"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ලු......අමුතු දත්ත - 7 (|Amzing facts|)




පොඩි විවේක කාලයක් ලැබුනු නිසා ආයෙත් ටිකක් බ්ලොග් එකේ අනම්මනං ලියන්න කාලේ තියනවා..පොඩ්ඩක් මගේ බ්ලොග් එක බලන කොට දැනුනේ අමුතු දත්ත ලිපි සෙට් එකට හොඳටම ප්‍රතිචාර තියනවා කියලා..ඉතිං තවත් අමුතු විස්තර ටිකක් හොයලා  දාන්න හිතුනා බ්ලොග් එකේ..ඔන්න එහෙනං ඒ විස්තර ටිකත් කියවලම බලන්නකෝ

සාමාන්‍යයෙන් මිනිසෙකුගේ දහඩිය ග්‍රන්ති මිලියන දෙකක් විතර තියනවලු

බබල් ගම් වල රබර් සංගටක අන්තර්ගතයිලු

ජෙලි ‍ෆිශ් දැනට වසර මිලියන හයසිය පනහකට කලිනුත් ඉඳලා තියනවලු..ඒ කියන්නේ මෝරුන්ට ඩයනෝසරයන්ට කලිංලු

හදිසියේ ආහාර ගැනීම කෙස් ගස් වේගෙන් හැලී යාමට හේතු වෙනවලු

ලෝකයේ දෙවනියට වැඩියෙන්ම භාවිතා වෙන ලෝහය කොපර්ලු

සැම මිනිත්තු විස්සකට වරක් ෆේස්බුක් ස්ටේටස් 1,851,000 ක් අප්ඩේට් වෙනවලු

නින්දට යාමට පෙර චීස් කැල්ලක් කැවොත් නින්ද වඩා සුවපත් වෙනවලු

දැනට හම්බවෙලා තියන බරම මිනිස් මොලේ බර කිලෝ 2.3ක්ලු

වයස අවුරුදු තිහේදි ජෝජ් බුශ් බීමතින් රිය පදවලා අත් අඩංගුවට පත්වෙලා තියනවලු

සූර්‍ය ග්‍රහ මංඩලයේ උනුසුම්ම ග්‍රහයා සිකුරුලු..එහි උනුසුම සෙල්සියස් 462ක් වෙනවලු

වාර්ශිකව ලෝකයේ අඩුවෙන්ම මිනීමැරුම් සිදුවෙන්නේ සීඩයේලු

ලොත‍රැයියක් දිනනවට වඩා රත්තරන් හොයන එක ලේසියිලු

නෝර්වේය් වල Hell කියල ගමක් තියනවලු

පැස්බර බිත්තරයක් තැම්බෙන්න මිනිත්තු හතලිහක් ගතවෙනවලු

මිනිස් ලේ ආදී රතු ඉංදියන්වරු වර්නක විදියට භාවිතා කලාඅලු

පොකිරිස්සෙක්ගේ ඇහැක් හෝ නියපොත්තක් අහිමි උනොත් ඒකා ආයෙත් එන්න පුලුවන්ලු

මිනිහෙක් මැරෙනකොට අවසානයට අහිමි වෙන සංවේදනය ශ්‍රවනයලු

පූසන්ට අති ධ්වනි තරංග අහන්න පුලුවංලු

මිනිස් ඇස්සට පාට වර්ග මිලියන දහයක් පමන අඳුනගන්න පුලුවංලු

අශ්වයන්ට වමනේ දාන්ට බැරිලු

අධික තරබාරුව නිසා ඇමරිකාවේ මිනිස්සු මිය යන ප්‍රමානය අනික් රටවලට වඩා වැඩියිලු

පරිගනක කීබෝර්ඩ් එකේ එක පේලියක් පමනක් යොදාගේන ලියන්න පුලුවන් දිගම වචනේ TYPEWRITER ලු

ලෝකයේ වැඩි හරියක් භාවිතා වෙන භාශා වලිං අම්මා කියන්න මුල් අකුර පටං ගන්නේ එම් අකුරෙන්ලු

අදට එහෙනං ඇති වගෙයිලු..මම එහෙනං යනවලු..ඔක්කොටම ජයශ්‍රීලු!!!

11 comments:

  1. මේක කියෙවුවහම මට පිස්සු හැදෙනවලු. මරු මරු.....

    ReplyDelete
  2. නියමයි නියමයිලු...තව ලියපන්ලු.....

    ReplyDelete
  3. අම්මෝ මු දන්න දේවල් ලු.දිගටම ලියපන්ලු

    ReplyDelete
  4. එළ මචන්.දිගටම ලියපන්

    ReplyDelete
  5. ලිපියේ මාර ගතියක් තියෙනවලු....

    ReplyDelete
  6. Typewriter විතරක් නෙවේ. PROTOTYPE

    ReplyDelete
  7. නියමා....................යි..මම ආසයි මෙහෙම ලිපිවලට..:)
    බොහොම ස්තුතියි සහෝ..:)

    ReplyDelete
  8. පට්ට පට පට!!
    ජය වේවා!!

    ReplyDelete
  9. ඒ කියන්නේ අස්සයට බිව්වට අවුලක් නෑලු...කබරයා දාල චා වෙන්නේ නෑලු!

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......