"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ලංකාවේ ක්‍රියාත්මක වන අවසාන මහා පරිමාන ජල විදුලි බලාගාරය


ශ්රි ලංකාවෙ ක්රියාත්මක වන අවසාන ජල විදුලි ව්යපෘතිය තමයි ඉහල කොත්මලේ project එක කියලා හදුන්වන්නේ.අදියර කිහිපයකට නැතුව එක්වරම මුලු මෙගා වොට් 150 ධාරිතාවක් දේශීය පරිභෝජනයට එක් කිරීම තමයි මේකෙ ප්රදාන අරමුන වෙලා තියන්නේ.මේක හදන්නෙ කොත්මලේ ඔයේ වතුර,යෝජිත ජලාශයේ ඉදි වන ජල හැරවුම්  උමගකින් 13 km යවලා.ඊට පස්සෙ මේ වතුර ටික තවත් උමගකට යවලා වතුර පහරට terbine එකක් හයි කරලා තමයි බිම්ගත බලාගාරයෙදි ජල විදුලි බලය නිපද වෙන්නෙ.ඉතින් අවසානයෙදි පිටවෙන ජලය ආයෙත් උමගක් මාර්ගයෙන් කොත්මලේ ජලාශයට යොමුකරනවලු.ඔහොම තමයි මූලික වශයෙන් කොත්මලෙ ව්යපෘතියෙ වැඩ කටයුතු සිද්ද වෙන්නෙ.ජපාන සමාගමක්  තමයි මේ tender එක බාරව කටයුතු කරන්නෙ.ඒක හන්දද කොහෙද වයාපෘතියෙ වැඩ හුගක් වේගයෙන් සිද්ද වෙන්වා.

 

                            විශේෂ යන්ත් මගින් උමං හාරමින්...



                                                  ගල් හාරා සකක් කරන ලද උමං...
         
                                                 

 
                කැනීම් වලදී පිට වන වායුන් බැහර කරන නාල



                                                     ජලය බැහැර කිරීම




                        ජපාන හා දේශීය ශ්රමය යොදාගනිමින්...




                                

                                  භුගත බලාගාරය...
                                             
 
මේ ව්යාපෘතිය හන්දා sant clair දිය ඇල්ල බලපෑමක් ලක් වෙනවා.එ කියන්නෙ මේ දිය ඇල්ලෙ වතුර නැතිවෙලා යනවා.ඉතින් විදුලි බල මංඩලයෙන් නම් කියන්නෙ දිය ඇල්ලෙ සුන්දරත්වයට හානි වෙන්නෙ නැතුව දිවා කාලයේදි ජලය වරින් වර නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා.ඒගොල්ලො කියන විදියට නම් ස්වබාව සෞන්දර්යයට අවම හානි ගෙන දෙමින් තමයි ඉහල කොත්මලේ project එක ක්රියාත්මක වෙන්නේ.කොහොම උනත් කටයුතු කියන ආකාරයෙන්ම සිද්ද උනොත්  හොදයි.

මේ ව්යපෘතියෙන් රටට අත්වන වාසි වගේම ප්රාදේශීය වශයෙනුත් බොහෝ වාසි සැලසෙනවා.අලුත්රැකියා අවස්තාවන්,ප්රදේශයේ යටිතල පහසුකම් දියුනු වීම වගේ ඒව අත්රින් ප්රදානයි.ඇත්තටම ප්රදෙශ වල ජනතාවගෙ ජීවන මට්ටම නම් ව්යපෘතිය හන්දා උසස් වෙලා කියලා නම් කිව යුතුමයි.


ව්යපෘතියෙ තාක්ෂනික තොරතුරු ටිකක්

ජලයේ පුර්න සැපයුම් මට්ටම-මුහුදු මට්ටමේ සිට 1194 m

ජලයේ අවම මෙහෙයුම් මට්ටම- මුහුදු මට්ටමේ සිට 1190 m

ජලය මුදා හැරෙන මට්ටම - මුහුදු මට්ටමේ සිට 703 m

ජලාශයේ ධාරිතාව - ඝන මීටර් මිලියන 0.8

ජලාශයේ වර්ග ප්රමානය - හෙක්ටයාර 25

උපරිම දල ජල හිස - මීටර 491

පුර්න මෙහෙයුමකදී සාමාන්ය ජල හිස - මීටර 473

ස්ථාපිත ධාරිතාවය - මෙගා වොට් 150

වාර්ෂික බල ශක්ති නිපැයුම - ගිගා වොට් 409

මුලු ව්යපෘති පිරිවැය-අමරිකානු ඩොලර් මිලියන 384

දේශීය ආයොජනය-අමෙරිකානු ඩොලර් මිලියන 87

මුලු ණය මුදල-අමරිකානු ඩොලර් මිලියන 297

පොලිය - 0.95%

සහන කාල පරිච්චෙදය අවුරුදු 10යි

ණය ආපසු ගෙවීමේ කාල පරිච්චේදය අවුරුදු 30යි.

                                 -ක්ශේත් චාරිකාවක් ඇසුරෙනි-

3 comments:

  1. ලංකාවේ ක්‍රියාත්මක වන අවසාන මහා පරිමාන ජල විදුලි බලාගාරය කිව්වේ මින් ඉදිරියට එහෙම වැඩ වෙන්නේ නැද්ද ?

    ReplyDelete
  2. i like to work hydro power project any where.
    upper kothmale project contractor name?......
    HYDA neda.
    great article...

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......