"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

මුත්‍රා මුට්ටිය...........


මේක මුත්‍රා මුට්ටියක්.මම මේක දැක්කේ තන්තිරිමලේ විහාරයෙ තියෙන කෞතුකාගාරයෙදි.ඉස්සර කාලේ තිබුන දියුනු තාක්ෂනේ ගැන තවත් හොඳ නිදසුනක් කියලා හදුන්වන්න පුලුවන් මේ මුත්‍රා මුට්ටිය.තන්තිරිමලේ කියන්නේ හාමුදුරුවරු වැඩ හිඳපු විශාල ආරාම සංකීරනයක්.මම අහලා දැන ගත්තු විදියට මේ ප්‍රදේශයේ ඉස්සර කාලේ තිබුන වැසිකිලි පද්දතිය ඉතාමත් විශිෂ්ඨ එකක්.වැසිකිලිය තුලින් යන මුත්‍රා අපද්‍රව්‍ය,නල මාර්ගයක් ඔස්සේ පොලොව යට තියෙන මුත්‍රා මුට්ටියකට එකතු වෙනවා.මේ මුට්ටිය ඇතුලේ පිලිවෙලින් වැලි,ගඩොල් කැබලි,අඟුරු,ගල් කැට අතුරලා තියෙන්නේ.ආයෙත් මේ වගේ මුට්ටි තුනකින් පෙරිලා අන්තිමට බීමට සුදුසු ජලය විදියට තමයි අන්තිමට එලියට එන්නේ.ඔයගොල්ලොත් තන්තිරිමලේ ගියොත් එකේ කෞතුකාගාරේ තියෙන මුත්‍රා මුට්ටිය බලන්න යන්ඩ අමතක කරන්න එපා.


6 comments:

  1. නියමයිනෙ.
    අදමයි මෙහෙම දෙයක් ගැන දැනගත්තෙ. ස්තූතිය නොදත් දෙයක් දැනගන්න සැලැස්සුවට.

    ReplyDelete
  2. අභයගිරිය කෞතුකාගාරයෙත් මේක තිබෙනවා.
    පැරැන්නන්ගේ පරිසර හිතකාමීත්වයට මෙය කදිම නිදසුනක්. මුත්‍රා පවා පිරිපහදු කිරීමෙන් පසුවයි පරිසරයට මුදා හරින්නේ.

    ReplyDelete
  3. කියවල comment දැම්මට රවීන්ටත් නදීට සහන්ට thankz ගොඩක්...........

    ReplyDelete
  4. මේකක් අපේ කන්තෝරුවටත් ගේන්න කියන්න ඕනෑ..
    ලොක්කට දෙන්න පුළුවන් මේ පෙරිලා එන වතුර ටික
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  5. comment එකට බ්ඟුවාට thankz...........

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......