"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

හැක් කරන අයගෙන් බේරෙන්න ආසද?


ලගඳි මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් ගිනුමක් හැක් වෙලා.මේක වෙලා තියෙන්නේ අපේ යාලුවා හොඳට දන්න කියනවිශ්වාසවන්තම ගැනු ලමෙක් එක්ක Facebook චැට් කර කර ඉන්නකොට.ගැනු ලමයා  කියලා ටිකකට ජීටොක් වලටඑන්න චැට් එකට.මේ ෆෙස්බුක් එකෙ ගොඩක් හායි කියනවා චැට් කරන්න අමාරුයි කියලා.එහෙම කියලා Gmail වලලින්ක් එක දීලා ෆේස්බුක් චැට් එකේ ජීටොල්ක් වලට එන්න කියලා..මේකටත් මොකද කෙල්ලෙක් චැට් කරනවනම්වෙන ලෝකයක් නැ.ෆේස්බුක් චැට් එකේ එවපු ජීටොක් ලින්ක් එක ක්ලික් කරලා කියපු පමාවට ජීමේල් ලොග්වෙලා.මෙහෙම ටික වෙලාවක් චැට් කර කර ඉඳලා ආයෙත් bye bs එහෙම කිව්වට පස්සේ ඉතින් අපේ යාලුවා ඊලඟදවසෙ ආයෙත් ෆේස්බුක් ලොග් වෙන්න බලනකොට ඒකට ලොග් වෙන්න බැරිලු.gmail ලොග් වෙන්නත්බැරිලු.කොහොමද වැඩේ?එකවුන්ට් දෙකටම ෂොට් එක හම්බ වෙලා.

හිතුන නේද කොහොමද කාටවත් පාස්වර්ඩ් එක දෙන්නෙ නැතුව කොහොමද එකවුන්ට්  එක හැක් උනේ කියලා? ජීටොල්ක් එකේ චැට් කරලා කොහොමද ෆෙස්බුක් එකේ එකවුන්ට් එකත් හැක් උනේ කියලා.ඒ වගේම හිතුන නේදවිශ්වාසවන්ත ගැනු ලමෙක් වෙලත් කොහොමද එයා මේ එකවුන්ට් එක හැක් කලේ?

කියන්නම් කොහොමද මෙහෙම උනේ කියලා පිලිවෙලට.කාටවත් පාස්වර්ඩ් දෙන්නේ නැතුව එකවුන්ට් එක හැක්වෙලා තියෙන්නේ මේ ගැනු ලමයා දීල තියෙන්න ලින්ක් එකේ ඉන්ටෆේස් එක ජීමේල් වගේම පෙනුනට ඒ ලින්ක් එකඅදාල ජීමේල් වල ඇඩ්‍රස් එක නෙවෙයි.කෙල්ලෙක් එවපු නිසා හදිසියට මේකා අදාල යුසර් නේම් එක පාස්වර්ඩ් එකටයිප් කරල එකවුන්ට් එකට ලොග් වෙලා.මෙතනදි වෙලා තියෙන්නේ ගැනු ලමෙක් විදියට ලින්ක් එක එවපු කෙනාඑවලා තියෙන්නේ ඒ විදියටම බාහිර පෙනුම තියෙන්න හදපු වෙනත් ඇඩ්‍රස් එකක් තියන ලින්ක් එකක්.මේ විදියටපෙන්නුම් කරන වෙබ්සයිට් ව්ලට කියන්නේ පිශිං සයිට් කියලා.මේ දවස් වල මේ ක්‍රමයට හැක් කරන්න ගොඩක්දෙනෙක් පෙලඹිලා ඉන්න බව පේනවා.ගොඩක් වෙලාවට මෙහෙම ලින්ක් එකකට අදාලව අපි ටයිප් කරන අපේපාස්වර්ඩ් එක කෙලින්ම ටෙක්ස්ට් ෆයිල් එකකට ලියවෙන හරි නැත්නම් ඩේටා බේස් එකකට හරි යන විදියට තමා මේපිශිං සයිට් හදලා තියෙන්නේ.ඒ නිසා අපි පලවෙනි පාර අපේ යුසර් නේම් පාස්වර්ඩ් ටයිප් කරනකොට කවදාවත් අදාලඑකවුන්ට් එකට ලොග් වෙන්නේ නැ.ඊලඟ පාර තමයි හරියටම අපේ එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන්.ඔන්නඔහොමයි ඕක වෙන්නේ.

දෙවෙනි කාරනේ ඒ කියන්නේ කොහොමද ජීමේල් එකවුන්ට් එකෙන් චැට් කරලා ෆේස්බුක් එකත් හැක් උනේ?ඒක නම්අපේ යාලුවා බාවිතා කරලා තියෙන්නේ එකම පාස්වර්ඩ් ජීමේල් වලටත් ෆේස්බුක් වලටත්.එතකොට ඉතිං ෆෙස්බුක් එකහැක් වෙන එක අහන්නත් දෙයක්ද?

අන්තිම කාරනේ කොහොමද විශ්වාසවන්ත ගැනු ලමෙක් වෙලත් අපේ යාලුවව හැක් කලේ.ඒකට හේතුව ඒ ගැනුලමයගෙ එකවුන්ට් එක අපේ යාලුවට කලින් හැක් වෙලා.වෙන කෙනෙක් තමයි මේ ගැනු ලමයා විදියට මගේ යාලුවත්එක්ක චැට් කරලා තියෙන්නේ. විශ්වාසවන්තකමට අර ලින්ක් එක ක්ලික් කරලා තමයි මෙයා මේකෙන් ලොග් වෙලාතියෙන්නේ.

ඔන්න ඉතින් ඔයගොල්ලන්ටත් හැක් වෙන්න කලින් පෙර සූදානමට මේක ටිකක් වෙනස් විදියට ලියලා දැම්මා.දැන්කියන්නම් කොහොමද මේ විදියට හැක් වෙන එකෙන් ගැලවිලා ඉන්නේ කියලා.මූලිකම දේ තමයි කවුරු කොයි තරම්විශ්වාස උනත් හදිස්සියට ලින්ක් ක්ලික් කරලා එකවුන්ට් වලට ලොග් නොවී ඉන්න එක.හැම වෙලේම අදාල එකවුන්ට්එකට අන්තර්ජාල ලිපිනය ඇඩ්‍රස් බාර් එකේම ටයිප් කරලම එවට ලොග් වෙන්න.උදාහරනයක් විදියට ජීමේල් ලොග්වෙනවා නම්  https://www.gmail.com  විදියට ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරලා ලොග් වෙන්න.ඒ වගේම ෆේස්බුක්එකේ නම් එක එක ගෲප් වලට ජොයින් වෙනකොට ඇඩ්‍රස් බාර් එකේ URL එක පිලිබදව ගොඩක් දුරට සැලකිලිමත්වෙන්න.
තවත් දෙයක් ඊමේල් ගිනුම් වලටයි ෆේස්බුක් වගේ එකවුන්ට් වලටයි එකම පාස්වර්ඩ් නම් යොදාගන්නඑපා.බැරිවෙලාවත් එක ගිනුමක් හැක් උනු ගමන් අනිත් එකවුන්ට් එකත් හැක් වෙන්න පුලුවන්කම වැඩියි.

මීට අමතරව පොදුවේ හැකිං වලින් බේරෙන්න Crack කරපු සොෆ්ට්වෙයාර් බාවිතයෙන් වැලකී ඉන්න එකත්,ඔබගේ antivirus එකයි anti-spyware නියමිත පරිදි යාවත්කාලීන කරන එකත් හුඟක් දුරට වැදගත්.මීට අමතරව පෙන් ඩ්‍රයිව්භාවිතා කරන්න කලින් Scan කරන්නත් හොඳින් මතක තියාගන්න.ඒ වගේම ඔබ පාවිච්චි කරන පරිගනකය හෝලැප්ටොප් එක භාහිර අයගෙ පාවිච්චියට ලබා නොදෙනවනම් තමා වඩාත් හොඳ. 

ඔන්න ඉතිං මම දන්න විදියට මේ දේවල් පැහැදිලි කලා.සමහරවිට වැරදි තියෙන්නත් පුලුවන්.එහෙම දෙයක්තියනවනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.ඒ වගේම මේ විදියට හැකිං වලිං බේරිලා ඉන්න අනුගමනය කරන්න ක්‍රමතියනව නම් කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් කියලා ඉල්ලනවා.ආයෙත් ඉතිං මේ වගේ ලිපියකිංහම්බවෙන්නම්.ඔක්කොටම ජයශ්‍රී!!!

අමුතු දත්ත 5 ලු...(Amazing Facts)



කාලෙකින් ආයෙත් හිතුනා අමුතු දත්ත ටිකක් හොයලා දාන්න ඕනි කියලා.ඉතින් මම මුලින් ලියපුවා කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටික


අමුතු දත්ත 1
අමුතු දත්ත 2
අමුතු දත්ත 3
අමුතු දත්ත 4

සම්මත ගොල්ෆ් බෝලයක වලවල් 336ක් තියනවලු


ගිනිකන්දකට එහි තිබෙන අලු වායුගෝලයේ 50කිමි දුරක් විදින්න ශක්තියක් තියනවලු


පෝලාර් බේයාර්ලට හුරු වමතලු


ස්ටාර්‍ෆිශ්ට මොලයක් පිහිටල නැතිලු


මැක්ඩොනල්ඩ් අවන්හල් වලින් දිනකට ලෝකය පුරා  මිලියන 43ක් ආහාර ගන්නවලු


තුර්කියේ පිහිටි ඉස්තාන්බුල් නගරය මහද්වීප දෙකකට අයත් එකම නගරයලු


ඔබ අවුරුදු 8යි මාස 7යි දවස් 6ක් යටිගිරියෙන් කැගැහුවොත් ඒ වැයකරපු 
ශක්තිය කෝපි කෝප්පයක් උනු කරන්න ප්‍රමානවත්ලු


පටපනුවෙක් මීටර් 22.9ක් දිගට වැඩෙන්න පුලුවන්ලු


තොල් දෙක හපන් නැතුව එම් "M" කියන්න බැරිලු


ඇස් දෙක ඇරගෙන කිවිසුම් යවන්න බැරිලු


කැස්සකදි ගලනාලය හරහා යන වායුව ශබ්දයට වඩා වේගවත්ලු


ජපන්නු ලිවීමට ක්‍රම හතරක් භාවිතා කරනවලු


පෙන්ටගනයේ බාත් රූම් 84ක් තියනවලු


1912 වසරෙදි පැවැත්වුනු ඔලිම්පික් තරඟාවලියෙදි දුන්නු රන් පදක්කම් වල රත්‍රන් තිබුනෙම නැතිලු


ඉන්දියාව වර්ශ 1950හෙදී පාපන්දු ලෝක කුසලානෙට සුදුසුකම් ලැබුවත් පාවහන් නොමැතිකම නිසා  සහභාගි වෙන්න බැරි උනාලු


ටයිටැනික් නැව ගිලෙනකොට ඒකෙ මිස්ස්නිස්සු 2227ක් හිටියලු.බේරුනේ 705ස් දෙනෙක් විතරලු


ආවර්තිතා වගුවේ කිසිම තැනක J අකුර අඩංගු වෙන්නේ නැතිලු

පුංචි පද හතරක්






පුංචි පද හතරක් ඇහුනා අද හවස.කවුරු කියපු එකක්ද දන්නෙ නෑ.මට කිව්වේ අපේ මාමා කෙනෙක්.පද හතරක් උනත් ලොකු දෙයක් කියනවා කියලා හිතුනා....


ගස කෙසේ...
ඵල එසේ...
මව කෙසේ....
දුව එසේ....

ඉක්මන් කරන්න,නොමිලේ Atom Processor Architechure ගැන පොතක් ගෙදරටම....


මේක පොඩි offer එකක්.දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්.intel එකෙන් ඒ අයගේ  atom ප්‍රොසෙසර් එකේ architechture එකගැන විස්තර තියන පොතක් නොමිලේ ලබාදෙනවා .කරන්න තියෙන්නේ https://secure.hibbertgroup.com/intel/spm?programId=BAATOM මේ  ලින්ක් එකට ගිහින් තමන්ට අදාල විස්තර ටික පුරවන එක විතරයි.
මාසයක් ඇතුලත පොත ගෙදෙට්ටම වෙනම නිලධාරියෙක් ඇවිත් ගෙනත් දෙනවා.පොත ගෙදෙට්ට ගේන්න කලින් ඔයා ලබාදෙන දුරකථන අංකයට කතා කරල වැඩේ ස්තීර කරගෙන තමයි පොත අපට ලබාදෙන්නෙ.ටිකක් ඉක්මන් උනොත් හොඳයි.මොකද සීමිත දවස් ප්‍රමානයකට තමයි මේ offer එක.කස්ටිය එහෙනම් බලන්නකෝ  ඔන්න මම ගියා.ජයශ්‍රී!