"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගී පද අරුතක්- රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානේනි....


මම ගොඩක් කාලයක ඉදන් බලන් හිටපු දවසක් උදා උනා.නන්දා මාලිනියන්ගේ ඒක පුද්ගල සංගීත සම්භාශනය ස්වේත රාත්‍රිය රත්නපුර පුරහලේ ගොඩක් සාර්තක විදියට පැවැත්තුනා.සුරේශ් මාලියැද්දගේ සංගීතයට නන්දා මාලිනියන්ගේ මියුරු ස්වරය පුරා පැය දෙකකට ආසන්න කාලයක් .කාලය ගෙවී ගියා දැනුනෙවත් නැතුවම.

කොහොම උනත් මම අද ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි කියන ගීතය..මේ ගීය රචනා කරල තියෙන්නේ සුනිල් ආරියරත්නයන්.

මට හිතෙන විදියට මේ ගීතය ලියැවිලා තියෙන්නේ ඒ කාලයේ රට තුල තිබුනු වාතාවරනය මුල් කරගෙන.රුවල් නැවකට නායකත්වය දුන්නු නාවිකයෙක්ට තම ආදරනීය සාමාජිකයෙක්  කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා ගොඩබිමකට යන්න කියලා.රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ පැවතුනු යම් කන්ඩායමකට මුහුන දෙන්න උනු තත්වයක් සහ එම සමාජය තුල  නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ.

ගීතයේ මුල් පද පේලි ගත්තොත්

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
නොගිලී දල රල පෙල අතරේ...
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ....

ගීතයේ පලමු වැනි අන්තරා කොටස

දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
ඉ රුනු  රුවල් රෙදි දවටා තබමින් උනුසුම
මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින
දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම්  හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස ‍රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්..

"දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.."
"ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.."

කොහොම උනත් පද රචකයා කියන හදන්නේ කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ..

ගීතයේ දෙවෙනි අන්තරා පේලියෙත් රචකයා කියන්න උත්සහ කරන්නේමුලින් කියන්න හදපු දේමයි.මේ කොටසේ  රචකයා පද ගලපා තිබෙන හැටිනම් විශිශ්ටයි.පද පේලි වලින් ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක  චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැ‍ඟෙනවා..

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට
ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ,මේ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා..

කොහොම උනත් මේ ගීතයේ අර්තය ගැන මට හිතෙන විදියට පුංචි අදහසක් දෙන්න පුලුවන් උනා කියලා හිතෙනවා.ගීතය ඩවුන්ලෝඩ් කරනවා නම් මෙන්න ලින්ක් එක...හැමෝටම සුභ දවසක්..මම ගියා ජයශ්‍රී...

17 comments:

  1. මට දැනෙන්නේ නම් මේක ප්‍රේම ගීතයක් විදිහටයි. හැබැයි සුනිල් ආරියරත්නයන් ඒ ප්‍රේමයට අදාළ පුවත සෘජුව නොකියා ඊට ගැඹුරු යටි අරුතක් එකතු කරන්න උත්සාහ කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Ekangai... mamatanam lankawe thiyana hondama adara geetha 5n ekak

      Delete
  2. යකෝ මේක කියල තියෙන්නේ විවාහක ගෑනියක් .... තමන්ගේ හොර කොල්ලට

    ReplyDelete
  3. ගීතයේ විචාරයට සංවාදයට විවුර්තයි...විවිද අයට විවිද කෝන වලින් බලන්න පුලුවන් නම් එතනයි ගීයේ සාර්තකත්වය මට හිතෙන විදියට.කොහොම උනත් මේ ගීතය ලියවුනු කාල වකවානුත් සලකලා තමයි මම මෙහෙම හිතුවෙ නම්...

    ReplyDelete
  4. මෙ ගීතය ගැන මම හිතන විදිය පොඩ්ඩක් වෙනස් මම ඒක කිව්වට කමක් නැ කියලා හිතනවා මම මේක ලියන්නෙ උබෙ විචාරය වැරදි කියන්නවත් එකෙ අඩුපාඩු කියන්නවත් නෙවෙයි මට හිතෙන අදහස හොදෙ වරදවා වටහා ගන්න එපා

    මේ ගීතය අහන වාරයක් පාසා මගෙ මතකයට එන්නෙ සිදුහත් කුමරු සහ යශෝදරා දේවියයි.අපි කවුරුත් දන්න විදිඅය්ට මෙ දෙදෙන විවාහ වෙනවා මෙක සංසාරේ මුලින්ම් ඇතිඋන බැදීමක් නෙවෙයි මේ දෙදෙනා සංසාරේ ආත්ම ගනනාවක් එක්ව සිටි දෙදෙනෙක් මෙත්වක් සංසාරේ මෙන්ම සිදුහත් කුමරු බුද්දත්වයට පත්වන ආතම භවයෙදිත් මෙ දෙදෙනා විවාපත් වෙනවා
    නමුත් මෙ දෙදෙනාම පෘතගජන මිනිසුන් බැවින් කෙලෙස් මහ සයුර තරනය කරන්නට උත්සහ ගන්නෙ රුවල් ඉරී ගිය නෞකාවකින් එනම් යුග දිවිය ගතකරමින් දූ දරුවන් අනෙක විද සැප සම්පත් ලබමින් ජීවත් විම නමුත් මෙ දෙදනාටම මනාව වැටහෙනවා මෙ රුවල් ඉරුන නෞකාවෙන් කෙදිනකවත් කෙලෙස් මහසයුර තරණය කල හොහැකි බව නමුත් සිදුහත් කුමරුට සංසාරේ ආත්ම ගනනාවක් තමා සමහ එකට සිටි සැපේදීත් දුකෙදීත් තමා හැර නොගිය යශෝදරාව හැරයාමට නොහැකියි. මෙ කෙලෙස් මහ සයුර තරණය කරන කරන රුවල් ඉරී ගිය නෞකාවෙ නියමුවා වන සිදුහත් කුමරුට යශොදරා දෙවිය කියනවා

    රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
    නොගිලී දල රල පෙල අතරේ...
    මා හා යා නොහැකිය ගොඩ බිමකට
    රුවල් ඉරී ගිය නෞකාවේ....


    මෙ රුවල් ඉරීගිය නෞකාවෙන් කෙදිනකවත් අප දෙදෙනාට මෙ ගමන යා නොහැකියි

    දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
    ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම
    මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින…
    දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    නමුත් මොවුන් අතර තිබූ බැදීම සිදිහත් කුමරූ අනන්ත සංසාරේ යශෝදරා දෙවිය රැකගත් ආකාරය ඇයට උනුසුම ආරක්ශාව දුන් ආකාරය කෙසේ නම අමතක කරන්නද
    දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
    ඉ රුනු රුවල් රෙදි දවටා තබමින් උනුසුම
    නමුත් දේවිය හිතන්වා මා වෙනුවෙන් දුක් වින්ද කැප කිරීම කල ඔහුව අද දින මා රැක ගත් යුතුය මෙ කෙලෙස් සයුරේ මා සමග ගිලී මිය යාමට ඔහුට ඉඩ නොදිය යුතුය ඔහු නිවන නම් ගොඩ බිම කරා යැවිය යුතුමය මෙ කෙලෙස් සයුරේ ගිලි මා මියගියාට කම නැත මෙතුවක් සංසාරේ මා රැකගත් ඔහුව අද ම රැක ගත් යුතුය එනිසා මා රුවල් ඉරුනු නැවත් සමග දියබෙ තනිවෙන්නම්
    මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින…
    දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

    ඔබ පිහිනා ගොස් නිවන නම් ගොඩ බිමට එතෙර වන්න හෙමිහිට මාව මෙහි තනිකර දමා කෙසේ හෝ ඔබ ගැලවි යන්න ඔබට මා ගැන දුකක් දැනෙවී නමු

    ReplyDelete
    Replies
    1. ekath galapenawa. thawa mama dakala thiyanawa eka soma deviyage kathawata samana karala. dannawane? gajaba rajathuma panala yana welawe rathaye bara adu karaganna bimata panapu kathawa?

      Delete
  5. මෙථක නන්දා මාලනී ගේ සහ සුනිල් ආරියරත්නගේ සම්බන්ධය ගැණ ලියවුණු එකක්. සුනිල් ලියපු හුලං කපොල්ලේ එකත් ඒවගේම එකක්.

    නන්දා මාලනී කලින් බැඳලා හිටියේ සුනෙත් ගෝකුල. පොර සංගීතය ඉගෙන ගන්ණ ආපු කෙල්ලෙක් එක්ක සෙට් වුනාද කොහෙද. ඒ ගැනත් සින්දුවක් කියලා තියෙනවා.

    ReplyDelete
  6. This song according to the writer Prof Sunil Ariyaratne is written based on a legend on King Walagamba. According to this story, King walagamba was running away from advancing enemy "Chola" troups. But the weight of the people inside was too much for the chariot & the horses couldnt run fast enough. At this moment, King's wife, Queen Somadevi got down from the chariot enabling the king to escape but sacrificed her life in the process to the "Chola" army. After 12 years, King walagamba defeated the chola army & became the undisputed king of the land. He built "Somadevi Chaithya" in memory of this great woman who sacrificed her life for him.

    ReplyDelete
  7. සියළු විචාරයන් විවෘතයි කියන අදහස මා පිළිගන්නවා...දමා ඇති අදහස රාජ් සහෝගේම විචාර සිතුවිල්ලක් නම් හා එය වෙනත් කෙනෙකුගේ හෝ වෙනත් තැනක අදහසක් නොවේ නම් මමත් අනුමතකරනවා. මොකද මමත් මේ අදහස මෙලෙසම අනුමත කල කෙනෙක්...

    ReplyDelete
  8. කිසිම අදහසකට අනුව ලියවූවක් නොවන බවත්,...රස විඳින්නෙකුට ගීතය තමන්කැමති අයුරකට රස විඳිය හැකි බවත් කිවිය යුතුමයි.මේ ගීතය ස්වේත රාත්‍රියේ ගීතය පෙලගැසුනු ආකරය ගැනත් සලාක බලා මෙලෙස විචාරයකට යොමු උනු බව කිවිය යුතුමය

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මට හි‍තෙන්නෙත් මේක ආදර ගීතයක් කියලයි.නන්දා මාලනියේ ගිත පොකුරේ රසාලිප්ත ගිත අතරින් ඉහළින්ම තියෙන ගීතයක්.සංගීතයත් අපේ කණට ඉතාම මිහිරක් ලබා දෙනවා.පෙම්වතාත් පෙම්වතියත් සමග පවතින ඇසුර ගැඹුරු එකක්. යම් අවස්ථාවකදී පෙම්වතියට තේරුම් යනවා තම පෙම්වතා ඔහුගේ ඉදිරි කටයුතුත් අතර ඉදිරියට ගමන් කළත් තම පෙම් කතාව ඉදිරියට නොයන බව . නමුත් පෙම්වතිය ද්වේශයකින් තොරව සැබෑ ආදරයකින් පෙම්වතාට ඉදිරියට යාමට ආශිර්වාද කරන අන්දමේ අර්ථයක් මෙම ගිතයේ ගැබ්ව ඇති බව මම විශ්වාස කරනවා.

    ReplyDelete
  11. ගීතයක් රස වින්දින කෙනාගෙ සිතුවිලිත් එක්ක එයා තමන්ටම අවේනික අරුත් මවා ගන්නව කියලයි මට හිතෙන්නෙ. කොහොම උනත් රජිතගෙ උත්සහය අගය කරනවා.

    ReplyDelete
  12. මට හිතෙන්නෙ ආදරයේ කැපකිරීමක් කල අවස්තාවක් තමයි මෙකෙන් කියවෙන්නෙ
    ඇයට ඔහුත් සමඟ තව දුරටත් ඉස්සරහට යන්නත් බෑ (හේතුව පැහැදිලි මදී ඉතින් ඇය ඔහුට කියනව ඇගෙන් ඈත් වෙන්න කියල හිත දැඩි කරගෙන

    ReplyDelete
  13. ගීතයක් රසවිඳින්නාට එය කැමති විදියට රසවිඳින්න පුළුවන් ඒකට කාගෙවත් බාධාවක් නෑ....
    ඒත් මම අහලා තියෙන විදියට නම් මේ ගීතයෙන් කියවෙන්නෙ පරාජිත '71 අරගලය ගැනයි. කපුගේගෙ "උලලේනෝ"ත් එහෙමයි...

    ReplyDelete
  14. මම අහල තියෙන්නෙ මේ සින්දුවෙන් කියන්නෙ වලගම්බා රජතුමා සතුරන්ගෙන් බේරීමට පලා යද්දී සෝමා දේවිය රථයේ බර අඩු කිරීමට රථයෙන් බැසීම අරබයා ලියැවුන සින්දුවක් බවයි.

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......