"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගඩා‍ෆිගේ මරනය සහ බටහිර රටවල හැසිරීම....



පසුගිය කාලය තුල ලෝක දේශපාලනය උනුසුම් කල මාතෘකාව වූයේ ලිබියානු නායක කර්නල් මුහමර් ගඩා‍ෆිගේ අවසානයයි.ලේ වැගිරීමකින් තොර වූ හමුදා කුමන්ත්‍රනයකින් මීට අවුරුදු 42කට පෙර ලිබියාවේ පාලක බලය සියතට ගත් ගඩා‍ෆිගේ අවසානය ලේ වැගිරීමකින් කෙලවර වේ යයි ඔහු කිසි විටෙක නොසිතන්නට ඇත.නමුත් සියලු දේ සිදුවී හමාරය.නියත බලය නියත වශයෙන්ම විනාශ වන බව පසක් කරමින් අවසානයේ බලය සිඳී බිඳී ගොස් ගඩාසිට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම දෛවෝපගතය.පසුගිය දින කීපයේම ගඩා‍ෆි ගාථනයට සම්බන්ද වාර්තා රූප රාමු  පුවත්පත් රූපවාහිනිය තුලින් ප්‍රකාශයට පත් විනි.රක්ත පැහැ මුහුනින් යුක්තව ලේ වගුරවමින් "මට වෙඩි තියන්න එපා" යයි බැගැපත්වනවිටත් කැරලිකාර හමුදා හැට නම හැවිරිදි තම පාලකයාගේ ගෙල සිර කරගනිමින් සිටිනා දර්ශනය දකිනා විට බිඳක් හෝ සිත සසල නොවුනි නම් පුදුමයකි.එසේ නම් මෙසේ තමාව අවුරුදු හතලිස් දෙකක් පාලනය කල නායකත්වය කෙරේ මෙතරම් දෙයක් කරන්නට තරම් ආවේගයක් ඇති වූඒ කෙසේදැයි සිතා බැලිය යුතුය.එහෙත් ඒ පිලිබඳව කතා බහ ඉදිරියට විසඳාගැනීමට හැකි වනු ඇත.ඒ ලිබියානු ජනතාවගේම අදහස් වලිනි.ගඩා‍ෆි පාලනය සිය රටවැසියන්ගේ කතාකිරීමේ නිදහස යම තාක් දුරකට සීමා කල බව කියවේ.

කෙසේ වෙතත් ගඩා‍ෆි ඉදිස් ජූ රජුව නෙරපා දමා මීට වසර 42කට පෙර ලිබියාවේ පාලනය සියතට ගන්නා විට රට ආර්ථික අතින් දුර්වල මට්ටමක පැවතුනි.එහෙත් ක්‍රම ක්‍රමයෙන් ලිබියාව තිබුනු තත්වයෙන් මුදවා රට නිසිමගකට ගෙන ඒමට ගඩා‍ෆිගේ පාලනය සමත් විය.මේ සඳහා ගඩා‍ෆි තම රට සතු තෙල් සම්පත යොදා ගත්තේය.තෙල් බලය උපයෝගී කර ගනිමින් ගඩා‍ෆි ලෝක දේශපාලනය තුලද සෙල්ලම් දැමීමට පටන් ගත්තේය.බටහිර විරෝදී ආකල්පයක සිටිමින් බටහිර ලෝකය දැඩිව විවේචනය කිරීම ගඩා‍ෆිගේ මරනය තවත් ඉක්මන් කල බව නම් නොරහසකි.කෙසේ වෙතත් රට තුල සමාජවාදී දේශපාලන රටාවකට ගෙනයාමට කටයුතු කල ගඩා‍ෆි අසූව දශකයේදී සංස්කෘතික විප්ලවයක් යැයි කියමෛන් සියලු පෞද්ගලික ව්‍යාපාර තහනම් කිරීමත් කතා කිරීමේ නිදහස සහ ‍රැස්වීමේ නිදහස සීමා කිරීමත්,විදේශගතව සිටිට්යද තම විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමට කටයුතු කිරීම වැනි කාරන මුල් කරගෙන ජනතාව තුල මොහු කෙරේ අප්‍රසාදය දිනෙන් දින වර්දනය වන්නට විය.බලයෙන් මත්ව කටයුතු කිරීම තුල ඒකාදිපතිත්වයේ ලක්ශන ගඩා‍ෆි තුලින් තවතවත් පෙන්නුම් කරන්නට වීම තුල රටේ ජනතාව මහත් පීඩාවෙන් සිටි බව ගඩා‍ෆිගේ මරනය වූ ආකාරය හොඳින් පැහැදිලි කර දෙයි. නො එසේ නම් මෙලෙස කුරිරු ලෙස වධ බන්දනයට ලක්වෙමින් තම ජනතාව අතින්ම මැරුම් කන්නට ගඩා‍ෆිට සිදු නොවනු ඇත. නො එසේ නම් ගඩාඅෆි මැරුනු පුවත අසා ත්‍රිපොලි නුවරට පැමිනි ජනයා ප්‍රීති ගෝශා කරමින් සතු‍ටු නොවනු ඇත."රාජ්ය විරෝධී ලෙස අදහස් දක්වන කාන්තාව,දරුවා දක්ව මරා දැමිය යුතුය" ඒ ගඩා‍ෆිගේ හඬයි.ගඩා‍ෆිගේ බල වියරුව මේ ප්‍රකාශයෙන් මැනවින් පිලිබිබු වේ.කෙසේ වෙතත් ඒකාදිපතිත්වය සදාතනික නොවේ යන්න සනාථ කරමින් ජනතාව නැගී සිටීම ආරම්භ විය.සුපුරුදු ලෙස තම බලය යොදා ජනතා නැගිටටීම පාලනය කිරීමට ගඩා‍ෆි උත්සහ කලත් සියලු ක්‍රියා නිරර්ථක වූයේ ජන බලය ඒකාදිපති බලයට වඩා ප්‍රබලය යන සත්‍ය පසක් කරමිනි.

මේ සිදුවීම් කෙරේ බටහිර දේශපාලනයේ හැසිරීමත් සලකා බැලීම ඉතා වැදගත් කරුනකි.ලිබියාව දෙසට මානව හිමිකම් මුවාවෙන් දේශපාලනය වෙනස් කිරීමට අර ඇදූ බටහිර ප්‍රජාවට මේ ජනතා නැගිටීම් හොඳ උත්තේජනයක් සැපයීය.ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් ගඩා‍ෆිගේ පාලනය පෙරලා දැමීම්ට සහයෝගය දෙද්දී ලිබියානු හමුදාවට එරෙහිව අවිබලය යොදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනාවක්ද සම්මත විය.මේ කාරනයේදී බටහිර ප්‍රජාව ගඩා‍ෆිගේ කුරිරු පාලනය බලය පෙරලා දමන බවට කියමින් ඔවුන්ගේ යටි අරමුනු මුදුන්පත් කරගැනීමක නිරත වුනු බව නම් නොරහසකි.මූලිකම දෙය නම් ඩොලර් බිලියන තිස් දෙකක් වටිනා වාර්ශික තෙල් ආධායමයි.මේ තෙල් බලයට ලොල් වූ අධිපතිවාදී බටහිර ප්‍රජාව ඇරභූ Nato සංවිධනයේ සහ ඊට මුල්‍ය ආධාර දෙන බටහිර ඛනිජ තෙල් සමාගම් ජාලයේ බල පරාක්‍රමය තුල ඔහුට බෝක්කු කටක් තුල අවසන් ගමන් යාමට කාරනා කටයුතු යෙදුනි.කෙසේ වෙතත් ගඩා‍ෆිගේ අවසානය සිදුව හමාරය.මේඅනුව  නව සහස්‍රකය තුල ඇමරිකාව ප්‍රමුක බටහිර බලවේගයේ දෙවනි රාජ්ය නායක ගොදුර බවට පත් වූයේ ගඩා‍ෆිය.පලමු වැන්නා සදාම් හුසේන්ය.කෙසේ වෙතත් සදාම්ගෙන් මිදුනු ඉරාකයේ අද තත්වය සලා බැලුවොත් එරට පවතින තත්වය තවමත් ඛේදනීයය.විවිද කන්ඩායම් ආයුද අතට ගනිමින් ප්‍රචන්ඩ ක්‍රියවන් ඉරාකය තුල නිතර නිතර සිදුවන බව අසන්නට දකින්නට ලැබේ.අමරිකානු හමුදා තවමත් විශාල වශයෙන් ‍එහි රැඳී සිටියි.විවිද මතවාද සහිත කන්ඩායම් බිහිවෙමින් පවතී.ජනතා සහනයක් සහිත දේශපාලනයක් ඉරාකය තුල බිහිවීමක් පෙනෙන තෙක් මානයක නැත.ලිබියාව තුල මේ තත්වය  කෙසේ  වෙනස් වේ දැයි කාට නම් සහතික දිය හැකිද?රට තුල සම්පත් විදේශීය සමාගම් අතට පත්වීම නම් නොවරදීම සිදුවනු ඇති බව නම් නිවරදීම කිවිය හැක.පහැදිලි එකඟතාව්යක් නොමැතිව එක අරමුනක පිහිහි‍ටුවා නොසිට විවිද් කන්ඩායම් වල අත්තනෝමතික ක්‍රියාපිලිවෙතකින් කෙලවර වූ ගඩා‍ෆිගේ මරනය යුගයක අවසානයක් සනි‍ටුහන් කරන මුත් තවත් ගැටලු රාශියක ආරම්භයක් වෙන බව නම් පැහැදිලිය.ඉදිරියේදීත් එක්සත් වීමක් නොව බොහෝ දුරට් බලාපොරොත්තු විය හැක්කේ එකිනෙකා තම මතවාද වෙනුවෙන් කුලල් කා ගැනීමකි.බෙදී වෙන්ව පවතිනා තුරාවට බටහිර බලවේග වලට ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි බව නොරහසකි.එවිට රට වැසියන්ට නොදැනීම රටේම සම්පත් තම ආදිපත්‍යට ගැනීමේ සංකල්පය බටහිර රට වල් හොඳ හැටි පෙන්වමින් තිබේ.ඒ තුල ලිබියාව අවුලෙන් අවුලට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙලෙස සලකා බලන කල ඉඟුරු දී මිරිස් ගත්ත වැනි තත්වයකට රට ඇදවැටෙනු ඇතැයි නොසිතිය හැකිද යන්න සලකා බැලිය යුතු කාරනාවකි.

කෙසේ වෙතත් ලොව කුම්න හෝ තැනක මිනීමරු ඒකාදිපතිත්වයක් ඇත්නම් ඒ පාලනයන්ට තිත තැබිය යුතුමය.එහි කතා දෙකක් නැත.නමුත්  යම් එවැනි පාලනයක් පන්න දැමිය යුත්තේ බටහිර රටක අවශ්‍යතාවයකටවත් වෙනත් කිසියම් හෝ සංවිදානයක අවශ්‍යතාවයකට නටන දේශපාලන න්‍යාය පත්‍රයකට නොවිය යුතුය.සියලු කාරන කටයුතු සිදුවිය යුත්තේ සමස්ත රටවැසියන්ගේ සාධාරන අවශ්‍යතාව මත ඒ ජනතාව මුල් කොටගෙනමය.එවිට පහැදිලි ජනබලය හිතසුව පිරි රටක අනාගතය තීරනය කරනු ඇත.

6 comments:

  1. මගෙත් අදහස ඕකම තමා. අපිට මනුස්සයාගේ ස්වරූපය නෙමේ වැදගත්. ඒකා ඒකාධිපති වූවා හෝ නොවූහා හෝ වේවා බටහිරට ඔන විදිහට ඒ මිනිහව ඒ මිනිහගේම රට තුල මරා දාන්න කිසිම අයිතික නෑ. ඇත්තටම කිව්වොත් ඒ රටේ මිනිස්සුන්ට තමන්ගේ රටේ නායකයාව මරාදානකන් බලන් ඉන්න පුලුවන් කියන්නෙ ඇත්තටම ඒකෙන් පෙන්නුම් කරන්නෙ ඒ මිනිස්සුන්ගෙ හැදියාව සහ චර්‍යාවන්.

    ReplyDelete
  2. මේ ගැන ලියවුණු වඩාත්ම සමබර ලිපිය මම කියවපු .. බොහොම අගෙයි සහෝ

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම....buwa+sri kolla+chathuranga

    ReplyDelete
  4. මොනා උනත් මැරුනේ මනුස්සයෙක් හන්දා දුකයි !!!
    මට තියෙන එකම පුදුමේ තමයි. ප්‍රභාකරන් මැරුවට පස්සේ කෑ ගහපු බෑන් කී ම්ය්ය්න් ලා වගේ අය මේ සිද්දියේදි ඔසාමා බින් ලාඩන්ව මරපු සිද්දිය වගේ සිද්දි වලදි නිහඩ වෙලා ඉන්නේ ඇයි කියලා.

    ReplyDelete
  5. ඒක නම් මටත් පුදුමයක්.බටහිර රටවල මේ නව යටත් විජිතවාදය ලෝකයෙන්ම තුරන් නළ යුතුයි

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......