අහලා තියනවද දොරමඩලාව ගැන?දොරමඩලාව කියන්නේ පන්ඩුකාභය කුමාරයා ඒ කියන්නේ අබා පුංචි කාලේ එයාගෙ මාමලාගෙන් හැංගිලා ඉන්න යොදාගත්ත තැනක්.පහුගිය දවසක මමත් ඔතනට ගියා.මේතනට යනවානම් මිහින්තලේට ඇවිත් එහන ඉදන් යාපනේ පාරෙ කිලො මීටර් 3ක් විතර ගියහම තියනවා දොරමඩලාව ගමට යන්න පාරක්.ඒ පාර දිගේම තවත් කිලොමීටර් දෙකක් විතර ගියහම දොරමඩලාව පංසලට එන්න පුලුවන්.
අවට ඇති ගල් ගුහා
මෙතන තියනව විශාල ගල් පර්වතයක්.ඒත් එක්කම තවත් ගල් ගුහා ගොඩක් ලගින් ලගින් පිහිටලා තියනවා.ප්‍රධාන ගල් පර්වතය විශාල කුහරයක් සහිතයි.ඒකෙ ඇතුලෙ විශාල බුදු පිලිමයක් සහිතයි.ඒවගේම ගලේ ඇදපු පැරනි චිත්‍රත් දැකගන්න පුලුවන්.ඒ වගේම සෙල් ලිපියකුත් බලාගන්න පුලුවන්කම තියනවා.
ගල මත ඇඳි චිත්‍ර
පංසල ගැන දැනගන්න හම්බෞනේ ඔච්චරයි.ඒත් තවමත් මේක හොදින් සංරක්ශනය වෙලා නම් කියලා පේන්න නැ.කොහොම
හරි කවුරත් අනුරාධපුරේ ආවොත් අටමස්ථානේ බලලා මිහින්තලේ බලලා යනවනෙ.ආයෙත් මේ පැත්තේ
ආවොත් දරමඩලාවටත් යන්න බලාගෙන එන්න.පංසල ලඟම පුංචි වැවකුත් තියනවා නාලාත් යන්න පුලුවන්.
No comments:
Post a Comment
කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......