"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

පුංචි රහසක් සමගින්,ගී පද වැලක සුලමුල 2-මගේ පුංචි රෝස මලේ..



ගීයක සුලමුල නමින් දෙවෙනි ලිපියත් ඔන්න දාන්න හිතුනෙ කලින් ලියපු හන්තානට පායන හඳ ගීතයට පාදක උනු පද රචකයගෙ අත්දැකීම් ගැන දාපු ලිපියට හොඳ ප්‍රතිචාර තිබුනු නිසයි.කස්ටිය ඒක බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් ඒක බලන්න.අද කියන්න යන්නේ මගේ පුංචි රෝස මලේ කියන ගීතයේ පසුබිම් කතාව.දිගටම කියවං ගියොත් වැඩි දෙනෙක් දන්නේ නැති පුංචි රහසකුත් දැනගන්න පුලුවන් වෙයි.

මේ ගීතයට මුල් වෙන්නේ සංගීත ගුරුවරයෙක් ඒ වගේම දැනට ජීවතුන් අතර නැති ප්‍රකට ගායකයෙක්.ඔහු අපේ කතානයක ගීත රචක ධම්මික බන්ඩාරයන්ගේ හොඳම යහලුවෙක්.මොවුන් දෙදෙනා අතර වැඩි වයස් පරතරයක් තිබුනත් හොඳ මිත්‍ර බැදීමක් දෙදෙනා අතර තිබිලා තියනවා.ඒ බැඳීම කොච්චරද කියනවනම් මේ පුද්ගලයා අවුරුද්දකට දෙතුන් පාරක් විතර අපේ පද රචකයගෙ ගෙවල් පැත්තෙ ඇවිත් දවසක් දෙකක් විතර ඉඳලත් යනවලු.කොහොම උනත්  මේ ගුරුවරයා මේ ගෙදෙට්ට ආවම කවුරු හිටියත් නැතත් උදේ දහය වෙනකොට මත්පැන් කාලක් තියෙන්නම ඕනිලු.නැත්නම් එහෙම කම්මුලට අත තියාගෙන දුක සේ ඉන්නවලු බලා ගත්තු අතේ බලාගෙන.ඉතින් මේ බව දැනගෙන මේ ගුරුවරයා එනවනම් කල් ඇතුවම ගෙදෙට්ට මත්පැන් ගෙනත් තියන එක අනිවාර්‍ය දෙයක් උනාලු.
ඔහොම දවසක සතු‍ටු සාමීචියෙ යෙදිලා ඔහොම මෙයා මත්පැන් බොන අවස්ථාවක මේ ගුරුවරයා අපූරු කථාවක් කියලා තියනවා.
"මචං ධම්මික මගෙන් වයලින් ඉගෙන ගන්න එනවා ගැනු ලමෙක්.ඒ ගැනු ලමයට අවුරුදු දහ අටයි.මට හරි පුදුම ආදරයක් තමයි මේ ලමයා ගැන තියෙන්නෙ."
"ධම්මික මට මේ ලමයා ආවේ නැති දවසට උගන්නන්න හිතෙන් නැ.මම සමහර වෙලාවට ජනේලෙන් හතරපස් පාර බලනව මේ ගෑනු ලමයා එනවද කියලා"
ඉතින් ඔහොම කියලා කිව්වම මේ ගැනත් නිකන් කතා කර කර ඉඳලා වෙනදා වගේ පොඩි විහිලුවකුත් කරලා  දෙන්න කතාබහ ඉවර කරලා වෙන් වෙලා ගිහින් තියනවා.
ඔය කථාව කියලා අවුරුදු දෙක තුනක් ගිහින් කොහොම හරි මේ කාලේ වෙනකොට මේ ගුරුවරයගෙ අසනීප තත්වයන් එක්ක වැඩිය එහෙමෙහෙ යන්න එන්න අමාරු තත්වයක් ඇතිවෙලා නිතර නිතර දෙදෙනාට මුන ගැහෙන්න බැරි වෙලා තියනවා.ඒත් කොහොම හරි දවසක  කුමක් හෝ කටයුත්තකට මේ ගුරුවරයගෙ ගෙදෙට්ට ගිහින් තියනව ධම්මික බන්ඩාරයන්.ගෙදර තිබිලා තියෙන්නේ පයාගල.යනකොට ගෙදර හිටියේ පුංචි දුව විතරලු.
සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු කෝ දුවේ තාත්ත කියලා ඇහුවම ලමයා කිව්වලු
"මාමේ තාත්ත ගෙදර නැ,..මාමට පුලුවන් නම් යන්න කලුතර රෙස්ට් හවුස් එකට.තාත්ත එතන ඇති"
ඊට පස්සේ ඔන්න ඉතින් ධම්මික බන්ඩාරයන් ගිහින් තියනවා රෙස්ට් හවුස් එකට..මේ වෙලාව කලුතර උසාවියෙ විවේක වෙලාවලු.ඒ නිසා නීතීඤ මහත්තුරුත් ඇවිත් මත්පැන් තොලගගා සතු‍ටු සාමීචියෙ යෙදිලා ඉන්න වෙලාවලු.අපේ ගුරුවරයත් ඈත තනියම මේසෙකට වෙලා හිස මේසෙ මත තියාගෙන ඉන්නව පේනවලු.ඔහොම අර මහත්තුරු ටික එහෙම එහෙට මෙහෙට වෙනකං ඉඳලා අපේ ගීත පද රචකයත් ගිහින් අර මේසේ ඉඳගෙන අඩුව සම්පූර්න කලාලු.
ඉඳගෙන ලගින් හිටියට ගුරුවරයා සද්ද නැතිලු.මේසෙට හිස හරවගෙන ඉන්නවලු.දැං මේ මෙයාට  ටිකක් විතර  වැඩී කියලා තේරුනු නිසා ධම්මික බන්ඩරයන්  කියලා තියනවා ඔයා ඔහොම ඉන්න මම ගිහින් ත්‍රීවීලර් එකක් අරන් එන්නම් කියලා. ඔහොම යන්න හදනකොට අරය ධම්මික බන්ඩාරයන්ව පු‍ටුවෙ වාඩි කෙරෙව්වලු.එහෙම වාඩි කරවල ඔහුගේ අතිං අල්ලගෙන පොඩි දරුවෙක් වගේ එක පාරට ඉකි ගගහා අඬන්න ගත්තලු.

"ඇයි දැං උඹ අඬන්නේ?මොකක්ද සිද්ද උනේ ?"ධම්මික බන්ඩාරයන් ඇහුවලු..

"මචං මගෙන් වයලින් ඉගෙන ගන්න ආපු ගැනු ලමයා ගිය සුමානෙ කසාද බැන්ඳා" කියලා ආයෙත්  හොඳටම අඬන්න ගත්තලු...
ඔහොම ඉකි ගගහා අඬපු ගුරුවරයා තමයි අපි කවුරුත් දන්න මර්වින් පෙරේරා කියනා අසහාය ගායකයා.මේ කාරනය ගීත රචකයා කිසිම ජනමාධ්‍යකින් නම් ප්‍රසි ද් ධ කරල නැ.මට හිතෙන විදියට වැඩි දෙනෙක් නොදන්න රහසක්.අමල් පෙරේරගෙ කැමැත්ත පිට තමයි මේ කාරනය ධම්මික බන්ඩාරයන් හෙලි කලේ.කොහොම උනත් පද රචකයාගේ අත්දැකීම් එක්ක ගලපලා සාර්ථක නිර්මානයක්  විදියට නිර්මානය වෙලා තියන ගීතයක් කිව්වොත් වැඩි දෙනෙක් මාත් එක්ක එකඟ වෙයි.ඔන්න ඉතින් ගීයක සුලමුල දෙවෙනි ලිපියත් දැම්මා .
පුලුවන් නම් කස්ටිය මේ මිතුරු කැලට එක් වෙලා Follow පාරක්  දානවද ලොකු උදව්වක් ?එහෙනම් ඔන්න මම ගියා ජය..ඔක්කොටම ශ්‍රී!!!

11 comments:

  1. මේ හා සමානවම දෙයක් තියෙනවා මටත් කියන්න. මම නං ගායකයෙක්වත් වාදකයෙක්වත් නෙවි. මගේ කතාව මම යතා කාලයේදී මගේ බ්ලොගයේ පළ කරන්නම්.

    ReplyDelete
  2. කතාව දැනගෙන හිටියත් ගායකයා දැනගත්තේ අද. දිගටම ලියමු. ජය

    ReplyDelete
  3. සිංදුව අහල තිබුණට මේ ගැන නම් දැනගෙන හිටියෙ නැහැ. දැනුවත් කළාට බොහොම ස්තූතියි. දිගටම ලියන්න.

    ReplyDelete
  4. හ්ම්ම්ම් තවත් මේ වගේ සැඟවුනු කථා ඇති.........

    ReplyDelete
  5. niyam wadak.....good luck

    ReplyDelete
  6. මේ කතාව මම අදමයි ඉස් ඉස්සෙල්ලම ඇහුවේ. මේ කතාව ලිව්වට බොහොම ස්තූතියි සහෝ. තව කතා තියෙනවනම් ඒවත් ලියන්න.
    ඒක තමයි සිංදුවේ විෂුවල් එකට නීතිඥයෝ සෙට් එකක් පෙන්නන්නේ.

    මොනදේ ලිව්වත් දිගටම ලියවන එනවා. ජය වේවා !!!

    ReplyDelete
  7. දන්නා කෙනෙක් ගැන නොදන්නා කතාවක්....

    ReplyDelete
  8. well done.....good luck...

    ReplyDelete
  9. අපි ධම්මික සර්ගෙන් හැම දාම අහපු ප්‍රශ්නයක් තමයි මෙ සින්දුවෙන් කියන්නේ කාගේ අත්දැකීමක්ද ගැනද කියල,අහන හැම සැරේම සර් කිව්වෙ මේක අමරසිරි පීරිස් මහත්මයගෙම අත්දැකීමක් කියල.මේ ගැන හරියටම දැනගන්නම ඕන හින්ද අපි දවසක් අමරසිරි පීරිස් මහත්මය සංගීත ප්‍රසංගයකට අපේ ඉස්කෝලෙට ආපුවෙලාවක ධම්මික සර් ඉන්න තැනම ඇහැව්ව එතකොට අමර සිරි පීරිස් මහත්මය කීවෙ මේක එයාගෙ නෙමේ ධම්මික සර්ගෙම අත්දැකීමක් කියල,එතකොට සර් කලේ හිනාවෙලා හිමීට එතනින් මාර උන එක.එදා ඉදන් අද වෙනකම්ම හිතුවෙ මෙක සර්ගෙම අත්දැකීමක් කියල.නමුත් අද තමයිහරියටම මේක ගැන දැන ගත්තෙ.ඔබට ගොඩක් ඉස්තූති වෙනව මේ ගැන ස්දහන් කලාට.හැබැයි මෙකෙ විෂුවල් එක ගැනනම් සර් සෑහීමකට පත් උනේම නෑ,ඒකට හේතුවත් මන්හිතන්නේ මෙකම වෙන්න ඇති

    ReplyDelete
  10. kathawata bohoma sthuthiy !
    me sinduwata mama godak kamathiy,
    Guitar play karana aya innawanam menna Mage Punchi Rosa Male Guitar Chords

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......