ ඉදන් කි.මි 40ක් විතර දුරින් තමයි පංසල පිහි‍ටුවා තියන්නේ.


                     සැතපෙන පිලිම වහන්සේ


තන්තිරිමලේ පුදබිමේ ඉතිහාසය ගැන කියනවනම් සංඝමිත්තා තෙරනිය සිරි මහ බෝ හිමි අරගෙන අනුරාධපුරට එන ගමනේදී ‍රැයක් තන්තිරිමලේ පිහිටි ගල් ලෙනක ඉදලා ගියා කියලා තමයි කියන්නේ.තන්තිරිමලේදී අපට බලන්ඩ දේවල් තමයි අශ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ,ශෛලමය සමාධි පිලිම වහන්සේ,චෛත්‍ය,බුදු මැදුර,පොත්ගුල,පධාන ඝරය,සංඝාරාම නටඹුන්,කෞතුකාගාරය,නෙලුම්පොකුන,වැදිලෙන සහ වැදි චිත්‍ර වගේ දේවල්.මීට අමතරව පුදබිම පිහිටිලා තියන්නේ අක්කර 250ක් විතර විශාල ගල් තලාවක.

ගල් තලාව මත ඇති බෝධීන් වහන්සේ 


තන්තිරිමලේ පිහි‍ටුවා තියෙන අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ ක්‍රි.පු තුන්වන සියවසට අයත් වනවා.තිවංක කියලා බමුනුවරයෙක් තමයි ශ්‍රීමහ බෝධියෙන් හටගත්ත අංකුර අටෙන් එකක් මෙහි ගෙනත් රෝපණය කරලා තියෙන්නේ.විශේෂිතම කාරනය කියන්නේ මේ බෝධිය හටගෙන තියෙන්නේ ගල් තලාව උඩ. මෙහි තිබෙන ගලෙන් නිමවු පිලිමවහන්සේ අයත් වෙන්නේ ක්‍රි.ව අට හෝ නව වන සියවසට කියලා තමයි හොයාගෙන තියෙන්නේ.මේ ගල් පර්වතයේ සමාධි පිලිමෙට අමතරව තවත් පිලිම කිහිපයක වැඩ නිම කරලා නැහැ.දැනගත්ත විදියට නම් ඒ කාලෙ තිබ්බ සතුරු ආක්‍රමන හන්දා තමයි මේ කටයුතු ඉවර කරන්න බැරි වෙලා තියෙන්නේ.කොහොම උනත් මේ තියන සමාධි පිලිම වහන්සෙට වගේම අනික් පිලිම වහන්සේලාටත් නිධන් හොරුන් හානි කරලා තියනවා.ඔය මම රතු පාටින් දක්වලා තියෙන්නේ එහෙම නිධන් හොරු විනාශ කරපු තැනක්.
  
සමාධි පිලිම වහන්සේ



තන්තිරිමලේ පුදබිමෙ තියන ප්‍රාග් ඉතිහාසික ගල් ගුහා සහ වැදි චිත්‍ර වලටත් වැදගත් තැනක් හිමි වෙනවා.මේ ඇදලා තියන සිතුවම් ඇදීමට සත්ව ලේ,අල,අඟුරු,ශාක පත්‍ර උෂ සහ පාට ගල් වර්ග භාවිතා කරලා තියනවා.නමුත් දැන්නම් ඒ තරම් පැහැදිලිව චිත්‍ර පේන්න නැ.ඒවත් හරියට සංරක්ශනයක් නම් වෙන පාටක් පේන්න තිබුනෙ නැහැ.

                       ඉපැරනි චිත්‍ර ඇදි ගල් ගුහාවක්


                   සංඝාරාමයේ දක්නට ඇති පොත්ගුලක්

 

කොහොම උනත් අනුරාධපුරෙ ට්‍රිප් එකක් ආවොත් තන්තිරිමලේ බලන්නත් යන්න.මොකද තන්තිරිමලේ පුදබිමේ බලන්න දේවල් ගොඩක් තියනවා. 



එකකට එකක් වෙනස් photo ටිකක්........


පහුගිය දවස් වල මට ආපු email වල තිබ්බ photo ටිකක් blog එකට දාන්න ඕනි කියලා හිතුනා.මේවා එකකට එකක් වෙනස්.පොඩ්ඩක් බලන්ඩකෝ.........


1) අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද සිල්වා දන්නවනේ.එයාගේ විනෝදාංශය ඉතිං කාර් එකතු කරන එකනේ.මේක 2009දී ගෙනාපු භාන්ඩේ.වරායට ගෙනාපු කාර් එක ගෙනියන්නයි ලෑස්තිය.ඔය කහ පාට කමිසයක් ඇදන් ඉන්නේ අරවින්ද තමයි.



2) අර කාලකන්නි මිනීමරුවා මතකද දන්නේ නෑ.....ප්‍රභාකරන්..එයා තමයි.ඒ යකා පාවිච්චි කරපු van එක.




3) මේ email එකේ subject එක කියන්නම්. BEST LOSER AND HIGHEST WICKET TACKER.



4) මේක නම් ටිකක් විතර අමුතුයි.අතින් ඇදපු චිත්‍රයක්....



5) මේ ටයි එකේ අගට වෙන්න තියෙන්නේ pen drive එකක්.කොහොමද වැඩේ.දැන් ටයි එකත් බහුකාර්ය වෙලා.

  


6) පියාඹන්ඩ කුරුල්ලන්ට ත‍ටු ඕනිමද????


මුත්‍රා මුට්ටිය...........


මේක මුත්‍රා මුට්ටියක්.මම මේක දැක්කේ තන්තිරිමලේ විහාරයෙ තියෙන කෞතුකාගාරයෙදි.ඉස්සර කාලේ තිබුන දියුනු තාක්ෂනේ ගැන තවත් හොඳ නිදසුනක් කියලා හදුන්වන්න පුලුවන් මේ මුත්‍රා මුට්ටිය.තන්තිරිමලේ කියන්නේ හාමුදුරුවරු වැඩ හිඳපු විශාල ආරාම සංකීරනයක්.මම අහලා දැන ගත්තු විදියට මේ ප්‍රදේශයේ ඉස්සර කාලේ තිබුන වැසිකිලි පද්දතිය ඉතාමත් විශිෂ්ඨ එකක්.වැසිකිලිය තුලින් යන මුත්‍රා අපද්‍රව්‍ය,නල මාර්ගයක් ඔස්සේ පොලොව යට තියෙන මුත්‍රා මුට්ටියකට එකතු වෙනවා.මේ මුට්ටිය ඇතුලේ පිලිවෙලින් වැලි,ගඩොල් කැබලි,අඟුරු,ගල් කැට අතුරලා තියෙන්නේ.ආයෙත් මේ වගේ මුට්ටි තුනකින් පෙරිලා අන්තිමට බීමට සුදුසු ජලය විදියට තමයි අන්තිමට එලියට එන්නේ.ඔයගොල්ලොත් තන්තිරිමලේ ගියොත් එකේ කෞතුකාගාරේ තියෙන මුත්‍රා මුට්ටිය බලන්න යන්ඩ අමතක කරන්න එපා.


යාමෙන් හොද යාම නිර්වානෙට යාම


මම ඉස්සෙල්ල ලිපියක් ලියලා ඇති වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු වෙනවා කියලා හොඳ විරිදු ටිකක්.ඔන්න අදත් මම හොයාගත්තා මරු විරිදු ටිකක්.මේ ටික ඇහුනේ රත්නපුරේ ඉදන් අවිස්සාවේල්ලට යන අතරමගදි.කියවලා බලන්ඩකෝ ඒවගෙත් මරු අදහස් තියෙනවා.



ගඟට  කපන   ඉනි   ගඟ   දිය  රැගෙන යති
යසට හැදෙන කය පොලොවට පෝර වෙති
අපිට   නොවෙයි   බඹුටත්   මරු ලගා වෙති
පිනට  දුන්නු  දේ  පමනක්  ඉතිරි   වෙති  //

කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
බීමෙන් හොද   බීම   අම්මගේ කිරි බීම
දීමෙන්   හොද   දීම   දුගියට   දන්  දීම
යාමෙන්   හොද යාම නිර්වානෙට යාම

කන  බොන  දෙයක් තනියම වලදන්න එපා
අසරන  කෙනෙක්     විට  එලවන්න එපා
අනුවන  කමින්  පව්   සිදු  කර  ගන්න  එපා
නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා

ගඟට   කපන  ඉනි   ගඟ  දිය   ‍රැගෙන  යති
යසට හැදෙන කය පොලොවට පෝර වෙති
අපිට  නොවෙයි  බඹුටත්  මරු   ලගා වෙති
පිනට දුන්නු  දේ  පමනක්  ඉතිරි වෙති    //


කිරිඳි ඇල්ල මුදුනට (To the top of Kiridi Fall)

මගේ කලින් ලියපු blog post එක ලිව්වේ සිරිපාදේ ගිය ගමන ගැනනේ.සිරිපාදේ යන්න යාලුවො ටික අපේ ගෙදර ආපු වෙලේ මට හිතුනා කට්ටිය පැල්මඩුල්ල පැත්තෙත් කොහේ හරි එක්ක යන්න ඕනි කියලා.මෙහේ හුගක් තැන් බලන්න තියනවා වුනත් ජනප්‍රිය කිරිඳි ඇල්ලනේ.ඉතින් ඔන්න මම කට්ටියව එක්කං ගියා කිරිදි ඇල්ලට.

කිරිඳි ඇල්ලට කොලඹ ඉදලා එනවානම් රත්නපුරට ඇවිල්ලා එතනින් පැල්මඩුල්ල.පැල්මඩුල්ලෙන් කුට්ටපිටිය කියන ගමට 6kmක් විතර යන්න ඕනි.වාහනයක එනවානම් දිය ඇල්ලට ප්‍රවේශ වෙන තැනටම වාහනයකින් එන්න පුලුවන්.අපිට නම් ඉතින් වාහන නැති හංදා ගියේ බස් එකේ.බස් එකේ යනවානම් පැල්මඩුල්ලෙන් කුට්ටාපිටිය බස් එක ගන්න පුලුවන්.

අපිත් ඔන්න කොහොමින් හරි බස් එකේ ඇවිත් කුට්ටපිටිය කිරිඳි ඇල්ල ප්‍රවේශ ස්ථානයෙන් බැහැගත්තා.ඇල්ල පාමුලට යනවානම් එතනින් ටිකට් එකක් අරගෙන තමයි යන්න වෙන්නේ.මේතන ඉදන් පඩි යොදා සකස් කල පාරක් ඔස්සේ තමයි පාමුලට යන්න වෙන්නේ.අපිට නම් කිරිදි ඇල්ල පාමුලට යන්න විනාඩි 15ක් විතර ගියා.කොහොම හරි ඇල්ල පහලට ආවාම හුගක් ලස්සනට දිය ඇල්ල කඩා හැලෙනවා දකින්න පුලුවන්.හැබැයි අපි ගිය දවස් වල නම් වතුර හුගක් අඩුයි.


                                 කිරිදි ඇල්ල නැරඹුම් මැදිරියේ සිට

කිරිදි ඇල්ල ගැන කිව්වොත් කුට්ටපිටිය කන්දෙන් තමයි මේක ආරම්භ වෙන්නේ.උස මීටර් 116ක් විතර වෙනවා.ඒ අනුව කිරිදි ඇල්ල ලංකාවේ උසින් හත්වෙනි තැනට තියන දිය ඇල්ල.මේකේ වතුර ටිකත් අවාසානයේදි එක්වෙන්නේ කලු ගඟට.ගල පර්වතයක් මතින් එන ජල ප්‍රවාහයක් එක පාරටම ඒ ප්‍රපාතයෙන් පල්ලමට වැටීමෙන් තමයි දිය ඇල්ල නිර්මානය වෙලා තියෙන්නෙ.ජලය හොදින් ඇතිකාල වලදී සුන්දර දසුන් මවමින් ගලා හැලෙන දිය ඇල්ලක් තමයි කිරිදි ඇල්ල කියලා කියන්නේ.

කොහොම උනත් දිය ඇල්ල පාමුල නම් දිය නාන්ඩ කියලා හොද පරිසරයක් නෑ. හැමතැනම ගල් ගොඩවල්.නානවනම් දිය ඇල්ලේ මුදුනට යන්න ඕනි.ඉතිං මාත් අපේ යාලුවොත් එක්ක ගියා දිය ඇල්ල මුදුනට.මෙතනට යනවානම් ආයෙත් පඩි පෙල නැගලා කුට්ටාපිටිය තේ කර්මාන්තශාලාව ගාවට එන්න ඕනි.තේ කර්මාන්තශාලාව ගාවින් පහලට බහින්න පොඩි පාරක් තියනවා.එතනින් ආවම ලේසියෙන්ම කිරිදි ඇල්ල මුදුනට එන්න පුලුවන්.

                        කිරිදි ඇල්ල මුදුනට අවට පරිසරය පෙනෙන හැටි




                      ජල ප්‍රවාහය කඩා හැලෙන්නට මොහොතකට පෙර



                              ඔන්න මාත් ඉන්නව ගැට්ටෙම



                      ස්වාභාවිකව නිර්මානය වී ඇති ජල තටාකයක්

කිරිදි ඇල්ල මුදුනට ආවම අවට පරිසරය ලස්සනට පේනවා. ඒ වගේම මෙතන නාන්ඩනම් කියාපු තැන.හරියට pool එකක් වගේ.අපි නම් ඉතිං වතුරට පැනලා හිතේ හැටියට නා ගත්තා.ඔන්න ඔයගොල්ලොත් මේ පැත්තෙ ආවොත් කිරිඳි ඇල්ල බලන්න එන්න අමතක කරන්න එපා.

සිරිපා කරුනා කලෙමි ( TO THE ADAM’S PEAK/SIRIPADA)


සිරිපා වාරය එලඹේනුයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ  සමන් දේව ප්රතිමාව සහ ආභරන සිරිපාදය වෙත ගෙන යාමෙන් අනතුරුවය.උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වාරය වෙසක් පොහොය එලඹීමත් සමග අවසන් වෙයි.මෙවර සිරිපා සමය එලඹීමත් සමග මාගේ සරසවි මිතුරන්ගෙන් සිරිපාදය වන්දනා කිරිමට ආරාධනා බොහෝ විය.ඒ කවරක් නිසාවත් නොව මම පැල්මඩුලේ වූ බැවිනි .පසුගිය දිනෙක මට දුරකතන ඇමතුමක් ලැබුනි.ඒ මාගේ සරසවි මිතුරෙකුගෙනි "මචන් යමුද සිරීපාදෙ?මම ගිහින්ම නෑ" "හරි එහෙනම් අවුලක් නෑ වරෙන්" මාගේ පිලිතුර විය.අවසානයෙදී  සිරිපා කරුනා කිරීමට මගේ යහලුවන් තිදෙනෙක් අපේ ගෙදරට ලගා වුනි.

                                         ශ්‍රීපාදස්ථානය

මා මීට පෙර එක්වතාවක් පමනක් සිරිපා කරුනා කර තිබූ නිසා ගමනේදී  මාගේ මිතුරන් කෝඩු ලෙස වැන්දවීම මා හට පැවරී තිබූ ප්රධාන වගකීමක් විය.ගමන අතරමගදී කරන්නාවූ වත් පිලිවෙත් සාර්ථකව කිරීමටත් මගේ මිතුරන් අසන ප්රශ්න වලට නෝන්ඩි නොවී පිලිතුරු දීමටත් මම පෙර සිටම සූදානම් වූයෙමි.ඒ වසර දහහතරක් සිරිපා කරුනා කර අත්දැකීම් ඇති අයකුගෙන් සිරි පා ගමන ගැන කලින්ම තොරතුරු දැන ගැනීමෙනි.එනිසා  මෙම ලිපියේ ජනප්රවාදය වැඩි වශයෙන් ඇතුලත් වන බැවින් අන්තර්ගතය නිවැරදිම කරුනුම නොවනු ඇත.

                                   කලු ගඟේ මුල් දියවරක්

රත්නපුරෙන් ගමන් අරඹන අයට‍තෝරාගත හැකි ප්රධාන මාර්ග දෙකක් පවතී.එකක් රත්නපුර පලාබත්ගල මාර්ගයයි.අනෙක රත්නපුර කුරුවිට හරහා එරත්න මාර්ගයයි.මා අසා දැනගත් පරිදි සිරිපා කරුනා කරනවානම් ඉතා සුන්දරත්ම මාර්ගය වැටී අත්තේ එරත්න මාර්ගය හරහාය.කිලෝ මීටර් 12 පමන දුරක් සිරිපා කරුනා කිරීමට මේ හරහා යා යුතුය.නමුත් පැරනිතම මාර්ගය වනුයේ පලාබත්ගල හරහා වැටී ඇති මාර්ගයයි.කිලෝ මීටර් 8ක් පමන තරනය කල යුතු මේ මාර්ගය සඳහා රජ මාවත යන්න පට බැදී ඇත.ඒ අතීතයේ විසූ රජවරුන් සිරිපා කරුනා කිරීමට යොදා ගැනීමයි.කෙසේ වෙතත් අප ගමන යාමටතෝරාගත්තේ පලාබත්ගල මාර්ගයයි.

උදෑසන ආහාරය මාගේ නිවසේදී ගෙන අප සියලු දෙනාට දිවා ආහාරයට බත් මුල් හතරක්ද ගෙදරින්ම බැදගත්තෙමු.බැති සිතින් යා යුතු ගමනක් වූ බැවින් අප මස් මාංශ ආහාරයට එකතු කර ගැනීමෙන් තොර වීමට වග බලාගත්තෙමු.රත්නපුරෙන් රාත්රී ආහාර වේලට පාන් මිලාදී ගෙන බස් රතයට ගොඩ වෙන විට වේලාව 9.30 පමන විය.මා දන්නා පරිදි රත්නපුර පලාබත්ගල බස් පැය බාගයෙන් බාගයට පවතී.කෙසේ වෙතත් අප ගමන් කල බස් රථය පැය එක හමාරකින් පසුව පලාබත්ගලට ලගා විය.බසයෙන් බැසගත් අප ශ්රීපාද ප්රවේශ මාර්ගයට පිවිසියෙමු.මෙහි පාර දෙපසම කුඩා ප්රමානයේ කඩ දක්නට ලැබේ.ඒවායේ සිරිපා ගමනට අවශ් දැ විකුනනු ලබයි.අපිද කෝඩු වැන්දවීමට ඉදිකටු හා නූල්ද,අවශ් අනෙක් දැද පහලින් ඇති කඩයකින් ලබා ගත්තේ ඉහලට නගිනා විට එම ද්රව්‍ය වල මිලද ඉහල යන බැවිනි.

මෙසේ කඩමංඩිය දිගේ ඉදිරියට යන විට කීර්ති ශ්රී රාජසිංහ  විහාරය මුනගැසේ.ගමනේදී මුලින්ම අප කල කාර්ය වූයේ විහාරයට ගොස් පංසිල් ගැනීමය.ත්රිවිධ රත්නයේ සරන පැතීමෙන් පසු කිසිදු කරදරයකින් තොරව සිරිපා කරුනා කිරීමට හැකිවේවා යයි සිතා සමන් දෙවියන්ට බාර වූ අප සැදැහැ සිතින් සිරිපා කරුනා කිරීම ආරම්භ කලෙමු.

ගමනේ මුල් දුර ප්රදේශය යම් තාක් දුරකට දුශ්කර එකක් විය.ඒ ගමනේ මුල් දුර පවනැල්ල නම් ගම මැදින් වැටී ඇති නිසා දෙපස ගස් වැල් වලින් තොරවී මේ මාර්ගය විවුර්ත වී අව් රශ්මිය සමග ඉදිරියට යාමට සිදු වීමයි.ටික දුරක් ඉදිරියට ගිය විට පරිසරය ක්රමයෙන් වෙනස් වී ජනශූන්ය ප්රදේශයකට ඇතුල් වෙයි.ඒ අතරමගින් අප ගමන් ආරම්භ කල පලාබත්ගල ප්රදේශයද ඇතුලු අනෙක් පැතිද හොදින් දර්ශනය වෙයි.මේසේ වනගත ප්රදේශයට පිවිස ටික දුරක් ගිය තැන අපට හමුවනුයේ ලිහී හෙලය (LIHINI HELA).මේ හා බැදුනු  ජනප්රවාදයට අනුව අතීතයේ  ලිහිනි නම් කාන්තාවක් මෙම ස්ථානයෙන් පහලට වැටී මිය ගොස් ඇති බව සැලකේ.මේ ස්ථානය පසු කර යන කවුරුත් ලිහිනි අක්කාට කතා කර යාම සිරිතකි.ඒ නිසා අපිද "ලිහිනි අක්කේ අපි යන්නා"කියා ලිහිනි අක්කාට ආමන්ත්රනය කලෙමු.එවිට ලිහිනි අක්කාද "හා...."කියා අපට සමු දුනි.එසේ අපට "හා" කියා ඇසුනේ ලිහිනි හෙල ප්රපාතයට ඉදිරියෙන් පිහිටි ගල් පර්වතයේ වැදී අපට පැමිනි හඩෙහි දෝංකාරයයි.අප හැටන් මාර්ගය භාවිතා කරන්නේ නම් මේ ලිහිනි හෙල හමුවන්නේ නැත.

                  ගමනේ මුලින්ම හමුවන ලිහිනි හෙල(Lihini hela)

ගමන දිගටම ජල පෝෂක ප්රදේශයන් පවතින බැවින් අපට පිරිසිදු වතුර සපයාගැනීමට එතරම් අපහසුවක් වූයේ නැත.යන අතරමග ගිමන් හල්ද ඉදිකර තිබුනි.ඒවායේ බඩු වල මිල ගනන් සාමාන් මිලට වඩා වැඩිය.නමුත් එසේ මිල වැඩි වීම සාධාරන වනුයේ ඒවා ඉහලට ගෙන යාමට වෙහෙසකර උත්සහයක් යෙදිය යුතු බැවිනි.ගමන අතරමගදී අපව පසු කර පහලට කරුනා කරන නඩ "වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි"කියා උස් හඩින් කවි කීවිටද අපද පෙරලා "වැදලා බහින මේ නඩේට සම්මා සම් බුදු සරනයි" කියා කවියකින්ම පිලිතුරු ආශිර්වාදයක් කලේය සිරිපා කරුනා කිරීමේදී තුන් සරනේ කීමද විශේෂ වූ සිරිතකි.තුන් සරනේ කීමෙන් බලාපොරොත්තු වනුයේ ගමනේ වෙහෙස අඩු කරගැනීමය.ඊට අමතරව අතීතයේ තුන් සරන කවි උස් හඩින් කීමෙන් සතුන් ගෙන් සිදුවන අතුරු අන්තරා වලින් වැලකී සිටීමද බලාපොරොත්තු වූ බව කියවේ.ලිහිනි හෙල පසු කර පැමිනි විට අපට හමු වන ප්රධානතම ස්ථානයක් වනුයේ ගෙත්තම්පානයි (GETHTHAM PAANA).ඉදිකටුපාන ලෙසද මෙම ස්ථානය හදුන්වයි.

            ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ(Geththam Pana)

මගේ යහලුවන් තිදෙනා කෝඩු කාරයන් වූ නිසා ඔවුන් තිදෙනා ගෙත්තම් පානේ ගෙත්තම් කරවීය.තම දෙනෙත් හොදින් පෙනෙනා තුරු,ඉදි කට්ටට නූල තනියෙන් ඇමිනිය හැකි වන තුරු තමාට සිරිපා කරුනා කිරීමට හැකි වේවායි පතමින් ගෙත්තම් පානේ ගෙත්තම් කිරීම සිරිතය.ඒ සදහා මගෙන් යහලුවන්ට උපදෙස් ලැබුනි.අතීත්යේ බුදුරජානන් වහන්සේ සිරිපා පිහිටුවීමට වඩිනා අතරමගදී තම සිවුරේ ඉරී ගිය කොටස් කට්ටක ආධාරයෙන් මසා ගත් ස්ථානය ගෙත්තම් පාන ලෙස හදුන්වන බව පැවසේ.

                                 ධර්මරාජ ගල(Dharmaraaja Gala)

තව දුරටත් ඉදිරියට වනය මැදින් ඉදිරියට යනවිට ධර්මරාජගල (DHARMARAJA GALA) නැගීමට අවස්ථාව එලඹේ.ධර්මරාජගලේ ගල නගින ගමන් ගල් පඩි ගනින්න යැයි මගේ මිතුරන්ට පවසා මමද ගල් පඩි ගනිමින් ඉහලට නංගෙමු.මගේ ගනනයට අනුව එම ප්රමානය 115කි.මගේ යහලු මහේෂ්ට 112කි.තරංගට 123ක්ද,තිලිනට 117කි.සමාන ගනනක් පැමිනියේ නැත.සාමාන්යයෙන් පවසන පරිදි ධර්මරාජ ගලේ ගල් පඩි ගනන හරියටම සෙවීම අපහසුයෙයි මතයක් පවතී.ධර්මරාජගල  උඩටද අව්ට ප්රදේශය හොදින් දර්ශනය වේ.වනාන්තරය මැදින් ගමන් ගන්නා විට මීලගට සීත ගගුල (SEETHA GAGULA)හමුවේ.සිරිපා කරුනා කරන සැදැහැවත් පිරිස් සීත ගගුලේ බැස පිරිසිදුවීම අනිවාර්ය සිරිතකි.අපද සීත ගගුලේ නෑමට සුදුසු ස්ථානයක් සොයා සීත ගගුල දිගේ ඉහලට ගමන් කලේමු.ගල් මතින් දිය පහර දිගේ මීටර් 500ක් පමන ගිය විට මිනිසුන් කවුරුත් නොමැති අපිරිසිදු නොවූ ජල තටාකයක් බදු තැනක් අපට හමු විය.රිසි සේ එතැනින් සීත ගගුලට පැන අප හොදින් නා පිරිසිදු විමු.නමුත් එකවර තත්පර දහයක් වත් එක දිගට ජලයේරැදීසිටීමට අපට හැකි වූයේ නැත.වතුර ඒතරමටම සීතලය.එක් වරක් ජලයේ එබී නැවත ගොඩට පැමින නැවත දිය නෑමට තරම් ජලය සීතල විය.හොදින් නා පිරිසිදු වී නැවත ගමන් ඇරමුවෙමු.

                   සීත ගගුලෙ බැස පීනා(Seetha Gagula)

එතැනින් පසුව හමුවන ප්රධාන ස්ථානය වනුයේ හැරමිටිපානයි (HARAMITI PAANA).එරත්න පාරත් පලාබත්ගල පාරත් එකට හමු වන්නේ මේ ප්රදේශයෙනි.එතනින් ටික දුරක් ගිය පසු මකර තොරන මුන ගැසේ .

                                     මකර තොරන(Makara Thorana)

මේ ප්රදේශයට සිරිපා මලුව හොදින් මනරම්ව  දර්ශනය වේ.දිවා ආහාරය ගන්නවානම් මේ ස්ථානයේ ඇති අම්බලන් වල නැවතී ආහාර ගත හැක.එදින විශාල පිරිසක් සිරිපා කරුනා කරමින් එහි නැවතී සිටි බැවින් අපගේ දිවා ආහාරය ගැනීමට තවත් ඉහලට කරුනා කරමු යැයි කතිකා කර ගත්තෙමු.එසේ ඉදිරියට ගමන් ගත් අප ආපන ශාලවක් අසල  නැවතී දිවා ආහාරය ලබා ගත්තෙමු.ඒ වන විට වේලාව දහවල් තුන හමාරට පමන විය. මේ වන විට අප පැය හතරක් පමන ගමනේ යෙදී තිබුනෙමු.

                             හැරමිටිපාන(Haramitipaana)

එතැන් සිට බොහෝ දුරක් ගමන් කල පසුව අපට හමුවන ප්රදේශය හැදින්වූයේ ආඬියාමල තැන්න වශයෙනි.මේ ප්රදේශය බාරව කටයුතු කල ආඬි ගුරෙක් සිහිවීම පිනිස එම ප්රදේශය එසේ නම් කරන් ලදැයි සැලකේ.ආඩියාමලතැන්න හරහා අප පිවිසෙනුයේ ඇහැල කනුව නම් ප්රදේශයටයි. ඇහැල කනුව (AHALA KANUWA) ඇරබෙනවාත් සම්ගම සුදු හුනුවලින් පිරියම් කල ගලක් සහිත ස්ථානයක් හමුවේ.මෙම ස්ථානය කෝඩුකාරයන්ටරැග් කිරීමට යොදා ගනී.මාද පලමු වරට ගමනේදී එහි ඔලුව ගැසීමට මට නඩේ ගුරා පැවසූ විට මමද ඔලුව එහි ගසා වැන්දෙමු.නමුත් පසුව දැනගත හැකි වූයේ එය විනෝදය පිනිස කරන ක්රියාවක් බවයි.මම නඩේ ගුරා වශයෙන් අපේ කෝඩු කාරයන්ටද ගලේ හිස ගසා ගන්නැයි කියා එම කාර්යය අකුරටම ටු කලෙමි.මෙම ඇහැල කනුව ප්රදේශය අතීත වන්දනා කරුවන් සුදු වතින් සැරසී සිරිපා කරුනා කිරීමට සැරසුනු ප්රදේශය ලෙස හැදින්වේ. ඇහැල කනුව මතින් ඉදිරියට යන විට අහසේ වලාකුලු නේක රටා මවමින් අව්ට පරිසරය මනරම්ව දැක බලා ගත හැකි විය.අහස්ගව්ව (AHAS GAWWA) ලෙසින් මේ ප්රදේශය හදුන්වනු ලබයි.අහස් ගව්ව හරහා අප මීලගට ලගා වූයේ ගමනේ අවසාන කොටස ලේස හැදින් වෙන මහගිරි දඹය (MAHAGIRI DAMBAYA) නම් ප්රදේශයටයි.නමේ හැටියටම මෙම පෙදෙස මහා ගිරකි.කදු බෑවුම තරමටම වැඩිය.පඩිපේලි ලගින් ලගින් වැටී ඇති අතර ඒවායේ උසද ඉතා වැඩිය.සෙමෙන් සෙමෙන් අපද ඉහලට ලගා විමු.

සිරිපා මලුව පෙනෙන මානයෙ අවසාන ආපන ශාලාව ලෙසින් හදුන්වන කඩෙකට ගොඩවුනු අප උනු උනු රොටියක් කොච්චි සම්බෝලයක් සමග උනු ප්ලේන්ටියකින් සප්පායම් වුනි.වේලාවේ හැටියට ප්ලේන්ට්ය සමග රොටිය කදිමට ගැලපුනි. එතරම් ඉහලින් කඩේ පිහිටියද රොටියක මිල වූයේ රුපියල් 30ක් පමනි.නමුත් ප්ලේන්ටිය රුපියල් 20ක් විය.පසුව නැවතත් මහගිරිදඹේ දිගේ නගිමින් රාත්රි 9.15 පමන වන විට සිරිපා මලුවට ලගා වීමට අපට හැකි වුනි.

                                       සිරිපා අවට පරිසරය

වන විට අප පැය 10ක් පමන කරුනා කර තිබුනි.සිරිපා මලුව දුටු ව්ගස ගමනේ ඇතිවූ මහන්සිය ඉබේම නැතිවී ගොස් තිබුනි.ඉන් පසුව අප කල ප්රධාන කටයුත්ත වූයේ සිරිපතුල වන්දනා කිරීමය.ඉන්පසු සමන් දේවාල වෙත ගොස් අපව කරදරයකින් තොරව වැන්දුවාට සමන් ඩෙවියන්ට පින් දෙමින් ගමන ආරම්භයෙ ඔප්පු වූ බාරය පඩුරු දමා  ඔප්පු කලෙමු.පසුව මලුවේ හිද පන්සිල් ගෙන.දොලොස්මහේ පහන ඉදිරියේ සිටිමින් ඇතිව තිබූ අධික ශීතලෙන් මිදීමට උත්සහ කලෙමි.ඉන් පසුව ඝන්ටාරය අසලට ගොස් මා පැමිනි වාර ගනනට අනුව  දෙවරක් ඝන්ටා නාද කලෙමි මගේ යහලුවන් එක්වරක් ඝන්ටා නාද කලේ ඔවුන් කෝඩු වූ බැවිනි.එදින රාත්රිය මලුවේ ගත් කිරීමට සිතා පැමිනි හෙයින් අපරැගෙන කබා හැද බේඩ් ෂීට් ඔතාගනිමින් සීතලේම නින්දට පිවිසියේ පසුදා අලුයම ඉර සේවය බැලීමේ අටියෙනි.

 කියෙව්වනම් පොඩි comment එකක් දාල යන්න අමතක කරන්න එපා.......