"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

බලනවානම් පට්ට ෆිල්ම් එකක්…


පහුගිය දවස්වල exam නිසා  බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ නැ.දැන් exam ඉවර නිසා පුරුදු විදියට english film හොය හොය බලන්න ගත්තා.ඔහොම බලනකොට හිතට වැදෙන හොඳ film එකක් සෙට් උනා.මේකෙ නම THE ILLUTIONIST.පෙලක් අය බලලත් ඇති.බලපු නැති අයට බලන්න වටින ‍ෆිල්ම් එකක් වගේ කියලා හිතුන නිසා දාන්නහිතුන බ්ලොග් එකෙත් විස්තරේ.
කතාවෙ හැටියට austria වල කුඩා ගමක වල ජීවත්වුනු පිරිමි ලමයෙක් , Sophie කියලා ඉහල පැලැන්තියේ ගැනුලමෙක් එක්ක ආදරයක් ඇති කරගන්නවා.කොහොම හරි සමාජ තත්ව නිසා මේ දෙන්නගෙ ආදරය දෙකඩ වෙනවා.ඒනිසාම මේ පිරිමි ලමයා austria වලින් පිටත් වෙලා සංචාරය කරනවා ගවේශකයෙක් විදියට.ඊට අවුරුදු කීපයකටපස්සේ මේ දෙන්න ආයෙත් මුනගැහෙනවා නොහිතපු විදියකින් වියානා වලදි.ඒ වෙනකොට ඔහු Eicenhiem නමින්දක්ෂ මැජික් සංදර්ශන ශිල්පියෙක්.ඇය ධනවත් පෙලපතක කුමාරිකාවක් විදියට වියානා වල කුමාරයෙක් එක්ක විවාහවෙලා.කොහොම උනත් කතාවෙ තියෙන්නේ Sophie ආයෙත් තමන් ලගට ගන්න Eicenhiem තමංගෙ හැකියාවන්උදව් කර ගන්න හැටි.film එක ඉවර වෙනකම්ම අවසානය මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි තරම්.ඇත්තටමහොඳ ‍ෆිල්ම් එකක්.අවසානයෙත් බලන අයට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙන්නේ.ඔන්න එහෙනම් කස්ටියබලන්නකෝ. මෙන්න torrent එකට ලින්ක් එක.හැමොටම ජයවේවා.!!!

7 comments:

  1. Yes.it is a really good film.I like it too.I dnt know whether u have already watched a film named The scent.if not worth trying...good luck.

    ReplyDelete
  2. thanks macho math download karana gaman dan

    ReplyDelete
  3. නියමයි සහෝ හොද ලිපියක් අදයි දැක්කේ...මමත් මේ වගේ බයි‍ස්කෝප් වල හොද රසිකයෙක්..පොඩි අදහසක් දාන්නම් මමත් බලපු හොදම බයිස්කෝප් එක ගැන කියල. පුළුවන්නම් මේ ගැනත් ලියන්න කියල ආරාධනා කරනවා..
    http://www.imdb.com/title/tt0482571/ මෙන්න ලින්ක් එක
    ෆිල්ම් එක The Prestige (2006)
    මේ කථාවේ සිදුවීම ගැන මම ටිකක් වැඩිපුර හොයල බැලුවා. ‍ගොඩක් රසවත්, විශේෂයෙන් Nikola Tesla ගැන.

    ReplyDelete
  4. මට ඒ ලින්ක් එක ඔපෙන් වෙන නැ නේ ?

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......