"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

බලනවනම් පට්ට ‍ෆිල්ම් එකක් ...part 2


අද මම ගෙනාපු පට්ට ‍ෆිල්ම් එක තමයි Taken.මුලිම දීපු පට්ට ‍ෆිල්ම් එකත් ගොඩක් දෙනෙක් බලලා ප්‍රතිචාර හොඳ නිසා දෙන්න හිතුනේ මේ ‍ෆිල්ම් එකත්.කතාවෙ හැටියට කිම් කියලා අවුරුදු දාහතක ගැනු ලමෙක් තමයි කතාවට මුල් වෙන්නේ.එයාගෙ තාත්තා බ්‍රයන් මිල්ස් ‍රැකියාව රහස් පරීක්ශක.කිම් ජීවත්වෙන්නේ එයාගෙ අම්මයි එයාගේ සුලු පියයි එක්ක කැලිෆෝනියාවේ.කිම්ට ඕනි වෙනවා නිවාඩුවට එයාගෙ යාලුව එක්ක පැරිස් වල සංචාරය කරන්න.මේකට එයගේ තාත්තා බ්‍රයන් පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ.කොහොම හරි තාත්තව කැමති කරවගෙන කිම් එයාගෙ යාලුවා Amanda එක්ක පැරිසියට යනවා.එයාල නවාතැන් ගන්න තැනදි ඇල්බේනියානු gang එකක් මේ දෙන්නව පැහැරගන්නවා.පැහැරගන්න ස්වල්ප මොහොතකට කලින් කිම් එයාගේ තාත්ත එක්ක කෝල් එකක ඉන්නේ.දුව පැහැරගන්න කොට තාත්තට අවස්ථාවක් එනවා kidnappers ලට මොහොතක් කතා කරන්න.  

Brayan:   "I DON’T KNOW WHO YOU ARE..BUT IF YOU DON’T LEFT MY DAUGHTER GO , I WILL FIND YOU….. I WILL KILL YOU….”

Kidnappers: “GOOD LUCK”

ඩවුන්ලෝඩ් කරනවනම් මෙන්න torrent එක.

හක්කේ දතක් ගැලවූයෙමි..(operation HAKKE DATH)


 

පහසුවෙන් පෝලිමේ තෙරපී මමත් දන්ත සායනයට යාමට තුන්ඩුවක් ලබාගත්තෙමි.මගේ අංකය 14 විය.අංකයට අනුව වෙනත් තුන්ඩුවක්ද සැකසුනි එය මාගේ තොරතුරු දත් දොස්තර වෙත යැවීමටය.අතට ගත් අංකය ‍රැගෙන දත් දොස්තරවරු සිටිනා කාමරය අසලට වී මමත් මද බියකින් මාගේ නම කියවන තුරු බලා සිටියෙමි.

එකින් එක අංක කතාකරයි.9,10 පසුවී අංක එකොලහ,දොලහ විය.දත ගැලවීමට පෙර බොහො දෙනා එය එතරම් ගනන් ගත යුතු දෙයක් නොවේයයි කීවද මම මදක් තැතිගෙන සිටියෙමි.ඒ පලමු වරට මා දතක් ගැලවීමට යන බැවිනි.විටෙක දන්ත කාමරය ඇතුලින් කැ ගසන හඬ ඇසේ."ඊලඟට අංක දහ තුන එන්න" පිරිමි කට හඩින් කැගසන නර්ස් පවසයි.දැන් නම් මගේ හද ගැස්ම වැඩිය.පපුවේ ලබ් ඩබ් ශබ්දය මට හොඳින් දැනේ.ඊලඟ අවස්ථාව අංක 15ට දී තව එකෙකුට යන්න දීමටද මට සිත් විය."අංක දාහතර එන්න".නැවතත් නර්ස් අඬගසයි. ඒ මගේ අංකයය.හිතට ධෛර්‍ය ගෙන පාවහන් ගලවා මමද ශල්‍යාගාරයට ඇතුල් විය.

එතන සිටියේ ලේඩි ඩොක්ටර් කෙනෙකි."පුතා මේකෙ වාඩි වෙන්න".මමද ගැහෙන හදින් ඇදක් බදු ආසනයේ දිගාවිනි.විශාල බල්බයක් මුහුන දෙසට හරවන අතර "මොකක්ද ප්‍රශ්නේ?" 
"ඩොක්ටර් මගේ උඩු ඇන්දෙ කෙලවරේ දත රිදෙනවා හොඳටම. 
"කෝ බලමු".

ඒසේ කියා ඇය කන්නාඩියක් සහිත අඩුවක් වැනි යමක් ගෙන එය මගින් දත වටා හොදින් බැලීය.එක්වරම අඩුවේ මිට පැත්ත කට දෙසට හරවා වේගයෙන් පහරක් දතට එල්ල කලාය.මගේ කටින් ශබ්දයක් නාවත් මාහට තරු පෙනෙන පහරක් වැදුනි.වේදනාව කියා නිම කල නොහැකි මට්ටමේ විය.

"පුතා මේ දත තියාගේන වැඩක් නැ.හොදටම දිරලා...අයින් කරලා දාමු..කැමතිද??" 

දත තවදුරටත් තියාගෙන සිටියොත් මට සදා දුකය...එනිසා දොස්තරගේ කැමැත්තට ඉඩ දුනි..ඊලඟ පාර දිගා කූරු සහිත ඉන්ජෙක්ශන් එකක්ට දියරයක් පුරවා ඇය මාහට හොඳට කට අරින්න යැයි පැවසුවාය.මමද කියන පමාවෙන් කට ඇරියෙමි.දතේ එක පසකට ඉංජෙක්සන් පාරක් දුනි.එය මා බලාපොරොත්තු වූ තරම් වේදනාවක් ගෙන නොදුනි.නැවතත් ඇය ඉංජෙක්ෂන් එකට බෙහෙත් පුරවා දතේ අනෙක් පසට විද්දාය.එය පලමු වරට වඩා වේදනාවක් ගෙන දුනි.

"දැන් හරි.ගිහින් එලියට වෙලා ඉන්න..ආයෙත් නම් අඩගහනකොට එන්න".

එවර උපදෙස් ලඟ හිටි නර්ස්ගෙනි.මම නැවතත් සායනයෙන් පිටවී ඒ අසල පු‍ටුවේ වාඩි විනි. දැන් දත කැක්කුම එන්න එන්න අඩු වෙයි.බෙහෙත් විදපු කලාපය නැතුවා වාගේය.ඒ පෙදෙස එන්න එන්නම ඉදිමෙයි.මට කටේ ඇගිල්ල දමා බැලීමට සිත් විය.ඒ නිසා කෙලින්ම රිංගුවේ රෝහලේ වැසිකිලියටය.ඒ මිනිසුන් ගැවසෙන තැන කටේ ඇගිලි ගැසීම නොහොබිනා දෙයක් යැයි මට හැගුනි.කෙසේ වෙතත් මා දතට පොඩි තට්‍ටුවක් දී බැලුවෙමි.කිසිදු දෙයක් නොදැනේ.මම දත වටා විදුරුමහ හීරුවෙමි.ඒත් කිසිදු දැනීමක් නැත.හිතට ටිකක් සැනසිලිය.

කෙසේ වෙතත් මීලඟ කාරනය දත ගැලවීමය.නැවතත් පැමින පු‍ටුවේ ඉඳ ගතිමි.මාවටා සිටි සියලු දෙනා කට අල්ලාගෙනය.පෙලක් අයගේ කට හොඳ හැටි පිම්බී ඇති සෙයකි.පෙලක් අය කතා කරන විට වචන නොතේරේ.ඒ තරමට ඔවුන්ගේ කට ඉදිමී ඇත.මට දැනුනු ලෙස මගේ කට එතරම් පිම්බී නැත.වචන හොඳින් උච්ච්චාරනයට පුලුවන් මට්ටමේය.මගේ බිය නැවත වැඩි විය.මගේ දත වටා හොඳින් හිරි වැටී නැතුවාවත්ද.නැවතහ්ත් ලබ් ඩබ් හඬ මට හොදින් දැනේ.ඒ අතර එකින් එක නම් කියවයි.මා වටා සිටි බොහෝ දෙනාගේ නම් කියැවී කාමරයෙන් එලියට එනු පෙනේ.ඔවුන් එතරම් වේදනාවක් පෙන්නුම් නොකිරීම හිතට අස්වැසිල්ලක් උවද මාහට ඇති සැකය මගේ දත හොඳින් හිරි වැටී ඇත්ද යන්නයි.

දැන් බෙහෙත විද පැය බාගයක් පමනය.හිරි වැටීමේ කාලය කල පැන්නාද?හිතට තවත් කුකුසකි.එක්වරම සායනයේ දොර ඇරිනි.

"රාජිත එන්න ඇතුල...කවුද රාජිත.."

නැවතත් මා සායන කාමරයට ඇතුලුව්නි.

"කෝ මෙහාට එන්න "දොස්තර අඬ ගැසුවාය.

එවර මා කෙලින්ම ගොස් ආසනයේ උඩු අතට වාඩි විනි.ඩොක්ටර් බාගෙට හිරි වැටෙන වෙලාවලුත් තියනවද??"මා උත්සහයෙන් කිව්වා නොව කියැවුනි."බයවෙන්න එපා.. ඇයි හිරි වැටිලා නැ වගේද?"ඇය ඇසුවාය.

"හ්ම් ටිකක් සැකයි වගේ.."

අපි බලමු..සිහින් තුඩක් වැනි යමක් ගෙන ඇය දතේ විදුරුමහට ඇන්නාය.

"රිදුනද?"

 මට රිදීමක් නොදැනුනි."නැ" මගේ පිලිතුර විය.
"හොඳට හිරි වැටිලා තියේන්නේ" නැවතත් ඇය පැවසීය.

දැන් දරුනුම පියවරය.ඒ දත ගැලවීමේ ක්‍රියාවලියයි.එක පසක නර්ස්ය,අනික් පසින් දොස්තරය.

"හොඳට කට අරින්න..මූන සැහැල්ලු කරගන්න"එවර උපදෙස් නර්ස්ගෙනි.

මමද කියූ අයුරට කට හදා ගත්තෙමි.දොස්තර නෝනා කටට අඩුවක් දමා මුලින්ම දත දෙපසට හෙල්ලුවාය.එතරම් වේදනවක් නැත.ඒ නිසාවෙන් හිතට සවියකි.දත වටා හොඳින් හිරි වැටී ඇතැයි මමද සිතුවෙමි.මීලඟට තවත් අඬුවක් ගත්තාය.එය දත ට හිර කල ඇය හැකි වෙර දමා එක පසකට නැමුවාය.එක්වරම ටකස් හඩකි.දත ගැලවී ඒමට පෙර දතේ කැලි එලියට පැමින ඇත..මම බියට පත් විනි.දත ගැලවීමට නොහැකි වේවිද?.දොස්තරට ගානක් නැත.ඒ ඇගේ දත නොව මගේ දත නිසා යැයි මට සිතුනි.නර්ස් හනික පුලුන් ගෙනාවාය.එය කටේ පසෙකට වන්නට තැබුවාය.

දොස්තර දෙවෙනි මෙහෙයුමට සූදානම්ය.
මෙවර වෙනත් අඩුවකි.නැවත එම අඩුවද දතට හිර කල ඇ අනික් පසට වෙර යෙදීය.තවත් අසාර්ථක ප්‍රතිපලයකි.නැවතත් දත කොටස් වලට කැඩිනි.මාගේ උගුරටද දත් කැලි ගියේය.ඒ සමග කැස්සකි.දැන් නැගිටලා කටේ තියන කුඩු ටික දාන්න.ඇය පවසයි.මා ආසනයෙන් නැගිට හොදින් අසල තිබුනු බාජනයට කෙල ගැසුවෙමි.

"දැන් වාඩි වෙන්න"නර්ස් පැවසීය.වාඩි වෙන අතරතුර 
"රිදෙන්නේ නැ නේද?"දොස්තර ඇසීය.

මට එතරම් රිදීමක් නොදැනුනි.මම ඔලුව දෙපසට වැනුවෙමි. නර්ස් තවත් පුලුන් ටිකක් කටට එබුවාය. 

"ඔය ලොකු අඩුව ගේන්න.."

එවර ඇමතුම දොස්තරගෙන් නර්ස්ටය.මෙවර පලමු අවස්ථා දෙකටම වඩා දිග අඬුවකි.දත ඇතුලට අඩුව යැවිනි.විදුරුමස දෙපසින් ඉතිරි දත් කොටසක අඩුව හිරවුනි.ඇය එවරද හොදින් වෙර දමා එක හුස්මට පසකට අඩුව ඇල කලාය.

"වැඩේ හරි ..දැන් නැගිටින්න..."

මට සිතා ගත නොහැකි විය.කෙසේ නමුත් ලොකු හිසරදයකින් බේරුනි.දත ගැලවීම හිතපු තරම් රිදුම් ගෙනාවේ නැත.දොස්තරවරිය බෙහෙත් ලිවීමට පටන් ගත්තාය.

"දත ගලවන්න ටිකක් අමාරු උනා..දත ඇතුලටම දිරලා..ඒකයි කැලි කැලි කැඩුනේ.."මම ගොනා සේ හිස වැනීය."දත ගලවන්න අමාරු උනු නිසා ටිකක් රිදෙයි..මේ බෙහෙත් ටික හරියටම බොන්න.. අව්වේ ඉන්න එපා.දවස් දෙකක් යනකම් සැර කැම කන්න එපා සැර බීම බොන්න එපා”. ඇය උපදෙස් දුනි.

අමුතු දත්ත 3 ලු...(Amazing Facts)



මගේ අමුතු දත්ත 1 වගේම අමුතු දත්ත 2 ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඉතින් ආයෙත් ඒ වගේ විස්තර ටිකක් හොයල බ්ලොග් එකේ දාන්න හිතුනා.කියවල බලන්නකෝ ඒවත් අමුතු දත්තද කියලා....


ටෝකියෝ වල කාර් එකකට වඩා බයිසිකලය වේගවත්ලු

ශරීරයේ ශක්තිමත්ම මාංශ පේෂිය දිවලු


කැන්ගරුවන්ට උගේ නැට්ට බිම ගැවෙන්නෙ නැත්නම් පනින්න බැරිලු


සමාන්‍යයෙන් විනාඩියකට 6000ක් විතර පොලවට අකුනු ගහනවලු


පිරිමි එක පාරක් ඇහිපිය ගහනකොට කාන්තාවක් දෙවරක් ඇහිපිය ගහනවලු


ලියනාඩෝ ඩාවින්චිට එක අතකින් ලියන ගමන් අනික් අතින් චිත්‍ර අදින්න හැකියාවක් තිබුනලු


මී පැනි නරක් වෙන්නේ නැතිලු


චීනයේ මිනිස්සුන්ගෙන් බිලියන 87කගෙ පවුලේ නම "ලි" ලු


පොකිරිස්සගෙ ලේ නිල් පාටයිලු


පුරාන ඊජිප්තුවෙ පූසෙක් මැරුවොත් ඒක මරන දඩුවම ලැබිය හැකි වරදක්ලු


ඇස් පියාගන්නෙ නැතුව කිවිසුම් යවන්න බැරිලු


කූබි ඇහැරෙන්න ඉස්සෙල්ලා දිගෑරිලා ඇනුම් අරිනවලු


පූසන්ගෙ කනේ පේශි  32ක් තියනවලු


ලෝකයේ මිනිස්සුන්ට වඩා කුකුල්ලු ඉන්නවලු


ඔයාලටත් ඉරට ඇවිදගෙන යන්න හිතුනොත් ඒකට අවුරුදු 2000ක් ගතවෙනවලු


ගොලුබෙල්ලන්ට දත් 25000ක් විතර තියනවලු


මෝරුන්ගෙ අලුත් දත් සෙට් එකක් සතියකින් වර්ධනය වෙනවලු


ඔ‍ටුවෙක්ට වඩා කාලයක් මීයෙක්ට වතුර නැතුව ඉන්න පුලුවන්ලු


රුසියාවෙන් හතරෙන් එකක් වනගහනයලු


මිනිස්සු අස්ති 300ක් එක්ක ඉප්දෙනවලු,ඒත් මැරෙනකොට තියෙන්නෙ අස්ති 206ලු


වයිට් හවුස් එකේ 13092ක් හැදි ගැරුප්පු පිහි තියනවලු


නිල් තල්මහෙකුගෙ දිව අලියෙක් තරම් දිගයිලු,හදවත කාර් එකක් තරම් ලොකුයිලු


හරකෙක් පඩිපෙලක ඉහලට යවන්න පුලුවන්ලු,ඒත් පහලට යවන්න බැරිලු


මොසැම්බික් වල කොඩියෙ AK-47 රයිෆල් එකක් තියනවලු


Q අකුර ඉංග්‍රීසි භාෂාවේ අඩුවෙන්ම භාවිතා වෙන අකුරලු


ලෝකයේ වැඩි හරියක් චිත්‍රපටි නිපදවල තියෙන්නේ ඩ්‍රැකියුලා මුල් කරගෙනලු


අමුතු දත්ත 1 ලිපිය
අමුතු දත්ත 2 ලිපිය