"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අභයගිරිය ශ්‍රමදානය(Abhayagiriya)


ව්යවහාරික විද්යා පීඨ ශිෂ් සංගමය වසරක් පාසා සංවිධානය කරන අභයගිරිය ශ්රමදානය මේ වසරෙදිත් පසුගිය මාසේ පැවැත්වුනා.අභයගිරියේ මුදුනට ගඩොල් අදින එක තමයි කලේ.

හුඟක් හොඳ වැඩක් හන්දා facultyයෙන් වැඩි හරියක් ශ්රමදානෙට සම්බන්ධ වුනා.විශේෂයෙන් සරසවියෙ කාර් මංඩලයෙ දායකත්වයත් මේ වැඩේට ලැබුනා.දවල් කෑම එකත් union  එක ගානේ .ඊට අමතරව අයිස්ක්රීම් කප් එකකුත්.ඔක්කොම වැඩ ඉවර කරලා වැවට ගිහින් ඔක්කොමත් එක්ක නාල එහෙම හවස් වෙලා facultyයට ආව.

මේ අභයගිරිය ශ්රමදානෙ තව කොච්චර කල් කරන්න වෙයි දන්නෙ නැහැ.මොකද අභයගිරිය ප්රතිසංස්කරනය කරන ව්යප්රතිය ලඟදි ඉවර වෙන්නෙ නැති පාටයි.
 එහෙම උනොත් ලබන අවුරුද්දෙත් ශ්රමදානෙට දායක වෙන්න පුලුවන් වෙයි.ඒත් මගේ ප්‍රාර්ථනය ආයෙත් ශ්රමදානෙට යන්න නොලැබෙන්න කියලා.මොකද මේක ඉක්මනින්ම ඉවර වෙන එක තමයි හුඟක් හොඳ.

No comments:

Post a Comment

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......