"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

පිස්සු හැදෙන සඳ-ආසියාවේ සුදු වෙලඹ...........

අනේ මන්දා මේක මගේ බ්ලොග් එකේ දානවද නැද්ද කියල හිත හිතා හිටියේ .කොහොම උනත් කමන්නෑ ඔන්න ඔහේ දානවා.බලන්ඩකෝ මේ ඉන්නේ ආසියාවේ සුදු වෙලඹ.හික් හික්.....හැබැයි එකක්,මේක කුනුහරුපයක් කියලා හිතෙනවනම් බලන්න එපෝ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.




මේක අරන් තියෙන්නේ මේ පැත්තෙ තිබුනු ක්රීඩා උත්සවේකදී.ගුරුවරු දුවන මීටර් සීය ඉසව්වක්.කොහොම උනත් ගුරුවරයෙක් වුනහම මීට වඩා සැලකිලිමත් වෙන්න එපැයි.....නේද?? .වෙලාවට මීටර් සීයෙන් නැවතුනේ.මීටර් දෙසීයේ ඉවෙන්ට් එක උනා නම් blaa blaa blaa.........

නැගෙනහිරට ගිය ගමනේ මතක සටහන්...


පහුගිය අවුරුද්දේ කැම්පස් එකෙන් සංවිධානය කරලා තිබුනා උතුරු නැගෙනහිර පාසල් වලට පොත් පත් බෙදාදෙන  වැඩපිලිවෙලක්.ඉතිං ඕකට අපේ වීදි නාට් කන්ඩායමටත් එන්න කියලා තිබුනා ගමන යන්න.ඔන්න ඉතින් චාන්ස් එකෙන් මමත් ගමනට set උනා. 

අපිට යන්න තිබුනේ කන්තලේ තියන සේරුවිල කියන ඉස්කෝලෙට.හුඟක්ම දුශ්කර පාසලක් කිව්ව්වොත් හරි.පොල් අතු මඩු වලත් පන්ති පැවැත් වෙනවා.මේ පලාතේ තියන අන්තිම සිංහල  පාසල තමයි මේ ඉස්කෝලේ.ඒක හන්දා කුඩම්මගේ සැලකිලි තමයි මේ ඉස්කෝලෙට ලැබිලා තියෙන්නේ.කොහොමහරි  අපිත් පුලුවන් හැටියට ඉස්කෝලේ තින්ත පාරක් එහෙම ගාල පොඩි සුද්ද පාරක් දැම්මා.ඊට පස්සේ ඉස්කෝලේ ලමයි සතුටු කරන්න කියලා වීදි නාට් දෙකකුත් පෙන්නුවා.‍‍
                      අපේ රජ වීදිය නාට් සෙට් එක
 ඔක්කොම ඉවර කරලා එදාරැ ඉතින් ඉන්න කියලා ගියේ සේරුවිල පංසලට.සේරුවිල පංසලේ වටෙ තියන ගම්මාන ත්රස්තවාදීන්ගේ බලපැම් වලට යටත් වෙලා තමයි තිබිලා තියෙන්නේ.කොහොම කොහොම හරි සෙරුවිල පංසල මේච්චරකට හරි බේරිලා තියෙන්නේ ඒක ආරක්ෂා කරන්න හිටපු දඹගස් ආරේ සුමේධාලංකාර කියලා හිමිනමක් දිවි හිමියෙන් මේක ආරක්ෂා කල හංදා.මේ පංසලේ තියන ප්රතිමාවක ලියලා තියන විදියට‍‍
" ක්රි. 1921 දී ලංකාව වටේ යන එන නැව් වලින් නැගෙනහිර වෙරලට වැඩම කොට වනගතව පැවති සේරුවිල මංගල මහා සැය ප්රතිසංස්කරනය කිරීමේ ඇරඹි දැවැන්ත ශාශනික මෙහෙය ගොවි ජනපද ඇති කිරීමටත් වැව් ඇල වේලි පාලම් තැනවීමටත් පාසල් රෝහල් ආරම ඉදි කිරීමටත් කොලනි වැසියන්ගේ දුක් අදෝනා රජයට හඩගා කීමටත් සේරුවිල පාර්ලිමේන්තු ආසනයක් වෙන්කර ගැනීම දක්වාත් පැතිර ගියේය‍‍

                                   සේරුවිල පංසල
 පංසලේ තියෙන ඉතිහාසික වටිනාකම කිව්වොත්  මේ පංසලේ තියන චෛත් බුදු පහසින් පිවිතුරු වූ නලල් දා තැන්පත් කරලා තමයි ගොඩනගලා තියෙන්නේ.දැන් නම් පංසල හුගක් ලස්සනට තියෙනවා.කොහොම වුනත් යුද්දේ පැවති කාලේ නම් මේක ආරක්ශා වුනේ හමුදා සෙබලුන්ගේ ආරක්ශාව යටතේ.
ඔන්න ඉතිං එදාරැ පංසලේ විශ්රාම ශාලාවේ ගත කරලා.දෙවෙනි දවසේ ගියා ලංකා ටුන බලන්න.සේරුවිල පුද බිමේ ඉදන් ලංකාපටුනට යනවනම් එතන ඉදලා නැගෙනහිර පැත්තට  කිලෝමීටර් තිහක් විතර යන්න ඕනි.පාර නම් ඒතරම් හොද නැ.ඒත් දවස් වල පාර හදනවා.මම හිතන විදියට පාර හොදට හදලා ඇති.ලංකාපටුන අවට නම් ජීවත් වෙන්නේ හුගක් මුස්ලිම් මිනිස්සු. අය හොදට වවපු කුඹුරු,බඩ ඉරිගු වගේ වගාවනුත් බලාගන්න පුලුවන්.‍‍‍‍

                                  ලංකාපටුන

                             ලංකාපටුන වෙරල තීරය
                                           
ලංකාපටුන කියන්නේ කිත්සිරිමෙවන් රජ්ජුරුවන්ගෙ කාලේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු බුදුන්ගේ දන්ත දාතුව දඹදිව ඉදන් ගෙනාපු ගමනෙදි ලංකාවට ගොඩ බැහැපු තැන.ලංකා ටුනට ලගා වෙච්ච හේමමාලි හා දන්ත කුමරුවන් මෙතැන කදු මුදුනේ දේවාලෙක දන්ත දාතුව තියලා පස්සේ දවසේ තමයි අනුරාධපුරාට දළදා වහන්සේ ගෙනිහින් රජුට  බාරදුන්නයි කියන්නේ.මෙතන හුගක් පෞරානික නටඹුන් බලාගන්න පුලුවන් තැනක්.නමුත් කාලයක් කොටි ග්රහනයෙත් තිබිලා තියෙනවා.බෞද්ධ සලකුනු විනාශ කරන්න ගත්ත උත්සයයකුත් හොදටම මෙහි පේන්න තියෙනවා. බව ඔප්පු වෙන්නේ කලින් චෛත් තිබ්බ තැන කෝවිලක් හදන්න දරලා තියෙන උත්සහයෙන්.කොහොම උනත් දැන් ඒතැන ආයෙත් චෛත්යක් ඉදි වෙනවා. වගේම මැතකදී බුදු පිලිම වහන්සේ නමකුත් ඉදි කරලා තියෙනවා.කවුරුහරි මේ පැත්තේ එනවානම් පංසලේ නවතැන් ගන්නත් පුලුවන්.මොකද පංසලේ විශ්රාම ශාලාවකුත් හදලා තියෙනවා. වුනාට එච්චර ඉඩ නම් නෑ.‍‍‍‍‍‍

                       ඉර බහින වෙලේ මුහුදේ සුන්දරත්වය

ලංකාපටුන ආවොත් බලන්න පුලුවන් සුන්දරම දර්ශනයක් තමයි ලස්සන මුහුදු තීරය.මුහුදුරැල්ලත් වැඩිය නැ.හුගක්ම ලස්සනයි.මේ වෙරල තීරය ගොඩක් ආරක්ශිතයි කියලත් කියන්න පුලුවන්.මුහුද දෙසට හුඟක් දුර ඇවිදගෙන යන්නත් පුලුවන්.අපි නම් දවසම ලංකාපටුන මුහුදෙන් නාල ආපහු කැම්පස් එකට එන්න පිටත් උනා.හවස් වෙන වෙලාවේලංකාපටුන අවට ලස්සන නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් කිව්වොත් හරි.මේ අන්තිම පින්තුරෙනුත් ඒක ඔප්පුවෙනවා.ඔයගොල්ලොත් නැගෙනහිර පැත්තේ එනවානම් ලංකාපටුනට එන්න අමතක කරන්න එපා. ‍‍‍‍


සුපර් ස්ටාර් GOSSIP............



අද සුපර් ස්ටාර් අන්තිම දවසනේ ඉතින් මම කියන්න යන්නේ පොඩි ගොසිප් එකක් සුපර් අවසන් වටයට තේරිච්ච දෙන්නෙක් ගැන.ඔන්න ඉතිං අවසන් දොලොස් දෙනාට තේරුනහම මේකෙ ඉදිරියට යන්ඩ sms එපැයි.මම කියන ගායකයො දෙන්නම තේරුනේ එකම පලාතෙන්.එක්කෙනෙක් ව්යා්පාරික කටයුතු කරන පවුලකින් ආපු කෙනෙක්.අනික් කෙනා කිව්වේ නම් දේශීය වෙදකම තමයි පවුලේ අය මුලිකවම කරන්නේ කියලා.ඒත් මේගොල්ලෝ ප්රඅසිද්ධ වෙලා තිබුනෙ වෙනත් ව්යයපාරයකින්.ඒක කිව්වහම ගොසිප් එක කාගැනද කියලා නිකංම අහු වෙනවා.

මම මේ දෙවනියට කියපු කෙනා sms ව්යා්පාරය ජයටම ගෙනිහින් තියෙනවා.තමන්ගේ මුදල් වලින් ලක්ශ ගානක් reload,card වලට වියදම් කරලා.එයා දවසට අදාල සිංදුව කියලා ඉවරවුන ගමන් නැදැ පරම්පරාවම කරන්නේ sms කොටන එකලු.ඒ වගේම ගෙදෙට්ට එන අයගෙත් phone වලට නිකංම රුපියල් සීයෙ කාඩ් දාල දෙනවලු sms ගහන්ඩ කියලා.ඉතිං හුගක් කොල්ලො කුරුට්ටො කාඩ් දාගෙන සහයෝගෙ දීල තියෙනවා.සිරාම වැඩේ කියන්නේ මම මුලින් කියපු ගායකයගෙ ආධාරකරුවන්ටත් මේ සීන් එක ආරංචි වෙලා.මේගොල්ලෝ කරලා තියෙන්නේ අදාල දවසට මේ ගෙදරට ගිහින් phone වලට කාඩ් දාගෙන sms ගහලා.හැබැයි sms ගහලා තියෙන්නේ තමන්ගේ එක්කෙනාට.හොඳයි නේද වැඩේ.

ආ කියන්ඩ ඕනි අවසන් තරගෙට නම් මේ දෙන්නම තේරිලා නෑ.කොහොම වුනත් දැනට ආරංචි වෙන විදියට අර sms වලට බරටම වියදම් කරපු අයගේ ආර්ථිකේ හොදටම නට්ටං වෙලාලු.

දුක තමයි.....




ඔන්න අද කියන්න යන්නෙ මට වෙච්ච පොඩි  කථාවක්. අපේ ආච්ච්චි අම්මා නැතිවෙලා දෙන වාර්ෂික දානේ තියෙනවා රත්නපුරේ වැඩිහිටි නිවාසෙට.පහුගිය මාසේ ඒ දවසේ උදෙන්ම ඉතින් ගෙදර කට්ටියත් එක්ක උදේ දානේ අරන් වාහනෙන් ගියා වැඩිහිටි නිවාසෙට.

ඔන්න දානේ එහෙම ඉවර වෙලා වාහනේ එලවාගෙන ආවා ගෙදර පැත්තට.ටිකක් දුර එනකොට අපේ විනයගරුක රියදුරෝ කස්ටියම හරහට දිගට හෙඩ් ලයිට් ගහනවා.මමත් ඉතින් කාරනේ හොදට දැනගෙන විනීත රියදුරා වගේ මාර්ග නීති හොදට ‍රැකගෙන එලවාගෙන ගියා ඉස්සරහට.අවාසනාවක මහත කියන්නේ  පොලිස් කාරයා නවත්තන්ඩ කිව්වා.ඔන්න මං වාහනේ නැවැත්තුවා.

මම ඉතින් වැ‍රැද්දක් කෙරුවෙ නැති හංදා  ඉතින් බය නැතුව ඉස්සරහට ගිහින් තියන ඔක්කොම ලිය කියවිලි ටික පෙන්නලා වැඩේ ගොඩ දාගත්තා.ඊට පස්සේ ආයෙත් වාහනේ පැත්තට  එනකොට එතන හිටපු කාලකන්නි පොලිස් කාරයෙක්

 "සර් මේකෙ බලපත්‍ර අලවලා නැ කිව්වා".

අම්මට සිරි.... මටත් එතකොට තමයි මතක් උනේ ඒක අලවලා නෑ කියලා.එතන හිටපු ලොක්ක ව්ගේ ඉන්න පොලිස් කාරයා ආවා.ඇවිත් චාටර් ටෝක් ටිකක් දුන්නා.හෆ්ෆා.මුට තියෙන්නේ හොරා පොලිස් ලයිශන් එකක්ද කොහෙද.අනේ මන්දා.

"මේක හරියන්නේ නෑ ගහන්ඩ දාහක දඩයක් එතකොට හරියයි"

මේ යකා කිව්වා.අයියෝ ඉතින් මොනවා කරන්නද...තව එකෙක් දඩයක් ලියලා දුන්නා.මමත් ඉතින් දඩ කොලේ අරන් ගෙදර  ගියා.ගෙදර ගිහින් කලේ මේ වැඩේ ගොඩින් බේරගන්ඩ ක්‍රමයක් හොයපු එක.අන්තිමට දන්න පොලිස් කාරයෙක් සෙට් වුනා.මමත් මිනිහට කෝල් එකක් එහෙම දීල ගියා පොලිසියට.ගිහින් බැලුවා මොකද කරන්න පුලුවන් කියලා.පොර ඉතින් මොනවද පොත් ටිකක් පෙරලලා බලලා

 "වැඩක් නැ මල්ලි ..මේක පොතේම ලියලා මොකුත් කරන්න බැ දඩේ ගෙවන්නම වෙනවා" 

මිනිහා කියාපි.. ඔන්න ඉතිං මාත් පිනක් කරගන්ඩ ගිහින් කර ගත්ත දෙයක්.දුක තමයි.....