"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අබා හැංගුනු දොරමඩලාව (DORAMADALAWA)






අහලා තියනවද දොරමඩලාව ගැන?දොරමඩලාව කියන්නේ පන්ඩුකාභය කුමාරයා ඒ කියන්නේ අබා පුංචි කාලේ එයාගෙ මාමලාගෙන් හැංගිලා ඉන්න යොදාගත්ත  තැනක්.පහුගිය දවසක මමත් ඔතනට ගියා.මේතනට යනවානම් මිහින්තලේට ඇවිත් එහන ඉදන් යාපනේ පාරෙ කිලො මීටර් 3ක් විතර ගියහම තියනවා දොරමඩලාව ගමට යන්න පාරක්.ඒ පාර දිගේම තවත් කිලොමීටර් දෙකක් විතර ගියහම දොරමඩලාව පංසලට එන්න පුලුවන්.

                                අවට ඇති ගල් ගුහා

                 

මෙතන තියනව විශාල ගල් පර්වතයක්.ඒත් එක්කම තවත් ගල් ගුහා ගොඩක් ලගින් ලගින් පිහිටලා තියනවා.ප්‍රධාන ගල් පර්වතය විශාල කුහරයක් සහිතයි.ඒකෙ ඇතුලෙ විශාල බුදු පිලිමයක් සහිතයි.ඒවගේම ගලේ ඇදපු පැරනි චිත්‍රත් දැකගන්න පුලුවන්.ඒ වගේම සෙල් ලිපියකුත් බලාගන්න පුලුවන්කම තියනවා.  


                              ගල මත ඇඳි චිත්

                           දොරමඩලාව විහාරය ඇතුලත                       
පංසල ගැන දැනගන්න හම්බෞනේ ඔච්චරයි.ඒත් තවමත් මේක හොදින් සංරක්ශනය වෙලා නම් කියලා පේන්න නැ.කොහොම හරි කවුරත් අනුරාධපුරේ ආවොත් අටමස්ථානේ බලලා මිහින්තලේ බලලා යනවනෙ.ආයෙත් මේ පැත්තේ ආවොත් දරමඩලාවටත් යන්න බලාගෙන එන්න.පංසල ලඟම පුංචි වැවකුත් තියනවා නාලාත් යන්න පුලුවන්.  

මළ නෙතට පණ(LIFE TO DEAD EYE)

කැමතිද පිනක් කරගන්න?මේක ටිකක් ලොකු පිනක් කරගන්නවනම්.මේකයී වැඩේ මැරුනට පස්සේ තමන්ගේ ඇස් දෙක දන් දෙන්න.මේ වැඩේට කැමැත්තක් තියනවානම් ශ්රී ලංකා අක්ශිදාන සංගමයට එකතුවෙලා අක්ශි දන් දෙන්න පුලුවන්.අක්ශි විතරක් නෙමෙයි.කැමති නම් හදවත,සිරුරේ අනික් කොටස් උනත් දන් දෙන්න පුලුවන්.ඕන්න මම නම් මගේ ඇස් දන් දුන්නා.



මේගොල්ලො කියන විදියට නම් ඇස් දන් දෙන්න පොරොන්දු උනොත් අක්ශිදායකයා මියගියාට පස්සේ වහාම ඇස් දෙක පියවලා ඇස් රෝහලට/අක්ශිදාන මුලස්ථානයට දන්වන්න ඕනි.හැබැයි මරනය වෙලා පැය තුනක් ඇතුලත මේ වැඩේ වෙන්න ඕනි.එතකං මිනිය නාවන්නවත් එම්බාම් කරන්නවත් හොද නැ.ඔයගොල්ලොත් මේ වැඩේට කැමතිනම් මේ අංක වලට කතා කරලා  සම්බන්ද වෙන්න.

දුර-2698040,2698043,2692051

ලිපිනය - දොස්තර හඩ්සන් සිල්වා අක්ශිදාන මුලස්ථනය,
විද්‍යා මාවත,
කොලඹ 07

මේ වැඩේ හොද වැඩක් හන්ද බ්ලොග් එකෙන් පොඩි පබ්ලිසිටියක් දෙන්න හිතුනා.ඔයගොල්ලොත් කැමතිනම් වඩේට සම්බන්ධ වෙන්න. වගේම දන්න දන්න අය අතරෙත් මේ පනිවිඩය යවන්න.

Software නැතුව torrent file බාමු

හුඟ දවසකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුනා.මේවෙනකොට මාව බ්ලොග් society වලින් අයින් කරලද දන්නෙත් නෑ.කොහොම හරි ලියන්න එපෑ.ඔන්න අද මම කියන්න යන්නේ ටොරන්ට් download software නැතුව ටොරන්ට් ෆයිල් ඩවුන්ලොඩ් කරගන්න විදියක් ගැන.මේක පෙලක් අය දන්නවත් ඇති.නොදන්න අයට දැනගන්නත් එක්ක ලියන්න හිතුනා.මෙන්න මේකයි ක්‍රමේ.මුලින්ම කරන්ඩ තියෙන්නේ http://www.torrific.com එකට ලොග් වෙලා එකවුන්ට් එකක් හදා ගන්න.



ඊට පස්සේ ඔයගොල්ලන්ට ඕනි ටොරන්ට් ෆයිල් එකක download ඇඩ්‍රස් එක අරන් පිංතූරෙ පේන තැනට පේස්ට් කරලා get දෙන්න.එතකොට ඒ සයිට් එකෙන් ටොරන්ට් ෆයිල් එක් ඩවුන්ලොඩ් කරලා ඩිරෙක්ට් ලින්ක් එක දෙනවා.අපිට තියෙන්නේ ඒ ෆයිල් එක ඩවුන්ලොඩ් කරන්න.කවුරුහරි මේ torrent ෆයිල් එක ඉස්සේල්ලා මෙතනින් ඩවුන්ලොඩ් කරලා තියෙනවනම් ඩිරෙක්ට් ලින්ක් එක පෙන්නනවා. අපිට තියෙන්නේ කෙලින්ම download කර ගන්න.පොඩ්ඩක් බලන්නකො ට්‍රයි එකක් දාල.වැඩේ හරි නම් කමෙන්ට් එකකුත් දාලම යන්න.....


ට්කක් හිනා වෙමුද??


මේක මට ආපු මේල් එකක්.ටිකක් විකාර විදියට තමයි ප්‍රශ්න වලට උත්තර දීලා තියෙන්නේ.පොඩ්ඩක් බලන්ඩකෝ.....හැබැයි බලාගෙන ගියහම දීල තියන උත්තර වල වැ‍රැද්දකුත් කියන්න බෑ.