"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගීයක සුලමුල 8 - පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ...



අද ගී පද වැලක සුලමුල ලිපි මාලාවට තවත් බොහෝ දෙනෙක් ආස කරන ගීයක නිධාන කතාව එක්කරන්න හිතුනා.මේ ගීය තමයි පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ කියන සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය.ගොඩ දෙනෙක් ගීතය අසා ඇති උනාට ගීතයට මුල් උනු කතාව  දන්නේ නැතුව ඇති හිතනවා..

මේ ගීය රචනා වෙලා තියෙන්නේ එක්දස් නවසිය අසූ ගනන් වල ප්‍රවීන කිවිවර මහින්ද චන්ද්‍රසේකරයන් අතින්.මේ ගීයට ගීත රචකයා අත්දැකීම් තුනක් ඔස්සේ ගොනු කරලා තියනවා.

ඒ කාලේ ගීපද රචකයගේ ගමේ පුංචි ඉස්කෝලේ විදුහල්පතිවරයෙක් ඉඳල තියනවා රෙද්ද බැනියම අඳින ටිකක් විතර උස මහත කෙනෙක්.අපේ කතානායකයා තුනේ පංතියේ ඉගෙන ගන්න කාලේ මේ මුල් ගුරුවරයා විශ්‍රාම ගිහින් තියනවා.

එතුම විශ්‍රාම යන දවසේ උත්සවයක් තියලා අහල ගම් හතක මිනිස්සු ඇවිත් මෙතුමාට කල ගුන සලකන්න.උත්සව සබාවේ විදුහල්පතිතුමාගේ ගුන කියන්න එන හැම කෙනාම ඇවිත් අඬනවලු අන්තිමට කතා කරගන්න බැරුව..ඒ වගෙම බලං ඉන්න අනික් අයත් හොඳටම අඬනවලු.මහින්ද චන්ද්‍රසේකරයන්ගේ අම්මත් හොඳටම අඩනවලු..මේ ගැන ඒතරම් හැඟීමක් නැති හ ං ඳා උත්සව සභාව ඉවර වෙනක්ං ඉඳලා මහින්ද චන්ද්‍රසේකරයන් අහනවලු අම්මගෙන්

"ඇයි මිනිස්සු ඔය තරම් ඇඬුවේ..අම්මත් ඔය තරම් ඇඬුවේ"

අම්ම කෙටි උත්තරය දෙනවා

"පුතේ..ඒ ඇඬුවේ එතුමා කරපු සේවයට." එට්තුමාට ඒක තවත් තේර්න්නේ නැ..ඉතින් ආයෙත් එතුමා අහනවා

"ඇයි අම්මෙ සේවයට අඩන්නේ?"

එතකොට අම්ම කියනවා

"අපේ ගමේ වැව වාං දානකොට ඒ වාං වතුර යන්නේ ඔයෙං.ඒ කාලෙට අලියෙකුටවත් එහා මෙහා යන්න බැ.මිනිස්සු කරන්නේ ඒ කාලෙට ඒ දඬු පාලං ඔක්කොම ගහගෙන ගිහින් නිසා එහා පැත්තයි මෙහා පැත්තයි යා කරලා කඹයක් ගැට ගහනවා. ඉතිං එහා පැත්තට යනව නං කඹේ එල්ලිලා අමාරුවෙන් එගොඩ වෙන්න ඕනි..වැරදිලාවත් කඹේ අත් ඇරුනොත් අර සහල් නැලිය පැත්තේ තමයි ගිහින් නතර වෙන්නේ.ඉතින් පුතේ මේ අපේ ගුරුතුමා ඒ මහා වතුරටත් නවත්තන්න බැ.හැතැක්ම දොලහක් එන්නේ බයීසිකලෙන්. බයිසිකලේ දානව අල්ලපු ගමේ.ඊට පස්සේ ඔය ලඟට එනවා..ඇදුම් රාජකාරි ඇඳුම් අයින් කරලා අමුඩෙ පිටින් අර වික්‍රමේ කරනවා...මෙහාපැත්තට ඇවිත් මඩේ එරි එරි අන්තිමට ඉස්කොලෙට එනවා.යනකොටත් ඔහොමයි"

ඔය කතාව අහපු දවසේ ඉඳන් ගී පද රචකයගේ හිතේ ගුරුවරු කියන්නේ මහා අමුතු පිරිසක්නේ කියන හැඟීම ඇති වෙලා තියනවා..ඒ කාලේ මෙතුමට ගීත ලියාගන්න  බැ..කවියක්වත් ලියාගන්න බැ.ඒ මොකද තුනේ පංතියෙනේ.ඔන්න ඕක තමයි පලවෙනි අත්දැකීම.

ඉතිං මීට පස්සේ අවුරුදු තිස් පහකට විතර පහු වෙලා ගීපද රචකයාට කියවන්න අවස්තාව ලැබෙනවා අහු  පලමු ගුරුවරයා කියලා පොතක්..මේ පොත දැන් නං එන්නේ ගුරු ගීතය නමින්.කොයි කවුරුත් මේ පොත ගැන හොඳට දන්නව ඇතිනේ..ලස්සනම කතාවක් විදියට සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාත්ව් ලියන ලද්දක්.හරිම ලස්සන නවකතාවක් කිව්වොත් හරි.පොඩ්ඩක් විතර කතාව නොකියවලා තියන අයට කතාවෙ අගයට හානි නොවෙන්න පුලුවං තරම් වග බලාගෙන කෙටියෙං මතක් කරන්නම්.

මේකේ ඉන්නවා ගුරුවරයෙක්.එයාගේ නම දුයිශෙන්.සෝවියට් සමාජවාදී රාජ්‍ය බිහි කරලා ඒ ආංඩුවට ඕනි වෙනවා අවිද්‍යාවේ ගිලිලා හිටපු අකුරු බැරි මිනිස්සුන්ට අකුරු උගන්වන්න.මේකට යවන්නේ ගොපල්ලෝ ඉන්න ප්‍රදේශයකට දුයිශෙන්.කොහොම උනත් මේ වැඩේට ගොපල්ලෝ කැමති වෙන්නේ නැ.මිනිස්සු දුයිශෙන්ට බනිනවා. ලමයින්ට උගන්න එක විහිලුවක් විදියටයි එදා සමාජය දකින්නේ . 

මිනිස්සුන්ගෙ අපහාස වලට ලක්වෙන අතරේ  දුයිශෙන් ඇදල ගන්නවා කොල කැල්ලක් සාක්කුවෙන්.හතරට පහට නැවිලා නැවිච්ච තැන් වලිං ඉරිලා.මේක දිග ඇරලා පෙන්නනවා.මෙන්න සෝවියට් දේශේ මට දීල තියනවා බල කඩදාසියක්.මේකේ කියලා තියෙන්නේ උබලගේ ලමයින්ට උගවන්න කියලා.උබලට ලමයි වදන්න පුලුවන් හදන්න පුලුවන් හැබැයි ලමයි අයිති සෝවියට් රාජ්‍යට.කොහොමින් කොහොමින්  හරි මොහු අශ්ව ඉස්තාලයක් සුද්ද කරලා වැඩේ පටං ගන්නවා.රුසියාවේ සීත කාලෙක සපත්තු නැතුව හිමේ අඩිය තියලා කකුල් පැලුනු  සපත්තු නැති ලමයි කරේ තියන් ඇවිත් පංතියට තියන් මේ ගුරුවරයා උගන්වනවා.ඒ පුංචි පංතියෙ ඉන්නවා දැරියක් ඇගේ නම අල්තීනායි.ලස්සන පුංචි හුරුබුහුටි ගැනු ලමෙක්.එයාගේ අම්ම නැ තාත්ත නැ.හැදෙන්නේ නැන්දා ලඟ.නැන්ද ඇයව විකුනනවා සල්ලාලයෙකුට.ඒ සල්ලාල තරුනයා දුයිශෙන්ට පහර දීල දරුනු සටනකිං පස්සේ ඇයව පංතියෙන් අරං යනවා.ආයෙත් පස්සේ දවසක ගුරුතුමා තමන්ගේ සගයොත් එක්කං ගිහින් අල්තීනයි බේරං එනවා..

කොහොමින් හරි ඊට පස්සේ ඔහු ඇයව මොස්කව් වලට යවනවා..ඇය ආපහු එන්නේ මහාචාර්‍ය තුමියක් වෙලා.ලස්සනම දේ මේ දැරිය ඔහුට ආදරය කරනවා.හැබැයි ඒ තරුන ගුරුවරයා ඇගේ ඒ ආදරය බාරගන්නේ නැ.. මේ කතාවේ අන්තර්ගතය කතානයකයට හොඳින් හිතට කාවැදිලා තියනවා..හැම ගුරුවරයෙක්ම දුයිශෙන් උනානම් කොයි තරම් හොඳද කියන සිතුවිල්ල එතුමාගේ හිතට තදින් කාවැදිලා..ඔන්න ඕක තමයි ගීතයට පාදක උනු දෙවෙනි අත්දැකීම...

ඊලඟට තුන් වෙනි අත්දැකීම.මොකක්දෝ වාසන්වකට හෝ අවාසනවකට ගුරු පත්වීමක් ලැබිලා මහින්ද චන්ද්‍රසීඅකරයන්ට යන්න ලැබෙනවා අම්පාර ප්‍රදේශ්යේත් මායිමේ ම පිහිටි පානම මහා විද්‍යලෙට. ඉතිං මේ ඉස්කෝලේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට එකදවසක බස් එකෙන් බැහැලා කවුදෝ මනුස්සයෙක් තට්ටෙත් පැදිලා සුදු ශර්ට් එකක් ඇඳලා සරම ඇඳලා ට්‍රන්ක පෙට්ටියකුත් ඇරගෙන එනවලු ඉස්කෝලේ පැත්තට.දැක්ක ගමන් හිතිලා තියෙන්නේ තෙල් බෙහෙත් විකුනන කෙනෙක් කියලා.පස්සේ බැලුවහම ගුරුවරයෙක්.විශ්‍රාම යන්න ඔන්න මෙන්න. වැඩි කතා බහක් නැ.මොකක්දෝ ලොකු පටලැවිල්ලක ඉන්නේ මෙතුමා..කොහොම කොහොම හරි අපේ කතානායකයා මෙතුමට කිට්‍ටුවෙලා යාප්පුවෙන් අහගෙන මොකද මේ කනස්සල්ලෙන් ඉන්න කාරනේ කියලා.ප්‍රශ්නේ  ඒ අංතිම කාලෙත් මෙයාටදඬුවම් මාරුවක්.විශ්‍රාම යන්න කිට්‍ටු කාලේ දඩුවම් මාරුවක් ලැබිලා ඇතකට.

"ඇයි ඔබතුමා කවුරු හරි දේශපලකයෙක් හම්බුන් නැද්ද?..දුක දැනෙන කට හරි කිව්වනං ඔබ තුමාගේ මාරුව අවලංගු කරලා දෙයි.."

එතකොට එතුමා කියනවලු

"දැන් ඉන්න අද්‍යාපන නියෝජ්‍ය ඇමති තුමා මගෙ ගෝලයෙක්..මම ගියා එතුම හම්බවෙන්න..ඒත් මාව ගනන් ගත්තෙවත් නැ.අඳුනන්නේ නැවගේ හිටියා." කියලා උත්තර දුන්නලු
ඔන්න ඕක තමයි ගීතයට මුල් වෙච්ච තුන් වෙනි කාරනය.. සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ කියලා කියවෙන්නේ මේ අත්දැකීම වඩාත් තහවුරු කරමින් වෙන්න ඕනි..

කොහොම කොහොම හරි ඔන්න ඔය සිදුවීම් තුන මූලික කරගෙන තමයි ගීතය බිහි වෙලා තියෙන්නේ.අවසානයේ පද පෙලට නිසි තනුවක් රෝහන වීරසිංහයන් අතින් බිහිවෙලා ඊට නිසි සාධාරනයක් කරමින් සුනිල් එදිරිසිංහයන් සුපුරුදු ගීතවත් හඬ එකතු කරනවා.

ඔන්න ඔහොමලු ඒ කතාවත්. තවත් නිධාන කතා ටිකක් තියනවා වේලාව ඇති පරිද්දෙන් දාන්නම්.එහෙනං මමත් ගිහින් එන්නම්,හැමෝටම ජය!!!




29 comments:

  1. මේ ගීය සෑහෙන වාර ගණනක් අහලා තිබ්බට නිධාන කතාව දැනගත්තේ අදමයි.. ගොඩක් ස්තුතියි මල්ලි !!!

    ReplyDelete
  2. කතාවත් ලිවිල්ලත් අපුරුයි. එහෙම ගුරුවරුත් හිටියා. දැනුත් එක්කෙනෙක් දෙන්නෙක් ඇති.

    පලවෙනි වතාවට මෙහේ ආවේ..

    ReplyDelete
  3. හරිම වැදගත් අකුරු ටිකක්...
    අදමයි මේ පැත්තට ආවේ..බලපුවහම දන්නා කියන කෙනෙක්නේ! :)

    ReplyDelete
  4. මේ කතාව දැනගත්තෙ අදයි...එක නම් මාරයි..කඹේ එල්ලිලා ඉස්කෝලෙ යන එක...

    ReplyDelete
  5. මුලින්ම කියන්න ඕනේ මමත් අහම්බෙන් මේ වගේ ලිපි දෙකක් ලියල තියෙනවා සිළුමිණ රසදුනට. ගීයක උපත කියල තමයි ඒ ලිපි පෙළ ගියේ. හරිම රසවත් මේ වගේ නිධාන කතානම්. දිගට්ම බලන්න ඕනේ කියල හිතුන.

    ReplyDelete
    Replies
    1. දිගටම එන්න ඇවිත් කමෙන්ට් පාරකුත් දාලම යන්ඩෝ

      Delete
  6. thanks malli ma geethayanne neyama arutha keya dunata. ma wage geetha ganne tawa theyewanam danne aka apita ape jewetha walata godak porojonawath. nawatha wathawak thanks malli

    ReplyDelete
  7. ඹබේ භාෂා විලාසය ඉතාම සිත් ගන්නාස්ලුයි මම ඹබට ආරාධනා කරනවා ගියක උපත පෙතක් විදියට ලියන්න කියලා

    ReplyDelete
    Replies
    1. හිකිස්....කමෙන්ට් එකට තැන්ක්ස්

      Delete
  8. මමත් මේ බ්ලොග් එකට අනිවාරෙන්ම එනවා සතියකට පාරක් හරි.මොනවා හරි අලුත් දෙයක් දැන ගන්න පුලුවන්. සිනදුවක් අහනවා වගේ නෙවෙයි රස විඳීම.ඒකට අනිවාරෙන්ම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ සින්දුවේ වස්තු බීජය ගැන.මේක මමත් ඇහුවා කැම්පස් එකේදී පදරචකයා විසින්ම කළ විචාරෙකදී මේ සින්දුව ගැන.මම මීට අමතරව එළකිරි.කොම් එකේ ත් මේ ගීත විචාර ත්‍රේඩ් දෙකක් තියෙනවා.ඉඩ ලැබ්නු වෙලාවට ඒවත් කියවනවා.කොහොම වුනත් ඔයාගේ භාෂා ශෛලිය ඉතාම අපූරු විදියට හසුරුවනවා.හැමදාමටම ජය වෙන්න කියලා පතනවා හදවතින්ම.දැනුම කියන දේ වටින්නේ එක් රැස් කර ගන්නා ප්‍රමාණයට වඩා බෙදා දෙන ප්‍රමාණයට කියන එක මම හැදාම විශ්වාස කරන දෙයක්.

    ReplyDelete
    Replies
    1. එල එල..හැමදාම එන්න කිව්ව වගේ...නමත් දැම්ම නං තමයි අගේ Ano

      Delete
  9. ලියන්න සිතෙන දෙවල් ඔබ අපුරුවට ලියලා තිබෙනවා.

    ReplyDelete
  10. ලියන්න සිතෙන දෙවල් ඔබ අපුරුවට ලියලා තිබෙනවා.

    ReplyDelete
  11. බොහොම වටින තැනක්නෙ. මම අදමයි ආවේ. ඔබට ස්තුතියි. අපේ වෙදගෙදර පැත්තෙත් එන්න.

    ReplyDelete
  12. වටිනා ලිපියක්... මම අද ආවෙ දිගටම එන්නම්...

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි..දිගටම මේ පැත්තෙත් ඇවිත් යන්ඩෝ

      Delete
  13. හොද ලිපියක් ස්තුත්යි

    ReplyDelete
  14. මේ කතාව මහින්ද චන්ද්‍රසේකරයන්ගේ හඩින් මං අහලා තියනවා

    ReplyDelete
  15. පට්ට බ්ලොග් එකක් නේ ඔන්න මාත් ෆලෝ කළා. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් ලියන මිතුරන් ගොඩට..

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......