"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

සන්නසට අවුරුද්දයි...සුභ උපන් දිනක් වේවා.............


අද ගොඩාක් සතු‍ටු දවසක්.සන්නස බ්ලොග් එක ලියන්න පටන් අරන් අදට හරියටම අවුරුද්දක් වෙනවා.අවුරුද්දක කාලයක් හෙමින් හෙමින් මේක ලියාගන්න පුලුවන් වෙච්ච එක ගැන ගොඩක් පුදුමත් හිතෙනවා.කොහොම උනත් මේක ලියන්න හිතුනේ සිංහල බ්ලොග් කියවනයට පිං සිද්ද වෙන්න.සිංඩිය නැත්නම් මෙහෙම බ්ලොග් එකක් ලියවෙන එකක් නැ.එදා get together දවසෙත් ඒක කියන්න ඕනි කියල හිතුවත් කියාගන්න බැරි උනා.මොකද මම ලැජ්ජ බයට රත්නපුරේ හැදිච්ච කොල්ලනේ.කොහොම හරි ලාංකීය බ්ලොග් කියවනය,හත්මාලුව,කොත්තු සිංඩි වලටත් ගොඩක් thanks.ඒවගෙනුත් සන්නසට ලොකු සහයක් ලැබෙනවා.කොහොම හරි සන්නස කියවන ඔක්කොටම හදවතින්ම ගොඩක් ස්තූතියි!.
එහෙනම් කතා ඇති.ඉන්ටනෙට් එකේ පීරල අමාරුවෙන් කේක් ගෙඩියක් හොයාගත්තා.මේක සමරන්න එපැයි.පොඩ්ඩක් හෝව්!!මේ පොඩි කැල්ලක් කන්න.ඔක්කොටම දෙන්න ඔය කේක් එක විතරයි තියෙන්නේ.එහෙනම් මමත් පොඩි wish එකක් දානව සන්නසට
සන්නසට සුභම සුභ උපන් දිනක් වේවා!!!!

අමුතු දත්ත (ලු...-Amazing Facts-2)


මගේ අමුතු දත්ත 1 ලිපියට හොඳ ප්‍රතිචාරයක් තිබුන.ඒක හින්දා හිතුනා තවත් විස්තර ටිකක් හොයලා දාන්න ඕනි කියලා.පලවෙනි ලිපිය බැලුවේ නැත්නම් මෙන්න ලින්ක් එක.මේ වගේ දේවල් ඔයාලත් දන්නවනම් කමෙන්ට් එකකට එකතු කරන්න.ඔක්කොටම එහෙනම් ජය...!!!

වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු
ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු
ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු
ඩොල්ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු
සාමාන්යයෙන් මිනිහෙක්ට  වසරකට හීන 1460 ක් විතර පේනවලු
පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු
සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු
ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු
මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු
කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු
ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු
හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්රමානය වැඩියිලු
පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු
වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක්    පිටවෙනවලු
වීදුරු බිඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු
ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු
ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක්   විතරලු
 වතුර නැතුව ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
එල්විස් ප්රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු
කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු
yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු
හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු
පුරානයේදී ග්රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු
ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.
විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු
මොනාලිසාට ඇහි බැමි නැතිලු
Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු
Google වල නියම නම Backurubලු
දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු
කිඹුහුමකට 160km/h වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනාටුවෙ වේගයට සමානලු
ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු
Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු
ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු    

ලු.....................(AMAZING FACTS-1)


ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilicovolcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ 2796ක් දැනගන්න ඕනිලු



පුංචි අප්පුගෙන් සිරියාවිට ලියුමක්



පුංචි අප්පුවා එයාගෙ සිරියාවිට ලියුමක් ලියනවා.අප්පුවට එයාගෙ ඉස්ටෝරුවෙ නිවාඩුවක් හම්බ උනු ගමන් සිරියාවිවකොලඹ එක්කගෙන යන්න එනවා කියලා.අප්පුවා කුප්පි ලාම්පුව එහෙම පත්තු කරලා ලියුම ලියන්න ගන්නවා.කොලඹවිස්තර,එයාව එක්කං ආවම අප්පුව කොලඹ බලන්න යන තැන් එහෙම කියලා  අප්පුවා ලියුම ලියාගන්නවා. අනේ අංතිමට කොහොම හරි අර කුප්පි ලාම්පුවෙ තෙල් ටික ඉවර වෙනවා.ඉතිං අප්පුවට තව විස්තර ලියන්න වෙන්නේ නැ. අයියෝ එක හංදා මීට ආදර පුංචි අප්පුවා කියලා එයාගේ ලියුම ඉවර කරනවා..
ටිකක් අමුතුයි වගේ නේද?මේක සිංදුවක්.ටිකක් අමුතු තාලෙට තමයි ලියවිලා තියෙන්නේ.හරියට ලියුමක් ලියනවාවගේ.සිංදුව කියන්නේ රොඩ්නි වර්නකුල.ලියලා තියෙන්නේ බංදුල සරත් වඩුතන්ත්රි.සංගීතය සිරිල්පෙරේරා.මෙන්න සිංදුව අහනවානම්  linkඑක.

සිරියාවි උඹව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා..
 මේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා.... 
උඹ එව්ව ලියුම මගෙ පෙට්ටගමේ තවම හිනා වෙනවා...
අර කොට්ට උරේ මම ඉඹ ඉඹ තාමත් සුව සේ නිදියනවා//

හෝ ගාන පොකුන ගාවට මම උඹෙ අත අල්ලා ගෙන යනවා...
සුදු වැල්ල සිඹින කිරි පෙන පිඩු ඇවිදින් ඔන්න හාදු දෙනවා...
රජ ගෙදර ලඟට උඹ එක්ක ගිහින් හැමදේම කියා දෙනවා...
අපි ට්රැම් කාර් වල නැගලා සතොසින් කොලඹ වටේ යනවා...

එහෙ ගෝල් ෆේස් එකෙ උඹ දන්නේ නැ අශ්ව පැටව් යනවා...
ඒවා දැකලා මගෙ සිරියාවියෙ නුඹ තවත් තුරුලු වෙනවා...
සුදු මහත්තැන්ලා ටික උඹෙ රුව දැකලා හොරෙන් හිනාවෙනවා..
මේ අප්පුව ඒවා දැක දැක සතුටින් ආඩම්බර වෙනවා..

සිරියාවි උඹව මම කෝච්චියෙන් කොලඹ එක්ක යනවා..
 මේ ඉස්ටෝරුවෙ අපෙ නිවාඩුවක් ලැබුන හැටියෙ එනවා....
 උඹ නාඩ ඉදින් මගී රත්තරනේ මම එන පෝයට එනවා..
මේ කුප්පි ලාම්පුවෙ තෙල් ටික ඉවරයි දැන මම නවතිනවා….
මේ ආදර පුංචි අප්පු.

බලනවානම් පට්ට ෆිල්ම් එකක්…


පහුගිය දවස්වල exam නිසා  බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ නැ.දැන් exam ඉවර නිසා පුරුදු විදියට english film හොය හොය බලන්න ගත්තා.ඔහොම බලනකොට හිතට වැදෙන හොඳ film එකක් සෙට් උනා.මේකෙ නම THE ILLUTIONIST.පෙලක් අය බලලත් ඇති.බලපු නැති අයට බලන්න වටින ‍ෆිල්ම් එකක් වගේ කියලා හිතුන නිසා දාන්නහිතුන බ්ලොග් එකෙත් විස්තරේ.
කතාවෙ හැටියට austria වල කුඩා ගමක වල ජීවත්වුනු පිරිමි ලමයෙක් , Sophie කියලා ඉහල පැලැන්තියේ ගැනුලමෙක් එක්ක ආදරයක් ඇති කරගන්නවා.කොහොම හරි සමාජ තත්ව නිසා මේ දෙන්නගෙ ආදරය දෙකඩ වෙනවා.ඒනිසාම මේ පිරිමි ලමයා austria වලින් පිටත් වෙලා සංචාරය කරනවා ගවේශකයෙක් විදියට.ඊට අවුරුදු කීපයකටපස්සේ මේ දෙන්න ආයෙත් මුනගැහෙනවා නොහිතපු විදියකින් වියානා වලදි.ඒ වෙනකොට ඔහු Eicenhiem නමින්දක්ෂ මැජික් සංදර්ශන ශිල්පියෙක්.ඇය ධනවත් පෙලපතක කුමාරිකාවක් විදියට වියානා වල කුමාරයෙක් එක්ක විවාහවෙලා.කොහොම උනත් කතාවෙ තියෙන්නේ Sophie ආයෙත් තමන් ලගට ගන්න Eicenhiem තමංගෙ හැකියාවන්උදව් කර ගන්න හැටි.film එක ඉවර වෙනකම්ම අවසානය මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි තරම්.ඇත්තටමහොඳ ‍ෆිල්ම් එකක්.අවසානයෙත් බලන අයට හිතන්න දෙයක් ඉතුරු කරලා තියෙන්නේ.ඔන්න එහෙනම් කස්ටියබලන්නකෝ. මෙන්න torrent එකට ලින්ක් එක.හැමොටම ජයවේවා.!!!

අපිට හෙටක් නැත.........



අපේ ගෙදෙට්ට උඩ ගෙදර ඉන්නව පොඩි එකෙක් එකා ඉන්නෙ පහේ පංතියෙ.පොඩියට හිටියට හිටපු ගමන් මෑන්ස්ඇවිත් රස කතා කියනවා.මේ ඒවගේ කියපු ඉස්කෝලෙක වෙච්ච පොඩි කතාවක්..
දවසක් පංතියේ මිස්  කිව්වලු පංතියෙ ලමයින්ට ලමයි හෙට එනකොට ගිරවා ගැන රචනයක් ලියාගෙන එන්නකියලා.

ඉතින් පංතියෙ ලමයිනුත් ලියාගෙන ගිහිල්ල.ඊට පස්සේ "කෝ සුජිත් කියවන්න බලන්න ලියාගෙන ආපුරචනේ"මිස් කිව්වලු.
ඔන්න සුජිත් හිටපු තැනින් නැගිටල එහෙම "ගිරවා" කියලා මාතෘකාවත් කියලා
"ගිරවා පක්ෂියෙකි.ගිරවා කෙල පාටයි.ඌට හෙටක් ඇත.අපිට හෙටක් නැත.."
"හෝව් හෝව් නවත්තනවා..."මිස්ට තදවෙල හොදටම."මොනවද මේ කියවන්නේ ගේනවා සුජිත් මෙහාට පොත" මිස්කිව්වලු.

පස්සේ හොයල බලනකොට තමයි තේරිලා තියෙන්නේ.ලමයට රචනාවෙ පාපිලි අමතක වෙලා.ලියන්න ඕනිවෙලා තියෙන්නේ ගිරවා කොල පාටයි.ඌට හොටක් ඇත. අපිට හොටක් නැත කියලා.....ලියවිලා තියෙන්නේ ගිරවාකෙල පාටයි ඌට හෙටක් ඇත. 
අපිට හෙටක් නැත.........


අපූරු wedding invitation එකක්

මේක මට ආපු ඊමේල් එකක් .IT ජොබ් එකක් කරන කෙනෙක් බඳින්න යනවා.ඒකට එන්න කියලා යවන යවන Wedding Invitation එකක් තමයි තියෙන්නේ.පෙලක් අය මේක දැකලත් ඇති.ටිකක් creative ගතියක් තියන නිසා මට හ්හිතුන බ්ලොග් එකෙ දාන ඕනි කියලා මොකද මේව බලන්න එන්නෙත් ගොඩක් IT Field එකේ ඉන්න අයනේ .නරකද ඔයගොල්ලන්ගෙත් වෙඩින් එකට මේ වගේ invitation එකක් යැව්වොත්.


අබා හැංගුනු දොරමඩලාව (DORAMADALAWA)






අහලා තියනවද දොරමඩලාව ගැන?දොරමඩලාව කියන්නේ පන්ඩුකාභය කුමාරයා ඒ කියන්නේ අබා පුංචි කාලේ එයාගෙ මාමලාගෙන් හැංගිලා ඉන්න යොදාගත්ත  තැනක්.පහුගිය දවසක මමත් ඔතනට ගියා.මේතනට යනවානම් මිහින්තලේට ඇවිත් එහන ඉදන් යාපනේ පාරෙ කිලො මීටර් 3ක් විතර ගියහම තියනවා දොරමඩලාව ගමට යන්න පාරක්.ඒ පාර දිගේම තවත් කිලොමීටර් දෙකක් විතර ගියහම දොරමඩලාව පංසලට එන්න පුලුවන්.

                                අවට ඇති ගල් ගුහා

                 

මෙතන තියනව විශාල ගල් පර්වතයක්.ඒත් එක්කම තවත් ගල් ගුහා ගොඩක් ලගින් ලගින් පිහිටලා තියනවා.ප්‍රධාන ගල් පර්වතය විශාල කුහරයක් සහිතයි.ඒකෙ ඇතුලෙ විශාල බුදු පිලිමයක් සහිතයි.ඒවගේම ගලේ ඇදපු පැරනි චිත්‍රත් දැකගන්න පුලුවන්.ඒ වගේම සෙල් ලිපියකුත් බලාගන්න පුලුවන්කම තියනවා.  


                              ගල මත ඇඳි චිත්

                           දොරමඩලාව විහාරය ඇතුලත                       
පංසල ගැන දැනගන්න හම්බෞනේ ඔච්චරයි.ඒත් තවමත් මේක හොදින් සංරක්ශනය වෙලා නම් කියලා පේන්න නැ.කොහොම හරි කවුරත් අනුරාධපුරේ ආවොත් අටමස්ථානේ බලලා මිහින්තලේ බලලා යනවනෙ.ආයෙත් මේ පැත්තේ ආවොත් දරමඩලාවටත් යන්න බලාගෙන එන්න.පංසල ලඟම පුංචි වැවකුත් තියනවා නාලාත් යන්න පුලුවන්.  

මළ නෙතට පණ(LIFE TO DEAD EYE)

කැමතිද පිනක් කරගන්න?මේක ටිකක් ලොකු පිනක් කරගන්නවනම්.මේකයී වැඩේ මැරුනට පස්සේ තමන්ගේ ඇස් දෙක දන් දෙන්න.මේ වැඩේට කැමැත්තක් තියනවානම් ශ්රී ලංකා අක්ශිදාන සංගමයට එකතුවෙලා අක්ශි දන් දෙන්න පුලුවන්.අක්ශි විතරක් නෙමෙයි.කැමති නම් හදවත,සිරුරේ අනික් කොටස් උනත් දන් දෙන්න පුලුවන්.ඕන්න මම නම් මගේ ඇස් දන් දුන්නා.



මේගොල්ලො කියන විදියට නම් ඇස් දන් දෙන්න පොරොන්දු උනොත් අක්ශිදායකයා මියගියාට පස්සේ වහාම ඇස් දෙක පියවලා ඇස් රෝහලට/අක්ශිදාන මුලස්ථානයට දන්වන්න ඕනි.හැබැයි මරනය වෙලා පැය තුනක් ඇතුලත මේ වැඩේ වෙන්න ඕනි.එතකං මිනිය නාවන්නවත් එම්බාම් කරන්නවත් හොද නැ.ඔයගොල්ලොත් මේ වැඩේට කැමතිනම් මේ අංක වලට කතා කරලා  සම්බන්ද වෙන්න.

දුර-2698040,2698043,2692051

ලිපිනය - දොස්තර හඩ්සන් සිල්වා අක්ශිදාන මුලස්ථනය,
විද්‍යා මාවත,
කොලඹ 07

මේ වැඩේ හොද වැඩක් හන්ද බ්ලොග් එකෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්න හිතුනා.ඔයගොල්ලොත් කැමතිනම් වඩේට සම්බන්ධ වෙන්න. වගේම දන්න දන්න අය අතරෙත් මේ පනිවිඩය යවන්න.