"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අමුතු දත්ත 3 ලු...(Amazing Facts)



මගේ අමුතු දත්ත 1 වගේම අමුතු දත්ත 2 ලිපියටත් හොඳ ප්‍රතිචාර තිබුනා.ඉතින් ආයෙත් ඒ වගේ විස්තර ටිකක් හොයල බ්ලොග් එකේ දාන්න හිතුනා.කියවල බලන්නකෝ ඒවත් අමුතු දත්තද කියලා....


ටෝකියෝ වල කාර් එකකට වඩා බයිසිකලය වේගවත්ලු

ශරීරයේ ශක්තිමත්ම මාංශ පේෂිය දිවලු


කැන්ගරුවන්ට උගේ නැට්ට බිම ගැවෙන්නෙ නැත්නම් පනින්න බැරිලු


සමාන්‍යයෙන් විනාඩියකට 6000ක් විතර පොලවට අකුනු ගහනවලු


පිරිමි එක පාරක් ඇහිපිය ගහනකොට කාන්තාවක් දෙවරක් ඇහිපිය ගහනවලු


ලියනාඩෝ ඩාවින්චිට එක අතකින් ලියන ගමන් අනික් අතින් චිත්‍ර අදින්න හැකියාවක් තිබුනලු


මී පැනි නරක් වෙන්නේ නැතිලු


චීනයේ මිනිස්සුන්ගෙන් බිලියන 87කගෙ පවුලේ නම "ලි" ලු


පොකිරිස්සගෙ ලේ නිල් පාටයිලු


පුරාන ඊජිප්තුවෙ පූසෙක් මැරුවොත් ඒක මරන දඩුවම ලැබිය හැකි වරදක්ලු


ඇස් පියාගන්නෙ නැතුව කිවිසුම් යවන්න බැරිලු


කූබි ඇහැරෙන්න ඉස්සෙල්ලා දිගෑරිලා ඇනුම් අරිනවලු


පූසන්ගෙ කනේ පේශි  32ක් තියනවලු


ලෝකයේ මිනිස්සුන්ට වඩා කුකුල්ලු ඉන්නවලු


ඔයාලටත් ඉරට ඇවිදගෙන යන්න හිතුනොත් ඒකට අවුරුදු 2000ක් ගතවෙනවලු


ගොලුබෙල්ලන්ට දත් 25000ක් විතර තියනවලු


මෝරුන්ගෙ අලුත් දත් සෙට් එකක් සතියකින් වර්ධනය වෙනවලු


ඔ‍ටුවෙක්ට වඩා කාලයක් මීයෙක්ට වතුර නැතුව ඉන්න පුලුවන්ලු


රුසියාවෙන් හතරෙන් එකක් වනගහනයලු


මිනිස්සු අස්ති 300ක් එක්ක ඉප්දෙනවලු,ඒත් මැරෙනකොට තියෙන්නෙ අස්ති 206ලු


වයිට් හවුස් එකේ 13092ක් හැදි ගැරුප්පු පිහි තියනවලු


නිල් තල්මහෙකුගෙ දිව අලියෙක් තරම් දිගයිලු,හදවත කාර් එකක් තරම් ලොකුයිලු


හරකෙක් පඩිපෙලක ඉහලට යවන්න පුලුවන්ලු,ඒත් පහලට යවන්න බැරිලු


මොසැම්බික් වල කොඩියෙ AK-47 රයිෆල් එකක් තියනවලු


Q අකුර ඉංග්‍රීසි භාෂාවේ අඩුවෙන්ම භාවිතා වෙන අකුරලු


ලෝකයේ වැඩි හරියක් චිත්‍රපටි නිපදවල තියෙන්නේ ඩ්‍රැකියුලා මුල් කරගෙනලු


අමුතු දත්ත 1 ලිපිය
අමුතු දත්ත 2 ලිපිය

7 comments:

  1. ස්තූතියි...........!!

    ReplyDelete
  2. සිරා හොදෙ!
    මෙ ටික නම් :)

    ReplyDelete
  3. පිරිමි එක පාරක් ඇහිපිය ගහනකොට කාන්තාවක් දෙවරක් ඇහිපිය ගහනවලු

    Wenna Puluwan....!!!!

    ReplyDelete
  4. චීනයේ මිනිස්සුන්ගෙන් බිලියන 87කගෙ පවුලේ නම "ලි" ලු

    This is not quite sure! cannot be billions?
    But good work ela..

    ReplyDelete
  5. මෙතන මිලියන කියල නිවැරදි වෙන්න ඕනි..ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......