"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

තේ වතු මැදින් සුන්දර ලිප්ටන් සීට් වෙත Trip to lipton seat


ලංකාවේ බලන්න තියන සුන්දර තැන් අතරින් තවත් එක් සුන්දර තැනක් තමයි ලිප්ටන් සීට් කියන්නේ.මේ ලිප්ටන් සීට් කියන නාමය මෙතනට පටබැ‍ඳෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් නිසයි.ඔහු තමයි ලිප්ටන් ‍තෝමස්.1864 දි නැවක කැබින් බෝයි කෙනෙක් විදියට සේවය කරලා ඝනකධිකාරීවරයෙක්,පොත් තබන්නෙක් සහ ගෙයින් ගෙට ගිහින් භාන්ඩ විකුනන අලෙවිකරුවෙක් විදියට සේවය කරලා අවසානයේ සහකාර තේ පරීක්ශකයෙක් විදියට නිව්යෝක් වල වැඩ කරලා තියෙනවා.

1980 වර්ශයේ මේ ලිප්ටන් මහත්තයා ලංකාවට එන්නේ ලංකාවට තේ වගාව හඳුන්වාදුන් ජේම්ස් ටේලර් මහත්මයගේ ව්‍යාපාර කටයුක්තකට.එහෙම ආපු ගමනේ ලිප්ටන් මහත්මයා ලිප්ටන් නමින් තේ වර්ගය ලංකාවට හන්දුන්වා දෙමින් දඹේතැන්න වත්ත සහ දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව ආරම්භ කලා.ඒ පූනාගල කඳේ අක්කර 925ක භූමියක.

මේ ලිප්ටන් මහත්මයා ස්වභාව සැන්දර්යට බෙහෙවින් ඇලුම් කල කෙනෙක්.. ඒ නිසා මේ පූනාගල කන්දේ දඹේතේන්න වත්තේ ඔහුට අංශක තුන්සිය හැටකින් බලන්න පුලුවන් වෙන විදියට අසුනක් නිර්මානය කලා.ඒ අසුන තමයි අද Lipton seet නමින් හැඳින් වෙන්නේ..

මෙතනට එනවා නම් පාරවල් දෙකක් තියනවා. එකක් හපුතලේ නගරයෙන් අනික බන්ඩාරවෙල හරහා.මගේ ගමන පටන් ගන්නේ බන්ඩාරවෙල නගරයෙනෙතනින් පටන් අරන් පූනාගල හරහා ලිප්ටන් සීට් ගිහින් එනකොට දඹේතැන්න හරහා හපුතලේ නගරයට සේන්දු වෙන්නයි මම මේ ගමන පටන් ගත්තේ.





මට සම්පූර්න ගම ඉවර වෙනකොට හිතුන විදියට ලස්සනම පාර පූනාගල පාර තමයි.ඒ පාරෙන් එනකොට ටිකක් විතර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අවට පරිසරයේ ලස්සන විඳින්න පුලුවන්.මුලින්ම මේ ගමන බන්ඩරවෙල ටවුමෙන් පටන් අරන් ටිකක් දුරක් එනකොට දඹේතැන්න වතු යායට අයිති පරන තේ ෆැක්ටරියක් හම්බවෙනවා.ඒ ෆැක්ටරිය ගාවින් වාහනයක් ඇතුලට දානවා නම් වෙනම ටිකට් පතක් ගන්න වෙනවා..ඒ කැතරින් ඩිවිශන් එකට ඇතුල් වෙන්න..එතැන් පටන් ලිප්ටන් සීට් එකට යනකන්ම ඊතල මගින් සලකුනු ලකුනු කරලායි තියෙන්නේ.ඒක හංද කිසිම අවුලක් නැතුව ගමන යන්න පුලුවනි.





මගේ ගමන පටන් ගන්නකොට උදේ පාන්දර 6.30ට වගේ වෙන්න ඇති. ඒ හඳා ඉර නැගගෙන එන්න ඔන්න මෙන්න වෙලාවක ඈතින් කන්දුකරේ පෙනුනේ මෙහෙම..පින්තූරේ වමට එලි කරපු කේල්ලක් තියෙන්නේ නරියා කන්ද..


යන පාර දිගටම මේ විදියට පාර ලකුනු කරලයි තියෙන්නේ






උදේ පාන්දර ඉඳලාම දලු කඩන අය ඒගොල්ලන්ගේ පාඩුවේ වැඩ





පහලින් පොඩියට ඈතට විහිදෙන ලයින් ගම්මාන බලාගන්න පුලුවන්.මේ පින්තූරේ නම් පොඩියට කෝවිලකුත් පේනවා

Add caption

වත්තට අයිති වාහන වල ගෙනියන කිරි

















ඔහොම ටිකක් දුර යනකොට ලිප්ටන් සීට් වෙත යන පාරට අපි ලඟා වෙන්වා.මෙතනින් ටිකට් එකක් එහෙම අරගෙන තමයි යන්න ඕනි.වාහනයටත් යන පිරිසටත් වෙනම ටිකට් ගන්න ඕනි




තමන්ගේ ජීවිතයම වත්තේ දලු කඩන එක ගැන පොඩි දුකකුත් මූනේ තියනවා වගේ



මුලු ගමනේ කිලෝමීටර් 13.5 වගේ ගියහම අපි අවසානයට ලඟා වෙනවා


මෙතන ඉඳන් අංශක 360ක ප්‍රමානයෙන් වටපිටාව අපිට බලන්න පුලුවනි.ලිප්ටන් මහත්තයත් මෙතන ඉඳලා එහෙම බලලා තියනවා..මේ දවස් වල මෙතනට උදෙන්ම එනවා නම් මීදුම නැතුව පැහැදිලිව වට පිටාව බලාගන්න පුලුවන්.කොහොම උනත් අපි මෙතනට එනකොට උදේ 8ට වගේ උනා.ඒ වෙනකොට වලාකුලු වලට වැහිලයි තිබුනේ


ලිප්ටන් නාමයෙන් තියන තේ සමාගමෙන් මෙතන පස්සේ කාලෙක ලිප්ටන් මහත්තයගේ අනු රුවක් ඉදි කරලා තියනවා.ඒ කාලෙ එයා මේ විදියට ඉන්දගෙන වටේ සිරි නරඹන්න ඇති. කාට උනත් මෙතන ඉඳගෙන පිංතුරයක් ගන්න තහනමක් නෑ


ගොඩක් ව්දේශිකයන් මෙතන ඇවිත් මෙහි සුන්දරත්වය විඳිනවා. ඒ වගෙම මෙතනට ආවොත් මේ  තියන පුන්චි අවන්හලේ උනු උනු රොටියක් එක්ක ප්ලේන්ටියක් බොන්න මතක කරන්නත් එපා..




මේ වත්ත පුරාවටම යනකොට ලිප්ටන් මහතා ලියූ වදන් තේ වත්ත පුරාවටම ලියා තිබෙනවා  


ඒ වගේ තිබුනු තවත් එක් වැකියක් මගේ හිත ගත්තා

'මිනිසෙකු යහපත් අයෙකු වීමට සිතන්නේ නම් ඔහු විසින් ඉටු කළ යුතු ප්‍රථම කාර්යය වන්නේ සත්ත්ව හිංසාවෙන් වැළකීමයි. අප ජීවත්වන භූමිය එකම සමාජයක්‌ ලෙස සිතමින් එය ආදරය හා ගෞරවය පැතිර වීමට යොදා ගත යුතුයි.''


ඔන්න ඔහොම මගේ ලිප්ටන් සීට් සංචාරය අවසන් වෙනවා.ඉතුරු කිලෝමීටර් 8ක දුර මම දඹේතැන්න හරහා හපුතලේට ඇවිත් මගේ සංචාරය නිමා කරනවා.ජීවිතයේ ඔබත් වරක් හරි ඇවිත් යන්න පරිසරයේ සුන්දරත්වය විඳින්න එන්න හොඳ තැනක් විදියට මේ සුන්දර ලිප්ටන් සීට් හඳුන්වන්න පුලුවන්.













4 comments:

  1. මේ ලිපිය සංචාරය කරන අයට ගොඩක් වටිනවා යළුවේ. කොළඹ ඉඳන් බදුලු ගිහින් බදුල්ලෙන් ආපහු ලිප්ටන් සීට් බලන්න එන එක ලේසිද? එහෙම එනව නම් පාර මොකක්ද?

    ReplyDelete
    Replies
    1. කොලඹ ඉඳ එන කෝච්චියේ හපුතෙලෙන්ම බැස්සා නම් හරි.එතනින් දඹේ තැන්න බස් එකත් යනවා.ඒතන ඉඳන් පයින් ගියත් මනරම්..නැත්නම් ත්‍රීවිල් තමයි

      Delete
    2. හෙට අනිද්දම ලිප්ටන් සීට් බලන්න යන්න තමයි කල්පනාව

      Delete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......