පහුගිය දවසක අපේ සරසවියට ධම්මික බන්ඩාරයන් පැමිනියා ගීත විචාරයකට.ධම්මික බන්ඩාර කිව්වට නම ඒතරම් ගානක් නැති උනාට මගේ පුංචි රෝසමලේ,හන්තානට පායන සඳ, වගේ ජනප්‍රිය ගීත ලියලා තියන ප්‍රවීන ගීත රචකයෙක් තමයි ඔහු.රසවින්දන විචාරයෙදි මූලිකත්වය දීල තිබුනේ නිල් කැට වැස්ස සංයුක්ත තැටියෙ එන ගීත සහ ගීත වලට මුල් වුනු අත්දැකීම් ගැන කියන්න .මේ විචාරයෙදි ගොඩක් ගීත ගැන වගේම ගීත වලට මුල් උනු සමහරක් කලාකරුවන් ගැනත් අපූරු විස්තර ටිකක් දැනගන්න ලැබුනා.ඉතින් ගීත විචාරයට වැඩිය මේ ගීත වලට මුල් වුනු සිදුවීම් මොනවද කියලා එතුමා කියන විදියට මගේ මතකයේ හැටියෙන් බ්ලොග් එකේ දැම්මොත් හොඳයි කියල හිතුන හැමෝටම දැනගන්න..මොකද ගොඩක් ගීත වල නිධාන කතා හරි සුන්දරයි.
හන්තානට පායන සඳ කියන ගීතය ලියවෙන්නෙ තනි සිදුවීමක් මුල් කරගෙන නම් නෙවෙයි.සිදුවීම් ගොඩක එකතුවකට.ධම්මික බන්ඩාරයන් සරසවි අධ්‍යාපනය ලබන්නේ කොලඹ සරසවියේ. පේරාදෙනිය සරසවියට නොගියට එතුමාට එන්න ලැබෙනවා විටෙන් විට පේරාදෙනිය සරසවියට එතුමගෙ මිතුරන් හමුවෙන්න.කොලඹ කටුක ජීවිතෙත් එක්ක පේරාදෙනියෙ පරිසරය එතුමට හොඳට හිතට අල්ලනවා.සරසවිය අයිනෙන් ගලාගෙන යන මහවැලි ගඟ,සීතල සුලඟ,හන්තාන කඳු වලල්ල කොලඹ කටුක පරිසරයෙ කාලය ගත කරපු එතුමන්ට රසඳුනක් වෙලා.හන්තානට පායන සඳ මෙතුමා දකින්නෙත් පේරාදෙනිය සරසවියෙ නේවාසිකාගාරයක නිදහසේ ඉන්න වෙලාවක.ඒ ගැන එතුමන්ගේ වචන වලින්ම කියනවානම් ,
"එතකොට අපි මේ සරසවිය ආශ්වාදය කලා.ඔහොම ආශ්වාදය කරන අතරතුර ඇත්තමයි මම දැක්ක හන්තානට පායන සඳ."
ඕක සිතුවිල්ලක් විදියට එතුමගෙ හිතේ ඇඳිලා තියනවා.නමුත් ඒ දවස් වල මේක මුල් කරගෙන ගීතයක් ලියන්න තරම් වටපිටාවක් තිබිලා නැ.
ඔහොම කාලය ගතවෙලා යනකොට ධම්මික බන්ඩාරයන් නගර වල පංති පවත්වන්න පටන් ගන්නවා.ඔහුගෙ පංතියකදි දැකල තියනව දෙන්නෙක් අතර පොඩි ප්‍රේම පැලැටියක් වැඩෙනවා. අහිංසක විදියට වැඩේ සිද්ද වෙනවලු.කාටවත් කරදරයකුත් නැතුව ඉගෙන ගන්න ඒවටත් බාධාවක් නැතුව වැඩේ සිද්ද වෙන නිසා කවුරුත් බාධා කරන්න ගිහින් නැ, අවවාද දීලත් නැ.කොහොම හරි ඒ වසරේ දෙන්නම උසස් පෙල ලියලා ප්‍රථිපල වලින් ගැනු ලමය පේරාදෙනි සරසවියට තේරෙනවා.ඒත් පිරිමි ලමයා සරසවියට තේරෙන්නෙ නැ.ඔහොම ඔය සිදුවීම් පෙලත් සිද්ද වෙලා එතුමටත් ඕක අමතක වෙලා යනවා.
ආයෙත් අවුරුදු දෙකකින් විතර යම්කිසි නගරයක් එතුමා ඉන්නකොට අත් දිගට ඇඳගත්තු සපත්තු දෙකක් දාගෙන ආපු සේල්ස් රෙෆ් කෙනෙක් සාර්ට මාව මතකද අහනවා.එතුමටත් වැඩි වෙලා නොගිහින් මතකෙට එනවා මේ අර කාලෙකට ඉස්සර එතුමගෙ පංතියට ආපු ලමය කියලා.ඔහොම කතා කරකර ඉන්නකොට
එතුමා අහල තියනවා
"දැන් කොහොමද සම්බන්දේ...ගැනු ලමය එහෙම කොහොමද "කියලා..
"සර් මම ඒක නැවැත්තුවා.." මෙයා දුකින් උත්තර දීල…
"ඇ ලමයො සාමාන්‍යයෙන් ගැනු ලමයා කැම්පස් ගියාම සාමාන්‍යයෙන් වෙන්නෙ පිරිමි ලමයව අත අරින එකනේ..මොකද උනේ ගැනු ලමයා
අකමැතිද මේක කරගෙන යන්න??"
"නැ සර් එයා කැමති මේක කරගෙන යන්න ,ඒත් මමයි අකමැති.."
"ඇ මොකද ලමයො ඒ??........" සර් අහල තියනවා.
මෙහෙම අහනකොට අරය හොඳ උත්තරයක් දීල
"සර් දැන් එයා විශ්ව විද්‍යාලෙනෙ ඉන්නේ.දැන් එයාට හොඳ අනාගතයක් තියනවා.දැන් මම එයාව බලන්න නිතර කැම්පස් එකට යන්න එන්න ගත්තොත් ඒක එයාගෙ තත්වෙට බාධාවක්.මම එයාගෙ අධ්‍යාපන මට්ටමට ගැලපෙන්නෙ නැ.ඉතින් මම කල්පනා කලා එයාගෙන් වෙන් වෙන්න "
ඉතින් මේ සිදුවීම පද රචකයට හොඳට දැනිල තියනවා.ඒත් එක්කම ඔහු බලපු චිත්‍රපටියක් ගැනත් පෙලින් පෙල මතකයට ඇවිත්.චිත්‍රපටිය හුලවාලි.හුලවාලි කියන්නේ සැඩොල් ගමක කතාවක්.ඒ සැඩොල් ගමේ නායකයා දාර.දාරගේ බිරිඳ මේ හුලවාලි ගමට තොරොම්බල් අරන් එන බිබිලේ ඇත්තො එක්ක හාදකමක් ඇති කරගන්නවා.මේක ගැන දාර ටික ටික දැනගෙන අන්තිමට දෙන්නවම එක තැනකදි එකට අල්ලගන්නවා.අල්ලගෙන බිබිලේ ඇත්තො අහනවා ,
"උබ මගේ බිරිඳට ආදරෙයිද..එහෙනම් උඹ මගෙ ගැනිව අරන් පලයන්.හැබැයි මේකිට කරදරයක් එහෙම උනොත් මම උඹව ඉතුරු කරන් නැ..."
ඔහොම කියපු දාර බිරිඳගෙ ඔක්කොම බඩු ටිකත් එක්ක රෙදි ටික පොට්ටනියකට දාල පටවලා තමන්ගෙ බිරිඳ බිබිලෙ ඇත්තොත් එක්ක පිටත් කරල යවනවා.අන්තිමට බිරිඳ අරන් ගියාට පස්සේ ඇයට ගෙනියන්න අමත වෙච්ච ඇගේ එක පෙරවන රෙද්දක් දාරට හම්බ වෙනවා.දාර මේ සලුව අතේ තියාගෙන හොඳටම අඬනවා.
මම මේ කියපු ඔය සිදුවීම් තුන මුල් කරගෙන තමයි අන්තිමට හන්තානට පායන සඳ ගීතය එතුමා අතින් ලියවෙන්නේ.අමරසිරි පීරිස් ගායකයනන්ගේ කට හඩට තවත් ගීතයේ රසවත් බව වැඩි වෙලා සාර්තක නිර්මානයක් මේ ඇසුරින් ගොඩනැගෙනවා.ඔහොම තමයි මේ ගීයේ නිධාන කථාව.ඉතුරු ඒවත් ටික ටික පුලුවන් විදියට දාන්නම්.අදට ඇති.ඔන්න එහෙනම් මම ගියා.ඔක්කොටම ජයශ්‍රී!!!
ඒ සින්දුව ගොඩක් ලස්සන එකක්.. නිධාන කථාව දැන ගැනීමට ලැබීම සතුටක්.. ඔබටත් ජය ශී‍්‍ර!!
ReplyDeleteනියමයි. ඉතුරැ කතා ටිකත් ඕනෙ
ReplyDeleteතවත් ලියන්න...අපි බලනවා
ReplyDeleteමට ඕක අහද්දී හැමවෙලේම මතක වෙන්නේ මගේ හොඳම යාළුවෙක්ව. ඇය තමයි මට ඕකේ කතාව කියල දුන්නේ.
ReplyDeleteරජි දිගටම ලියපන් ! ! !
ReplyDeleteනියමයි මල්ලි. පේරාදෙනි කැම්පස් එකේ උනාට ඔය ගීතයේ තේරුම දැනගෙන හිටියේ නෑ.
ReplyDeleteබොහොම ස්තූතියි මල්ලි මේ ලිපියට. ඒ වගේම ඉතුරු කතා ටිකත් ඉක්මනට ලියන්න.
ජය ශ්‍රි !!!!
ගොඩක් රසවත් එක හුස්මට කියවගන ගියා.දිගටම ලියන්න.
ReplyDeleteගේය පද රචකයෙක්ගේ හිත ගොඩක් සංවේදී.හ්ම්ම්.....සින්ඩුව වගේම කතාවත් දුකයි
ReplyDeleteraji maru keep in touch....
ReplyDeleteniyamai...........
ReplyDeleteමම ආසම සින්දුවක්...
ReplyDeletevry nice.....
ReplyDeletetrue story!! here's the link http://www.youtube.com/watch?v=7u3iw1TLKcs&feature=related
ReplyDelete