"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

ගීයක සුලමුල 3-ඔබ එදා නම් සඳ වගේ මැයි....


ගීයක සුලමුල තුන්වෙනි ලිපියත් ලියන්නයි හිතුවෙ ඕන්.මේ ගීතය තමයි ඔබ එදා නම් සඳ වගේමයි..කියන සින්දුව.වැඩි දෙනෙක් අහල නැතුවත් ඇති.ඒත් ගොඩක් රසවත් යුග ගීතයක්.ගීයෙන් කියවෙන්නේ මුලින් ගොඩක් ආදරයෙන් උන්නු  විවාහපත් දෙන්නෙක් ගැන.ඒත් දැන් ගැහැනියට ආදරයෙන් වෙන් වෙන්න හිතිලා.ඒත් පිරිමියා අතීතය මතක් කරනවා ඔබ එදා නම් සඳ වගේමයි කියලා.ගීත විචාරකයකට වඩා මම මේ ලිපි පෙලින් උත්සහ කලේ ගීත රචකයාට ගීතය ලියන්න මූලික වුනු සිදුවීම් ගැන ලියන්නනෙ.ඉතින් මේ ගීතයට මූලික වෙලා තියෙන්නේ ඉතාම සුලු සිදුවීමක්.
 
මේකයි කතාව.අපේ මේ ගීත රචකයගේ බිරිඳ ටිකක් වසයිලු.ටිකක් කේන්ති ගත්තහම කච කචේ ඉවරයක් නැතිලු.සාර්ථක ජීවිතයක් ගතකලාට පෙලක් දවස් වලට පොඩි පොඩි රන්ඩුත් ඇති වෙනවලු.මෙහෙම රන්ඩුවක් ඇති වෙච්ච දවසක ධම්මික බන්ඩාරයන්ගේ බිරිඳ කිව්වලු
"මේ ලමය නැත්නම් මම තමුසෙව දාල යනව..." කියලා
ඉතින් මේ වෙලාවේ එතුමට මතක් වෙලා තියෙනවා ඒ අය අවුරුදු ගානක්  ප්‍රේම කරල විවාහ උනු  විදිය.ඒ කාලේ ලියපු ලියුම්,කරපු කියපු දේවල් එහෙම.ඉතින් මේ වෙලේ ගීත රචකයට හිතිලා තියනවා මේ වගේ කොයි තරම් ලියුම් ලියලා ආදරය කරලා එකතු උනත් වෙන් වෙන්නත් හේතු සාදක ඇති වෙනවා නේද කියලා.ඔය සිදුවීම මත පාදක වෙලා බිහි උනු නිර්මානයක් තමයි ඔබ එදා නම් සඳ වගේ මැයි.....

ගීතය අහල නැති කට්ටියට මෙන්න ...

පි-ඔබ එදා නම් සඳ වගේමැයි..
ගැ-ඔබ මෙදා හිරු වී මා දවයි
පි-ඔබ මගේ මැයි ඔබ මට කියයි
ගැ-ඔබ දමා යන්නට හිත කියයි

පි-නෙතේ නෑ ආදර බැලුම්,කොහි සැඟ උනාදෝ නෙතු කැලුම් //
ගැ-ඔබේ ලෝකය නොවේ මගෙ ලොව,මැකී යයි ආදර බැලුම්...

පි-ඔබ එදා නම් සඳ වගේමැයි.....

පි-පි‍ටු පුරා පෙම් කවි ලියූ සිත ගොලු උනේ ඇයි රස මැවූ //
ගැ-නොදන්නේමි වැරදුනේ කොතැනද,දෛවයද මේ අප පැතූ...

පි-ඔබ එදා නම් සඳ වගේමැයි..
ගැ-ඔබ මෙදා හිරු වී මා දවයි
පි-ඔබ මගේ මැයි ඔබ මට කියයි
ගැ-ඔබ දමා යන්නට හිත කියයි..


සින්දුව ඩවුන්ලෝඩ් කරනව නම් මෙන්න ලින්ක් එක..

අහ්.. තව දෙයක් කියන්න තියනවා.තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේ ගීතය ගයන ගායිකාවගේ නම වැඩිය සඳහන් වීමක් නැ.ඒත් මේ ගායිකාව නිසා තවමත් විවාහ නොවී ඉන්න ගායකයෙක් ඉන්නවා. මේ ගීතය කියන ගායිකාව ඉගෙන ගන්නවලු නන්දා මලිනියන්ගේ සංගීත ආශ්‍රමයේ.ඒ පන්තියටම සන්ගීත ඉගන ගන්න කැමරාවක් එල්ල ගත්තු කොල්ලෙකුත් ආවලු.ඉතින් ඔහොම කාලයක් යනකොට මේ දෙන්න හොඳ යාලුවො වෙලා හොඳ ප්‍රේමවන්තයො බවට පත් උනාලු.ඉතින් මේ සිද්දිය හැමෝම දැන ගත්තු ප්‍රසිද්ධ කරුනක් බවට පත් වෙනවලු.ඒත් එක පාරටම හිටපු ගමන් මේ ගායිකාව ජපානෙට ගිහින් එනකොට ජපානේ හිටපු ලන්කාවෙ තරුනයෙක් එක්ක විවාහ වෙලා ලන්කාවට එනවලු.ධම්මික බන්ඩාරයන් කියන විදියට
 "මේ සිදු වීමෙන් පස්සේ කැමරාව කරේ දාගත්තු තරුනයාට කොච්චර ශොක් උනාද කිව්වොත්  මිනිහා තවත් කසාද බැඳලා නැ.එයා තමයි දයාන් විතාරන"
ඒකත් කොහොමද වැඩේ නෙහ්.
ඔන්න ඉතින් තුන් වෙනි ලිපියත් ලිව්ව.ටිකක් හරි ගතියක් තිබුන නම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.ඒ වගේම මේ ලිපි පෙලේ මුල් ඒව බලනව නම් මෙන්න ලින්ක් දෙක


ඔන්න එහෙනම් මම ගියා.හැමෝටම ජයශ්‍රී!!!




8 comments:

  1. ගායිකාව දිල්රැක්ෂි ජයකොඩි.
    තව තියේද මේ වගේ දේවල් ?

    ReplyDelete
  2. @රොබින්- තවත් එකක් දෙකක් තියනවා..පුලුවන් විදියට දාන්නම්...බොහොම ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  3. ගොඩක් වටින ලිපි පෙලක එක පුරුකක්. දිගටම ලියන්න සහෝදරයා. ලස්සනයි මේ ලිපි සියල්ලම.

    ReplyDelete
  4. කලින් ඒවත් කියෙව්ව. මේකත් නියමයි. දයාන් ගැන කියපු දේ හුගක් වටිනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  5. මමනම් සම්පූර්ණයෙන්ම නොදැනගෙන හිටපු සිදුවීමක්. නියමයි යාලුවා...

    ReplyDelete
  6. ටිකක් ඔය ලගින් යන සීන් එකක් තමයි මිල්ටන් ගේ සීතල හිම රටේ සින්දුවේ තියෙන්නෙත්...
    හැබැයි මේකේ මම හිතන්නේ තනිකරම එක පාර්ශවිකව උන දෙයක්ද කොහෙද...
    මනෝජ් පිරිස් ගේ ලව් එක ගැන තමා කියවේන්නේ...
    ජර්මනිය තමා මේ කියන "මධු" හම්බවුනු "සීතල හිම රට"...
    මනෝජ් පිරිස්සුත් තව තනිකඩනෙ...

    ReplyDelete
  7. ලස්සන කතාවක්...ගොඩක් හොදයි.....

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......