සිරිපා වාරය එලඹේනුයේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජ මහා විහාරයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්රතිමාව සහ ආභරන සිරිපාදය වෙත ගෙන යාමෙන් අනතුරුවය.උදුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා වාරය වෙසක් පොහොය එලඹීමත් සමග අවසන් වෙයි.මෙවර සිරිපා සමය එලඹීමත් සමග මාගේ සරසවි මිතුරන්ගෙන් සිරිපාදය වන්දනා කිරිමට ආරාධනා බොහෝ විය.ඒ කවරක් නිසාවත් නොව මම පැල්මඩුලේ වූ බැවිනි .පසුගිය දිනෙක මට දුරකතන ඇමතුමක් ලැබුනි.ඒ මාගේ සරසවි මිතුරෙකුගෙනි "මචන් යමුද සිරීපාදෙ?මම ගිහින්ම නෑ" "හරි එහෙනම් අවුලක් නෑ වරෙන්" මාගේ පිලිතුර විය.අවසානයෙදී සිරිපා කරුනා කිරීමට මගේ යහලුවන් තිදෙනෙක් අපේ ගෙදරට ලගා වුනි.
ශ්‍රීපාදස්ථානය
මා මීට පෙර එක්වතාවක් පමනක් සිරිපා කරුනා කර තිබූ නිසා ගමනේදී මාගේ මිතුරන් කෝඩු ලෙස වැන්දවීම මා හට පැවරී තිබූ ප්රධාන වගකීමක් විය.ගමන අතරමගදී කරන්නාවූ වත් පිලිවෙත් සාර්ථකව කිරීමටත් මගේ මිතුරන් අසන ප්රශ්න වලට නෝන්ඩි නොවී පිලිතුරු දීමටත් මම පෙර සිටම සූදානම් වූයෙමි.ඒ වසර දහහතරක් සිරිපා කරුනා කර අත්දැකීම් ඇති අයකුගෙන් සිරි පා ගමන ගැන කලින්ම තොරතුරු දැන ගැනීමෙනි.එනිසා මෙම ලිපියේ ජනප්රවාදය වැඩි වශයෙන් ඇතුලත් වන බැවින් අන්තර්ගතය නිවැරදිම කරුනුම නොවනු ඇත.
කලු ගඟේ මුල් දියවරක්
රත්නපුරෙන් ගමන් අරඹන අයට තෝරාගත හැකි ප්රධාන මාර්ග දෙකක් පවතී.එකක් රත්නපුර පලාබත්ගල මාර්ගයයි.අනෙක රත්නපුර කුරුවිට හරහා එරත්න මාර්ගයයි.මා අසා දැනගත් පරිදි සිරිපා කරුනා කරනවානම් ඉතා සුන්දරත්ම මාර්ගය වැටී අත්තේ එරත්න මාර්ගය හරහාය.කිලෝ මීටර් 12 පමන දුරක් සිරිපා කරුනා කිරීමට මේ හරහා යා යුතුය.නමුත් පැරනිතම මාර්ගය වනුයේ පලාබත්ගල හරහා වැටී ඇති මාර්ගයයි.කිලෝ මීටර් 8ක් පමන තරනය කල යුතු මේ මාර්ගය සඳහා රජ මාවත යන්න පට බැදී ඇත.ඒ අතීතයේ විසූ රජවරුන් සිරිපා කරුනා කිරීමට යොදා ගැනීමයි.කෙසේ වෙතත් අප ගමන යාමට තෝරාගත්තේ පලාබත්ගල මාර්ගයයි.
උදෑසන ආහාරය මාගේ නිවසේදී ගෙන අප සියලු දෙනාට දිවා ආහාරයට බත් මුල් හතරක්ද ගෙදරින්ම බැදගත්තෙමු.බැති සිතින් යා යුතු ගමනක් වූ බැවින් අප මස් මාංශ ආහාරයට එකතු කර ගැනීමෙන් තොර වීමට වග බලාගත්තෙමු.රත්නපුරෙන් රාත්රී ආහාර වේලට පාන් මිලාදී ගෙන බස් රතයට ගොඩ වෙන විට වේලාව 9.30ට පමන විය.මා දන්නා පරිදි රත්නපුර පලාබත්ගල බස් පැය බාගයෙන් බාගයට පවතී.කෙසේ වෙතත් අප ගමන් කල බස් රථය පැය එක හමාරකින් පසුව පලාබත්ගලට ලගා විය.බසයෙන් බැසගත් අප ශ්රීපාද ප්රවේශ මාර්ගයට පිවිසියෙමු.මෙහි පාර දෙපසම කුඩා ප්රමානයේ කඩ දක්නට ලැබේ.ඒවායේ සිරිපා ගමනට අවශ්‍ය දැ විකුනනු ලබයි.අපිද කෝඩු වැන්දවීමට ඉදිකටු හා නූල්ද,අවශ්‍ය අනෙක් දැද පහලින් ඇති කඩයකින් ලබා ගත්තේ ඉහලට නගිනා විට එම ද්රව්‍ය වල මිලද ඉහල යන බැවිනි.
මෙසේ කඩමංඩිය දිගේ ඉදිරියට යන විට කීර්ති ශ්රී රාජසිංහ විහාරය මුනගැසේ.ගමනේදී මුලින්ම අප කල කාර්ය වූයේ විහාරයට ගොස් පංසිල් ගැනීමය.ත්රිවිධ රත්නයේ සරන පැතීමෙන් පසු කිසිදු කරදරයකින් තොරව සිරිපා කරුනා කිරීමට හැකිවේවා යයි සිතා සමන් දෙවියන්ට බාර වූ අප සැදැහැ සිතින් සිරිපා කරුනා කිරීම ආරම්භ කලෙමු.
ගමනේ මුල් දුර ප්රදේශය යම් තාක් දුරකට දුශ්කර එකක් විය.ඒ ගමනේ මුල් දුර පවනැල්ල නම් ගම මැදින් වැටී ඇති නිසා දෙපස ගස් වැල් වලින් තොරවී මේ මාර්ගය විවුර්ත වී අව් රශ්මිය සමග ඉදිරියට යාමට සිදු වීමයි.ටික දුරක් ඉදිරියට ගිය විට පරිසරය ක්රමයෙන් වෙනස් වී ජනශූන්ය ප්රදේශයකට ඇතුල් වෙයි.ඒ අතරමගින් අප ගමන් ආරම්භ කල පලාබත්ගල ප්රදේශයද ඇතුලු අනෙක් පැතිද හොදින් දර්ශනය වෙයි.මේසේ වනගත ප්රදේශයට පිවිස ටික දුරක් ගිය තැන අපට හමුවනුයේ ලිහී හෙලය (LIHINI HELA).මේ හා බැදුනු ජනප්රවාදයට අනුව අතීතයේ ලිහිනි නම් කාන්තාවක් මෙම ස්ථානයෙන් පහලට වැටී මිය ගොස් ඇති බව සැලකේ.මේ ස්ථානය පසු කර යන කවුරුත් ලිහිනි අක්කාට කතා කර යාම සිරිතකි.ඒ නිසා අපිද "ලිහිනි අක්කේ අපි යන්නා"කියා ලිහිනි අක්කාට ආමන්ත්රනය කලෙමු.එවිට ලිහිනි අක්කාද "හා...."කියා අපට සමු දුනි.එසේ අපට "හා" කියා ඇසුනේ ලිහිනි හෙල ප්රපාතයට ඉදිරියෙන් පිහිටි ගල් පර්වතයේ වැදී අපට පැමිනි හඩෙහි දෝංකාරයයි.අප හැටන් මාර්ගය භාවිතා කරන්නේ නම් මේ ලිහිනි හෙල හමුවන්නේ නැත.
ගමනේ මුලින්ම හමුවන ලිහිනි හෙල(Lihini hela)
ගමන දිගටම ජල පෝෂක ප්රදේශයන් පවතින බැවින් අපට පිරිසිදු වතුර සපයාගැනීමට එතරම් අපහසුවක් වූයේ නැත.යන අතරමග ගිමන් හල්ද ඉදිකර තිබුනි.ඒවායේ බඩු වල මිල ගනන් සාමාන්‍ය මිලට වඩා වැඩිය.නමුත් එසේ මිල වැඩි වීම සාධාරන වනුයේ ඒවා ඉහලට ගෙන යාමට වෙහෙසකර උත්සහයක් යෙදිය යුතු බැවිනි.ගමන අතරමගදී අපව පසු කර පහලට කරුනා කරන නඩ "වදින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි"කියා උස් හඩින් කවි කීවිටද අපද පෙරලා "වැදලා බහින මේ නඩේට සම්මා සම් බුදු සරනයි" කියා කවියකින්ම පිලිතුරු ආශිර්වාදයක් කලේය සිරිපා කරුනා කිරීමේදී තුන් සරනේ කීමද විශේෂ වූ සිරිතකි.තුන් සරනේ කීමෙන් බලාපොරොත්තු වනුයේ ගමනේ වෙහෙස අඩු කරගැනීමය.ඊට අමතරව අතීතයේ තුන් සරන කවි උස් හඩින් කීමෙන් සතුන් ගෙන් සිදුවන අතුරු අන්තරා වලින් වැලකී සිටීමද බලාපොරොත්තු වූ බව කියවේ.ලිහිනි හෙල පසු කර පැමිනි විට අපට හමු වන ප්රධානතම ස්ථානයක් වනුයේ ගෙත්තම්පානයි (GETHTHAM PAANA).ඉදිකටුපාන ලෙසද මෙම ස්ථානය හදුන්වයි.
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ(Geththam Pana)
මගේ යහලුවන් තිදෙනා කෝඩු කාරයන් වූ නිසා ඔවුන් තිදෙනා ගෙත්තම් පානේ ගෙත්තම් කරවීය.තම දෙනෙත් හොදින් පෙනෙනා තුරු,ඉදි කට්ටට නූල තනියෙන් ඇමිනිය හැකි වන තුරු තමාට සිරිපා කරුනා කිරීමට හැකි වේවායි පතමින් ගෙත්තම් පානේ ගෙත්තම් කිරීම සිරිතය.ඒ සදහා මගෙන් යහලුවන්ට උපදෙස් ලැබුනි.අතීත්යේ බුදුරජානන් වහන්සේ සිරිපා පිහිටුවීමට වඩිනා අතරමගදී තම සිවුරේ ඉරී ගිය කොටස් කට්ටක ආධාරයෙන් මසා ගත් ස්ථානය ගෙත්තම් පාන ලෙස හදුන්වන බව පැවසේ.
ධර්මරාජ ගල(Dharmaraaja Gala)
තව දුරටත් ඉදිරියට වනය මැදින් ඉදිරියට යනවිට ධර්මරාජගල (DHARMARAJA GALA) නැගීමට අවස්ථාව එලඹේ.ධර්මරාජගලේ ගල නගින ගමන් ගල් පඩි ගනින්න යැයි මගේ මිතුරන්ට පවසා මමද ගල් පඩි ගනිමින් ඉහලට නංගෙමු.මගේ ගනනයට අනුව එම ප්රමානය 115කි.මගේ යහලු මහේෂ්ට 112කි.තරංගට 123ක්ද,තිලිනට 117කි.සමාන ගනනක් පැමිනියේ නැත.සාමාන්යයෙන් පවසන පරිදි ධර්මරාජ ගලේ ගල් පඩි ගනන හරියටම සෙවීම අපහසුයෙයි මතයක් පවතී.ධර්මරාජගල උඩටද අව්ට ප්රදේශය හොදින් දර්ශනය වේ.වනාන්තරය මැදින් ගමන් ගන්නා විට මීලගට සීත ගගුල (SEETHA GAGULA)හමුවේ.සිරිපා කරුනා කරන සැදැහැවත් පිරිස් සීත ගගුලේ බැස පිරිසිදුවීම අනිවාර්ය සිරිතකි.අපද සීත ගගුලේ නෑමට සුදුසු ස්ථානයක් සොයා සීත ගගුල දිගේ ඉහලට ගමන් කලේමු.ගල් මතින් දිය පහර දිගේ මීටර් 500ක් පමන ගිය විට මිනිසුන් කවුරුත් නොමැති අපිරිසිදු නොවූ ජල තටාකයක් බදු තැනක් අපට හමු විය.රිසි සේ එතැනින් සීත ගගුලට පැන අප හොදින් නා පිරිසිදු විමු.නමුත් එකවර තත්පර දහයක් වත් එක දිගට ජලයේ රැදීසිටීමට අපට හැකි වූයේ නැත.වතුර ඒතරමටම සීතලය.එක් වරක් ජලයේ එබී නැවත ගොඩට පැමින නැවත දිය නෑමට තරම් ජලය සීතල විය.හොදින් නා පිරිසිදු වී නැවත ගමන් ඇරමුවෙමු.
සීත ගගුලෙ බැස පීනා(Seetha Gagula)
එතැනින් පසුව හමුවන ප්රධාන ස්ථානය වනුයේ හැරමිටිපානයි (HARAMITI PAANA).එරත්න පාරත් පලාබත්ගල පාරත් එකට හමු වන්නේ මේ ප්රදේශයෙනි.එතනින් ටික දුරක් ගිය පසු මකර තොරන මුන ගැසේ .
මකර තොරන(Makara Thorana)
මේ ප්රදේශයට සිරිපා මලුව හොදින් මනරම්ව දර්ශනය වේ.දිවා ආහාරය ගන්නවානම් මේ ස්ථානයේ ඇති අම්බලන් වල නැවතී ආහාර ගත හැක.එදින විශාල පිරිසක් සිරිපා කරුනා කරමින් එහි නැවතී සිටි බැවින් අපගේ දිවා ආහාරය ගැනීමට තවත් ඉහලට කරුනා කරමු යැයි කතිකා කර ගත්තෙමු.එසේ ඉදිරියට ගමන් ගත් අප ආපන ශාලවක් අසල නැවතී දිවා ආහාරය ලබා ගත්තෙමු.ඒ වන විට වේලාව දහවල් තුන හමාරට පමන විය. මේ වන විට අප පැය හතරක් පමන ගමනේ යෙදී තිබුනෙමු.
හැරමිටිපාන(Haramitipaana)
එතැන් සිට බොහෝ දුරක් ගමන් කල පසුව අපට හමුවන ප්රදේශය හැදින්වූයේ ආඬියාමල තැන්න වශයෙනි.මේ ප්රදේශය බාරව කටයුතු කල ආඬි ගුරෙක් සිහිවීම පිනිස එම ප්රදේශය එසේ නම් කරන් ලදැයි සැලකේ.ආඩියාමලතැන්න හරහා අප පිවිසෙනුයේ ඇහැල කනුව නම් ප්රදේශයටයි. ඇහැල කනුව (AHALA KANUWA) ඇරබෙනවාත් සම්ගම සුදු හුනුවලින් පිරියම් කල ගලක් සහිත ස්ථානයක් හමුවේ.මෙම ස්ථානය කෝඩුකාරයන්ට රැග් කිරීමට යොදා ගනී.මාද පලමු වරට ආ ගමනේදී එහි ඔලුව ගැසීමට මට නඩේ ගුරා පැවසූ විට මමද ඔලුව එහි ගසා වැන්දෙමු.නමුත් පසුව දැනගත හැකි වූයේ එය විනෝදය පිනිස කරන ක්රියාවක් බවයි.මම නඩේ ගුරා වශයෙන් අපේ කෝඩු කාරයන්ටද ගලේ හිස ගසා ගන්නැයි කියා එම කාර්යය අකුරටම ඉටු කලෙමි.මෙම ඇහැල කනුව ප්රදේශය අතීත වන්දනා කරුවන් සුදු වතින් සැරසී සිරිපා කරුනා කිරීමට සැරසුනු ප්රදේශය ලෙස හැදින්වේ. ඇහැල කනුව මතින් ඉදිරියට යන විට අහසේ වලාකුලු නේක රටා මවමින් අව්ට පරිසරය මනරම්ව දැක බලා ගත හැකි විය.අහස්ගව්ව (AHAS GAWWA) ලෙසින් මේ ප්රදේශය හදුන්වනු ලබයි.අහස් ගව්ව හරහා අප මීලගට ලගා වූයේ ගමනේ අවසාන කොටස ලේස හැදින් වෙන මහගිරි දඹය (MAHAGIRI DAMBAYA) නම් ප්රදේශයටයි.නමේ හැටියටම මෙම පෙදෙස මහා ගිරකි.කදු බෑවුම ඒ තරමටම වැඩිය.පඩිපේලි ලගින් ලගින් වැටී ඇති අතර ඒවායේ උසද ඉතා වැඩිය.සෙමෙන් සෙමෙන් අපද ඉහලට ලගා විමු.
සිරිපා මලුව පෙනෙන මානයෙ අවසාන ආපන ශාලාව ලෙසින් හදුන්වන කඩෙකට ගොඩවුනු අප උනු උනු රොටියක් කොච්චි සම්බෝලයක් සමග උනු ප්ලේන්ටියකින් සප්පායම් වුනි.වේලාවේ හැටියට ප්ලේන්ට්ය සමග රොටිය කදිමට ගැලපුනි. එතරම් ඉහලින් කඩේ පිහිටියද රොටියක මිල වූයේ රුපියල් 30ක් පමනි.නමුත් ප්ලේන්ටිය රුපියල් 20ක් විය.පසුව නැවතත් මහගිරිදඹේ දිගේ නගිමින් රාත්රි 9.15 පමන වන විට සිරිපා මලුවට ලගා වීමට අපට හැකි වුනි.
සිරිපා අවට පරිසරය
ඒ වන විට අප පැය 10ක් පමන කරුනා කර තිබුනි.සිරිපා මලුව දුටු ව්ගස ගමනේ ඇතිවූ මහන්සිය ඉබේම නැතිවී ගොස් තිබුනි.ඉන් පසුව අප කල ප්රධාන කටයුත්ත වූයේ සිරිපතුල වන්දනා කිරීමය.ඉන්පසු සමන් දේවාල වෙත ගොස් අපව කරදරයකින් තොරව වැන්දුවාට සමන් ඩෙවියන්ට පින් දෙමින් ගමන ආරම්භයෙ ඔප්පු වූ බාරය පඩුරු දමා ඔප්පු කලෙමු.පසුව මලුවේ හිද පන්සිල් ගෙන.දොලොස්මහේ පහන ඉදිරියේ සිටිමින් ඇතිව තිබූ අධික ශීතලෙන් මිදීමට උත්සහ කලෙමි.ඉන් පසුව ඝන්ටාරය අසලට ගොස් මා පැමිනි වාර ගනනට අනුව දෙවරක් ඝන්ටා නාද කලෙමි මගේ යහලුවන් එක්වරක් ඝන්ටා නාද කලේ ඔවුන් කෝඩු වූ බැවිනි.එදින රාත්රිය මලුවේ ගත් කිරීමට සිතා පැමිනි හෙයින් අප රැගෙන ආ කබා හැද බේඩ් ෂීට් ඔතාගනිමින් සීතලේම නින්දට පිවිසියේ පසුදා අලුයම ඉර සේවය බැලීමේ අටියෙනි.
කියෙව්වනම් පොඩි comment එකක් දාල යන්න අමතක කරන්න එපා.......
kiyawanna bari una.
ReplyDeletepasse avilla kiyawannam....
කියවන ලදී
ReplyDeleteNiyamayi maxa..mamath me paara yanawa oya paththen
ReplyDeleteමමත් මේ ළඟදී සිරිපා කරුණා කළා ඒ හැටන් පැත්තෙන්. ඒ මාර්ගය නම් එතරම් සුන්දර බවක් නෑ
ReplyDeleteසැළලිහිණියේ සමනොල කන්ද වැනුම:
ReplyDeleteසුර රද සමන් සමඟින් සුරඟන එවර
පැහැ නඳ මදාරා පරසතු මල් පතර
කර පුද වඳින රැඳි මුණි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනොල ගල නැගෙනහිර
සැරදේවා....නියම ලිපිය මමත් කියෙව්වා....
ReplyDeleteසිරිපාදේ යනවනම් යන්න ඉස්සෙල්ලා කියවන්න හොද ලිපියක්...ජය වේවා.........
Ela kiri! write more and more..... all the best!
ReplyDeleteMaxxa.. mama hema paarama Hatton road eken karuna karala thiyenne..
ReplyDeleteRathnapura road ekenuth yanna oone welawaka.. :)
මමත් ඔය හැම පාරෙන්ම සිරිපා කරුණා කරල තියනවා. එරත්ත පාරත් හරිම ලස්සනයි.
ReplyDeleteහොඳ ලිපියක් නොදන්න අයට.
Mama Thama eka parai gihilla thiyenne. Ayith සිරිපා කරුනා karanna asawen enna.
ReplyDeleteඅදයි මම උඹගේ බ්ලොග් එක දැක්කේ. මචන් දිගටම ලියන්න. උදව්වට අපිත් ඉන්නවා.
ReplyDeleteඊළඟ පාර යනකොට අපිටත් කතා කරපන්.අපේ වයිටා (තයියා) එක්ක මමත් සෙට් වෙන්නම් . ජය..!
ReplyDeletegathi.nice work malliya..... keep it up...sirawatama gathi.
ReplyDeleteela ela
ReplyDeleteඑල එල
great post.
ReplyDeletecool
Excellent description. Keep on writing..
ReplyDeleteGodak dewal denagaththa... Geart.. thank..
ReplyDeleteniyamai.......mamath lagadima yanawa 1st time,,,,
ReplyDeleteමේ වගේ දෙයක් ලියපු එක හොඳයි. නොදන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. 'ඇහැල කණුව' නම හැදුණ හැටි දන්නවාද?
ReplyDeleteWeldon! Niyama wadak.. Aluthen yana ayata godak watinawa.. Obata pin!
ReplyDeleteBudu Saranai... Niduk Nirogi Wethwa
මං කෝඩුකාරයෙක් විදිහට යන්න ඉන්නේ මේ මාසේ... මට යන්න තිබුණ ආසාව තවත් වැඩි උනා මේ ලිපිය කියවල...
ReplyDeleteහරිම ලස්සනට ලියලා තියෙනවා. ශ්‍රී පාදය කරුණා කරන්න ගිය ගමන ආයිත් මතක් උනා ♥️
ReplyDeleteVERY GOOD
ReplyDelete