"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

Trip to Thanthirimale - තන්තිරිමලේ වඳින්න යමු

පහුගිය දවසක අපිත් ගියා තන්තිරිමලේ.මේ දවස් වල කැම්පස් එකේ වැඩිපුර වැඩක් නැති හන්දා හොස්ටල් එකේ කට්ටියත් එක්ක තමයි ගමන යන්ඩ පිටත් වුනේ.අනුරාධපුරේ ඉදලා යනවා නම් පරන බස් ස්ටැන්ඩ් එකෙන් පැයකට වරක් බස් යනවා.කොහොමහරි අපිත් බස් එකේ පැය එක හමාරකින් විතර තන්තිරිමලේ පුදබිමට ලඟා උනා.අනුරාධපුරෙ ඉදන් කි.මි 40ක් විතර දුරින් තමයි පංසල පිහි‍ටුවා තියන්නේ.


                     සැතපෙන පිලිම වහන්සේ


තන්තිරිමලේ පුදබිමේ ඉතිහාසය ගැන කියනවනම් සංඝමිත්තා තෙරනිය සිරි මහ බෝ හිමි අරගෙන අනුරාධපුරට එන ගමනේදී ‍රැයක් තන්තිරිමලේ පිහිටි ගල් ලෙනක ඉදලා ගියා කියලා තමයි කියන්නේ.තන්තිරිමලේදී අපට බලන්ඩ දේවල් තමයි අශ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ,ශෛලමය සමාධි පිලිම වහන්සේ,චෛත්‍ය,බුදු මැදුර,පොත්ගුල,පධාන ඝරය,සංඝාරාම නටඹුන්,කෞතුකාගාරය,නෙලුම්පොකුන,වැදිලෙන සහ වැදි චිත්‍ර වගේ දේවල්.මීට අමතරව පුදබිම පිහිටිලා තියන්නේ අක්කර 250ක් විතර විශාල ගල් තලාවක.

ගල් තලාව මත ඇති බෝධීන් වහන්සේ 


තන්තිරිමලේ පිහි‍ටුවා තියෙන අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ ක්‍රි.පු තුන්වන සියවසට අයත් වනවා.තිවංක කියලා බමුනුවරයෙක් තමයි ශ්‍රීමහ බෝධියෙන් හටගත්ත අංකුර අටෙන් එකක් මෙහි ගෙනත් රෝපණය කරලා තියෙන්නේ.විශේෂිතම කාරනය කියන්නේ මේ බෝධිය හටගෙන තියෙන්නේ ගල් තලාව උඩ. මෙහි තිබෙන ගලෙන් නිමවු පිලිමවහන්සේ අයත් වෙන්නේ ක්‍රි.ව අට හෝ නව වන සියවසට කියලා තමයි හොයාගෙන තියෙන්නේ.මේ ගල් පර්වතයේ සමාධි පිලිමෙට අමතරව තවත් පිලිම කිහිපයක වැඩ නිම කරලා නැහැ.දැනගත්ත විදියට නම් ඒ කාලෙ තිබ්බ සතුරු ආක්‍රමන හන්දා තමයි මේ කටයුතු ඉවර කරන්න බැරි වෙලා තියෙන්නේ.කොහොම උනත් මේ තියන සමාධි පිලිම වහන්සෙට වගේම අනික් පිලිම වහන්සේලාටත් නිධන් හොරුන් හානි කරලා තියනවා.ඔය මම රතු පාටින් දක්වලා තියෙන්නේ එහෙම නිධන් හොරු විනාශ කරපු තැනක්.
  
සමාධි පිලිම වහන්සේ



තන්තිරිමලේ පුදබිමෙ තියන ප්‍රාග් ඉතිහාසික ගල් ගුහා සහ වැදි චිත්‍ර වලටත් වැදගත් තැනක් හිමි වෙනවා.මේ ඇදලා තියන සිතුවම් ඇදීමට සත්ව ලේ,අල,අඟුරු,ශාක පත්‍ර උෂ සහ පාට ගල් වර්ග භාවිතා කරලා තියනවා.නමුත් දැන්නම් ඒ තරම් පැහැදිලිව චිත්‍ර පේන්න නැ.ඒවත් හරියට සංරක්ශනයක් නම් වෙන පාටක් පේන්න තිබුනෙ නැහැ.

                       ඉපැරනි චිත්‍ර ඇදි ගල් ගුහාවක්


                   සංඝාරාමයේ දක්නට ඇති පොත්ගුලක්

 

කොහොම උනත් අනුරාධපුරෙ ට්‍රිප් එකක් ආවොත් තන්තිරිමලේ බලන්නත් යන්න.මොකද තන්තිරිමලේ පුදබිමේ බලන්න දේවල් ගොඩක් තියනවා. 



3 comments:

  1. තන්තිරිමලේ කියන්නෙ මගේ හිතේ අමතක නොවෙන මතකයන් පෙලක් තියන තැනක්. අපිත් තන්තිරිමලේ විහාරෙට ගියා. හැබැයි වන්දනා ගමනක් නම් නෙමෙයි. ඔයගොල්ලො පොඩ්ඩක් පාරට බැහැලා බැලුව නම් දකින්න ඇති පන්සලෙන් පාර අනිත් පැත්තෙ ටිකක් ඉස්සරහින් තියන විමලඥාණ විද්‍යාලය. අපි කැම්පස් එකේ අය පහුගිය නොවැම්බර් වල වගේ සාමාන්‍ය පෙළ වැඩ මුළුවක් කරන්නයි තන්තිරිමලේට ගියේ. අපි නතර උනේ ඔය පන්සලේ ආවාසගෙයි පැත්තක. මේ ඒ ගැන ලියපු මගේ සටහනක්.
    http://ravindasenarath.blogspot.com/2009/12/blog-post_04.html
    තන්තිරිමලේදී අපි දැකපු කනගාටුදායක කතාව.

    ReplyDelete
  2. ඉස්සර මිනිස්සු අනුරධපුර කිවුවහම හරිම බයයි. තන්තිරිමලේ කිවුවහම ඊට බයයි, මොකද කොටි ප්රස්න නිසා. ඒත් දැන් කාලය වෙනස් වෙලා. මිනිස්සු දැන් විනෝද චාරිකා යන්නෙ යාපනේ. ඒ උනාට තාමත් මිනිස්සු තන්තිරිමලේ වගේ තැනකට යන්න පෙළ‍බෙනව අඩුයි.
    මම කැමතියි අනුරාධ මල්ලි දරපු මේ උත්සහයට මේ වගේ තැනක් ගැන ඔයාගෙ යාලුවො දැනුවත් කරන්න. මගේ සුභ පැත‍ම්.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......