"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගීයක සුලමුල 3-ඔබ එදා නම් සඳ වගේ මැයි....


ගීයක සුලමුල තුන්වෙනි ලිපියත් ලියන්නයි හිතුවෙ ඕන්.මේ ගීතය තමයි ඔබ එදා නම් සඳ වගේමයි..කියන සින්දුව.වැඩි දෙනෙක් අහල නැතුවත් ඇති.ඒත් ගොඩක් රසවත් යුග ගීතයක්.ගීයෙන් කියවෙන්නේ මුලින් ගොඩක් ආදරයෙන් උන්නු  විවාහපත් දෙන්නෙක් ගැන.ඒත් දැන් ගැහැනියට ආදරයෙන් වෙන් වෙන්න හිතිලා.ඒත් පිරිමියා අතීතය මතක් කරනවා ඔබ එදා නම් සඳ වගේමයි කියලා.ගීත විචාරකයකට වඩා මම මේ ලිපි පෙලින් උත්සහ කලේ ගීත රචකයාට ගීතය ලියන්න මූලික වුනු සිදුවීම් ගැන ලියන්නනෙ.ඉතින් මේ ගීතයට මූලික වෙලා තියෙන්නේ ඉතාම සුලු සිදුවීමක්.
 
මේකයි කතාව.අපේ මේ ගීත රචකයගේ බිරිඳ ටිකක් වසයිලු.ටිකක් කේන්ති ගත්තහම කච කචේ ඉවරයක් නැතිලු.සාර්ථක ජීවිතයක් ගතකලාට පෙලක් දවස් වලට පොඩි පොඩි රන්ඩුත් ඇති වෙනවලු.මෙහෙම රන්ඩුවක් ඇති වෙච්ච දවසක ධම්මික බන්ඩාරයන්ගේ බිරිඳ කිව්වලු
"මේ ලමය නැත්නම් මම තමුසෙව දාල යනව..." කියලා
ඉතින් මේ වෙලාවේ එතුමට මතක් වෙලා තියෙනවා ඒ අය අවුරුදු ගානක්  ප්‍රේම කරල විවාහ උනු  විදිය.ඒ කාලේ ලියපු ලියුම්,කරපු කියපු දේවල් එහෙම.ඉතින් මේ වෙලේ ගීත රචකයට හිතිලා තියනවා මේ වගේ කොයි තරම් ලියුම් ලියලා ආදරය කරලා එකතු උනත් වෙන් වෙන්නත් හේතු සාදක ඇති වෙනවා නේද කියලා.ඔය සිදුවීම මත පාදක වෙලා බිහි උනු නිර්මානයක් තමයි ඔබ එදා නම් සඳ වගේ මැයි.....

ගීතය අහල නැති කට්ටියට මෙන්න ...

පි-ඔබ එදා නම් සඳ වගේමැයි..
ගැ-ඔබ මෙදා හිරු වී මා දවයි
පි-ඔබ මගේ මැයි ඔබ මට කියයි
ගැ-ඔබ දමා යන්නට හිත කියයි

පි-නෙතේ නෑ ආදර බැලුම්,කොහි සැඟ උනාදෝ නෙතු කැලුම් //
ගැ-ඔබේ ලෝකය නොවේ මගෙ ලොව,මැකී යයි ආදර බැලුම්...

පි-ඔබ එදා නම් සඳ වගේමැයි.....

පි-පි‍ටු පුරා පෙම් කවි ලියූ සිත ගොලු උනේ ඇයි රස මැවූ //
ගැ-නොදන්නේමි වැරදුනේ කොතැනද,දෛවයද මේ අප පැතූ...

පි-ඔබ එදා නම් සඳ වගේමැයි..
ගැ-ඔබ මෙදා හිරු වී මා දවයි
පි-ඔබ මගේ මැයි ඔබ මට කියයි
ගැ-ඔබ දමා යන්නට හිත කියයි..


සින්දුව ඩවුන්ලෝඩ් කරනව නම් මෙන්න ලින්ක් එක..

අහ්.. තව දෙයක් කියන්න තියනවා.තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේ ගීතය ගයන ගායිකාවගේ නම වැඩිය සඳහන් වීමක් නැ.ඒත් මේ ගායිකාව නිසා තවමත් විවාහ නොවී ඉන්න ගායකයෙක් ඉන්නවා. මේ ගීතය කියන ගායිකාව ඉගෙන ගන්නවලු නන්දා මලිනියන්ගේ සංගීත ආශ්‍රමයේ.ඒ පන්තියටම සන්ගීත ඉගන ගන්න කැමරාවක් එල්ල ගත්තු කොල්ලෙකුත් ආවලු.ඉතින් ඔහොම කාලයක් යනකොට මේ දෙන්න හොඳ යාලුවො වෙලා හොඳ ප්‍රේමවන්තයො බවට පත් උනාලු.ඉතින් මේ සිද්දිය හැමෝම දැන ගත්තු ප්‍රසිද්ධ කරුනක් බවට පත් වෙනවලු.ඒත් එක පාරටම හිටපු ගමන් මේ ගායිකාව ජපානෙට ගිහින් එනකොට ජපානේ හිටපු ලන්කාවෙ තරුනයෙක් එක්ක විවාහ වෙලා ලන්කාවට එනවලු.ධම්මික බන්ඩාරයන් කියන විදියට
 "මේ සිදු වීමෙන් පස්සේ කැමරාව කරේ දාගත්තු තරුනයාට කොච්චර ශොක් උනාද කිව්වොත්  මිනිහා තවත් කසාද බැඳලා නැ.එයා තමයි දයාන් විතාරන"
ඒකත් කොහොමද වැඩේ නෙහ්.
ඔන්න ඉතින් තුන් වෙනි ලිපියත් ලිව්ව.ටිකක් හරි ගතියක් තිබුන නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.ඒ වගේම මේ ලිපි පෙලේ මුල් ඒව බලනව නම් මෙන්න ලින්ක් දෙක


ඔන්න එහෙනම් මම ගියා.හැමෝටම ජයශ්‍රී!!!




පුංචි රහසක් සමගින්,ගී පද වැලක සුලමුල 2-මගේ පුංචි රෝස මලේ..



ගීයක සුලමුල නමින් දෙවෙනි ලිපියත් ඔන්න දාන්න හිතුනෙ කලින් ලියපු හන්තානට පායන හඳ ගීතයට පාදක උනු පද රචකයගෙ අත්දැකීම් ගැන දාපු ලිපියට හොඳ ප්‍රතිචාර තිබුනු නිසයි.කස්ටිය ඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න.අද කියන්න යන්නේ මගේ පුංචි රෝස මලේ කියන ගීතයේ පසුබිම් කතාව.දිගටම කියවං ගියොත් වැඩි දෙනෙක් දන්නේ නැති පුංචි රහසකුත් දැනගන්න පුලුවන් වෙයි.

මේ ගීතයට මුල් වෙන්නේ සංගීත ගුරුවරයෙක් ඒ වගේම දැනට ජීවතුන් අතර නැති ප්‍රකට ගායකයෙක්.ඔහු අපේ කතානයක ගීත රචක ධම්මික බන්ඩාරයන්ගේ හොඳම යහලුවෙක්.මොවුන් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් තිබුනත් හොඳ මිත්‍ර බැදීමක් දෙදෙනා අතර තිබිලා තියනවා.ඒ බැඳීම කොච්චරද කියනවනම් මේ පුද්ගලයා අවුරුද්දකට දෙතුන් පාරක් විතර අපේ පද රචකයගෙ ගෙවල් පැත්තෙ ඇවිත් දවසක් දෙකක් විතර ඉඳලත් යනවලු.කොහොම උනත්  මේ ගුරුවරයා මේ ගෙදෙට්ට ආවම කවුරු හිටියත් නැතත් උදේ දහය වෙනකොට මත්පැන් කාලක් තියෙන්නම ඕනිලු.නැත්නම් එහෙම කම්මුලට අත තියාගෙන දුක සේ ඉන්නවලු බලා ගත්තු අතේ බලාගෙන.ඉතින් මේ බව දැනගෙන මේ ගුරුවරයා එනවනම් කල් ඇතුවම ගෙදෙට්ට මත්පැන් ගෙනත් තියන එක අනිවාර්‍ය දෙයක් උනාලු.
ඔහොම දවසක සතු‍ටු සාමීචියෙ යෙදිලා ඔහොම මෙයා මත්පැන් බොන අවස්ථාවක මේ ගුරුවරයා අපූරු කථාවක් කියලා තියනවා.
"මචං ධම්මික මගෙන් වයලින් ඉගෙන ගන්න එනවා ගැනු ලමෙක්.ඒ ගැනු ලමයට අවුරුදු දහ අටයි.මට හරි පුදුම ආදරයක් තමයි මේ ලමයා ගැන තියෙන්නෙ."
"ධම්මික මට මේ ලමයා ආවේ නැති දවසට උගන්නන්න හිතෙන් නැ.මම සමහර වෙලාවට ජනේලෙන් හතරපස් පාර බලනව මේ ගෑනු ලමයා එනවද කියලා"
ඉතින් ඔහොම කියලා කිව්වම මේ ගැනත් නිකන් කතා කර කර ඉඳලා වෙනදා වගේ පොඩි විහිලුවකුත් කරලා  දෙන්න කතාබහ ඉවර කරලා වෙන් වෙලා ගිහින් තියනවා.
ඔය කථාව කියලා අවුරුදු දෙක තුනක් ගිහින් කොහොම හරි මේ කාලේ වෙනකොට මේ ගුරුවරයගෙ අසනීප තත්වයන් එක්ක වැඩිය එහෙමෙහෙ යන්න එන්න අමාරු තත්වයක් ඇතිවෙලා නිතර නිතර දෙදෙනාට මුන ගැහෙන්න බැරි වෙලා තියනවා.ඒත් කොහොම හරි දවසක  කුමක් හෝ කටයුත්තකට මේ ගුරුවරයගෙ ගෙදෙට්ට ගිහින් තියනව ධම්මික බන්ඩාරයන්.ගෙදර තිබිලා තියෙන්නේ පයාගල.යනකොට ගෙදර හිටියේ පුංචි දුව විතරලු.
සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු කෝ දුවේ තාත්ත කියලා ඇහුවම ලමයා කිව්වලු
"මාමේ තාත්ත ගෙදර නැ,..මාමට පුලුවන් නම් යන්න කලුතර රෙස්ට් හවුස් එකට.තාත්ත එතන ඇති"
ඊට පස්සේ ඔන්න ඉතින් ධම්මික බන්ඩාරයන් ගිහින් තියනවා රෙස්ට් හවුස් එකට..මේ වෙලාව කලුතර උසාවියෙ විවේක වෙලාවලු.ඒ නිසා නීතීඤ මහත්තුරුත් ඇවිත් මත්පැන් තොලගගා සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු.අපේ ගුරුවරයත් ඈත තනියම මේසෙකට වෙලා හිස මේසෙ මත තියාගෙන ඉන්නව පේනවලු.ඔහොම අර මහත්තුරු ටික එහෙම එහෙට මෙහෙට වෙනකං ඉඳලා අපේ ගීත පද රචකයත් ගිහින් අර මේසේ ඉඳගෙන අඩුව සම්පූර්න කලාලු.
ඉඳගෙන ලගින් හිටියට ගුරුවරයා සද්ද නැතිලු.මේසෙට හිස හරවගෙන ඉන්නවලු.දැං මේ මෙයාට  ටිකක් විතර  වැඩී කියලා තේරුනු නිසා ධම්මික බන්ඩරයන්  කියලා තියනවා ඔයා ඔහොම ඉන්න මම ගිහින් ත්‍රීවීලර් එකක් අරන් එන්නම් කියලා. ඔහොම යන්න හදනකොට අරය ධම්මික බන්ඩාරයන්ව පු‍ටුවෙ වාඩි කෙරෙව්වලු.එහෙම වාඩි කරවල ඔහුගේ අතිං අල්ලගෙන පොඩි දරුවෙක් වගේ එක පාරට ඉකි ගගහා අඬන්න ගත්තලු.

"ඇයි දැං උඹ අඬන්නේ?මොකක්ද සිද්ද උනේ ?"ධම්මික බන්ඩාරයන් ඇහුවලු..

"මචං මගෙන් වයලින් ඉගෙන ගන්න ආපු ගැනු ලමයා ගිය සුමානෙ කසාද බැන්ඳා" කියලා ආයෙත්  හොඳටම අඬන්න ගත්තලු...
ඔහොම ඉකි ගගහා අඬපු ගුරුවරයා තමයි අපි කවුරුත් දන්න මර්වින් පෙරේරා කියනා අසහාය ගායකයා.මේ කාරනය ගීත රචකයා කිසිම ජනමාධ්‍යකින් නම් ප්‍රසි ද් ධ කරල නැ.මට හිතෙන විදියට වැඩි දෙනෙක් නොදන්න රහසක්.අමල් පෙරේරගෙ කැමැත්ත පිට තමයි මේ කාරනය ධම්මික බන්ඩාරයන් හෙලි කලේ.කොහොම උනත් පද රචකයාගේ අත්දැකීම් එක්ක ගලපලා සාර්ථක නිර්මානයක්  විදියට නිර්මානය වෙලා තියන ගීතයක් කිව්වොත් වැඩි දෙනෙක් මාත් එක්ක එකඟ වෙයි.ඔන්න ඉතින් ගීයක සුලමුල දෙවෙනි ලිපියත් දැම්මා .
පුලුවන් නම් කස්ටිය මේ මිතුරු කැලට එක් වෙලා Follow පාරක්  දානවද ලොකු උදව්වක් ?එහෙනම් ඔන්න මම ගියා ජය..ඔක්කොටම ශ්‍රී!!!

අමුතු දත්ත 4 ලු...(Amazing Facts)



මගේ අමුතු දත්ත ලිපි පෙලට හොඳ ප්‍රතිචාර තියනවා.ඉතින් හිතුවා අදත් අමුතු දත්ත ටිකක් දෙන්න.මුල ඒව බැලුවෙ නැත්නම් ඒවට යන්න මෙන්න ලින්ක් ටික


හිපෝලගෙ කිරි රෝස පාටලු

නිල් තල්මහෙකුට එක උගුරට කැලරි 480000 ලබා ගන්න පුලුවන්ලු

කැස්සක වේගෙ සාමාන්‍යයෙන් පැයට සැතපුම් 60ක් විතරලු

කිවිසුමක් යවන හැම වෙලාවකම මොලේ තියන සෛල වලට හානි වෙනවලු

ස්විට්සර්ලන්තෙට අගනගරයක් නැතිලු

බැන්කොක් නගරයේ මුලු නම Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Yuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasitලු

කුරුලු කූඩු වලින් හදන සුප් චීනයේ ජනප්‍රිය ආහාරයක්ලු

කලුකුමෙක් වහින වෙලේ උඩ බැලුවොත් මැරෙන්න ඉඩ තියනවලු

චීනයේ අනතර්ජාල පහසුකම් ලබන අය මිලියන 450ක් ඉන්නවලු.මූනු පොතට ලොව පුරාම ඉන්නෙ මිලියන 500ක්ලු

ඩොලරයක් මාරු කරගන්න විධි 293ක් තියනවලු

කැරපොත්තන්ට එයාගෙ ශරීරයෙන් හිස වෙන්කරගෙන උනත් සති කීපයක් ජීවත් වෙලා ඉන්න පුලුවන්ලු

දිනකට ලෝකය පුරා බැංකු 20ක් මංකොල්ල කෑමට ලක්වෙනවලු

ඉංග්‍රීසි හෝඩියෙ වැඩිපුරම භාවිතා වෙන්නේ E අකුරලු.අඩුවෙන්ම භාවිතා වෙන්නේ Q අකුරලු.

බොහොමයක් ලිප්ස්ටික් වල මාලුන්ගෙ කොරල් අන්තර්ගතයිලු

වසරකට දෙපස පෙනෙන වීදුරු වල වැදීමෙන් කුරුල්ලන් 10000ක් විතර මැරෙනවලු

ලෝකයෙ තියන පත්තර වලින්ම බාගයක්ම මුද්‍රනය කරන්නේ අමරිකාවේ සහ කැනඩාවෙලු

පාදයේ නියපොතු වලට වඩා හතර ගුනයක් වේගයෙන් අතේ ඇගිලි වල නියපොතු වැඩෙනවලු

සාමාන්‍යයෙන් හීනයක් ඉවර වෙන්න විනාඩි විස්සක් විතර යනවලු


අහ් තව දෙයක් කියන්න අමතක උනා.මේ වෙනකම් දාපු ඔක්කොම අමුතු දත්ත ටික මූනු පොතේ page එකක් හදල දාන්න හිතුවා.ඒකටත් පහල ලින්ක් එකෙන් ගිහින් සහයක් දෙනවනම් හොඳයි.තව දන්න කියන අයටත් page එකට invite කරමුද?

අමුතු දත්ත-Amazing Facts

ගී පද වැලක සුලමුල-හන්තානට පායන සඳ...........


  


පහුගිය දවසක අපේ සරසවියට ධම්මික බන්ඩාරයන් පැමිනියා ගීත විචාරයකට.ධම්මික බන්ඩාර කිව්වට නම ඒතරම් ගානක් නැති උනාට මගේ පුංචි රෝසමලේ,හන්තානට පායන සඳ, වගේ ජනප්‍රිය ගීත ලියලා තියන ප්‍රවීන ගීත රචකයෙක් තමයි ඔහු.රසවින්දන විචාරයෙදි මූලිකත්වය දීල තිබුනේ නිල් කැට වැස්ස සංයුක්ත තැටියෙ එන ගීත සහ ගීත වලට මුල් වුනු අත්දැකීම් ගැන කියන්න .මේ විචාරයෙදි ගොඩක් ගීත ගැන වගේම ගීත වලට මුල් උනු සමහරක් කලාකරුවන් ගැනත් අපූරු විස්තර ටිකක් දැනගන්න ලැබුනා.ඉතින් ගීත විචාරයට වැඩිය මේ ගීත වලට මුල් වුනු සිදුවීම් මොනවද කියලා එතුමා කියන විදියට මගේ මතකයේ හැටියෙන් බ්ලොග් එකේ දැම්මොත් හොඳයි කියල හිතුන හැමෝටම දැනගන්න..මොකද ගොඩක් ගීත වල නිධාන කතා හරි සුන්දරයි.

හන්තානට පායන සඳ කියන ගීතය ලියවෙන්නෙ තනි සිදුවීමක් මුල් කරගෙන නම් නෙවෙයි.සිදුවීම් ගොඩක එකතුවකට.ධම්මික බන්ඩාරයන් සරසවි අධ්‍යාපනය ලබන්නේ කොලඹ සරසවියේ. පේරාදෙනිය සරසවියට නොගියට එතුමාට එන්න ලැබෙනවා විටෙන් විට පේරාදෙනිය සරසවියට එතුමගෙ මිතුරන් හමුවෙන්න.කොලඹ ක‍ටුක ජීවිතෙත් එක්ක පේරාදෙනියෙ පරිසරය එතුමට හොඳට හිතට අල්ලනවා.සරසවිය අයිනෙන් ගලාගෙන යන මහවැලි ගඟ,සීතල සුලඟ,හන්තාන කඳු වලල්ල කොලඹ ක‍ටුක පරිසරයෙ කාලය ගත කරපු එතුමන්ට රසඳුනක් වෙලා.හන්තානට පායන සඳ මෙතුමා දකින්නෙත් පේරාදෙනිය සරසවියෙ නේවාසිකාගාරයක නිදහසේ ඉන්න වෙලාවක.ඒ ගැන එතුමන්ගේ වචන වලින්ම කියනවානම්

"එතකොට අපි මේ සරසවිය ආශ්වාදය කලා.ඔහොම ආශ්වාදය කරන අතරතුර ඇත්තමයි මම දැක්ක  හන්තානට පායන සඳ."

ඕක සිතුවිල්ලක් විදියට එතුමගෙ හිතේ ඇඳිලා තියනවා.නමුත් ඒ දවස් වල මේක මුල් කරගෙන ගීතයක් ලියන්න තරම් වටපිටාවක් තිබිලා නැ.
ඔහොම කාලය ගතවෙලා යනකොට ධම්මික බන්ඩාරයන් නගර වල පංති පවත්වන්න පටන් ගන්නවා.ඔහුගෙ පංතියකදි දැකල තියනව දෙන්නෙක් අතර පොඩි ප්‍රේම පැලැටියක් වැඩෙනවා. අහිංසක විදියට වැඩේ සිද්ද වෙනවලු.කාටවත් කරදරයකුත් නැතුව ඉගෙන ගන්න ඒවටත් බාධාවක් නැතුව වැඩේ සිද්ද වෙන නිසා කවුරුත් බාධා කරන්න ගිහින් නැ, අවවාද දීලත් නැ.කොහොම හරි ඒ වසරේ දෙන්නම උසස් පෙල ලියලා ප්‍රථිපල වලින් ගැනු ලමය පේරාදෙනි සරසවියට තේරෙනවා.ඒත් පිරිමි ලමයා සරසවියට තේරෙන්නෙ නැ.ඔහොම ඔය සිදුවීම් පෙලත් සිද්ද වෙලා එතුමටත් ඕක අමතක වෙලා යනවා.

ආයෙත් අවුරුදු දෙකකින් විතර යම්කිසි නගරයක් එතුමා ඉන්නකොට අත් දිගට ඇඳගත්තු සපත්තු දෙකක් දාගෙන ආපු සේල්ස් රෙෆ් කෙනෙක්  සාර්ට මාව මතකද අහනවා.එතුමටත් වැඩි වෙලා නොගිහින් මතකෙට එනවා මේ අර කාලෙකට ඉස්සර එතුමගෙ පංතියට ආපු ලමය කියලා.ඔහොම කතා කරකර ඉන්නකොට
එතුමා අහල තියනවා 

"දැන් කොහොමද සම්බන්දේ...ගැනු ලමය එහෙම කොහොමද "කියලා..
"සර් මම ඒක නැවැත්තුවා.." මෙයා දුකින් උත්තර දීල


"ඇ ලමයො සාමාන්‍යයෙන් ගැනු ලමයා කැම්පස් ගියාම සාමාන්‍යයෙන් වෙන්නෙ පිරිමි ලමයව අත අරින එකනේ..මොකද උනේ ගැනු ලමයා 

අකමැතිද මේක කරගෙන යන්න??"
"නැ සර් එයා කැමති මේක කරගෙන යන්න ,ඒත් මමයි අකමැති.."

"ඇ මොකද ලමයො ඒ??........"  සර් අහල තියනවා.

මෙහෙම අහනකොට අරය හොඳ උත්තරයක් දීල
"සර් දැන් එයා විශ්ව විද්‍යාලෙනෙ  ඉන්නේ.දැන් එයාට හොඳ අනාගතයක් තියනවා.දැන් මම එයාව බලන්න නිතර කැම්පස් එකට යන්න එන්න ගත්තොත් ඒක එයාගෙ තත්වෙට බාධාවක්.මම එයාගෙ අධ්‍යාපන මට්ටමට ගැලපෙන්නෙ නැ.ඉතින් මම කල්පනා කලා එයාගෙන් වෙන් වෙන්න "

ඉතින් මේ සිදුවීම පද රචකයට හොඳට දැනිල තියනවා.ඒත් එක්කම ඔහු බලපු චිත්‍රපටියක් ගැනත් පෙලින් පෙල මතකයට ඇවිත්.චිත්‍රපටිය හුලවාලි.හුලවාලි කියන්නේ සැඩොල් ගමක කතාවක්.ඒ සැඩොල් ගමේ නායකයා දාර.දාරගේ බිරිඳ මේ හුලවාලි ගමට තොරොම්බල් අරන් එන බිබිලේ ඇත්තො එක්ක හාදකමක් ඇති කරගන්නවා.මේක ගැන දාර ටික ටික දැනගෙන අන්තිමට දෙන්නවම එක තැනකදි එකට අල්ලගන්නවා.අල්ලගෙන බිබිලේ ඇත්තො අහනවා ,


"උබ මගේ බිරිඳට ආදරෙයිද..එහෙනම් උඹ මගෙ ගැනිව අරන් පලයන්.හැබැයි මේකිට කරදරයක් එහෙම උනොත් මම උඹව ඉතුරු කරන් නැ..."

ඔහොම කියපු දාර බිරිඳගෙ ඔක්කොම බඩු ටිකත් එක්ක රෙදි ටික පොට්ටනියකට දාල පටවලා තමන්ගෙ බිරිඳ බිබිලෙ ඇත්තොත් එක්ක පිටත් කරල යවනවා.අන්තිමට බිරිඳ අරන් ගියාට පස්සේ ඇයට ගෙනියන්න අමත වෙච්ච ඇගේ එක පෙරවන රෙද්දක් දාරට හම්බ වෙනවා.දාර මේ සලුව අතේ තියාගෙන හොඳටම අඬනවා.

මම මේ කියපු ඔය සිදුවීම් තුන මුල් කරගෙන තමයි අන්තිමට හන්තානට පායන සඳ ගීතය එතුමා අතින් ලියවෙන්නේ.අමරසිරි පීරිස් ගායකයනන්ගේ කට හඩට තවත් ගීතයේ රසවත් බව වැඩි වෙලා සාර්තක නිර්මානයක් මේ ඇසුරින් ගොඩනැගෙනවා.ඔහොම තමයි මේ ගීයේ නිධාන කථාව.ඉතුරු ඒවත් ටික ටික පුලුවන් විදියට දාන්නම්.අදට ඇති.ඔන්න එහෙනම් මම ගියා.ඔක්කොටම ජයශ්‍රී!!!