"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

යාලුවන්ගේ උපන් දිනය වයස කියන්න,පුංචි මැජික් දෙකක්....


 අද කියලා දෙන්න යන්නේ කාගෙ හරි උපන්දිනේ කියලා පුදුම කරන්නයි,හරියටම වයස කියන්නයි පුංචි මැජික් දෙකක්.කරලම බලන්නකෝ වැඩේ හරියනවද කියලා.

උපන් දිනය කියමු....

පියවර-1 උපන් මාසයට 18ක් එකතු කරන්න
පියවර-2 පිලිතුර 25න් වැඩි කරන්න
පියවර-3 ලැබෙන අගයෙන් 333ක් අඩු කරන්න
පියවර-4 ආයෙත් පිලිතුර 8න් වැඩි කරන්න
පියවර-5  ඒකෙන් 554ක් අඩු කරන්න
පියවර-6  දැන් ලැබෙන අගය දෙකෙන් බෙදන්න
පියවර-7 ඒකට ඔබේ උපන් දිනය එකතු කරන්න
පියවර-8 පිලිතුර 5න් ගුන කරන්න
පියවර-9 ඒකට 692ක් එකතු කරන්න
පියවර-10 පිලිතුර 20න් ගුන කරන්න
පියවර-11 ලැබෙන අගයට ඔබේ උපන් වර්ෂයේ අවසාන ඉලක්කම් දෙකෙන් යුත් අගය එකතු කරන්න
පියවර-12 අවසානයේ ලැබෙන අගය 32940න් අඩු කරලා  උපන් දිනය ලබාගන්න

උදා:පිලිතුර 151188 ආවානම් ඔබ ඉපදී ඇත්තේ වර්ෂ 1988 නොවැම්බර් මස 15 වෙනිදා


  වයස කියමු...

පියවර-1 වයසේ මුල් ඉලක්කම 5න් ගුනකරන්න(ඔබට වයස සීයට වැඩිනම් මුල් ඉලක්කම 10 විදියට සලකන්න)
පියවර-2 ලැබෙන අගයට තුනක් එකතු කරන්න
පියවර-3 පිලිතුර 2කෙන් වැඩි කරන්න
පියවර-4 ආපු අගයේ දෙවෙනි ඉලක්කම ආයෙත් එම පිලිතුරටම එකතු කරන්න
පියවර-5  ලැබෙන අගයෙන් 6ක් අඩු කරන්න.මේ ඔබේ වයස නේද??

උඩවලවේ සෆාරියක්....(Udawalawa Safari )



කාලෙකින් කොහේ වත් යන්න බැරි උනා.කොහේද ඉතින් මේ වැඩ අස්සේ ගෙදර ආවත් දවසයි දෙකයි.ආයෙත් කැම්පස් අදින්න එපැයි.කොහොම කොහොම හරි වැස්සට පිං සිද්ද වෙන්න අපිටත් හොඳ නිවාඩුවක් හම්බ උනා.ඉතින් අපේ ඉස්කෝලෙ යාලුවො සෙට් එකත් එක්ක කොහේ හරි යන්න කතා උනා.ඒත් කොහේ යන්නද කියල මාරම ප්රශ්නේ.එක එකා එක එක දිහාවල කියනවා.උනවටුන,නුවර-එලිය වගේ ප්ලේස් වලට ගොඩක් ඉල්ලුම ඒත් කාලෙයි වියදමයි එක්ක බලනකොට ටිකක් අමාරුයි වගේ.අන්තිමට කොහොමින් කොහොමින් හරි උඩවලවෙ යන්න කියලා තීරනය උනා.එක බස් එකෙන් වැඩේ ෂේප්.අනික අපිට එතනට යන්නත් පැයක් වත් යන්නේ නැ පැල්මඩුල්ලේ ඉදන්.ඔන්න ඉතින් අපි නම දෙනෙක් ගමන යන්න පිටත් උනා.


ඔයගොල්ලොත් උඩවලවට එනවානම් කොලඹ-ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ ඇවිත් උඩවලව හංදියෙන් වමට හැරිලා කිමි අටක් විතර යන්න ඕනි මොනරාගල පැත්තට.කොලඹ-මොනරාගල බස් එකේ ආවොත් ප්රවේශ මාර්ගය ගාවින්ම බැහැගන්න පුලුවන්.අපිට මොන වාහනද.ඔන්න ඉතින් අපිත් දෙක වෙනකොට enterance එක ගාවට සෙට් උනා.මුලු ඉදන්ම සූදානම් වුනු නිසා සෆාරි ජිප් එකක් ඩීසල් ගහගෙන යන්න සෙට් කරගත්තා.මෙතන ඕනි තරම් ජිප් තියනව යන්න.රුපියල් 4000ක් 5000ක් වගේ ගානට අරගන්න පුලුවන්.කොහොම උනත් ගමනට යන කාලය,දුර අනුව මුදල වෙනස් කර ගන්න පුලුවන්.තමංගෙ වාහනේකින් එනවනම් 4wheel එකකින් ආවොත් තමා වඩා හොද.වැඩිහිටි ටිකට් එකක් රුපියල් හැටක් විතර වෙනවා.හැම ගමනටම ගයිඩ් කෙනෙක් එහෙන් දෙනවා.වාහනේටයි,service එකටයි කියලා තවත් අමතර මුදලක් එකතු වෙනවා. මුලින් කියන්න බැරි උනා පාර්ක් එක උදේ පහේ ඉදන් හවස හය වෙනකං තමයි  විවුර්තව තියෙන්නේ.කොහොම හරි ඕන් ඔක්කොම බිල් ගෙවලා උඩවලවට ඇතුල් උනා.අපේ ගමනේ ගයිඩ් සමන් අයියා.අඩු ගානට ජීප් එක දුන්න රියදුරු මුරු(ගෙදරට කියන නම් වෙන්න ඕනි) අයියා.
"මල්ලිලා ෆෝන් පර්ස් එහෙම පරිස්සම් කරගන්න,වැටුනොත් ආයෙ හෙවිලි බොරු".ගමන පටන් ගන්නකොටම සමන් අයියගෙන් පොඩි උපදෙසක්.පොඩ්ඩ පොඩ්ඩ ඔන්න ඉස්සරහට යනව ජීප් එකත්.ඒත් මෙලෝ රහක් නැ.එක අලියෙක් වත් නෑ.කුරුල්ලො නම් ඕනිතරම්  ඉන්නවා.මෙහේ ඇවිල්ලත් අලි නොදැක්කොත් කේස් එකනේ.

ඔන්න ඔහොම වාහනේ ටිකක් දුර ගිහින් පොඩි මඩ වලක් ලඟ නැවත්තුවා.අපිත් බැලුවා අලියෙක් වත් ඉන්නවද කියලා.අලි නෙවෙයි මෙන්න බොලේ කිඹුලෙක්.ගලක් උඩ අව්ව තපිනවා.අපිට මේව එක පාරටම පෙනුනේ නැ.සමන් අයියගේ හැකියාවට තමයි අපි මේකව දැක්කේ.අපි ඔහේ ගියානම් කිඹුල්ලු බලන වෙන්නේ නැනෙ.ඉතින් ඉන්න ගයිඩ්ගේ හැකියාව හොඳටම බලපානවා උඩවලවෙ යනවානම්.එතන ටිකක් වෙලා ඉදලා ආයෙත් ඉස්සරහට ගියා.ඔහොම ටිකක් දුර යනකොටම ඉන්නවා තනි අලියෙක්. එක පාරටම බය කරලා බර වචන දාල ලියන්න ඕනි නැ.මේ අලින්ට තරම් බයක් තිබ්බෙ නැති හන්දා.ඒක උගේ පාඩුවෙ අපි ඉතින් තියන කැමරා දාල ෆොටො ගන්නවා එක එක විදියට.එකා දිහාත් ටිකක් බලන් ඉදලා ආයෙත් ගියා ඉස්සරහට අම්මට සිරි ආයෙත් තනි අලියෙක්.මුරු කියනවා  

මල්ලිලා අලියව පොඩ්ඩක් ලගට ගමුද කියලා"
 
වාහනේ හොදට රේස් කලා.අලියට මල පැනලා.‍රේස් කරගෙන  ටිකක් ඉස්සරහට ගියා අලිය පහු කරගෙන.ඔන්න බොලේ මේකා එනවනෙ නාලාගිරිය වගේ පිබගෙන.අපි සෙට් එක හිටගෙන හිටියෙ ජීප් එකේ.අලියා එනවා විතරයි කස්ටිය ඉදගෙන.මුරු ආයෙත් වාහනේ නැවැත්තුවා.අලියත් නැවතුනා.වාහනේ පස්සට ගත්තා.මෙන්න අලියා නැට්ට උස්සගෙන පස්සට දුවනවා.අපි ආයෙත් හිටගත්ත වීරයො වගේ.වාහනේ ආයෙත් ඉදිරියට . අලියා ආයෙත් අපි පස්සෙන් ආයෙ වාහනේ පස්සට අලියා අයෙත් කැලේ කඩාගෙන දුවනවා.එතන පොඩි ආතල් එකක් තිබුනා.කොහොම උනත් අපි උන්ගේ ප්ලේස් එකට ඇවිත් මෙහෙම සීන් දාන එක හරි නැ.තනි අලිය හන්දම හොදයි.


එතනත් ඇති වෙලා ආයෙත් ඉස්සරහට ගියා.යන හැමතැනම මොනරු වැහිවැහැලා.පාර දෙපැත්තෙම මොනරු. ඉතින් මුලින් මොනරෙක් දකින කොට පොඩි කික් එකක් ආවත් එන්ඩ එන්ඩ මොනරු වැඩි වෙනකොට එකෙ ගතියත් නැති වුනා. උනාට මෙන්න පොඩි වැඩක් මොනරෙක් ඉන්නවා පිල් විදාගෙන.දන්නවනෙ ඇයි කියලා මොනරු පිල් විදාගෙන නටන්නේ?ෂහ් එක නම් කියලා වැඩක් නැ.මරු මරු...වාහනේ එන්ජිමත් ඕෆ් කලා.දැන් මොනරා ෆුල් රංගනේ.පොඩි කේස් එක මේකා පිටිපස්ස හැරිලා තමයි ශිල්ප දක්වන්නේ.මොනවා කරන්නද?අපිට හැරෙන්ඩ කියන්ඩයැ.කොහොම හරි මේකා අනික් පැත්ත හැරුනෙම නැ.ඒක නිසා ලස්සන පාට පිල් ටික ඉස්සරහට දකින්න බැරි උනා...මොනරගෙ රංගනේ ඉවර වෙනකම් බලන් ඉදලා ආයෙත් ගියා ඉස්සරහට වැඩි දුරක් යන්න උනේ නැ මෙන්න අලි 100 විතර සෙට් එකක්.

"මල්ලිලා කැ ගහන්න එපා...හැම පැත්තම බලන්න..පැටව් ඉන්නවනම් අලි ලඟට එනවා.." 

මෙහෙම කියනකොට නම් ටිකක් විතර බොක්ක කුල්.අපිත් ෂේප් එකේ අලි බැලුවා.ෆොටො ටික ගහ ගත්ත.මෙතනදි එහෙම තනි අලියට දාපු සෙල්ලම් දැම්මනම් අද මේ පෝස්ට් එක ලියන්න වෙන්නේ නැ.කොහොමින් කොහොමින් හරි අලි ටික මාරු උනාට පස්සේ අපිත් එතනින් හෙමීට මාරු උනා. 

අපේ ගයිඩ් සමන් අයියා කියන විදියට අලින්ට කරදරයක් නැත්ත්න උන්ගෙන් කරදර අඩුයි.සාමාන්‍යයෙන් පැටව් එක්ක අලි ඉන්නවනම් ටිකක් පරිස්සම් වෙන්න ඕනිලු.අලි ගහල මිනිස්සු උඩවලවේදි මැරිච්ච අවස්ථාත් අල්පයක් වාර්ථා වෙනවලු.හුඟක් වෙලාවට අලි වාහන වලට නම් පහර දෙන අවස්ථා වැඩියි කියල තමයි රථයේ රියදුරු මුරු අපිට කිව්වේ.

තව ඉස්සරහට යනකොට ලොකු උකුස්සෙක් වහලා හිටිය ගහක.ඌව ෆොටො එකේකට ගන්න හැදුවට ටිකක් අමාරුයි.මේ කැමරාව එතරම් සූම් කලොත් උකුස්ස දියවෙලා යනවා.උකුස්සන්ට අමතරව පොරව කෑ දැත්තාත් දකින්න හම්බ උනා. කියන්න අමතක උනා පාර ගැන.බාදක ගොඩයි.4wheel වාහනයක්ම ඕනි ඒකයි මේක යන්න. වගේම හොඳ රියදුරු මහත්තයෙකුත් ඉන්න ඕනි.වාහනේ මඩ වලකවත් එරුනොත් කාට කියන්නද.අපේ මුරු අයියා ඕනි පාරක් දන්නවා.නියම ඕෆ් රෝඩ් driver..කොහොමින් කොහොමින් හරි  මහ කැලේ.ඔහොම සත්තු බල බල ඉදලා කිමි හයක් විතර ගිහින් ගෝන විද්දාගලට ලගා උනා. 

මේතන තමයි වනෝද්යානය බලන්න එන අයට බහින්න දෙන එක තැනක් වෙන්නේ."මල්ලිලා මෙතන බහින්න...අලියෙක් එහෙම ආවොත් දුවල ඇවිත් වාහනේට නගින්න .." පාර මුරුගෙන්.එතනත් මරු පොට් එක.සම්පූර්න ගල් තලාවක් තියෙන්නේ.එක පැත්තකින් වලවේ ගඟ, නිසා ටිකක් ආරක්ශිතයි. නිසා තමයි බහින්න පුලුවන් වෙන්නෙත්.සත්තු බල බල ඇවිත් දැන් අපි ඔක්කොම පොඩ්ඩක් වටපිටාව බැලුවා.ඉස්සරහින් දියවිනි ඇල්ල ලස්සනට පේනවා. වගේම සමනල වැව ප්රොජෙක්ට් එකත්.ඊට පස්සේ අපේ ගයිඩ් සමන් අයියට කිට්ටු උනා  මොනව හරි දෙයක් උඩවලව වනෝද්යානය ගැන වැඩි දෙයක් දැනගන්න. 

 මේ වනෝද්යානය සබරගමුව පලාතටයි ඌව පලාතටයි දෙකටම අයිතියි.ඇඹිලිපිටිය,වැලිගෙපොල,බලංගොඩ,සෙවනගල,තනමල්විල ප්රදේශ වලට මායිම් වෙලා තියෙන්නේ.හෙක්ටයාර  30821ක් පුරාවට වනෝද්යානය පැතිරිලා තියනවා.මේ ප්රදේශයේ අලි ඇතුන්ගෙ වගේම අනික් සතුන්ගේ ආරක්ශාවත් සලකලා බලලා 1972 දී තමයි මේක ජාතික වනෝද්යානයක් විදියට නම් කරලා තියෙන්නේ.වනෝද්යානය වටා ජලවහන රටාව සකස් වෙලා තියෙන්නේ වලවේ ගඟ මූලික කරගෙන.ඊට අමතරව හම්බෙගමුව ඔය,කුඩා ඔය,කිවුල් ආර,ටුපත් ඔය වගේ කුඩා ගගා වලිනුත් වනෝද්යානය පෝශනය වෙනවා. වැඩිපුර අයිති වෙන්නේ වියලි අන්තර් මෝසම් වනාන්තර ගනයට. උනාට වලවෙ ගඟ නිසා සීමාවෙදි සදාහරිත හොදින් වැඩුනු ශාකත් දක්නට ලැබෙනවා.දැනට අලි 600ක් 700ක් අතර ප්රමානයක් උඩවලව වාසස්තානය කරගෙන ඉන්නවා කියලා ගනන් බලලා තියනවා. වගේම දල ඇතුන් අටක් විතර ඉන්නවලු.
 අලි ඇතුන්ට අමතරව පක්ශි වර්ග 2000කට ආසන්න ප්රමානයක්,තිත් මුවා,වල් ඌරා,නරියා,කුලු හරකා,ඕලු මුවා,දිය බල්ල,හදුන් දිවියා වගේ සත්තු බහුලව දැකගන්න පුලුවන්. වගේම දිවියො,වලස්සුත් අඩු වශයෙන් ඉන්නවලු.උඩවලවෙ සංචාරය කරන අයට පහසුවට සංචාරක බංගලා පහක් තියනවා.සීනුග්ගල,තිඹිරිගස්මංකඩ,වෙහෙරගොල්ල,පොකුනුතැන්න වගේම මේ අපි ඉන්න ගෝන විද්දාගල ඒවා තමයි. වගේම කඳවුරු ගහලා ඉන්නවනම් සඳහාත් පහසුකම් තියනවා.සංචාරක බංගලා වගේම කඳවුර සදහාත් බත්තරමුල්ලේ පිහිටි වනජීවි සංරක්ශන දෙපාර්තමේන්තුවෙන් වෙන්කරගන්න ඕනි.ඔය විස්තර ටික තමයි දැනගන්න ලැබුනෙ උඩවලව ගැන.කොහොම හරි අපි මේ ප්රදේශයේ ටිකක් වෙලා ගත කරලා ආපහු එන්න පිටත් උනා.ආපහු එනකොටත් අලි වගේම විවිද සත්තු,කුරුල්ලෝ දැකගන්න හම්බ උනා. වගේම විෂේශයෙන් කියන්න ඕනි අපි යන්නේ සත්තු වත්තකට නෙවෙයි.සත්තු වත්තක නම් වෙන වෙනම සත්තු කූඩු කරලා තියනවා ලඟට ගිහින් බලන්නනෙ තියෙන්නේ.ඒත් උඩවලවෙ එහෙම නෙවෙයි.හොඳ අවදානයෙන් යන්න ඕනි ගමනක්.ඒක හන්දා අපිට අලි වැඩිපුර බලා ගන්න බැරිවෙන වෙලාවලුත් තියනවා.සමන් අයියා කියපු විදියට පෙලක් ගමන් වලදී අලි 4ක් 5ක් විතරක් දකින වෙලාවලුත් තියනවලු.කොහොම හරි අපේ වාසනාවට අපිනම් ඇතිවෙන්න අලි දැක්ක.උදේ පහත් හයත් අතර එනවානම් ගොඩක් සත්තු දැකගන්න පුලුවන් කියලයි දැනගන්න ලැබුනේ.පැය තුනහමාරක ගමනකින් පස්සේ ආයෙත් අපි වනෝද්යානයේ ප්රධාන ගේට්ටුව අසලට ලඟා වුනා. 

ඔන්න ඔහොම කාලෙකට් පස්සෙ වෙනස් විදියක අත්දැකීමක් ගන්න අපිටත් පුලුවන් උනා.ඔයගොල්ලොත් කැමතිනම් එන්න උඩවලවේ අලි බලන්න....