"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සත්තු ගැන අමුතු අමුතු විස්තර ටිකක් - Amazing Facts 08





සත්තුන්ගෙන් අලිංට විතරක් පනින්න බැරිලු

සමනල්ලු රස බලන්නේ උන්ගෙ පාද වලින්ලු

ගෙමැස්ස යමක් අහරට ගත්තට පස්සේ ඒවා ආයෙත් වමාරලා කනවලු

බල්ලොයි පූසොයිත් මිනිස්සු වගේ එක්කෝ වමත් නැත්නම් දකුනත් හුරුයි ලූ

සැම බලු වර්ගයක්ම පැවතගෙන එන්නේ වුර්කයන්ගෙන් ලු

බලු පැටියෙක් ඉපදිලා දවස් 12ක් යනකං ඇස් හරියට අරින්නේ නැතිලු.මාසයක් යනකම්ම උන්ගේ ඇස් පෙනීම වර්දනය වෙන්නේ නෑලු

පූසෙක්ට සාමාන්‍යයෙන් පැයට කිමි 20ක වේගෙන් ද්වන්න පුලුවන්ලු..

ලෝකයේ ඉන්න විශාලතම ගෙඹි වර්ගය Goliath frog ලු..

පැස්බරාගේ ඇස උගේ මොලේට වඩා විශාලලු

තාරවගේ කෑගැහිල්ල දෝංකාරෙ දෙන්නේ නෑලු

කිඹුල්ලුන්ට උන්ගේ දිව එලියට දාන්න බැරිලු

ගල්මාලුවා(Stone fish)ගේ විශට මිනිසෙක් පැය දෙකක් ඇතුලත මරනයට පත් කරන්න පුලුවන්ලු

මෝරට නිතරම පීනන්න අවශ්‍යමලු..නැත්නං ඌ ගිලෙනවලු 

විල්පත්තුවට ගිය ගමන ( Wilpaththu Safari)



ඔන්න කාලෙකිං කොහේවත් ඇවිදින්න යන්න බැරිඋන නිසා පසුගිය නිවාඩු දවසක විල්පත්තු යන්න හිතුවා පුංචි සෆාරියක්..යන්න කලිං ඉඳන්ම ඉන්ටනෙට් එකේ ගියපු කස්ටිය දාලා තිබුනු විස්තර එහෙමත් කියවලා ගමන ගැන  පොඩි අවබෝදයක් ඇතුව තමයි ගමනට සූදානම් උනේ.යුද්ධයෙන් පස්සේ විව්ර්ත කල නිසා වැඩි දෙනෙකුට සංචාරය කරන්න මග හැරුනු ප්‍රදේශයක් තමයි විල්පත්තු වනෝද්යානය.

උතුරට  මෝදර ගම් ආරුවත්,දකුනින් කලා ඔයත් බටහිරින් ඉන්දියන් සාගරයටත් මායිම් වෙලා තමයි විල්පත්තු පිහිටා තියෙන්නේ..විල්පත්තු යනවා නම් දැනට වනාන්තරයට පිවිසෙන්න පුලුවන් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාරගයේ විල්පත්තු හංදියෙන්.එතනින් තමයි ප්‍රධාන පිවිසුමට ඇතුල් වෙන්න තියෙන්නේ.පුත්තලමේ ඉඳන් එනවනම් විල්පත්තු හංදියට හරියටම කිලෝමීටර් 54ක් තීයනවා.ඒ වගේම අනුරාධපුරේ ඉඳන් ගත්තූත් විල්පත්තු හංදියට කිලෝ මීටර් 32ක්.මේ විල්පත්තු හංදියේ ඉඳන් ප්‍රධාන පිවිස්මට තව කිලෝමීටර් 7යි මීටර් 700ක් එන්න ඕනි හුනුවිලගමට.

අපේ ගමනට අටදෙනෙක් සහභාගි උනා.ඉතින් මුලින්ම කරන්න ඕනි ගමන යන්න ෆෝවීල් වාහනයක් හොයාගන්න එක..තම්න්ගේ වාහනයක උනත්  මේ ගමන යන්න පුලුවන්.ඒත් හොඳම වැඩේ වාහනයක් මෙතනින් අරන් යන එක.මොකද ඒ අයට වනාන්තරේ පාරවල් ගැන හොඳ අවබෝදයක් තියනවා.සෆාරි ජිප් එකක් වනෝදයානය අවටින් හොයා ගන්න පුලුවන්.සෆාරි ජිප් එකක් දවසක සංචාරයක් සඳහා 7500ක් විතර අය කරනවා.ඔක්කොගෙම මේක තමයි ගාන.මම පොඩි ඇඳුරුම් කමක් හදාගෙන වැඩේට බැස්ස නිසා 6000කට වගේ ජීප් එකක් හොයාගන්න ලැබුනා.අපේ රියදුරු ජයතිලක මහත්මා..ටිකක් වයසක අංකල් කෙනෙක්.ඒ නිසා හොඳට විල්පත්තුවේ සංචාරය කරල නිසා ත් ලොකු වාසියක් උනා.

විල්පත්තු යනව නම් උදේ පාන්දරින්ම වනයට ඇතුල් වෙන එකයි හොඳම වැඩේ.වනෝද්යානය උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් විවුර්තව ත්යනවා..ඒ නිසා උදේ හයට එනවා නම් ගොඩක් හොඳයි.අපි නම් 6.30 වෙනකොට ප්‍රදාන පිවිසුමට ලඟා උනා.ප්‍රධාන පිවිසුමෙන් මුලින්ම ටිකක් පතක් ගන්න වෙනවා.. වැඩිහිටි ටිකට් පතක් 120 යි බාග 60යි. වාහෙනේට රුපියල් 250ක් අය කරනවා..ඒ වගේම රුපියල් 300ක් සේවා වියදම්..ඒ කියන්නේ අපිට ලබාදෙන මාර්ග උපදේශකටත් එක්ක මගේ හිතේ.ගමන යන්න අපිට සෙට් උනු ගයිඩ් අයියගේ නම ඉශාර.ඉශාර අයීයත් වාහනේට දාගෙන අපි ඇතුල් උනා විල්පත්තුව ට..මෙතන ඉඳන් කියන්න වෙන්නේ එයාගෙන් දැනගත්තු විස්තර සහ මම ඇසින් දු‍ටු දේ..

ගමන පටන් ගන්න කොටම ගයිඩ් මහත්තය අපිට විල්පත්තුව ගැන මූලික විස්තරයක් කිව්ව .ඒ අනුව විල්පත්තුව තමයි ලංකාවේ විශාලතම වනෝද්‍යානය.මේකේ භුමි ප්‍රමානය අක්කර තුන්ලක්ශ තිස්දහසකට ආසන්න වෙනවා.විශේශම දේ විල්පත්තුවේ සියලු කලාප වලට අයත් වනාන්තර දැක බලාගන්න පුලුවන් වීම.තෙත් ශුශ්ක වගේම වියලි  වන පත්තති දැක බලාගන්න ප්ලුවන්.මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 15ක් උසින් මන්නාරම අනුරාධපුර,පුත්තලම කියන ප්‍රදේශ වලට මායිම් වෙලා තමයි විල්පත්තුව පිහිටලා තියෙන්නේ.

මේ වනෝදයානයේ එක් මායිමක් ඉංදියන් සාගරය කියල මම කලින් කිව්වනේ.ඉතින් ඒ හරහා ලංකාවේ ආර්‍ය සිංහල ජනාවාස තිබුනු බවට පැහැදිලි සාදකත් බොහොමයක් විල්පත්තුවේ පිහිටා තියනවා.කස්ටියම අහලා ඇතිනේ විජය රජ්ජුරුවෝ එනකොට කුවේනි කපු කටිමින් ඉඳපු තම්බපන්නිය..ඔන්න ඔයාලත් විල්පත්තු එනව නම් තම්බපන්නි යන්නත් පුලුවන්.ඒ ඉතිහාසික වටිනා කම.ඒ වගේම වැව් ගංගා ඇල දොල දිය උල්පත් වගේම වනෝද්‍යානයා වටා ඇති විල්ලු සමුහයකින් යුක්තයි..මේ වනෝද්‍යානයට විල්පත්තු ව කියලා නම ලැබෙන්නත් හේතුව විල්ලු සමුහයක් තිබ්නු නිසා බවයි දැන ගන්න ලැබ්නේ.විල්ලු 40ක් පමන තියන බව තමයි දැන ගන්න ලැබුනේ ඒ අතර කරදිය මිරිදිය කිවුල්දිය විල්ලු ඇතුලත්.කොක්කාරිය සහ ලුනුවිල කියන්නේ ඒ කරදිය විල්ලු.දෙමට විල විල්ලු ව ප්‍රදාන කිවුල්දිය විල්ලු වක්. ඒ වගේම විශාල ප්‍රමානයක් මිරිදිය විල්ලු තියෙයි..



මූලික විස්තරේ ටිකක් වැඩි උනාද මන්දා..කොහොමින් හරි ඔය විස්තරත් දැනගන්න ගමන් අපි ටික ටික වනාන්තරය ඇතුලට ගමන් කලා..නිතර නිතර අපේ ගයිඩ් මහත්තයා වහනේට වේගෙන් ඉස්සරහට යන්න කිය කිය ගියේ.ඒ වෙනකොට මොන හේතුවක් නිසාද කියල තේරුන් නෑ..කොහොම උනත් ගමනේ මුල් ටිකේ වැඩිය වන සත්තු දැක්කේ නම් නෑ..ගමට කිට්‍ටු නිසාද මන්දා..ඒත් කිමි පහලවක් විතර යනකොට එක පාරට අපේ වාහනේ ඉස්සරහින් සතෙක් පැන්න..මම දැක්කේ නිකන් බලු පැටියෙක් වගේ එකෙක්..ටිකක් ලං කලාහමයි දැක්කේ ඒකා වැලි මුවෙක්.ඔහොම ඉස්සරහ තවත් යනකොට මොනරු මුවෝ අපිට බහුලවම බලාගන්න පුලුවන් උනා..මුල හරියේ නම් ශුශ්ක වන පද්දතියට අයත් ලක්ශන තමයි පේන්න තියෙන්නේ.අපේ ගයිඩ් මහත්තය නිතර නිතර කලේ දෙපැත්ත ගැන හොඳ අවදානයෙන් තමයි හිටියේ..ඔහොම බලන් යන ගමන් ටිකක් වාහනේ හෙමීට යමු කියන සංඳවක් දෙනව දැක්ක..ඉතිං ඔන්න අපිත් ටිකක් විමසිලිමත් උනා මොකක් වෙන්න යන්ව්වද කියලා..වාහනේ ටිකක් නවත්තල බැලුවා වැලි පොලවා දිහා.බලලා කියනවා ලඟම දිවියෙක් ඉන්නවා හොඳට දෙපැත්ත බලාගෙන යන්නලු.එයා ඒ දේ කිව්වේ වැලි පාරේ තිබ්නු විශාල ප්‍රමානයේ දිවියෙක්ගේ අඩි සලකුනු දැකලා..අපිත් දැක්කේ එයා පෙන්නුවහමයි.ගොඩාක් ලොකුයි..අපිත් ඉතින් වාහනේ ඒ අඩි පස්සෙන් අරන් ගියා මීටර් 500ක් විතර..එහෙම ගිය අඩි පාර මීටර් පන්සීයෙන් කැලේ පැත්තට හැරිලා තිබ්නා.ඒ කියන්නේ සතා කැලේ ඇතුලට රිංගලා..




 අපේ ගයිඩ් මහත්තයට අනුව විල්පත්තු ඇවිත් දිවියෙක් දකින එකයි ලොකුම දෙයක්.ඒ වගේම වලස්සු අලි..මේකේ දිවි 45ක් විතර ඉන්නව කියලා තමයි එයා කිව්වේ..මුලින්ම වාහනේ එන්න හදිස් කල කාරනවත් මේ එලිය වැටෙන්න කලින් දිවියෙක් දැක බලාගැනීම.කොහොම උනත් අපිට දිවිය මිස් උනා.. අවුව වැටෙන්න කලින් එලියට එන නිසා උදේ වරුවෙත් හවසත් තමයි එලියට එන්නේ..ඉතින් ආයෙත් සතෙක් දැක ගන්න පුලුවන් වෙයි කියලා ගයිඩ් මහත්තයගේ විශ්වාසය පිට අපි ගමන ඉස්සරහ ඇදුනා..ඔය යන ගමනේ ඉශාර අයියා දිවියා ගැන අපුරු කතා ටිකකුත් කිව්ව දිවියා ගැන. ඒ ටිකත් ඔන්න ඔහේ කියලා දාන්නම් .
දීවියා කියන්නේ බොහොම කම්මැලි සතෙක්.ඇඟේ කොලයක් වත් ගැවෙනවට කැමති නැලු.දිවියෙක් උගේ ප්‍රදේශය ලකුනු කරන්නේ මූත්‍රා කරලා..වෙන දිවියෙක් ඒ ප්‍රදේශයට සාමාන්‍යයෙන් ඇතුල් වෙන්නේ නෑලු..ඇතුල් වෙනවා නම් දිවියෙකුට ඒ මූත්‍රා පාරට ඉව කරලා ඒ ප්‍රදේශයේ ඉන්න දිවියගේ වයස ශක්තිය ගැහැනු පිරිමි බව ඔක්කොම දැන ගන්න පුලුවන්ලු. තමුන්ට ඒ ප්‍රදේශයේ ඉන්න දිවියට අභියෝග කරන්න පුල්වන් නම් විතරක් තමයි දිවියෙක් ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්නේ..කොහොම උනත් එලිය වැටෙන්න කලින් දිවියෝ ප්‍රධාන පාරේ හෙමීට ඇවිදිනව ලු..වාහන ආවට අනික් සත්තු වගේ දුවලා හැන්ගෙන්නේ නෑලු.උගේ ගමන යන එකයි කරන්නේ.ලන්කාවේ ඉන්න සත්ත්න්ගෙන් හයියෙන්ම දුවන්න පුලුවන් සතත් මේ දිවියා තමයි..මූට තමුන්ගේ බර වගේ 3න්ගුනයක් බර ගොදුරක් කටින් අරන් යන්න පුලුවන්...ටිකක් ඔන්න දිවිය ගැනත් කිව්ව..ආ තව දෙයක් මේකගේ විද්යාත්මක නම වෙන්නේ පැන්තරා පාඩස් කොටියා..ඉතින් මූට කොටියා කිව්වත් ප්‍රශ්නයක් නෑ..ඒත් ඉංග්‍රීසි බසින් ටයිගර් කියන්නේ මුට නෙවෙයි.. මූ ලෙපර්ඩ්..ඔන්න අදිවිය ගැන පොඩි විස්තරයක්..

ගමන දිගටම යනකොට විශාල වශයෙන් මුව රංචු බලාගන්න පුලුවන්..ඒ වගේම පෙලක් වෙලාවට විශාල රංචුත් අපිට බලාගන්න පුලුවන් උනා.. මුන් නම් වාහන සද්දෙට ටිකක් විතර දුවනවා..ඒත් පහසුවෙන් බලාගන්න පුලුවන් විශාල ගහනයක් ඉන්න නිසා..

පනික්කවිල සංචාරක නිවාසය

අපිට මුලින්ම හම්බුනු සංචාරක බංගලාව තමයි පනික්කවිල සංචාරක බංගලාව..මේක තියෙයෙන්නේ පනික්ක විල්ලුවට මුහුන පාලා.දවසක් ‍රැයක් ගත කරන්න එනවා නම් විල්ලුවක් අසල ඇති සංචාරක බංගලාවක් වෙන් කරගෙන එකයි හොඳ..තලවිල බංගලාවත් ඒ වගේ විල්ලුවක් අසල තියන බංගලාවක්..මීට අමතරව මෝදර ගඟ අසල කොක්මොටේ බංගලාවත් ජනප්‍රිය සංචරක බංගලාවක් කියලයි දැනගන්න ලැබුනේ..ඔක්කොම සංචාරක බංගලා අතරක් ක්‍රියත්මක වෙන බව තමයි දැනගත්තේ.මේවා බත්තරම්ල්ල වනජීවී කාර්‍යාලයෙන් වෙන් කරගන්න ඕනි..‍රැයක් සඳහා 7500යි..10කට පමන නවාතැන් පහසුකම් තියනවා..ඔන්න නවාතැන් ගන්නවනම් ඒ විස්තරේත්..

අපි ඉතින් පනික්කවිල පොඩ්ඩක් බැහැලා එතනින් තව ඉස්සරහට ගමන් ඇරඹුවා.යන අතරමග කුරුල්ලෝ නම් ගොඩක් බලාගන්න පුලුවන් කම ලැබුනා..ගොඩාක්ම විල්ලු ආසන්නව කුර්ල්ලෝ ඉන්න බව තමයි දැක්කේ.දැන ගත්ත විදියට ලංකාවේ විශාලම ජලජ පක්ශියා වෙන බහුරු මානාවා දකින්න පුල්වන් උනා.. උන් නම් ඕනි තරම්..ඒ වගේම කොක්කු වර්ග පිලිහුඩුවෝ වගේ කුරුල්ලොත් ගොඩක් දකින්න පුලුවන් උනා.ඉශාර අයියා කියපු විදියට දෙස් විදෙස් කුරුලු වර්ග 149ක් දකින්න පුලුවන්..අනික් දේ තමයි සමනල්ලු..විශාල වශයෙන් සමනල්ලු නම් දකින්න අපිට හැකියාව ලැබුනේ නෑ..ඒ මේක උන් දකින්න පුලුවන් කාලේ නෙවෙයි  නිසා.ඒත් අපි යන අතරමග සමනල්ලු රෑන් දෙකක් විතර දකින්න ලැබුනා..

ඒවත් බලාගෙන ටිකක් ඉස්සරහට යනකොට විශාල ප්‍රමානයේ මුහුද් වතුර පිරිච්ච විල්ලුවක් දකින්න ලැබුනා..විශේශත්වය තමයි මුහුදු වෙරලේ වගේ වැලි සහිත වෙරලක් දකින්නත් පුලුවන්.මේක කොක්කාරිය කියන කරදිය විල්ලුව.මෙකේ කරදිය ජීවී නුත් ඉන්න බව තමයි දැනගන්න ලැබුනේ.විශාල ප්‍රමානයේ විල්ලුවක් විදියට තමයි ඒක දකින්න ලැබුන්නේ.මේ විදියට ලඟ ලඟ පරිසර පද්දති වෙනස් වෙන එක නම් ගොඩක් විශේශිතයි..පෙලක් වෙලවට තෙත් කලාපීය ලක්ශන,ආයෙත් ශුශ්ක ලක්ශන..ආයෙත් මේ වගේ කරදිය කලපු ලක්ශන..ඕවත් ඔහොම්මම බලාගෙන යනකොට ඉස්සරහට ආයෙත් පොලවේ පස ත් වැලි පසේ ඉඳන් පිහිටි පසට මාරු වෙනවා..එහෙම්මම ඉස්සරහට යනකොට අපිට දකින්න ලැබෙන ප්‍රධාන විල්ලුව ක් තමයි කාලි විල්ලුව සහ කුවේනි මලිගය.

කුවේනි මාලිගය

මේ විල්ලුව සහ අවට ප්‍රදේශ එක්ක ගෙතුනු අපූරු කතාවක් තියනවා.ගොඩක් දෙනා මූලික කතාව අහල ඇතිනේ..ඒත් ටිකක් විතර වෙනස් අලුත් දේවලුත් ගයිඩ් මහත්තයගෙන් දැන ගන්න ලැබුනා..කියන්නම් ඔන්න ඒ කතාවත්

දකුනු ඉංදියාවේ සිංහ බාහු සහ සිංහ සීවලි රට පාලනය කරන කාලෙක එයාලගේ පුතා විජය යම් කිසි නොකලයුත්තක් කරනවා..ඒ රටේ නීතියට අනුව කිසියම් පුද්ගලයෙක් වැරදි වැඩක් කලොත් මරනීය දන්ඩනය ලබන්න්න සිද්ද වෙනවා..ඒත් විජය රජෙක්ගේ පුතෙක් නිසා ඔහුව රටෙන් පි‍ටුවහල් කරනවා 700ක් පිරිස සමග.බුදු හිමි පිරිනිවන් පාපු දිනයක කි පු 543 දි විජය ඇතුලු පිරිස ලංකාවේ විල්පත්තු ආශ්‍රිත වෙරල ප්‍රදේශයට ගොඩ බසිනවා.විජය මේ හරියෙදි අත තියපු වැල්ල තම්බපන්නිය කියලා තමයි හැඳින්වෙන්නේ. මේ කාලේ ලංකාවේ ජීවත් වෙනවා යක්ශ නාග දේව කියන ජන කොටස්.යක්ශ කිව්වේ යපස් ආශ්‍රිත කර්මාන්ත කල පිරිසට.නාග කිව්වේ නාවික කටයුතු.ඒ කිව්වේ මුහුදේ ගිහින් මා ලු අල්ලපු අයට කිව්ව නම.ඒ වගේම දේව කිව්වේ පුද පූජ කල ජන කොට්ටාෂය.නැතුව යක්ශ කියලා නිකන් යක්කු වගේ පිරිසක් නෙවෙයි..ඒ අයගේ සංස්කෘති අනුව හැදින් වූ නම් තමයි ඒවා..කොහොම හරි විජය ඇවිත් යම් කාලයක් මේ ප්‍රදේශයේ ඉන්න කොට විජය බල්ලෙක් දකිනවා..ඒ දැක්කහම විජය හිතනවා මේ ප්‍රදේශයේ  අනිවාර්යෙන්ම මිනිස් ජනාවාශයක් ඇති කියලා.ඒක නිසා එහෙම දෙයක් තියෙයි නම් සොයා ගන්න විජය තම පිරිවරෙන් එක්කෙනෙක් කැලේ ඇතුලට යවනවා.ඒ ගිය කෙනා එන්නේ නැති උනා ම තව කෙනෙක්..
මෙහෙම එන එක්කෙනා එක්කෙනා කුවේනිය විසින් සඟවනවා මේ කාලි විල්ලුව කියන ප්‍රදේශයේ.

මම අහගත් තු විදියට කුවේනිගේ මේ කාලේ නම මහා රානි දේවී.ඇය එවකට මේ ප්‍රදේශය පාලනය කල කලි රජුන්ගේ දියනිය..ඒ වගේම දිගු වරලසක් සහිතව බලගත් මන්ත්‍ර ශක්තියක් තිබුනු නිසා ඇය පියාගේ රාජධානියේ සේනාධි නායිකාව විදියට කටයු තු කරනවා..කොwහොම උනත් මිනිස් වාසයක් සොයගෙන ආව විජයගේ 700ක් පිරිස මේ මහා රානි දේවී විසින් හංගනවා කාලි විල්ලුව ප්‍රදේශයේ..අන්තිමට විජය තම පිරිස සොයාගෙන එනවා.මේ අවස්තාවේ විජය දු‍ටු මේ මහා රානි දේවී ඔහුට වශී වෙනවා..මොකද විජය කියන්නේ රජ කෙනෙක්ගේ පුතෙක්.කොහොමින් හරි ටික කලකදි මේ මහා රානි දේවී කල්පනා කරනවා විජය එක්ක විවාහ වෙලා තම රාජ්‍යයේ බලය විජයට ලබාදෙන්න.ඒත් පිය රජු මේකට කැමති වෙන්නේ නෑ.මොකද විජය ඔවුන්ගේ කුලයේ නොවන නිසා.ඒ නිසා මහා රානි දේ වි විජය රජ්ජෘවොයි 700ක් පිරිසයි එක්ක පැනලා යනවා මේ ප්‍රදේශය කිට්ට්වම වෙනත් පැත්තකට මාගම කියලා..මෙතනදි තම කුලයට විරුද්ද උනු නිසා කුලයට විරුද්ද වූ කාන්තාව යන නමින් කුවේනි කියන නම පට බැඳුනා කියලා තමයි දැනගන්න ලැබුනේ..

මෙහෙම මාගම් ප්‍රදේශයට පැනලා යන කුවේනි යම් කාලයක් ඒ ප්‍රදේශයේ ජීවත් වෙනකොට මොවුන්ට දරුවන් දෙන්නෙක් ලැබෙනවා ජීවහත්ත සහ දිසාලා කියලා.එහෙම ඉන්නකොට කුවේනිට හිතනවා විජයට තාත්තගෙන් ඒ ප්‍රදේශයේ බලය අල්ලලා දෙන්න..ඉතින් කුවේනි කරන්නේ විජයටත් මන්තර යම් තාක් දුරකා උගන්නලා එවනවා කාලවිල්ලුව සහ මරවිල්ල්ව කියන ප්‍රදේශයට.එහෙම එන ගමනේදි ඒ දවසේ කුවේනිගෙ පියා ඇ තු ලු පිරිස එදා විශාල උත්සවයක්.මගුල් ගෙයක් තිබුනා කියලා තමයි කියන්නේ.මේ මගුල් ගෙදර දවසේ විජයගේ පිරිස මේ ලඟට ඇවිත් කඩු මැද්දා කියනවා..ඒ කඩු මැදපු සද්දෙට කුවේනිගෙ පියා සහෝදරවරු පිරිස ඒ ප්‍රදේශයෙන් පලා යනවා මේ ප්‍රදේශය ඇතුලෙම සිරසා වස් තු කියන ප්‍රදේශයට...ඊට පස්සේ කුවේනි සහ ලමයි දෙන්න එක්ක මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා.මෙහෙම ටික කලක් ඉන්නකොට විජයට හිතෙනවා මේ ප්‍රදේශයේ වටේම තියන මාගම්පුරය,අනුරාපුරය,සිරසාවස්තුපුරය වගේ ප්‍රදේශත් අල්ලගන්න.එහෙම අල්ලගත්ත කියන්නේ රටේ රජකම හිමිවීම.ඒත් එක අවුලක් තියෙනවා.රජ කෙනෙක් වෙන්න ආර්ය වංශියෙක්ට එයාගේ වංශෙම කාන්තාවක් විවාහ කරගන්න ඕනි.අන්න ඒ නිසා විජය කුමාරයා දකුනු ඉංදියාවෙන් කාන්තවක් ගෙන්නන්න උත්සහ කරනවා.ඒ නිසා විජය කුවේනියි ලමයි දෙන්නයි නෙරපන්න උත්සහ කරනවා.මේ හන්දා කුවේනි ගේ ලමයින් දෙන්න ජීවහත්ත සහ දිසාල කඳුකර ප්‍රදේශයට පැනලා යනවා.ඒක අපේ රටේ වැදි පරපුරේ ආරම්භය වෙනවා.

කොහොමින් හරි කුවේනි පැනලා යනවා කුරුනැගල පැත්තේ තියෙන හච්චි කුච්චි කියන පැත්තට.එහෙ ගිහින් එහේ ජීවත් වෙනවා.එතකොට විජය තමුන්ට කියලා බිසවක් ගෙන්නගන්නවා දකුනු ඉංදියාවෙන් .ඇයගේ නම විජායි.විජය අවට ප්‍රදෙශ වල පාලන බලය අල්ලගෙන විජායි කුමරියවත් විවාහ කරගෙන ලන්කාවේ පාලන බලය අල්ල ගන්නව.මේ කාලයේ කුවේනි නැවතත් තම්න්ගේ සහෝදර පිරිස ඉන්න සිරසාවස්තුපුරයට යනවා .එහෙම යනකොට තමුන්ගේ කුලයට විරුද්ද උනු නිසා ඇයට ගල් මුල් වලින් පහර දෙනව..ඒකට ඇයට තරහා ඇතිවෙන්නේ අර විජායි  කුමරියත් එක්ක.ඒ තරහට කුවේනි ඇයගේ මන්ත්‍ර ශක්තියෙන් ගෝනෙක් එවනවා විජායි කුමරියව මරන්න..ඒත් කුවෙනිම කියාදුන්නු මන්තර ශක්තියෙන් විජය ඒ ගෝනාව මරනයට පත්කරනවා..ඒ වැඩේ හරි ගිය නැතිනිසා නැවතත් කුවේනිම එනවා විජායිව මරන්න .ඒ වෙනකොට විජයට මේක දැනිලා විජායිව ගල් කුහරයක දාල කඩුවක් අතින් ගත්තු අයෙක් ආරක්ශවට යොදලා ඉන්නවා.කුවේනි විජායිව මරන්න ආවට එයාට ඇයට ලංවෙන්න ලැබෙන්නේ නෑ.අන්න ඒ නිසා ගල් කුටීරයේ යතුර් හිලෙන් දිව දැම්ම කියනවා.ඒ පාර අර මුරකරු කඩුපහරක් දීල තියන්වා දිව කැපෙන්න.ඊට පස්සේ කුවේනි ල‍තෝනි දීගෙන ගිහින් තියනවා ආයෙත් හච්චි කුච්චි කියන ප්‍රදේශයට.ඒ ප්‍රදේශයේ ගලක් උඩ ඉඳන් ල‍තෝනි දීල තියන්වා..කුවේනි ල‍තෝනි දුන්නු ගල අදටත් ‍තෝනිගල කියලා හඳුන්වන්නේ එතනින් පස්සෙයි.මේ ගලින් පැනලා කුවේනි අන් තිමට මැරෙනවා.එතනිනුයි ලංකාවේ කුවේනි ගේ කතන්දරේ ඉවර වෙන්නේ..

කපු මලක්

 හම්මේ..ඔන්න ඒ කතව කිව්ව..ලියන්න පටන් ගත්තේ විල්පත්තු සංචාර ය ගැන.ඒත් ඔය විස්තරෙත් දාන්නම හිතුනා.ටිකක් ජන මූලාශ්‍ර සහ මම අහගත්තු ඒවයි දැම්මේ.මේ කතාවල් සම්පුර්න බොරුවක් වෙන්නත් පුලුවන්.ඇත්ත වෙන්නත් පුලුවන්.පිලිගන්න එක ඉතින් තමුන්ගේ වැඩක්.මම කිව්වනේ මෙතන කුවේනි මාලිගේ නටබුන් තියන වා කියලා..ඒ වගේම මේ ප්‍රදේශය පුරාවටම කපු ගස් ඕනි තරම් තියනවා..ඔහොම බලනකොට මේ කතා බොරු කියලා අහක දාන්නත් බැරි තරම්.


කොහොමින් කොහොමින් හරි අපි ගමනේ එක කෙලවරකට ලඟා වෙනවා..ඒ තම්බපන්නියට.විජය ලංකාවට බහින්කොට අත් තඹ පාට උනා කියනවනේ.අදත් ඔයගොල්ලො ගිහින් වෙරලේ අත තිබ්බොත් අත තඹ පාටක් ආවා.පුලුල් ප්‍රදේශයක මේ තඹ පාට වැලි අපිට දකින්න පුලුවන්.මේ වෙනකොට අපි විල්පත්තු ප්‍රවේශයෙන් කිලෝමීටර් 72ක් විතර ඇවිත්.මේ ප්‍රදේශයෙදි අපිට විශාල ප්‍රමානයේ කුරුල්ලෝ දකින්න පුල්වන්.. උන්ගෙ නම් වශයෙන් නම් විස්තර දැන ගන්න බැරිඋනා.

තම්බපන්නියට

ගොඩබිමත් කොරල්


කොහොමින් හරි ආයෙත් කෙටි දුරක් පයින්  ගියාම ගමනේ කෙලවරට අපි කිට්‍ටු වෙනවා.ඒ තම්යි කුදිරමලේ තුඩුව.කුදිරමලේ පැත්තට යන්න කලින් යම් කිසි වෙනස් තාලේ තැනින් තැන උඩට ඉල්ලිප්පුනු පස් කොටස් දකින්න තියනවා..ඇත්තටම මේ මොනවදා..මේ තමයි කොරල් පර.ඒව තියෙන්නේ ගොඩබිමේ.ඒකත් ලස්සන කතාවක්.මේ විල්පත්තු මුහුදු සීමව තියන ප්‍රදේශය ඇති වෙලා තියෙන්නේ භු තල යක් මුහුදෙන් ගොඩබිම දෙසට ඉස්සීම තුලින්.ඉතින් ඒ මුහුද යට කොරල් ඇති වීමේදී උනු සංසිද්දිය අපිට ගොඩ බිම ඉඳන් බලන්න පුලුවන් වීම විශේශ දෙයක්. වෙරලක් නැති මුහුදක් දකින්න ඕනි නම් මේ කුදිරමලේ ඇතුලු ප්‍රදේශය තමයි දකුනු ආසියාවේන් තියන එකම ස්තානය.ඒ පිහිටීම ලැබිලා තියෙන්නේ භූ ස්තර උඩට ඉස්සීම නිසායි.මෙහෙම බලනකොට විල්පත්තුව සත්‍තු බලන්න විතරක් නෙවෙයි තවත් බොහොමයක් දේවලින් වටිනා ස්තානයක්.

කුදිරමලේ

මේ කුදිරමලේ කියන ස්තානය සිංහලෙන් අශ්ව හිස කියන තේරුම එන්නේ.. සේද මාවත වැටිල තියෙන්නේ මේ අසල මුහුදු ප්‍රදේශයෙන්.ඉතින් ඉස්සර කාලේ අරාබි වෙලෙන්දෝ මේ පැත්තට එන්න ලයිට් හවුස් එකක් විදියට මේ කුදිරමලේ භාවිතා කරලා තියනවා කියලයි දැනගන්න ලැබුනේ..අරාබි වෙලෙන්දෝ අශ්වයන් ගෙනත් ගොඩ බාලා තියෙන්නේ මේ ස්තානයේ කියලත් කියවෙනවා.කොහොම උනත් මේ ආශ්‍රිතව තිබුනු වරාය ප්‍රදේශයට නැව් වලට එන්න පාර හොයාගන්න අශ්වයෙක්ගේ ආකෘතියක් හදලා පහනක් භාවිතයෙන් ලයිට් හවුස් එකක් විදියට යොදාගෙන තියන්වා.තවමත් අශ්වයගේ ඒ කොටස් වල නටඹුන් මේ ප්‍රදේශයේ දකින්න ලැබෙනවා.තවත් සමහරු මෙතන තිබුනේ හින්දු දේවාලෙක නටඹුන් කියලත් කියනවා.



කොහොමින් හරි ඒ දේවල් බලලා ඉවර වෙලා අපි අන්තිමට දහවල් දෙක විතර වෙනකොට පලුගහතුරෙයි බීච් එකට ලඟා උනා.විල්පත්තු එන අයට මෙතනින් මුහුදේ නාන්නත් චාන්ස් එක තියනවා.වැඩිය මුහුද නම් ගැඹුරු නෑ.ඒත් මුහුදේ වැලි වගේම ගල් පරත් තියන බවක් දැනුනා.රලත් ටිකක් විතර සැරයි. මම ගිය කාලේ නිසාද මන්දා..පැයක් විතර ඔහොමම බීච් එකේ නාල අපි ආයෙත් එන්න පිටත් උනා..

වෙරල විනාශය

කැලේ මැදින් දිවෙන අදිවේගී මාර්ගය


මේ වෙලේම තවත් දෙයක් කියන්නම ඕනි. මේ විල්පත්තු කැලේ මැදින් අලුතෙන් අධිවේගී මාර්ගයක් පුත්තලම සිට මන්නාරමට හදන්න පටන් අරන්..ලේන් එක පැත්තකට දෙකකට යන්න හදන්නේ..ඒක හන්දා විශාල භූමි ප්‍රමානයක් කැලෙන් අයින් වෙලා යනවා.මේක ඉතාම ලොකු ගැටලුවක් වනසත්වයන්ගේ පැත්තෙන් ගත්තොත් නම්.මේක බලන ඕනිම කෙනෙක්ට පේන දේ තමයි කැලේ හොඳටම මේ පාර නිසා විනාශ වෙන එක.ඒව දකින් කොට නම් හිතට පොඩි දුකක් ඇති වෙනවා.. මේව කරන්න කලින් ඒවා ගැන ටිකක් බලදාරින් හිතුවොත් හොඳයි කියලයි කියන්න තියෙන්නේ..ඒ වගේම බීච් එකට වැඩි දෙනෙක්ගේ පය නොගැසුනත් දැනටමත් ආපු පිරිස අතින් විශාල වෙරල විනාශයක් වෙලා තියන බව පේනවා..පොලිතින් මත්පැන් බෝතල් හැමතනමා.ඔයාලත් මෙහේ සංචාරය කරනවා නම් පරිසරය ගේන යම් වගකීමක් අරන් ඒ දේවල් බලලා පරිසරය විනාශ නොකර එනවා නම් තමයි හොඳ..කොහොම කොහොම හරි අපි හෙමීට නැවතත් ආපසු එන්න පටන් ගත්ත..

දිවියා


අඳුර වැටෙන්න කිට්‍ටු වෙනකොට සත්තු ආයෙත් එලියට එන්න පටන් අරන් තිබුනා..උදේ දැකපු සත්තු වගේම විශාල ප්‍රමානයේ කිඹුලෙකුත් දැකගන්න පුල්වන් උනා විල්ලුවක් අසලදි.විශේශිතම දේ එන පාරේ අයිනකට වෙලා හිටපු දිවියා..දිවියෙක් නොදැක විල්පත්ත්වෙන් ගියා නම් අඩුවක් වගේ.කොහොමින් හරි ඒ චාන්ස් එකත් අපිට ලැබුනා.අපි වාහනේ නවත්තලා දිවියා වත් හොඳට බලාගත්තා..ඌ ගේ පාඩුවේ පොඩි ඇලර්ට් එකක් දාගෙන හිටියා..ඔන්න ඔහොම හවස හය විතර වෙනකොට අපිට විල්පත්තුවෙන් එලියට එන්න පුලුවන් උනා. අපිට ගොඩක් විස්තර දැන ගන්න ලැබ්නේ ගයිඩ් මහත්තයා ඉශාර අයියා නිසා.එයාට වගේම වාහනේ එලවපු ජයතිලක අන්කල්ටත් ස්තුතිවෙන්න ඕනි අපිව පරිස්සමට ගමන ගෙනිච්චට.ඔන්න ඉතින් ඒ දෙන්නට මුව නොසැහෙන්න ස්තූති කරලා අපි අපේ ගමන විල්පත්තුවට සමු දුන්නා..කාලේකින් මේ විස්තර ඔක්කොම දාල බ්ලොග් එක ලිව්ව..මට හිතෙන්නේ මම් ලියපු දිගම ලිපියද කොහෙද..අගක් මුලක් නැත්ද කියලත් හිතෙනවා..සත්තු ගැනයි කැලේ ගැනයි ඉතිහාසෙයි භුගෝලේයි හැමදෙයක්ම .කියවල හිතට වැදුනනම් එහෙම පොඩි කමෙන්ට් පාරක් එහෙම දාල යන්න . ඔන්න එහෙනම් මම ගියා..ඔක්කොටම ජය!!!



ලු......අමුතු දත්ත - 7 (|Amzing facts|)




පොඩි විවේක කාලයක් ලැබුනු නිසා ආයෙත් ටිකක් බ්ලොග් එකේ අනම්මනං ලියන්න කාලේ තියනවා..පොඩ්ඩක් මගේ බ්ලොග් එක බලන කොට දැනුනේ අමුතු දත්ත ලිපි සෙට් එකට හොඳටම ප්‍රතිචාර තියනවා කියලා..ඉතිං තවත් අමුතු විස්තර ටිකක් හොයලා  දාන්න හිතුනා බ්ලොග් එකේ..ඔන්න එහෙනං ඒ විස්තර ටිකත් කියවලම බලන්නකෝ

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ දහඩිය ග්‍රන්ති මිලියන දෙකක් විතර තියනවලු

බබල් ගම් වල රබර් සංගටක අන්තර්ගතයිලු

ජෙලි ‍ෆිශ් දැනට වසර මිලියන හයසිය පනහකට කලිනුත් ඉඳලා තියනවලු..ඒ කියන්නේ මෝරුන්ට ඩයනෝසරයන්ට කලිංලු

හදිසියේ ආහාර ගැනීම කෙස් ගස් වේගෙන් හැලී යාමට හේතු වෙනවලු

ලෝකයේ දෙවනියට වැඩියෙන්ම භාවිතා වෙන ලෝහය කොපර්ලු

සැම මිනිත්තු විස්සකට වරක් ෆේස්බුක් ස්ටේටස් 1,851,000 ක් අප්ඩේට් වෙනවලු

නින්දට යාමට පෙර චීස් කැල්ලක් කැවොත් නින්ද වඩා සුවපත් වෙනවලු

දැනට හම්බවෙලා තියන බරම මිනිස් මොලේ බර කිලෝ 2.3ක්ලු

වයස අවුරුදු තිහේදි ජෝජ් බුශ් බීමතින් රිය පදවලා අත් අඩංගුවට පත්වෙලා තියනවලු

සූර්‍ය ග්‍රහ මංඩලයේ උනුසුම්ම ග්‍රහයා සිකුරුලු..එහි උනුසුම සෙල්සියස් 462ක් වෙනවලු

වාර්ශිකව ලෝකයේ අඩුවෙන්ම මිනීමැරුම් සිදුවෙන්නේ සීඩයේලු

ලොත‍රැයියක් දිනනවට වඩා රත්තරන් හොයන එක ලේසියිලු

නෝර්වේය් වල Hell කියල ගමක් තියනවලු

පැස්බර බිත්තරයක් තැම්බෙන්න මිනිත්තු හතලිහක් ගතවෙනවලු

මිනිස් ලේ ආදී රතු ඉංදියන්වරු වර්නක විදියට භාවිතා කලාඅලු

පොකිරිස්සෙක්ගේ ඇහැක් හෝ නියපොත්තක් අහිමි උනොත් ඒකා ආයෙත් එන්න පුලුවන්ලු

මිනිහෙක් මැරෙනකොට අවසානයට අහිමි වෙන සංවේදනය ශ්‍රවනයලු

පූසන්ට අති ධ්වනි තරංග අහන්න පුලුවංලු

මිනිස් ඇස්සට පාට වර්ග මිලියන දහයක් පමන අඳුනගන්න පුලුවංලු

අශ්වයන්ට වමනේ දාන්ට බැරිලු

අධික තරබාරුව නිසා ඇමරිකාවේ මිනිස්සු මිය යන ප්‍රමානය අනික් රටවලට වඩා වැඩියිලු

පරිගනක කීබෝර්ඩ් එකේ එක පේලියක් පමනක් යොදාගේන ලියන්න පුලුවන් දිගම වචනේ TYPEWRITER ලු

ලෝකයේ වැඩි හරියක් භාවිතා වෙන භාශා වලිං අම්මා කියන්න මුල් අකුර පටං ගන්නේ එම් අකුරෙන්ලු

අදට එහෙනං ඇති වගෙයිලු..මම එහෙනං යනවලු..ඔක්කොටම ජයශ්‍රීලු!!!

ගීයක සුලමුල 8 - පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ...



අද ගී පද වැලක සුලමුල ලිපි මාලාවට තවත් බොහෝ දෙනෙක් ආස කරන ගීයක නිධාන කතාව එක්කරන්න හිතුනා.මේ ගීය තමයි පැන මඩ කඩිති වැව් තාවුලු වැහි කාලේ කියන සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතය.ගොඩ දෙනෙක් ගීතය අසා ඇති උනාට ගීතයට මුල් උනු කතාව  දන්නේ නැතුව ඇති හිතනවා..

මේ ගීය රචනා වෙලා තියෙන්නේ එක්දස් නවසිය අසූ ගනන් වල ප්‍රවීන කිවිවර මහින්ද චන්ද්‍රසේකරයන් අතින්.මේ ගීයට ගීත රචකයා අත්දැකීම් තුනක් ඔස්සේ ගොනු කරලා තියනවා.

ඒ කාලේ ගීපද රචකයගේ ගමේ පුංචි ඉස්කෝලේ විදුහල්පතිවරයෙක් ඉඳල තියනවා රෙද්ද බැනියම අඳින ටිකක් විතර උස මහත කෙනෙක්.අපේ කතානායකයා තුනේ පංතියේ ඉගෙන ගන්න කාලේ මේ මුල් ගුරුවරයා විශ්‍රාම ගිහින් තියනවා.

එතුම විශ්‍රාම යන දවසේ උත්සවයක් තියලා අහල ගම් හතක මිනිස්සු ඇවිත් මෙතුමාට කල ගුන සලකන්න.උත්සව සබාවේ විදුහල්පතිතුමාගේ ගුන කියන්න එන හැම කෙනාම ඇවිත් අඬනවලු අන්තිමට කතා කරගන්න බැරුව..ඒ වගෙම බලං ඉන්න අනික් අයත් හොඳටම අඬනවලු.මහින්ද චන්ද්‍රසේකරයන්ගේ අම්මත් හොඳටම අඩනවලු..මේ ගැන ඒතරම් හැඟීමක් නැති හ ං ඳා උත්සව සභාව ඉවර වෙනක්ං ඉඳලා මහින්ද චන්ද්‍රසේකරයන් අහනවලු අම්මගෙන්

"ඇයි මිනිස්සු ඔය තරම් ඇඬුවේ..අම්මත් ඔය තරම් ඇඬුවේ"

අම්ම කෙටි උත්තරය දෙනවා

"පුතේ..ඒ ඇඬුවේ එතුමා කරපු සේවයට." එට්තුමාට ඒක තවත් තේර්න්නේ නැ..ඉතින් ආයෙත් එතුමා අහනවා

"ඇයි අම්මෙ සේවයට අඩන්නේ?"

එතකොට අම්ම කියනවා

"අපේ ගමේ වැව වාං දානකොට ඒ වාං වතුර යන්නේ ඔයෙං.ඒ කාලෙට අලියෙකුටවත් එහා මෙහා යන්න බැ.මිනිස්සු කරන්නේ ඒ කාලෙට ඒ දඬු පාලං ඔක්කොම ගහගෙන ගිහින් නිසා එහා පැත්තයි මෙහා පැත්තයි යා කරලා කඹයක් ගැට ගහනවා. ඉතිං එහා පැත්තට යනව නං කඹේ එල්ලිලා අමාරුවෙන් එගොඩ වෙන්න ඕනි..වැරදිලාවත් කඹේ අත් ඇරුනොත් අර සහල් නැලිය පැත්තේ තමයි ගිහින් නතර වෙන්නේ.ඉතින් පුතේ මේ අපේ ගුරුතුමා ඒ මහා වතුරටත් නවත්තන්න බැ.හැතැක්ම දොලහක් එන්නේ බයීසිකලෙන්. බයිසිකලේ දානව අල්ලපු ගමේ.ඊට පස්සේ ඔය ලඟට එනවා..ඇදුම් රාජකාරි ඇඳුම් අයින් කරලා අමුඩෙ පිටින් අර වික්‍රමේ කරනවා...මෙහාපැත්තට ඇවිත් මඩේ එරි එරි අන්තිමට ඉස්කොලෙට එනවා.යනකොටත් ඔහොමයි"

ඔය කතාව අහපු දවසේ ඉඳන් ගී පද රචකයගේ හිතේ ගුරුවරු කියන්නේ මහා අමුතු පිරිසක්නේ කියන හැඟීම ඇති වෙලා තියනවා..ඒ කාලේ මෙතුමට ගීත ලියාගන්න  බැ..කවියක්වත් ලියාගන්න බැ.ඒ මොකද තුනේ පංතියෙනේ.ඔන්න ඕක තමයි පලවෙනි අත්දැකීම.

ඉතිං මීට පස්සේ අවුරුදු තිස් පහකට විතර පහු වෙලා ගීපද රචකයාට කියවන්න අවස්තාව ලැබෙනවා අහු  පලමු ගුරුවරයා කියලා පොතක්..මේ පොත දැන් නං එන්නේ ගුරු ගීතය නමින්.කොයි කවුරුත් මේ පොත ගැන හොඳට දන්නව ඇතිනේ..ලස්සනම කතාවක් විදියට සෝවියට් ලේඛක චිංගිස් අයිත්මාත්ව් ලියන ලද්දක්.හරිම ලස්සන නවකතාවක් කිව්වොත් හරි.පොඩ්ඩක් විතර කතාව නොකියවලා තියන අයට කතාවෙ අගයට හානි නොවෙන්න පුලුවං තරම් වග බලාගෙන කෙටියෙං මතක් කරන්නම්.

මේකේ ඉන්නවා ගුරුවරයෙක්.එයාගේ නම දුයිශෙන්.සෝවියට් සමාජවාදී රාජ්‍ය බිහි කරලා ඒ ආංඩුවට ඕනි වෙනවා අවිද්‍යාවේ ගිලිලා හිටපු අකුරු බැරි මිනිස්සුන්ට අකුරු උගන්වන්න.මේකට යවන්නේ ගොපල්ලෝ ඉන්න ප්‍රදේශයකට දුයිශෙන්.කොහොම උනත් මේ වැඩේට ගොපල්ලෝ කැමති වෙන්නේ නැ.මිනිස්සු දුයිශෙන්ට බනිනවා. ලමයින්ට උගන්න එක විහිලුවක් විදියටයි එදා සමාජය දකින්නේ . 

මිනිස්සුන්ගෙ අපහාස වලට ලක්වෙන අතරේ  දුයිශෙන් ඇදල ගන්නවා කොල කැල්ලක් සාක්කුවෙන්.හතරට පහට නැවිලා නැවිච්ච තැන් වලිං ඉරිලා.මේක දිග ඇරලා පෙන්නනවා.මෙන්න සෝවියට් දේශේ මට දීල තියනවා බල කඩදාසියක්.මේකේ කියලා තියෙන්නේ උබලගේ ලමයින්ට උගවන්න කියලා.උබලට ලමයි වදන්න පුලුවන් හදන්න පුලුවන් හැබැයි ලමයි අයිති සෝවියට් රාජ්‍යට.කොහොමින් කොහොමින්  හරි මොහු අශ්ව ඉස්තාලයක් සුද්ද කරලා වැඩේ පටං ගන්නවා.රුසියාවේ සීත කාලෙක සපත්තු නැතුව හිමේ අඩිය තියලා කකුල් පැලුනු  සපත්තු නැති ලමයි කරේ තියන් ඇවිත් පංතියට තියන් මේ ගුරුවරයා උගන්වනවා.ඒ පුංචි පංතියෙ ඉන්නවා දැරියක් ඇගේ නම අල්තීනායි.ලස්සන පුංචි හුරුබුහුටි ගැනු ලමෙක්.එයාගේ අම්ම නැ තාත්ත නැ.හැදෙන්නේ නැන්දා ලඟ.නැන්ද ඇයව විකුනනවා සල්ලාලයෙකුට.ඒ සල්ලාල තරුනයා දුයිශෙන්ට පහර දීල දරුනු සටනකිං පස්සේ ඇයව පංතියෙන් අරං යනවා.ආයෙත් පස්සේ දවසක ගුරුතුමා තමන්ගේ සගයොත් එක්කං ගිහින් අල්තීනයි බේරං එනවා..

කොහොමින් හරි ඊට පස්සේ ඔහු ඇයව මොස්කව් වලට යවනවා..ඇය ආපහු එන්නේ මහාචාර්‍ය තුමියක් වෙලා.ලස්සනම දේ මේ දැරිය ඔහුට ආදරය කරනවා.හැබැයි ඒ තරුන ගුරුවරයා ඇගේ ඒ ආදරය බාරගන්නේ නැ.. මේ කතාවේ අන්තර්ගතය කතානයකයට හොඳින් හිතට කාවැදිලා තියනවා..හැම ගුරුවරයෙක්ම දුයිශෙන් උනානම් කොයි තරම් හොඳද කියන සිතුවිල්ල එතුමාගේ හිතට තදින් කාවැදිලා..ඔන්න ඕක තමයි ගීතයට පාදක උනු දෙවෙනි අත්දැකීම...

ඊලඟට තුන් වෙනි අත්දැකීම.මොකක්දෝ වාසන්වකට හෝ අවාසනවකට ගුරු පත්වීමක් ලැබිලා මහින්ද චන්ද්‍රසීඅකරයන්ට යන්න ලැබෙනවා අම්පාර ප්‍රදේශ්යේත් මායිමේ ම පිහිටි පානම මහා විද්‍යලෙට. ඉතිං මේ ඉස්කෝලේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට එකදවසක බස් එකෙන් බැහැලා කවුදෝ මනුස්සයෙක් තට්ටෙත් පැදිලා සුදු ශර්ට් එකක් ඇඳලා සරම ඇඳලා ට්‍රන්ක පෙට්ටියකුත් ඇරගෙන එනවලු ඉස්කෝලේ පැත්තට.දැක්ක ගමන් හිතිලා තියෙන්නේ තෙල් බෙහෙත් විකුනන කෙනෙක් කියලා.පස්සේ බැලුවහම ගුරුවරයෙක්.විශ්‍රාම යන්න ඔන්න මෙන්න. වැඩි කතා බහක් නැ.මොකක්දෝ ලොකු පටලැවිල්ලක ඉන්නේ මෙතුමා..කොහොම කොහොම හරි අපේ කතානායකයා මෙතුමට කිට්‍ටුවෙලා යාප්පුවෙන් අහගෙන මොකද මේ කනස්සල්ලෙන් ඉන්න කාරනේ කියලා.ප්‍රශ්නේ  ඒ අංතිම කාලෙත් මෙයාටදඬුවම් මාරුවක්.විශ්‍රාම යන්න කිට්‍ටු කාලේ දඩුවම් මාරුවක් ලැබිලා ඇතකට.

"ඇයි ඔබතුමා කවුරු හරි දේශපලකයෙක් හම්බුන් නැද්ද?..දුක දැනෙන කට හරි කිව්වනං ඔබ තුමාගේ මාරුව අවලංගු කරලා දෙයි.."

එතකොට එතුමා කියනවලු

"දැන් ඉන්න අද්‍යාපන නියෝජ්‍ය ඇමති තුමා මගෙ ගෝලයෙක්..මම ගියා එතුම හම්බවෙන්න..ඒත් මාව ගනන් ගත්තෙවත් නැ.අඳුනන්නේ නැවගේ හිටියා." කියලා උත්තර දුන්නලු
ඔන්න ඕක තමයි ගීතයට මුල් වෙච්ච තුන් වෙනි කාරනය.. සිප් කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ කියලා කියවෙන්නේ මේ අත්දැකීම වඩාත් තහවුරු කරමින් වෙන්න ඕනි..

කොහොම කොහොම හරි ඔන්න ඔය සිදුවීම් තුන මූලික කරගෙන තමයි ගීතය බිහි වෙලා තියෙන්නේ.අවසානයේ පද පෙලට නිසි තනුවක් රෝහන වීරසිංහයන් අතින් බිහිවෙලා ඊට නිසි සාධාරනයක් කරමින් සුනිල් එදිරිසිංහයන් සුපුරුදු ගීතවත් හඬ එකතු කරනවා.

ඔන්න ඔහොමලු ඒ කතාවත්. තවත් නිධාන කතා ටිකක් තියනවා වේලාව ඇති පරිද්දෙන් දාන්නම්.එහෙනං මමත් ගිහින් එන්නම්,හැමෝටම ජය!!!




ගී පද වැලක සුලමුල 7 - සුදු නෙලුම කෝ සොර බොර වැවේ...


ආයෙත් කාලෙකින් ගීයකට තේමා වෙච්ච හේතුවක් ගැන විස්තරයක් දාන්න හිතුනා බ්ලොග් එකේ..කොහොම උනත් දැන් මගේ බ්ලොග් එක එක පැත්තකට විතරක් සීමාවේගෙන එනවද කියලත් හිතෙනවා..කොහොම උනත් ගීයක පසුබිම් කතා ගැන ලියපු ලිපි වලට ගොඩක් ප්‍රතිචාර තිබුනු නිසා තවත් එක සියුම් සංවේදීම කතාවක් සැඟවුනු ගීතයක් ගැන ලියන්න හිතුනා නිධාන කතාව..ගීතය තමයි රත්න ශ්‍රී විසින් ලියපු සුදු නෙලුම කෝ සොර බොර වැවේ කියන ගීතය.හුඟක් දෙනා කතාවේ සුලමුල දන්නවා ඇති.ඒත් කතාවේ තියන සංවේදීකමටයි..කතාව දන්නේ නැති අයට කියවන්නයි බ්ලොග් එකට එකතු කරන්නම්..



අසූව දශකයේ තමය් ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේ ගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකට උගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේ ගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේ පංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා  පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනු ලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමට මල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක් වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..

කොහොම උනත් ලඟ එන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටම අනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒ සල්ලි වලින් කවක‍ටු පෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින් නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට  මේ  බව  ආරංචි වෙලා ඔහු යනවා මලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතු වෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලා තියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකම සුදු ගවුම මිනියට අන්දවලා තියනවා.
මේ සියල්ල දැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා.

"සුදු නෙලුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මුතියංගනේ
පුන් පෝයද පහලෝස්වකේ
මල් නෙලා විකිනූ පංසලේ"

කොහොම උනත් ගීතයට අනුභූතිය වෙච්ච සිදුවීම හුලංදාවේ ඉස්කොලේ ගිය දෙමට මල් විහාරෙ සුදු නෙලුම් විකුනපු පුංචි දැරිය උනත් සොර බොර වැවයි මහියන්ගනේ පංසලයි ගීපද අතරට එකතු කරලා තියෙන්නේ ගීතයේ සංවේදි බව අසන්නාට හොඳට දැන්නේන්න වෙන්න ඕනි.



වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා උනා


සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙලුම් මල දැස පියවී
මෙහා ඉවුරට පා උනා


රත්නශ්‍රී කියන විදියට එදා මේ පුංචි දැරිය සදහට දෙනෙත් පියාගනිද්දි  ඇගේ දෙමවුපියන්ගේ ඇසේ සිහින් කඳුලක් වැහෙන්නේ ඇයත් හැමෝටම උරුම සංසාර දුකට පත් උනු නිසයි..කොහොම උනත් මා අසා ඇති පරිදි දිනෙක අමරදේවයන් ජෝන් ද සිල්වා රඟහලේ මේ ගීය ගයද්දි එතන හිටපු මහාචාර්‍ය සරත්චන්ද්‍රයන්ගේ ඇස් වලත් කඳුලු පිරුනලු..

ගී පද-රත්න ශ්‍රී විජේසිංහ

ගායනය - පංඩිත් අමරදේව


ගී පද අරුතක් - නිල් නුවන් පෙනෙන අඳුර ගලා...






ආදරය පිළිබදව අප අසා ඇති ගීතයන් ගත් කල මේ ගීතය යම් විශේෂත්වයක් තිබෙනවා... ප්‍රවීණ ගීත විචාරකයින්ට අනුව සිංහල සුභාවිත සංගීතයේ ඇති ආදරවන්තයෙක් අවන්කවම සිය හැගීම් ප්‍රකාශකරන ගීයක් ලෙස තමා මේ ගීතය හැදින්වෙන්නේ.. ඊට හේතුවන ප්‍රභලතම සාධකය වන්නේ සිය ආදරවන්තිය නිසා ආදරවන්තයෙකුගේ සිතේ නැගෙන ආදරය, ශෘංගාරය නිර්ව්‍යාජව ප්‍රකාශකිරීමක් මේ ගීතයෙන් සිදුවීමයි.... 


තවත් කාරණයක් වන්නේ මෙහි ආදරවන්තයා ආදරය කරන්නේ සිය ආදරවන්තියටද..? ආදරවන්තිය කරගැනීමට අදහස් කරන කාන්තාවකටද..? නැතහොත් සිය මනෝම ස්ත්‍රියකටද යන්න පැහැදිලි නැත.. ඕනෑම රසිකයකුට සිය සිතුම් පැතුම් වලට අදාලව මෙම ගීතය අනුරූපීකරගත හැක...

සිය ආදරවන්තිය දැකීමත් සමග තමන්ගේ සිතේ ජනිතවන ප්‍රේමණීය සිතුවිල ඔහු අපවෙත ඉදිරිපත් කරන්නේ පරිසරයේ අලංකාරයන් ඔස්සේ.. පරිසයේ සුන්දරත්වය ඔහු ඉතාමාත් සූක්ෂම හා සියුම්ලෙස සිය සිතෙහි පොපියන ප්‍රේමණීය හැගුම් සමග ගලපනවා...

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා
නුරාවෙන් වෙළී
මල් පිපෙන සුළඟ නීල වලා
තුළට ගුලි වෙවී
සඳ හොරෙන් සිනා වී
නිල් දිය මතට පාවෙමින්
හදේ දොරටු විවර කළෙමි
සොඳුර නුඹෙ නමින්

නුරා අඳුරින් වැසී ගිය නීල දෑස, මල් සුවඳ මුසු මඳනල, වැහි වලා යටින් එබෙන පුරහඳ, සඳ සෙවණැල්ල පතිත වූ වැව් දිය, ආදි පාරිසරික සෞන්දර්යය ආලවන්ත හැඟීම් මනාව සංකේතවත් කරයි.

එහෙත් මේ රමණීය හැඟීම් සමුදාය ඔහු ඇයට ප්‍රකාශ කර නොමැත්තේ ය. අවට පරිසරයම ආදරයකට පසුබිම තනද්දී ඔහුට ඇති එකම අපහසුව වන්නේ ආදරය ප්‍රකාශ කර ගැනීමයි. ආදරය සතු මේ ගොළු බව එක්තරා මිහිරියාවකි. හැටේ දශකය තුළ කරුණාසේන ජයලත් ශුරින් ගේ ගොළු හදවත නවකතාව එතරම් ජනප්‍රිය වූයේ ද මේ ගොළු බවට ජනතාව ප්‍රිය කළ බැවිනි.

අඹ තුරින් තුරට මල් මුවරද පිරීලා
සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා
කිරි කවඩි සිනාවේ
පෙළහර දකිනු රිසින්
මගෙ සිත ගොළු වෙලා...

අඹ ගස්වල මල් පිපී ඇත. ඒ මල් වටා සමනලු සරති. තමා වඩාත් ඇළුම් කරන ඒ කිරි කවඩි සිනාවේ ප්‍රාතිහාර්යය අත්පත් කරගැනීමට ඔහුගේ සිත පෙරුම් පුරයි. එහෙත් ඒ සිත මේ මොහොතේ ගොළු වී තිබේ. තමා ළඟින් ම ඇසුරු කරන තරුණියකට ආදරය ප්‍රකාශ කරන්නට යාමේදී යෞවනයකු තුළ හට ගන්නා මානසික ආතතියක් එහි මැනවින් ප්‍රනිර්මාණය වී තිබේ.

එහි දී ද ඒ තරුණයා වටා ඇත්තේ සුන්දර පරිසරයකි. ඇය ගං ඉවුරක් අසබඩ ඔහු අසලින් වාඩි වී සිටින්නී ය. සීතල සුළඟක් හමා එයි. සුළඟට විසිරුණු ඇගේ කෙහෙරැළි ඔහු ගේ මුහුණේ ගැටෙයි. ආලය ප්ර කාශ කිරීමේ මානසික උද්දීපනයක් තරුණයා තුළ හට ගනී. එහෙත් සිදුවන්නේ කුමක් ද?

නිහඬ ප්‍රේමයේ ස්වභාවය එයයි. මේ තරුණිය මොහුගේ සිතුවිලි උදේ සවස උද්දීපනය කරයි. දයාව, කරුණාව, රාගය, සම්මිශ්‍ර  හැඟීම් සමුදායකින් ඔහුගේ හදවත කිතිකැවෙයි. දැන් ඉතින් ගැලවීමක් නොමැත.

ළැම හසුන් රැඟුම් පා
මනමත් කළා දෝ
රත තොලින් තොලට දී
සෙනෙහස රකී දෝ
සිත සතුට ගෙනාවේ ඔබමය
මගේ හිතත් ඔබ ළඟ නැවතිලා

ඇගේ සුන්දර ළැම ඔහුගේ දෑස් ඉදිරියේ රැඟුම් පායි. ඇගේ දෙතොලෙහි උරුමය ඔහු ප්‍රාර්ථනා කරයි. තවදුරටත් ඇගෙන් තොර ලෝකයක් ඔහුට නොමැත.

රෝහණ වීරසිංහයන් මේ පදමාලාව මැනැවින් ග්‍රහණය කොට සුගායනය පිණිස අති මධුර තනුවක් නිර්මාණය කර තිබේ. ඒ තනුව රස විඳින විට මා කොතෙක් රෝහණයන් ගේ තනු අසා තිබුණ ද විශ්මයක් හට ගනී. එඩ්වඩ් ජයකොඩි ගේ හඬට මම කවදත් ප්‍රිය කරමි. නිවැරැදි ස්වර තල මෙන්ම පැහැදිලි ගායනයක් ඔහු සතුය. මේ සියල්ල ඒකරාශි වූ විට අති මධුර ගීයක් රසිකයාට දායාද වී තිබේ



සමුගන්න අවසරයි..





ගව් ගනන් බොහෝ දුර
කොහොම මා වෙන් වෙම්ද
හැර දමා සොඳුරුතම
තෙවසරක් බැඳුනු පෙම

හදේ ඉඩ ඇති තැනෙක
නුඹ හොරෙන් සඟවාන
කාලයත් ඇවිත් දැන්
මගෙ කඳුළු හංඟන්න

ඉතිරි අවසන් දෙසුම
ඉදිරි දින දෙක තුනක
නොඑන මුත් එදින මම
සෙනෙහසයි නුඹට මම

මුර ගගා නොකීවද
කුර ගගා ලියලු පෙම
දෙනෙත් බොඳ නොකරයිද
කුමරි සරසවි කොමළ.....

නකල්ස් කඳු අතරින් මීමුරේට ගිය ගමන



කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.ඒත් කලින් ලියපු බ්ලොග් පෝස්ට් නම් කියෙව්වා.ඒකෙන් ගමන ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුලුවන් උනා.

කොහොම හරි අපි කස්ටිය කැම්පස් එකෙන් පිටත් වෙලා උදේ දහයට විතර නුවරට සෙට් උනා.එදා දවල් කැම නුවර යාලුවෙක් ගානේ.දවල් කැම විතරක් නෙවෙයි ‍රැ කැමත් බැඳලා දුන්නා.ඒ විතරකුත් නෙවෙයි යාලුවගෙ තාත්තා ගානේ පාන් ගෙඩි හතරකුත්.කොහොමද බජට් එක?හික් හික්.යන පාරක් විතරක් දැනගෙන ගමන ආපු අපිට යාලුවගෙ තාත්තාගෙන් මීමුරේ ගමන ගැන ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් උනා.දැනගත්තු විදියට ගමට යන්න එල්ෆ් වැන් දෙකක් තියෙයි.එකක් මීමුරේටම යනවා.අනික කයිකාවල කියන ගමට..මේ වැන් එකේ ගියොත් කයිකාවල ඉඳන් කිලෝමීටර් හතරක් විතර මීමුරේට පයින් යන්න වෙනවා.කොහොම උනත් මීමුරේටම යන්න තියන වැන් එකේම යන්න තමයි අපිට උපදෙස් ලැබුනේ.

 මීමුරේ පිවිසුම් මාර්ගය තියෙන්නේ හුන්නස්ගිරියෙන්.ඊට අමතරව රංගල කියලා තවත් පාරක් තියනවා.කොහොම උනත් හුන්නස්ගිරියෙන් මීමුරේ යන්න අපි නුවරින් මහියංගනේ බස් එකක පැය එක හමාරක විතර ගමනකින් හුන්නස්ගිරියට ලඟා උනා.එතකොට 12.30ට විතර ඇති.කලින් කියපු විදියටම කයිකාවල යන හයි රූෆ් වැන් එකයි මීමුරේටම යන ෆ්ලැඑට් රූෆ් වැන් එකයි දෙකම හුන්නස්ගිරියෙ නවත්තල තිබුනා.අපිට ඕනි බඩු ටිකක් එහෙම අරං කලිං කියා දීපු විදියට මීමුරේ වැන් එකේ නං නෙවෙයි අපි යන්ඩ සෙට් උනේ.අනික් වැන් එක.ඒකෙ වැඩිය සෙනගක් හිටියෙත් නැ.අනික එක වෙනකොට යනවා කියපු නිසාත් ඉඳගන්න ඉඩ තිබුනු නිසාත් අපි ඒ වැන් එකට සෙට් උනා. කොහොම උනත් මීමුරේට යන වැන් දෙකම හුන්නස්ගිරියෙන් 12.30ත් 1.30ත් අතර පිටත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් යනවා නම් ඒ වෙලාවට කලින් හුන්නස්ගිරියට යන්න වගබලාගත්තොත් හොඳයි.මෙතන ඉඳං මීමුරේට කිලෝමීටර් තිස් හතරක් යන්න ඕනි.අපේ වැන් එකත් හෙමින් හෙමින් නකල්ස් කඳු දිහාවට ගමන යන්න පිටත් උනා.ටිකක් දුර යන කොට තමයි තේරුනේ අනික් වැන් එකේම අපිට යන්න කිව්වේ මොකද කියලා.මිනිස්සු ප්‍රවාහනය කරන්න සුදුසුම තත්වයේ නම් නෙවෙයි මේ වැන් එක තිබුනේ.ගියර් වැටෙන්නේ නැ.බ්‍රේක් ප්‍රශ්න one wheel.කොහොම උනත් ඒකෙත් පොඩි ගතියක් තියෙයි.ගමට යන පාර නම් වාහනයක් යන්න පුලුවන් මට්ටමක තියනවා.

ගමන යන අතරතුර වටාපිටාව සුන්දර දසුන් මවනවා.විශේශයෙන්ම නකල්ස් කඳු මුදුන්, පාර පුරා ඇද හැලෙන දිය පාරවල්, ඒ වගේම දෙපසට විහිදිලා තියන දුම්බර  වනාන්තර.එන අතරමග ‍දෝතලු කන්ද දකින්නත් පුලුවන්.එතනින් ටිකක් ඉස්සරහට ගියහම corbet gap කියන කපොල්ල.මෙතනින් තමයි මම මුලින් කියපු රංගල පාරයි හුන්නස්ගිරිය පාරයි එකතු වෙන්නේ.මෙතන ඉඳන් හොඳින් නකල්ස් කඳු වලල්ල හොඳින් දකින්න පුලුවන්.මේ ඔක්කොමත් බලාගෙන කයිකාවලට වැන් එක එනකොට වෙලාව පහට විතර ඇති.එතනින් මීමුරේට කිලෝමීටර් හතරයි.වැන් එකේ අයියට පොඩි ටෝක් පාරක් දාල වැන් එකේ මීමුරේටම යන්න කතාකරගත්තා.අන්තිමට මීමුරේට යනකොට පහයි කාලයි.වැන් එකේ හුන්නස්ගිරියේ ඉඳන් මීමුරේට අපි පැය හතරක් විතර අපි ඇවිත්.මීමුරේ තියන මීගහ ගාව බහිනකොටත් අපිට නවතින්න තැනක් ගැන කිසිම අයිඩියා එකක් නැ.මීගහ ගාව කඩෙන් අහුව ඉන්න තැනක් සෙට් කරගන්න කොහොමද විස්තරේ කියලා.

"මල්ලි පංසලෙත් ඉන්න දෙනවා..ගිහින් අහලා බලන්නකෝ.හාමුදුරුවොත් එක්ක කතා කරලා..."



පංසලට යනකොටම පොඩි බලු පැටියෙක් අපිව දන්නවා වගේ ආව ඉස්සරහට නැට්ටත් වනාගෙන.ඒකෙන් හිතුන එන පොට ටිකක් හොඳ ලයින් එකක් තියෙයි කියලා. කෙලින්ම අපි ගිහින් පංසලේ හාමුදුරුවොත් එක්ක කතා කලා නවාතැන් ගන්න විදියක් ගැන.හාමුදුරුවෝ ඒතරම් වයසක් නැහැ.කිසි අකමැත්තක් නැතුව අපිට ධර්මශාලවේ නවතින්න හාමුදුරුවෝ අවසර දුන්නා.කොහොම උනත් ඉන්න තැනක් තියන නිසා දැන් ටිකක් හිතට ‍ෆිට්.ගමට ඇවිත් වැඩි වෙලාවක් යන්න කලින් ඉන්න තැනකුත් සෙට් උනානෙ.කොහොම හරි ඔක්කොම ගෙනාපු බඩු ටික පංසලේ දාල ආපු ගමන් නාන්ට තමයි අපේ අදහස.එදා හවස් වරුවම දොලට පැනලා නාපු එක තමයි කලේ.නාල කරලා එනගමන් ගෙනාපු කැම ටිකත් අතරමග තිබුනු කුඹුරක් මැද ගල් තලාවේ තියන් කැවා.මම කලිං කියපු අපිව පිලිගන්ට ආපු යාලුවා අපිත් එක්කම ගමනේ.ආයෙත් පංසලට ඇවිත් ඉන්න ධර්මශාලාව සුද්ද කරගෙන ආයෙත් අපි පොඩ්ඩක් ගමේ කඩේ පැත්තට පොඩි රවුමක් දැම්මා ඕනි කරන බඩු ගන්නත් එක්ක.ගමේ කඩ දෙකක් තියනවා.. සාමාන්‍යයෙන් සිල්ලර බඩු ඕනි දෙයක් ගන්න පහසුකම් කඩ වල තියෙයි කියන්න පුලුවන්.ඒත් ගමට මොබයිල් සිග්නල් නම් නැ.ඒත් හුඟක් ගෙවල් වලට සී ඩී එම් ඒ ෆෝන් තියනවා.ඒ කඩවල් වලින් දුරකතන පහසුකම් ලබා ගන්න පුලුවන්.

ලකේගල


 එදා ටිකක් ‍රැ වෙනකං ගමේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්න පුලුවන් උනා.ගොඩක් මිනිස්සු ගමේ දේවල් ගැන කැමැත්තෙන්ම විස්තර කියලා දුන්නා.ගොඩක් මිනිස්සු එක්ක කතා බහ කරනකොට ඒ අයගේ වැඩි ලෙංගතුකමකින් කතා බහ කරනව කියලා හිතුනා. 

මේ දේ කයිකාවල තිබුනු ප්‍රචාරක දැන්වීමකත් තිබුනා.

"කයිකාවල ,පුස්සේ ඇල,මීමුරේ,කුඹුක්ගොල්ල, ශ්‍රීලාංකීය අනන්‍යතාවයේ අපූර්වත්වය ලොවට ප්‍රකට කල පාරම්පරික ගම්මාන වේ.මෙම ගම්මාන වල ප්‍රජාවට ගරු කරන්න.ඔවුන්ගේ සිරිත් වලට ගරු කරන්න.එවිට ඔවුන්ද ඔබට ගරු කරනු ඇත."



මේ ඉන්නේ වයස අවුරුදු අනූ හතරක් වෙන සීය කෙනෙක්.ගම ගැන හොඳ අවබෝදයක් තියෙයි කියලා කතාවෙන් තේරුනා.මීමුරේ ගෑන කවියක් අහගන්න ඕනිකමට සීයගෙන් අහල බැලුව.

"කියමුද සීයේ කවියක් ?"

එපිට පැත්ත ලක්ගල මීමුරේයා
මෙපිට පැත්ත කලුපානා කලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි බරකාස ලක මීමුරේයා

මීමුරේට දකුනු දෙසින් කයිකාවල සැදුනා
නෙත් පිනවන ලකේගලද උතුරු දෙසින් සැදුනා
යස ඔබිනා සීතා ගඟ නැගෙනහිරින් සැදුනා
මෙසියල්ලට බටහිරයෙන් ඇබේගලද සැදුනා

මේ කවි දෙක මීමුරේ ගම ගැන..මීමුරේට උතුරින් පිහිටලා තියන සුන්දර ලකේගල ගැනත් කිව්වා සීය කවියක්.

ගලේ උස බෝය ගල උඩ බලන්නට
ගලේ වට බෝය ගල වට දුවන්නට
හිතේ සැක බෝය පදකර කියන්නට
ලකේගල හොඳයි දාගැබ් බඳින්නට

කතා බහෙන් ගමේ තිබුනු එක කඩේකින් බඩු අරන් දුන්නහම කැම හදල දෙන විදියට ඔක්කොමත් සෙට් කරගෙන එදා ‍රැ පංසලේ නැවතුනා.

ඊලඟ දවසේ උදෙන්ම අපි ගෙනාපු පාන් වලට ගමේ ගෙදරකට කියලා පරිප්පුවක් හදාගෙන.නූඩ්ලස් එකක් දවල්ට හදාගෙන ගමේ ඇවිදින්න පටන් ගත්තා..කලින් කවියෙදිත් කියපු ලකේගල ගමට උතුරින් ලස්සනට පේන්න ගත්තා..දැන ගත්තු විදියට ලකේගලට මේ නම හැදෙන්න ගොඩක් කතා තියනවා කියලයි කියවෙන්නේ.කොහොම උනත් රාවනා රජ සමයේ දඬුමොනරයේ ලන්කාව දෙසට දිශාව හොයාගන්න බාවිතා උනු ගල නිසාත් ලකේගල කියන බවට කතාවක් තියනවා.ඒ වගේම මේ ගල ලංකාව හැඩයෙන් නිසාත් ලකේගල කියන බව කතාවකුත් තියනවා.ලකේගලට යනවානම් ටිකක් දුශ්කර ගමනක්.හැබයි ගමනෙන් බාගෙකටත් වඩා දුරක් පහසුවෙන් යන්න පුලුවන්.ගමේ මිනිස්සු කුඹුරු පැල ගැහිලා එන කාලෙට හරක් බැඳලා තියන්නේ මේ ලකේගල පාමුලා පතන ප්‍රදේශයේ.ලකේගල නගිනවනම් දිග කඹ අරන් ගිහින් ගමනේ අවසාන හරිය යන්න ඕනි කියලයි ගමේ අය කිව්වේ.ගලේ කොකු දාල කඹ බඳින්න පුලුවන් විදියට සකස් කරල තියනවලු.ලකේගල පේන කොත වගේ එක මුදුනේ සමතලා බිමක්ලු තියෙන්නේ.එතන ‍රැයක් ගත කරන්නම බලාගෙන එනවනම් තවත් දවසක් ඒ වෙනුවෙන්ම ගත කරන්න වෙනවා.අපි එහෙම ලැස්තියක් නැති නිසා වෙල් යාය මැදින් සූරිය අරන කරපු ගඟ පැත්තට සේන්දු උනා.ඒ යන අතරමග තමයි සූරිය අරනේ කඩේ තිබුනු තැන එහෙම හම්බවෙන්නේත්.                      

                      සශ්‍රීක කුඹුරු යාය                                                                                                                        


සූරිය අරනේ පොඩි හාමුදුරුවෝ වතුර දිගේ ලිස්සලා  එන හැටි මතකද? අපිත් පොඩ්ඩක් බැලුවා ට්ර්යි එකක් දාල.වැඩේ ගොඩාක් සාර්තකයි.

ලෙෂර් වර්ල්ඩ් කුමකටද?





 








මෙතන යටින් වලවල් දෙකක් තියනවා.එකක් ටිකක් ගැඹුරු එකක්.මේ වලේ දැනට අවුරුදු දෙකකට කලින් කෙනෙක් ගිලිලා මැරිලා තියන්වලු.ඊටත් යටින් තියනවා තාලි කට කියලා ගල් බේසමක් වගේ වලක්.ගමේ අය කියන විදියට ගොඩක් ගැඹුරුයි.අපිත් බැලුවා රිටක් එහෙම දාල.අඩිය වැදෙන් නැති ගානයි.ඔයාලත් මේ පැත්තේ එනවනම් මේ තැන් ගැනත් ටිකක් දැනුවත් වෙලා එන එක වටිනවා.

මේක තමයි තාලි කට


දවසෙන් වැඩි හරිය නාන එක තමයි කලේ.දවල්ට එහෙම කාලා ආයෙත් ගම දිගේ උඩහට ටිකක් දුර කැලේ ඇතුලටත් ඇවිදින්න ගියා.කොහොම හරි ඉස්සර කාලේ ගමේ වතුපිටි වෙන් කරලා තිබුනේ ගල් වැටි වලින්ලු.තවමත් යම් තාක් දුරකට ගල් වැටි පිහිටල තිබුනත් ගමට පාර හැදුනු නිසා ඒ ගල්වැටි කැඩිල ගිහින් තියනවා.නැත්නම් අවුරුදු තුන හතරකට කලින් දෙන්නෙක්ට සමාන්තරව එක පැත්තකට යන්න බැරිවෙන තරමට ගල්වැටි තිබුනා කියලා තමයි ගමේ අය කිව්වේ.ලකේගල අවට කැලේ හරහා මාතලේට යන්නත් පුලුවන්ලු.ඒ නාරංගමුව කියන ගම හරහා.ඒක ලකේගල පාමුලින් කැලේ හරහා වැටිලා තියන පාරක්.අපිත් ටිකක් දුර ඒ පාර දිගේ කැලේ මැදට ඇවිද්දා.තවත් ඉතිං ඇවිදිනවා නම් රනමුරේ කියන ගමටත් යන්න පුලුවන්.අපිට එහේ යන්න වෙලාවක් ඉතුරු උනේ නම් නැ.‍රැ වෙලා හාමුදුරුවෝපංසලට එනකොට ගමේ කෙනෙක් අපිටත් එක්ක හාමුදුරුව්න්ට දවල් දානේ ගෙනකොට කැම අරන් ඇවිත්.හික් හික්.. හාමෞදුරුවො කිව්ව ආයෙත් ‍රැට උයවගන්න එපා ඒවා කන්න පුලුවන් කියලා.හේ හේ..කොහොමද ඒකෙත් හැටි.

ගමේ වටපිට





මීමුරේ ගමේ ඉස්සර නං කුරහං එනසාල් වගේ වගාවන් පැවතුනු බව තමයි ගමේ මිනිස්සු කිව්වේ.ඒත් දැන් නං ඒ තත්වේ වෙනස් වෙලා.ගමේ විශාල වශයෙන් ගම්මිරිස් වගා කරනවා දැකගන්න පුලුවන්.එදා ඉඳන් පැවතුනු කුඹුරු වගාව අදට සාර්තකව කෙරෙනව කියල කියන්න පුලුවන්.මට හිතෙන විදියට නං තවමත් යම්තාක් දුරකට ගමේ ගැමිකම,ඉපැරනි චාරිත්‍ර සිරිත් විරිත් ‍රැඳිලා තියනවා.ගමට පාර හැදුනු එකත් එක්ක, මිනිස්සු වැඩි වැඩියෙන් එන්න ගත්ත එකත් එක්ක හොඳ දේවල් වගේම නරක දේවලුත් ගමට ඇවිත් කියලා හිතෙනවා.ගමේ හාමුදුරුවන්ගේ ලොකු වැඩපිලිවෙලක් ගමේ ගැමිකම ‍රැකගන්න තියෙන බව කතා බහෙන් තේරුනා.කොහොම උනත් ඔයගොල්ලොත් මීමුරේ යන්න අදහසක් තියනවා නම් ගමේකමට ගරුකරලා ඒ විදියට කටයුතු කරන්න වග බලාගත්තොත් හොඳයි.කල යුතු නොයුතු දේවල් ගැන මම කියන්න යන්නේ නැ.කරන කියන හැම වැඩක්ම සීමාවක් ඇතුව ගමේ සුන්දරත්වය ‍රැකෙන පරිදි කලොත් හොඳයි.

ලකේගල අවට වනාන්තරය




කොහොමින් හරි පංසලේ හාමුදුරුවන්ට එදා ‍රැම කතාකරල ස්තූති කරලා අපි කලින්ම නින්දට වැ‍ටුනා.මොකද මීමුරෙන් හුන්නස්ගිරි එන වැන් එක ගමෙන් පිටත් වෙන්නේ උදේ පහ හමාරට.ඒක මිස් උනොත් තව දවසක් මීමුරේ.කොහොම හරි පහුවදා උදෙන්ම මීමුරෙන් එන්න පිටත් උනේ ආයෙත් දවසක් ලකේගල නගින්න එන්න බලාගෙන.

පුංචි ලෝකාන්තාය


එන ගමනේ හුන්නස්ගිරියට කිලෝමීටර් හතක් මෙහායින් කුඩා ලෝකාන්තය බලන්නත් යන්න පුලුවන්.ඔන්න ඉතින් අපි නම් එකක් වත් අතෑරියේ නැ..මේ විදියට ආයෙත් මීමුරේ එන බලාපොරොත්තුවෙන් කුඩා ලෝකාන්තය බලල පයින්ම හුන්නස්ගිරියට ඇවිත් අපේ ගමන ඉවර කලා.ඔන්න ඔයාලත් යනවනම් අමතක නොවෙන ගමනක් කරගන්න යන්න පුලුවන් මීමුරේ...ඔක්කොටම ජය!!!