"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

රස ගුන පිරි කාමරංගා(KAMARANGA)



අපේ ගෙදර තියනවා කාමරංගා ගහක්.ටිකක් නම නං ටිකක් අමුතුයි වගේ නේද?හුඟක් අය මේ පලතුර ගැන දන්නෑ.ඒක හන්දා හිතුනා කාමරංගා ගැන පොඩ්ඩක් හොයලා ලියන්න ඕනි කියලා.ලංකාවට ආවේනික කාමරංග විෂේශය තමයි Averrhoa carambola කියලා කියන්නේ.කාමරංගා තවත් විෂේශ ගනනාවක් ඊශාන දිග ආසියාව,මලයසියාව,දකුනු පැසි‍ෆික් හ නැගෙනහිර ආසියාවේ දක්නට ලබේනවා.හොඳින් ඉදුනු කාමරංගා ගේඩියක් කහ පැහැයට හුරු කොල පාටින් යුක්ත වෙනවා.



ප්‍රධාන වශයෙන් විටමින් c පෝෂ්‍ය පදාර්ථ සහිත නිසා රසයෙන් මෙන්ම ගුනයෙන්ද අනූනපලතුරක් ලෙසින් හදුන්වාදිය හැකියි.නමුත් කාමරංග තුල සුලු වශයෙන් ඔක්සලික් ඇසිඩ් අඩංගු නිසා මේවා ආහාරයට ගැනීම යම් පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්වයන්ට බලපෑම් කල හැකි බවද කිව යුතුමයි.සාමාන්‍යයෙන් උශ්න දේශගුනයක් යටතේ වැවෙන කාමරංගා වසරකට සාමාන්‍යයෙන් තුන් වතාවක් පලදරන පලතුරක්. ලංකාවෙ නම් මහා පරිමානයෙන් වවන්නෙ නැති වුනත් දකුනු පැසි‍ෆික් රටවල් මේව ව්‍යාපාරික අරමුනින් වවනවා.ඔයගොල්ලොත් හම්බ උනොත් කාලා බලන්න හුඟක් රස පලතුරක් තමයි කාමරංගා කියන්නේ

1 comment:

  1. කාමරංකා කනවා නම්, ‍තීරැ තීරැ කපලා, මිරිස් කුඩු, ලුණු, සීනි දාලා කාලා බලන්න රස කොහොමද කියලා...

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......