"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සමුගන්න අවසරයි..





ගව් ගනන් බොහෝ දුර
කොහොම මා වෙන් වෙම්ද
හැර දමා සොඳුරුතම
තෙවසරක් බැඳුනු පෙම

හදේ ඉඩ ඇති තැනෙක
නුඹ හොරෙන් සඟවාන
කාලයත් ඇවිත් දැන්
මගෙ කඳුළු හංඟන්න

ඉතිරි අවසන් දෙසුම
ඉදිරි දින දෙක තුනක
නොඑන මුත් එදින මම
සෙනෙහසයි නුඹට මම

මුර ගගා නොකීවද
කුර ගගා ලියලු පෙම
දෙනෙත් බොඳ නොකරයිද
කුමරි සරසවි කොමළ.....

2 comments:

  1. මොනව කරන්නද ඉතින් සෑම හමුවීමකම වෙන්වීමක් තියනව වගේ සෑම තාවකාලික නවාතැනකටම සමුදීමට සිදු වේ...

    ReplyDelete
  2. මටත් ඒ දවස්වල එහෙම හිතුනා.

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......