"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අපිත් හැදුවා නූඩ්ල්ස්

හැමදාමත් ‍රැට hilton එකෙන්(අපේ campus එකේ කැන්ටිම) කාලම ඇතිවෙලා හංදා දවසක් අපේ hostel එකේ set එකත් එක්ක වෙනසකටත් එක්ක නූඩ්ල්ස් හදාගෙන කන්න කියලා idea එකක් දැම්මා.වැඩේට ප්‍රතිචාර හොඳයි.අපේ හොස්ටල් එකේ (hostel කිව්වට කැම්පස් එකෙන් අරන් දීපු ගෙවල්)දර ලිපක් එහෙමත් තියන හන්ද වැඩේ ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන් හංදා වැඩේ පටං ගත්තා.

මම වැඩේට මුල් වේච්ච හන්දා කඩේ යන එකත් පැනලම බාරගත්තා.මිහින්තලේ ටවුන් එකට බයිසිකලෙන් 3km විතර පැදලා උයන මුට්ටියයි,හැන්දකුයි ,නූඩ්ල්ස් පැකට් එකයි,ලීක්ස්,ගෝවා,පොල්තෙල්,බිත්තර තුනකුයි,ලුනු පැකට් එකයි ගත්තා.කැරට් වැඩේට ඕනිම වුනත් එක කඩේකවත් හොයාගන්න බැරිවුනා.ඔක්කොම සෙට් කරගේන ඔන්න උයන වැඩේට සෙට් උනා.
මුලින්ම ගෝවා ටිකයි ලීක්ස් ටිකයි හොඳට හීනි වෙන්න කපා ගත්තා.ලිපේ ගින්දර මොලවලා තාච්චියට තෙල් දාලා රත්වෙනකන් හිටියා.


තෙල් ටික රත්වේගෙන එනකොට කපාගත්තු එලවලු ටික තාච්චියට එකතු කලා.ඊට පස්සේ මේක ගානකට තැම්බෙන කොට බිත්තර 3ක් එක්කහු කරලා ටිකක් වෙලා තියලා මිශ්‍රනේ හොඳට හදා ගත්තා.කුඩාවට කඩාගත්ත නූඩ්ල්ස් ටික හොඳට උනු කරගත්ත වතුරට එක්කහු කරලා ඒව තැම්බෙන්න තිබ්බා.


ඊට පස්සේ වතුර ටික හොඳටම පෙරලා අරගත්තා.හැබැයි වතුර ටික පෙරන්න මාර ගේමක් දෙන්න උනා.මොකද පෙරන බඩු හොස්ටල් එකේ තිබ්බේ නැති හන්දා.කොහොම හරි ඊට පස්සේ නූඩ්ල්ස් පැකට් එකේම තිබ්බ සෝස් එකත් ඒකටම එකතු කලා.අර හදාගත්තු එලවලු මිශ්‍රනය ඊට පස්සේ මේකට දාල හොදට මිශ්‍ර කරලා ගානට ලුනු එකතු කරලා වැඩේ ඉවර කලා
.

මේ තියේන්නෙ හදා ගත්තු නූඩ්ල්ස් එක.දැක්කහම කටට කෙල උනනව නේද??අපි හතර දෙනයි වඩේට සෙට් උනේ.ඉතින් ඇති වෙන්න කන්න බඩු තිබුනා.ඒත් ඉතින් මේක කැවෙ හොද්දක් එක්ක නම් නෙවෙයි.නිකංම නූඩ්ල්ස් විතරයි.ඊලග පාර හදනකොට හොද පරිප්පු හොද්දක් හදලම වැඩෙ කරන්නයි ඉන්නේ.ඉතිං ඒකෙ විස්තරෙත් blog එකෙ දාන්නම්.ආයෙත් කියන්න ඕනි නූඩ්ල්ස් එක නං නියම රහයි........

3 comments:

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......