"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

කිරිඳි ඇල්ල මුදුනට (To the top of Kiridi Fall)

මගේ කලින් ලියපු blog post එක ලිව්වේ සිරිපාදේ ගිය ගමන ගැනනේ.සිරිපාදේ යන්න යාලුවො ටික අපේ ගෙදර ආපු වෙලේ මට හිතුනා කට්ටිය පැල්මඩුල්ල පැත්තෙත් කොහේ හරි එක්ක යන්න ඕනි කියලා.මෙහේ හුගක් තැන් බලන්න තියනවා වුනත් ජනප්‍රිය කිරිඳි ඇල්ලනේ.ඉතින් ඔන්න මම කට්ටියව එක්කං ගියා කිරිදි ඇල්ලට.

කිරිඳි ඇල්ලට කොලඹ ඉදලා එනවානම් රත්නපුරට ඇවිල්ලා එතනින් පැල්මඩුල්ල.පැල්මඩුල්ලෙන් කුට්ටපිටිය කියන ගමට 6kmක් විතර යන්න ඕනි.වාහනයක එනවානම් දිය ඇල්ලට ප්‍රවේශ වෙන තැනටම වාහනයකින් එන්න පුලුවන්.අපිට නම් ඉතින් වාහන නැති හංදා ගියේ බස් එකේ.බස් එකේ යනවානම් පැල්මඩුල්ලෙන් කුට්ටාපිටිය බස් එක ගන්න පුලුවන්.

අපිත් ඔන්න කොහොමින් හරි බස් එකේ ඇවිත් කුට්ටපිටිය කිරිඳි ඇල්ල ප්‍රවේශ ස්ථානයෙන් බැහැගත්තා.ඇල්ල පාමුලට යනවානම් එතනින් ටිකට් එකක් අරගෙන තමයි යන්න වෙන්නේ.මේතන ඉදන් පඩි යොදා සකස් කල පාරක් ඔස්සේ තමයි පාමුලට යන්න වෙන්නේ.අපිට නම් කිරිදි ඇල්ල පාමුලට යන්න විනාඩි 15ක් විතර ගියා.කොහොම හරි ඇල්ල පහලට ආවාම හුගක් ලස්සනට දිය ඇල්ල කඩා හැලෙනවා දකින්න පුලුවන්.හැබැයි අපි ගිය දවස් වල නම් වතුර හුගක් අඩුයි.


                                 කිරිදි ඇල්ල නැරඹුම් මැදිරියේ සිට

කිරිදි ඇල්ල ගැන කිව්වොත් කුට්ටපිටිය කන්දෙන් තමයි මේක ආරම්භ වෙන්නේ.උස මීටර් 116ක් විතර වෙනවා.ඒ අනුව කිරිදි ඇල්ල ලංකාවේ උසින් හත්වෙනි තැනට තියන දිය ඇල්ල.මේකේ වතුර ටිකත් අවාසානයේදි එක්වෙන්නේ කලු ගඟට.ගල පර්වතයක් මතින් එන ජල ප්‍රවාහයක් එක පාරටම ඒ ප්‍රපාතයෙන් පල්ලමට වැටීමෙන් තමයි දිය ඇල්ල නිර්මානය වෙලා තියෙන්නෙ.ජලය හොදින් ඇතිකාල වලදී සුන්දර දසුන් මවමින් ගලා හැලෙන දිය ඇල්ලක් තමයි කිරිදි ඇල්ල කියලා කියන්නේ.

කොහොම උනත් දිය ඇල්ල පාමුල නම් දිය නාන්ඩ කියලා හොද පරිසරයක් නෑ. හැමතැනම ගල් ගොඩවල්.නානවනම් දිය ඇල්ලේ මුදුනට යන්න ඕනි.ඉතිං මාත් අපේ යාලුවොත් එක්ක ගියා දිය ඇල්ල මුදුනට.මෙතනට යනවානම් ආයෙත් පඩි පෙල නැගලා කුට්ටාපිටිය තේ කර්මාන්තශාලාව ගාවට එන්න ඕනි.තේ කර්මාන්තශාලාව ගාවින් පහලට බහින්න පොඩි පාරක් තියනවා.එතනින් ආවම ලේසියෙන්ම කිරිදි ඇල්ල මුදුනට එන්න පුලුවන්.

                        කිරිදි ඇල්ල මුදුනට අවට පරිසරය පෙනෙන හැටි




                      ජල ප්‍රවාහය කඩා හැලෙන්නට මොහොතකට පෙර



                              ඔන්න මාත් ඉන්නව ගැට්ටෙම



                      ස්වාභාවිකව නිර්මානය වී ඇති ජල තටාකයක්

කිරිදි ඇල්ල මුදුනට ආවම අවට පරිසරය ලස්සනට පේනවා. ඒ වගේම මෙතන නාන්ඩනම් කියාපු තැන.හරියට pool එකක් වගේ.අපි නම් ඉතිං වතුරට පැනලා හිතේ හැටියට නා ගත්තා.ඔන්න ඔයගොල්ලොත් මේ පැත්තෙ ආවොත් කිරිඳි ඇල්ල බලන්න එන්න අමතක කරන්න එපා.

4 comments:

  1. මේ දවස්වල ඇළ දොල හිඳිල ගිහින්නෙ. ඔයාගේ ඡායාරූප වලින් ඒක තවත් පැහැදිලි වෙනව. වැහි කාලෙට ‍ගොඩක් ලස්සනට ඇති. හැබැයි ඉතින් තව කොයිතරම් කාලයක් මේ දේවල් රඳා පවතීද කියල හිතන්නම් අමාරුයි. මේ සිදුවන විනා‍ශයේ හැටියට අනාගතේ ඇළක් දොළක් ගඟක් ඉතිරි වෙයිද කියන්න බෑනෙ.

    ReplyDelete
  2. ස්තූති රාජිත සහෝදරයා. ගොඩක් අසාවෙන් කියෙව්වා ඔයාගේ ලිපිය. මම ගිහින් තියෙනවා ලක්ෂපාන ඇල්ල උඩට. එත් කිරිඳි ඇල්ල ගැන අහල නම් තියෙනවා. දැකල නම් නෑ. මන් ඔයාගේ ලිපියේ ප්‍රින්ට් එකක් ගත්ත. මන් වෙනම පොතක් හදනවා ඔයවගේ විස්තර එකතු කරලා. කුරුඳු ඇල්ල කියන්නේ ඕකට නෙමේ නේද. මන් හිතන්නේ එක ලංකාවේ 3 වෙනියට උසම ඇල්ල. එකත් රත්නපුරේද තියෙන්නේ. පුලුවන්නම් රත්නපුරේ බලන්න පුළුවන් ඔයවගේ තැන වල විස්තර ටිකක් දාන්න. ගොඩක් ස්තුති යාලු
    ප්‍රභාත්

    ReplyDelete
  3. අවශ්ය තව විස්තර ඕනි නම් මට ඊමේල් කරන්න.මේක කිරිඳි ඇල්ල .කුරුඳු ඇල්ල නෙවෙයි.ස්තූතියි කමෙන්ට් එකට
    rajithasomarathna@gmail.com

    ReplyDelete
  4. බොහොම ස්තුතියි මල්ලි සංචාරක සටහනට..
    කිරිඳි අල්ලේ උඩට යන්න පුළුවන් විත්තිය මං දැනන් හිටියේ නැහැ.

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......