"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

නකල්ස් කඳු අතරින් මීමුරේට ගිය ගමන



කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.ඒත් කලින් ලියපු බ්ලොග් පෝස්ට් නම් කියෙව්වා.ඒකෙන් ගමන ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුලුවන් උනා.

කොහොම හරි අපි කස්ටිය කැම්පස් එකෙන් පිටත් වෙලා උදේ දහයට විතර නුවරට සෙට් උනා.එදා දවල් කැම නුවර යාලුවෙක් ගානේ.දවල් කැම විතරක් නෙවෙයි ‍රැ කැමත් බැඳලා දුන්නා.ඒ විතරකුත් නෙවෙයි යාලුවගෙ තාත්තා ගානේ පාන් ගෙඩි හතරකුත්.කොහොමද බජට් එක?හික් හික්.යන පාරක් විතරක් දැනගෙන ගමන ආපු අපිට යාලුවගෙ තාත්තාගෙන් මීමුරේ ගමන ගැන ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් උනා.දැනගත්තු විදියට ගමට යන්න එල්ෆ් වැන් දෙකක් තියෙයි.එකක් මීමුරේටම යනවා.අනික කයිකාවල කියන ගමට..මේ වැන් එකේ ගියොත් කයිකාවල ඉඳන් කිලෝමීටර් හතරක් විතර මීමුරේට පයින් යන්න වෙනවා.කොහොම උනත් මීමුරේටම යන්න තියන වැන් එකේම යන්න තමයි අපිට උපදෙස් ලැබුනේ.

 මීමුරේ පිවිසුම් මාර්ගය තියෙන්නේ හුන්නස්ගිරියෙන්.ඊට අමතරව රංගල කියලා තවත් පාරක් තියනවා.කොහොම උනත් හුන්නස්ගිරියෙන් මීමුරේ යන්න අපි නුවරින් මහියංගනේ බස් එකක පැය එක හමාරක විතර ගමනකින් හුන්නස්ගිරියට ලඟා උනා.එතකොට 12.30ට විතර ඇති.කලින් කියපු විදියටම කයිකාවල යන හයි රූෆ් වැන් එකයි මීමුරේටම යන ෆ්ලැඑට් රූෆ් වැන් එකයි දෙකම හුන්නස්ගිරියෙ නවත්තල තිබුනා.අපිට ඕනි බඩු ටිකක් එහෙම අරං කලිං කියා දීපු විදියට මීමුරේ වැන් එකේ නං නෙවෙයි අපි යන්ඩ සෙට් උනේ.අනික් වැන් එක.ඒකෙ වැඩිය සෙනගක් හිටියෙත් නැ.අනික එක වෙනකොට යනවා කියපු නිසාත් ඉඳගන්න ඉඩ තිබුනු නිසාත් අපි ඒ වැන් එකට සෙට් උනා. කොහොම උනත් මීමුරේට යන වැන් දෙකම හුන්නස්ගිරියෙන් 12.30ත් 1.30ත් අතර පිටත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් යනවා නම් ඒ වෙලාවට කලින් හුන්නස්ගිරියට යන්න වගබලාගත්තොත් හොඳයි.මෙතන ඉඳං මීමුරේට කිලෝමීටර් තිස් හතරක් යන්න ඕනි.අපේ වැන් එකත් හෙමින් හෙමින් නකල්ස් කඳු දිහාවට ගමන යන්න පිටත් උනා.ටිකක් දුර යන කොට තමයි තේරුනේ අනික් වැන් එකේම අපිට යන්න කිව්වේ මොකද කියලා.මිනිස්සු ප්‍රවාහනය කරන්න සුදුසුම තත්වයේ නම් නෙවෙයි මේ වැන් එක තිබුනේ.ගියර් වැටෙන්නේ නැ.බ්‍රේක් ප්‍රශ්න one wheel.කොහොම උනත් ඒකෙත් පොඩි ගතියක් තියෙයි.ගමට යන පාර නම් වාහනයක් යන්න පුලුවන් මට්ටමක තියනවා.

ගමන යන අතරතුර වටාපිටාව සුන්දර දසුන් මවනවා.විශේශයෙන්ම නකල්ස් කඳු මුදුන්, පාර පුරා ඇද හැලෙන දිය පාරවල්, ඒ වගේම දෙපසට විහිදිලා තියන දුම්බර  වනාන්තර.එන අතරමග ‍දෝතලු කන්ද දකින්නත් පුලුවන්.එතනින් ටිකක් ඉස්සරහට ගියහම corbet gap කියන කපොල්ල.මෙතනින් තමයි මම මුලින් කියපු රංගල පාරයි හුන්නස්ගිරිය පාරයි එකතු වෙන්නේ.මෙතන ඉඳන් හොඳින් නකල්ස් කඳු වලල්ල හොඳින් දකින්න පුලුවන්.මේ ඔක්කොමත් බලාගෙන කයිකාවලට වැන් එක එනකොට වෙලාව පහට විතර ඇති.එතනින් මීමුරේට කිලෝමීටර් හතරයි.වැන් එකේ අයියට පොඩි ටෝක් පාරක් දාල වැන් එකේ මීමුරේටම යන්න කතාකරගත්තා.අන්තිමට මීමුරේට යනකොට පහයි කාලයි.වැන් එකේ හුන්නස්ගිරියේ ඉඳන් මීමුරේට අපි පැය හතරක් විතර අපි ඇවිත්.මීමුරේ තියන මීගහ ගාව බහිනකොටත් අපිට නවතින්න තැනක් ගැන කිසිම අයිඩියා එකක් නැ.මීගහ ගාව කඩෙන් අහුව ඉන්න තැනක් සෙට් කරගන්න කොහොමද විස්තරේ කියලා.

"මල්ලි පංසලෙත් ඉන්න දෙනවා..ගිහින් අහලා බලන්නකෝ.හාමුදුරුවොත් එක්ක කතා කරලා..."



පංසලට යනකොටම පොඩි බලු පැටියෙක් අපිව දන්නවා වගේ ආව ඉස්සරහට නැට්ටත් වනාගෙන.ඒකෙන් හිතුන එන පොට ටිකක් හොඳ ලයින් එකක් තියෙයි කියලා. කෙලින්ම අපි ගිහින් පංසලේ හාමුදුරුවොත් එක්ක කතා කලා නවාතැන් ගන්න විදියක් ගැන.හාමුදුරුවෝ ඒතරම් වයසක් නැහැ.කිසි අකමැත්තක් නැතුව අපිට ධර්මශාලවේ නවතින්න හාමුදුරුවෝ අවසර දුන්නා.කොහොම උනත් ඉන්න තැනක් තියන නිසා දැන් ටිකක් හිතට ‍ෆිට්.ගමට ඇවිත් වැඩි වෙලාවක් යන්න කලින් ඉන්න තැනකුත් සෙට් උනානෙ.කොහොම හරි ඔක්කොම ගෙනාපු බඩු ටික පංසලේ දාල ආපු ගමන් නාන්ට තමයි අපේ අදහස.එදා හවස් වරුවම දොලට පැනලා නාපු එක තමයි කලේ.නාල කරලා එනගමන් ගෙනාපු කැම ටිකත් අතරමග තිබුනු කුඹුරක් මැද ගල් තලාවේ තියන් කැවා.මම කලිං කියපු අපිව පිලිගන්ට ආපු යාලුවා අපිත් එක්කම ගමනේ.ආයෙත් පංසලට ඇවිත් ඉන්න ධර්මශාලාව සුද්ද කරගෙන ආයෙත් අපි පොඩ්ඩක් ගමේ කඩේ පැත්තට පොඩි රවුමක් දැම්මා ඕනි කරන බඩු ගන්නත් එක්ක.ගමේ කඩ දෙකක් තියනවා.. සාමාන්‍යයෙන් සිල්ලර බඩු ඕනි දෙයක් ගන්න පහසුකම් කඩ වල තියෙයි කියන්න පුලුවන්.ඒත් ගමට මොබයිල් සිග්නල් නම් නැ.ඒත් හුඟක් ගෙවල් වලට සී ඩී එම් ඒ ෆෝන් තියනවා.ඒ කඩවල් වලින් දුරකතන පහසුකම් ලබා ගන්න පුලුවන්.

ලකේගල


 එදා ටිකක් ‍රැ වෙනකං ගමේ මිනිස්සුත් එක්ක කතා බහ කරන්න පුලුවන් උනා.ගොඩක් මිනිස්සු ගමේ දේවල් ගැන කැමැත්තෙන්ම විස්තර කියලා දුන්නා.ගොඩක් මිනිස්සු එක්ක කතා බහ කරනකොට ඒ අයගේ වැඩි ලෙංගතුකමකින් කතා බහ කරනව කියලා හිතුනා. 

මේ දේ කයිකාවල තිබුනු ප්‍රචාරක දැන්වීමකත් තිබුනා.

"කයිකාවල ,පුස්සේ ඇල,මීමුරේ,කුඹුක්ගොල්ල, ශ්‍රීලාංකීය අනන්‍යතාවයේ අපූර්වත්වය ලොවට ප්‍රකට කල පාරම්පරික ගම්මාන වේ.මෙම ගම්මාන වල ප්‍රජාවට ගරු කරන්න.ඔවුන්ගේ සිරිත් වලට ගරු කරන්න.එවිට ඔවුන්ද ඔබට ගරු කරනු ඇත."



මේ ඉන්නේ වයස අවුරුදු අනූ හතරක් වෙන සීය කෙනෙක්.ගම ගැන හොඳ අවබෝදයක් තියෙයි කියලා කතාවෙන් තේරුනා.මීමුරේ ගෑන කවියක් අහගන්න ඕනිකමට සීයගෙන් අහල බැලුව.

"කියමුද සීයේ කවියක් ?"

එපිට පැත්ත ලක්ගල මීමුරේයා
මෙපිට පැත්ත කලුපානා කලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි බරකාස ලක මීමුරේයා

මීමුරේට දකුනු දෙසින් කයිකාවල සැදුනා
නෙත් පිනවන ලකේගලද උතුරු දෙසින් සැදුනා
යස ඔබිනා සීතා ගඟ නැගෙනහිරින් සැදුනා
මෙසියල්ලට බටහිරයෙන් ඇබේගලද සැදුනා

මේ කවි දෙක මීමුරේ ගම ගැන..මීමුරේට උතුරින් පිහිටලා තියන සුන්දර ලකේගල ගැනත් කිව්වා සීය කවියක්.

ගලේ උස බෝය ගල උඩ බලන්නට
ගලේ වට බෝය ගල වට දුවන්නට
හිතේ සැක බෝය පදකර කියන්නට
ලකේගල හොඳයි දාගැබ් බඳින්නට

කතා බහෙන් ගමේ තිබුනු එක කඩේකින් බඩු අරන් දුන්නහම කැම හදල දෙන විදියට ඔක්කොමත් සෙට් කරගෙන එදා ‍රැ පංසලේ නැවතුනා.

ඊලඟ දවසේ උදෙන්ම අපි ගෙනාපු පාන් වලට ගමේ ගෙදරකට කියලා පරිප්පුවක් හදාගෙන.නූඩ්ලස් එකක් දවල්ට හදාගෙන ගමේ ඇවිදින්න පටන් ගත්තා..කලින් කවියෙදිත් කියපු ලකේගල ගමට උතුරින් ලස්සනට පේන්න ගත්තා..දැන ගත්තු විදියට ලකේගලට මේ නම හැදෙන්න ගොඩක් කතා තියනවා කියලයි කියවෙන්නේ.කොහොම උනත් රාවනා රජ සමයේ දඬුමොනරයේ ලන්කාව දෙසට දිශාව හොයාගන්න බාවිතා උනු ගල නිසාත් ලකේගල කියන බවට කතාවක් තියනවා.ඒ වගේම මේ ගල ලංකාව හැඩයෙන් නිසාත් ලකේගල කියන බව කතාවකුත් තියනවා.ලකේගලට යනවානම් ටිකක් දුශ්කර ගමනක්.හැබයි ගමනෙන් බාගෙකටත් වඩා දුරක් පහසුවෙන් යන්න පුලුවන්.ගමේ මිනිස්සු කුඹුරු පැල ගැහිලා එන කාලෙට හරක් බැඳලා තියන්නේ මේ ලකේගල පාමුලා පතන ප්‍රදේශයේ.ලකේගල නගිනවනම් දිග කඹ අරන් ගිහින් ගමනේ අවසාන හරිය යන්න ඕනි කියලයි ගමේ අය කිව්වේ.ගලේ කොකු දාල කඹ බඳින්න පුලුවන් විදියට සකස් කරල තියනවලු.ලකේගල පේන කොත වගේ එක මුදුනේ සමතලා බිමක්ලු තියෙන්නේ.එතන ‍රැයක් ගත කරන්නම බලාගෙන එනවනම් තවත් දවසක් ඒ වෙනුවෙන්ම ගත කරන්න වෙනවා.අපි එහෙම ලැස්තියක් නැති නිසා වෙල් යාය මැදින් සූරිය අරන කරපු ගඟ පැත්තට සේන්දු උනා.ඒ යන අතරමග තමයි සූරිය අරනේ කඩේ තිබුනු තැන එහෙම හම්බවෙන්නේත්.                      

                      සශ්‍රීක කුඹුරු යාය                                                                                                                        


සූරිය අරනේ පොඩි හාමුදුරුවෝ වතුර දිගේ ලිස්සලා  එන හැටි මතකද? අපිත් පොඩ්ඩක් බැලුවා ට්ර්යි එකක් දාල.වැඩේ ගොඩාක් සාර්තකයි.

ලෙෂර් වර්ල්ඩ් කුමකටද?





 








මෙතන යටින් වලවල් දෙකක් තියනවා.එකක් ටිකක් ගැඹුරු එකක්.මේ වලේ දැනට අවුරුදු දෙකකට කලින් කෙනෙක් ගිලිලා මැරිලා තියන්වලු.ඊටත් යටින් තියනවා තාලි කට කියලා ගල් බේසමක් වගේ වලක්.ගමේ අය කියන විදියට ගොඩක් ගැඹුරුයි.අපිත් බැලුවා රිටක් එහෙම දාල.අඩිය වැදෙන් නැති ගානයි.ඔයාලත් මේ පැත්තේ එනවනම් මේ තැන් ගැනත් ටිකක් දැනුවත් වෙලා එන එක වටිනවා.

මේක තමයි තාලි කට


දවසෙන් වැඩි හරිය නාන එක තමයි කලේ.දවල්ට එහෙම කාලා ආයෙත් ගම දිගේ උඩහට ටිකක් දුර කැලේ ඇතුලටත් ඇවිදින්න ගියා.කොහොම හරි ඉස්සර කාලේ ගමේ වතුපිටි වෙන් කරලා තිබුනේ ගල් වැටි වලින්ලු.තවමත් යම් තාක් දුරකට ගල් වැටි පිහිටල තිබුනත් ගමට පාර හැදුනු නිසා ඒ ගල්වැටි කැඩිල ගිහින් තියනවා.නැත්නම් අවුරුදු තුන හතරකට කලින් දෙන්නෙක්ට සමාන්තරව එක පැත්තකට යන්න බැරිවෙන තරමට ගල්වැටි තිබුනා කියලා තමයි ගමේ අය කිව්වේ.ලකේගල අවට කැලේ හරහා මාතලේට යන්නත් පුලුවන්ලු.ඒ නාරංගමුව කියන ගම හරහා.ඒක ලකේගල පාමුලින් කැලේ හරහා වැටිලා තියන පාරක්.අපිත් ටිකක් දුර ඒ පාර දිගේ කැලේ මැදට ඇවිද්දා.තවත් ඉතිං ඇවිදිනවා නම් රනමුරේ කියන ගමටත් යන්න පුලුවන්.අපිට එහේ යන්න වෙලාවක් ඉතුරු උනේ නම් නැ.‍රැ වෙලා හාමුදුරුවෝපංසලට එනකොට ගමේ කෙනෙක් අපිටත් එක්ක හාමුදුරුව්න්ට දවල් දානේ ගෙනකොට කැම අරන් ඇවිත්.හික් හික්.. හාමෞදුරුවො කිව්ව ආයෙත් ‍රැට උයවගන්න එපා ඒවා කන්න පුලුවන් කියලා.හේ හේ..කොහොමද ඒකෙත් හැටි.

ගමේ වටපිට





මීමුරේ ගමේ ඉස්සර නං කුරහං එනසාල් වගේ වගාවන් පැවතුනු බව තමයි ගමේ මිනිස්සු කිව්වේ.ඒත් දැන් නං ඒ තත්වේ වෙනස් වෙලා.ගමේ විශාල වශයෙන් ගම්මිරිස් වගා කරනවා දැකගන්න පුලුවන්.එදා ඉඳන් පැවතුනු කුඹුරු වගාව අදට සාර්තකව කෙරෙනව කියල කියන්න පුලුවන්.මට හිතෙන විදියට නං තවමත් යම්තාක් දුරකට ගමේ ගැමිකම,ඉපැරනි චාරිත්‍ර සිරිත් විරිත් ‍රැඳිලා තියනවා.ගමට පාර හැදුනු එකත් එක්ක, මිනිස්සු වැඩි වැඩියෙන් එන්න ගත්ත එකත් එක්ක හොඳ දේවල් වගේම නරක දේවලුත් ගමට ඇවිත් කියලා හිතෙනවා.ගමේ හාමුදුරුවන්ගේ ලොකු වැඩපිලිවෙලක් ගමේ ගැමිකම ‍රැකගන්න තියෙන බව කතා බහෙන් තේරුනා.කොහොම උනත් ඔයගොල්ලොත් මීමුරේ යන්න අදහසක් තියනවා නම් ගමේකමට ගරුකරලා ඒ විදියට කටයුතු කරන්න වග බලාගත්තොත් හොඳයි.කල යුතු නොයුතු දේවල් ගැන මම කියන්න යන්නේ නැ.කරන කියන හැම වැඩක්ම සීමාවක් ඇතුව ගමේ සුන්දරත්වය ‍රැකෙන පරිදි කලොත් හොඳයි.

ලකේගල අවට වනාන්තරය




කොහොමින් හරි පංසලේ හාමුදුරුවන්ට එදා ‍රැම කතාකරල ස්තූති කරලා අපි කලින්ම නින්දට වැ‍ටුනා.මොකද මීමුරෙන් හුන්නස්ගිරි එන වැන් එක ගමෙන් පිටත් වෙන්නේ උදේ පහ හමාරට.ඒක මිස් උනොත් තව දවසක් මීමුරේ.කොහොම හරි පහුවදා උදෙන්ම මීමුරෙන් එන්න පිටත් උනේ ආයෙත් දවසක් ලකේගල නගින්න එන්න බලාගෙන.

පුංචි ලෝකාන්තාය


එන ගමනේ හුන්නස්ගිරියට කිලෝමීටර් හතක් මෙහායින් කුඩා ලෝකාන්තය බලන්නත් යන්න පුලුවන්.ඔන්න ඉතින් අපි නම් එකක් වත් අතෑරියේ නැ..මේ විදියට ආයෙත් මීමුරේ එන බලාපොරොත්තුවෙන් කුඩා ලෝකාන්තය බලල පයින්ම හුන්නස්ගිරියට ඇවිත් අපේ ගමන ඉවර කලා.ඔන්න ඔයාලත් යනවනම් අමතක නොවෙන ගමනක් කරගන්න යන්න පුලුවන් මීමුරේ...ඔක්කොටම ජය!!!

ගීයක සුලමුල 6- අන්දර යායේ වැව් තාවුල්ලේ..සක්මන් කරනා අප්පච්චි...


අද මම කියන්න යන්නේ ගොඩ දෙනෙක්  ආසකරන ගීතයක් හැදුනු විදිය ගැන.ගීතය තමයි අන්දර යායේ වැව් තාවුල්ලේ කියන දිවුල්ගනේ ගායකයා ගායනා කරන මමත් පුද්ගලිකව ගොඩක් කැමති ගීතය.මේ ගීතය ලියලා තියෙන්නේ කුමාර ලියනගේ කියන ගීපද රචකයා.මියුරු තනුව රෝහන ධර්මකීර්ති.

අන්දර යායේ වැව්  තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී

වලාකුළේ දා බිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
පුතු සෙනෙහේ කඳුළැලි සලනා

තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
කැකුළු මුවට පලවැල නෙළුවා
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
සිදාදියට එන මං තැනුවා


මම අහලා දැන ගත්තු විදියට ගී පද රචකයා රුහුනේ.රුහුනේ කොහෙන්ද අන්දර යායවල් ..වැව් තාවුලු..ගීතය ගීපද රචකයාගේ අත්දැකීමක් නම් එහෙම වෙන්නේ කොහොමද?මේ ගීතයට ගොවිතැන වෙනුවෙන් ජීවිතය කැපකරපු , තම දරුවන් වෙනුවෙන් අපරිමාන කැපකිරීම් කරපු රජරට ආදරනීය පියෙකුගේ ගති ලකුනු කියැවෙන්න කරුනු කාරනාත් යෙදුනු හැටිත් හරිම සුන්දරයි..ගී පද රචක කුමාර ලියනගේ මහත්තයගේ පියා ගුරුවරයෙක්.ඒ වගේම ගොවියෙක්.එතුමගේ පියා වැඩකටයුතු ඉවර කරලා විවේක ගන්න දික්සඟලාවක වැතිරිලා ඉන්න හැටි තමයි ගීතයේ මුල් කොටසට එක්කසු කරලා තියෙන්නේ. දික්සඟලා පු‍ටු කියන්නේ ලනු වලින් වියපු ඉස්සර කාලේ ගැමි ගෙවල් වල තිබුනු හාන්සි පු‍ටුවක්..ගීතයේ මුල් පදපෙලේ ඇතුලත් වෙලා තියෙන්නේ "දික් සඟලාවේ දිවා විහාරේ වැඩ සිටිනා අපේ අප්පච්චි..." ඒ මේ පද පෙල ලියපු කුමාර ලියනගේ ගේ තමන්ගේ පියා පිලිබඳ මතකය.

කොහොම හරි මේ ගීතය ගයන්න කරුනාරත්න දිවුල්ගනේ ගායකයට දුන්නහම ගීතයේ පද බලලා දිවුල්ගනේ කියලා තියනවා "අනේ අපේ අප්පච්චිලා කවදාවත් දික් සඟලා පු‍ටුවල වැතිරිලා හිටියේ නැ....කැති පොරෝ අරගෙන..අන්දර කැලැ බිඳ දාලා දරුවන්ට කන්න දීපු අය.." ඉතින් මේක ගයන්න ගායකයට හරියට ඇඟට එන්නේ නෑලු." මේක මට දැන්නේ රජරට සේවයේ ගීපද රචකයෙක් වන දම්මික බන්ඩාරයන් ලියපු ගීතයක් විදියට" කියලා මෙහෙම කවියක් මතක් කරලා දීල තියනවා

අන්දර කැලේ මැද හිනැහුනු අප්පච්චි
අන්දර මලේ සුවඳයි   මට    අප්පච්චි
අන්දර කැලේ හැංගී ඉඳ       අප්පච්චි
ඈත ඉඳන් අඬගහපන්         අප්පච්චි

ගායකයා මේ විදියට එයාගේ අදහසුත් එකතු කලාලු පුලුවන් නම් මේක මේ  විදියට වෙනස් කරල දෙන්න කියල .ඒත් ගීපද රචකයා ඒකට ඒතරම් කැමති වෙලා නැ..කොහොම කොහොම හරි අන්තිමට  දික්සඟලාවේ දිවා විහාරේ වැඩසිනා අපේ අප්පච්චි කියන පද පේලිය රචකයාගේ අත්දැකීමෙන් වෙනස් වෙලා ගායකයාගේ කැමැත්තට අනුව අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී කියලා වෙනස් වෙනවා.

මේ ගීත්යට ගීයට තනුව යොදපු රෝහන ධර්මකීර්ති මහතාගෙ පැත්තෙනුත් අනුවේදනීය කතාවකින් ගීතයට සම්බන්ද වෙනවා.මේ ගීතයට තනුව සකස් කරන්න ගීපද පෙල එතුමට ලැබෙනකොට එතුමා ඉඳල තියෙන්නේ කනගා‍ටුදායක තත්වයක.ඒ එතුමගේ පියාගේ අභාවය සිදුවෙලා ඒ කටයුතු අවසන් උනු සංවේදී මොහොතක.කෙසේ වෙතත් පද රචකයා තමන්ගේ පියා මියැදෙන වෙලේ ලංකාවේ ඉදලා නැ.පිටරට සංචාරයකට සහබාගි වෙලා ඉඳලා තියෙන්නේ.ඒ හේතුව නිසා තමන්ගෙ පියාගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ද වෙන්න එතුමට හැකිවෙලා නැ.මේ කරුනු කාරනා නිසා පද රචකයා ගොඩක්ම කලකිරිලා ලංකාවට ආපු වෙලේකයි මේ පද පේලිවලට  තනුව නිර්මානය කරන්න ලැබිලා තියෙන්නේ.
එතුමා කියන විදියට එතුමන්ගේ පියා පිලිබඳව මතකය අවදි කරන්න බටනලා වාදනය උපයෝගී කරන් තියනවා.සමස්ත තනුව පුරාවටම එතුමගේ පියා පිලිබඳව එතුමට දැනුනු සංවේගය සහ ගෞරවය මුසු මතකය තනුව තුලින් මතු කරන්න එතුමා උත්සහ කරලා තියනවා.එතුමා කියන විදියට මේ ගීතය මෙතරම් සාර්තක වෙලා තියෙන්නේ පිය සෙනෙහසින්ම උපරිමයෙන්ම දැනුනු මොහොතක නිර්මානය උනු නිසා.

කොහොම උනත් මම හිතන විදියට ගායකයා, ගී පද රචකයා, තනු රචකයා කියන තුන් දෙනාගෙම අත්දැකීම් දැනීම් සංවේදීතාවන් එකට එකතු උනු නිසා ගීතය වඩාත් දැන්නෙන්න නිර්මානය වෙලා තියනවා.ඒ වගේම මේ ගීතය විඳින පිරිස ගොඩක් වැඩියි.ඒ බොහොමයක් පුතුන් දායාද කල පියවරුන් "ඒ දඬු මං බැන්ද...සත්කුලු පව් බිඳ...  " තම පුතුන් රජවරුන් කරවා , ඒ දෙස බලා නිහතමානීව ස‍තු‍ටු උනු පියවරුන් නිසාවෙන් වෙන්න ඇති..


ගී පද අරුතක්- රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානේනි....


මම ගොඩක් කාලයක ඉදන් බලන් හිටපු දවසක් උදා උනා.නන්දා මාලිනියන්ගේ ඒක පුද්ගල සංගීත සම්භාශනය ස්වේත රාත්‍රිය රත්නපුර පුරහලේ ගොඩක් සාර්තක විදියට පැවැත්තුනා.සුරේශ් මාලියැද්දගේ සංගීතයට නන්දා මාලිනියන්ගේ මියුරු ස්වරය පුරා පැය දෙකකට ආසන්න කාලයක් .කාලය ගෙවී ගියා දැනුනෙවත් නැතුවම.

කොහොම උනත් මම අද ලියන්න හැදුවේ නන්දා මාලිනියන් මේ ගී පෙලගැස්මේ ගායනා කරපු වැඩිපුර නැසෙන ගීයක පද පෙලකට පුංචි අර්තයක්.ගීතය රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි කියන ගීතය..මේ ගීය රචනා කරල තියෙන්නේ සුනිල් ආරියරත්නයන්.

මට හිතෙන විදියට මේ ගීතය ලියැවිලා තියෙන්නේ ඒ කාලයේ රට තුල තිබුනු වාතාවරනය මුල් කරගෙන.රුවල් නැවකට නායකත්වය දුන්නු නාවිකයෙක්ට තම ආදරනීය සාමාජිකයෙක්  කියනවා දැන් මේ රුවල බිඳී ගිහින් තියෙන්නේ.තව දුරටත් අපත් සමග මේ ගමන යා හැකි වන්නේ නැ.ඒක හන්දා තමන් අත ඇරලා ගොඩබිමකට යන්න කියලා.රුවල් බිඳුනු නෞකාවකට උපමා කරමින් මේ ගීතයෙන් කියන්න හදන්නේ ඒ කාලයේ රටේ පැවතුනු යම් කන්ඩායමකට මුහුන දෙන්න උනු තත්වයක් සහ එම සමාජය තුල  නායකයා කෙරේ ඔහු වටා බැඳුනු පිරිසට තිබුනු දැඩි බැඳීම කියලයි මට හිතෙන්නේ.

ගීතයේ මුල් පද පේලි ගත්තොත්

රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානෙනි..
නොගිලී දල රල පෙල අතරේ...
මා හා යා නොහැකිය ගොඩ බිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ....

ගීතයේ පලමු වැනි අන්තරා කොටස

දැතට එක් කල වැහිදිය පොවමින් පවසට
ඉ රුනු  රුවල් රෙදි දවටා තබමින් උනුසුම
මා ‍රැකගත් ඔබ ‍රැකගත යුතුවේ අදදින
දියබේ නවතිමි යනු මැන පෙරමග තනිවම

ගීතයේ මතුපිටින් පෙනෙන විදියට නම් රුවල් නෞකාවේ ගතකල ජීවිත කාලේ එකට එක්ව කන්ඩායම්  හැගීමෙන් කල කීදැ සිහි පත් කිරීමක් ගීයේ මුල් පද පෙලින් මතු කරනවා.රුවල් නැවේ නියමුවානන් තම පිරිස ‍රැකගත් ආකාරය ඒ බැඳීම හොඳින් පෙන්නල දෙනවා පහත පද පේලි වලින්..

"දෝතට එක් කල වැහිදිය පොවමින්..පවසට.."
"ඍනු රුවල් රෙදි දවටා තබමින්.. උනුසුම.."

කොහොම උනත් පද රචකයා කියන හදන්නේ කාලයක් පුරාවට තම කන්ඩායම යටපත් කරන්න විවිද උත්සහ ගන්නකොට කන්ඩායම් සාමාජිකයන් නායකත්වය සමග එක්ව එකා වගේ හිටපු හැටි.ඒත් දැන් කන්ඩායම විනාශ වීමට ආසන්න නිසා තම පිරිස ගැන නොසිතා පිටව යන්න කියන අදහසයි ලබා දෙන්නේ..

ගීතයේ දෙවෙනි අන්තරා පේලියෙත් රචකයා කියන්න උත්සහ කරන්නේමුලින් කියන්න හදපු දේමයි.මේ කොටසේ  රචකයා පද ගලපා තිබෙන හැටිනම් විශිශ්ටයි.පද පේලි වලින් ගීතය පුරාවටම රුවල් ඉ රුනු දියබත් වෙන්න ආසන්න රුවල් නැවක  චිත්ත රූප මවන්න සමත් වී තියෙන බවක් හැ‍ඟෙනවා..

සුන්බුන් නැව් බඳ දියබත් වී යයි
හෙමිහිට අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි
සෙනෙහස දැස පියාගෙන මා බිලි දී දිය ගැභරට
ගැලවී යනු මැන මේ විපතින් හිත දැඩි කොට..

ගීතයේ අවසාන කොටසින් පැහැදිලි කරන විදියට ,මේ කන්ඩායම් සෙමින් විනාශය කරා ගමන් කරනවා.ඒ නිසා මෙච්චර කාලයකට තිබුනු බැඳීම් අත ඇරලා තම පිරිස අත ඇරලා ඇති වී තිබෙන තත්ත්වයෙන් වෙන්න තිබෙන විපතින් පලා යන්න කියලා නායකයාට කියනවා..

කොහොම උනත් මේ ගීතයේ අර්තය ගැන මට හිතෙන විදියට පුංචි අදහසක් දෙන්න පුලුවන් උනා කියලා හිතෙනවා.ගීතය ඩවුන්ලෝඩ් කරනවා නම් මෙන්න ලින්ක් එක...හැමෝටම සුභ දවසක්..මම ගියා ජයශ්‍රී...

අමුතු දත්ත -6 ලු




ආයෙත් කාලෙකින් අමුතු දත්ත ටිකක් හොයලා දාන්න හිතුනා.ඔන්න එහෙනම් ඒ ටික.කලින් ලියපු ඒවත් කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටික




උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.

සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු

හොඳම බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"Internet explore" යනු අංක එකේ වෙබ් බ්‍රවුසරයක්ලු

ඒකෝන්ගෙ හරි නම "Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam" ලු

2011 වසරෙදි ඔබේ උපන් අවුරුද්දේ අග අංක දෙක ඔබෙ එම වසරේ වයසට එකතු කලොත් එකතුව 111 ලු

පොලව මතුපිට ඉඳන් හරි මැදට දුර කිලෝ මීටර් 6378ක්ලු

අප්‍රිකාවේ ජීවත්වෙන cicida කියන මැසි විශේශය වසර 17ක්ම ජීවත්වෙන්නේ නිදාගෙනලු..ඊට පස්සේ සති දෙකකට ඇහැරන් ඉඳලා මැරිලා යනවලු

එකම අකුර එකලඟ තුන පාරක් යෙදෙන ඉංග්‍රීසි භාශාවේ එකම වචනය Goddessship ලු

වවල් ටික ඔක්කොම එන ඉංග්‍රීසි භාශාවේ කෙටිම වචනයා aerious ලු

මැශින් ගන් එකේ සංකල්පය ලියනාඩෝ  ඩවින්චිගෙලු

හිපෝලගෙන් එන්නෙ රෝස පාට කිරිලු

Addidas සහ Puma නිර්මාපකයන් සහෝදරයොලු

පුරාන ඊජීප්තු වැසියෝ ගලින් කල පැදුරු මත නිදියගත්තලු

mole කියන මී විශේශයට දවසකට අඩි 300ක් ගැඹුරට පොලව හාරන්න පුලුවන්ලු

කූබියන්ට ඇස් වහන්න බැරිලු

ක්ලියෝපැට්‍රා  ඇගේ සහෝ දරයෝ දෙන්නෙක්වම බැඳල තියනවලු

ජීවිත කාලෙම අලි ඇවිදින්නේ ඇගිලි තුඩින්ලු

ප්‍රින්ටෙර් වලට ඕනි තින්ත වලට යන වියදම් මිනිස් ලේ වලට යන වියෆ්දමට වඩා වැඩියුලු

පැස්බරෙක්ගෙ බිත්තර හොඳින් තම්බන්න මිනිත්තු 40ක් විතර යනවලු

Youtube usersලා මිනිත්තුවකට වීඩියෝ 60ක් අප්ලෝඩ් කරනවලු

කොලයක් අරන් ඒක නමාගෙන ගියොත් ඒක හත් පාරකට වඩා නවන්න බැරිලු

හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු

ගූගල් ක්‍රෝම් එකේ එකවාරකට ටැබ් 60ක් ඕපන් කරන්න පුලුවන්ලු