"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අමුතු දත්ත 4 ලු...(Amazing Facts)



මගේ අමුතු දත්ත ලිපි පෙලට හොඳ ප්‍රතිචාර තියනවා.ඉතින් හිතුවා අදත් අමුතු දත්ත ටිකක් දෙන්න.මුල ඒව බැලුවෙ නැත්නම් ඒවට යන්න මෙන්න ලින්ක් ටික


හිපෝලගෙ කිරි රෝස පාටලු

නිල් තල්මහෙකුට එක උගුරට කැලරි 480000 ලබා ගන්න පුලුවන්ලු

කැස්සක වේගෙ සාමාන්‍යයෙන් පැයට සැතපුම් 60ක් විතරලු

කිවිසුමක් යවන හැම වෙලාවකම මොලේ තියන සෛල වලට හානි වෙනවලු

ස්විට්සර්ලන්තෙට අගනගරයක් නැතිලු

බැන්කොක් නගරයේ මුලු නම Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Yuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Phiman Awatan Sathit Sakkathattiya Witsanukam Prasitලු

කුරුලු කූඩු වලින් හදන සුප් චීනයේ ජනප්‍රිය ආහාරයක්ලු

කලුකුමෙක් වහින වෙලේ උඩ බැලුවොත් මැරෙන්න ඉඩ තියනවලු

චීනයේ අනතර්ජාල පහසුකම් ලබන අය මිලියන 450ක් ඉන්නවලු.මූනු පොතට ලොව පුරාම ඉන්නෙ මිලියන 500ක්ලු

ඩොලරයක් මාරු කරගන්න විධි 293ක් තියනවලු

කැරපොත්තන්ට එයාගෙ ශරීරයෙන් හිස වෙන්කරගෙන උනත් සති කීපයක් ජීවත් වෙලා ඉන්න පුලුවන්ලු

දිනකට ලෝකය පුරා බැංකු 20ක් මංකොල්ල කෑමට ලක්වෙනවලු

ඉංග්‍රීසි හෝඩියෙ වැඩිපුරම භාවිතා වෙන්නේ E අකුරලු.අඩුවෙන්ම භාවිතා වෙන්නේ Q අකුරලු.

බොහොමයක් ලිප්ස්ටික් වල මාලුන්ගෙ කොරල් අන්තර්ගතයිලු

වසරකට දෙපස පෙනෙන වීදුරු වල වැදීමෙන් කුරුල්ලන් 10000ක් විතර මැරෙනවලු

ලෝකයෙ තියන පත්තර වලින්ම බාගයක්ම මුද්‍රනය කරන්නේ අමරිකාවේ සහ කැනඩාවෙලු

පාදයේ නියපොතු වලට වඩා හතර ගුනයක් වේගයෙන් අතේ ඇගිලි වල නියපොතු වැඩෙනවලු

සාමාන්‍යයෙන් හීනයක් ඉවර වෙන්න විනාඩි විස්සක් විතර යනවලු


අහ් තව දෙයක් කියන්න අමතක උනා.මේ වෙනකම් දාපු ඔක්කොම අමුතු දත්ත ටික මූනු පොතේ page එකක් හදල දාන්න හිතුවා.ඒකටත් පහල ලින්ක් එකෙන් ගිහින් සහයක් දෙනවනම් හොඳයි.තව දන්න කියන අයටත් page එකට invite කරමුද?

අමුතු දත්ත-Amazing Facts

6 comments:

  1. හරි වටිනා ලිපියක් මල්ලි, ඉතින් කොහොමද, අර වහිද්දි උඩබැලුවම කලුකුමා වැරෙන්න හේතුව දන්නවද.

    ReplyDelete
  2. හරි වටිනා ලිපියක් මල්ලි, ඉතින් කොහොමද, අර වහිද්දි උඩබැලුවම කලුකුමා වැරෙන්න හේතුව දන්නවද.

    ReplyDelete
  3. මචං.. සීනි පැණි රහලු..
    වහින්නේ වැසි වතුරලු..

    ReplyDelete
  4. තැංකුයි වේවා............!!

    ReplyDelete
  5. මාරම වටින දත්ත ටිකක් !!!

    ReplyDelete
  6. වැදගත් ලිපියක් නොවැ

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......