"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

අමුතු දත්ත -6 ලු




ආයෙත් කාලෙකින් අමුතු දත්ත ටිකක් හොයලා දාන්න හිතුනා.ඔන්න එහෙනම් ඒ ටික.කලින් ලියපු ඒවත් කියෙව්වෙ නැත්නම් මෙන්න ලින්ක් ටික




උනු වතුර ඇල් ජලයට කලින් මිදෙනවලු.

සමහර පනුවෝ කන්න නැති උනාම තමංවම කනවලු

හොඳම බ්‍රවුසරයක් ඩවුන්ලෝඩ් කරගන්න"Internet explore" යනු අංක එකේ වෙබ් බ්‍රවුසරයක්ලු

ඒකෝන්ගෙ හරි නම "Aliaune Damala Bouga Time Puru Nacka Lu Lu Lu Badara Akon Thiam" ලු

2011 වසරෙදි ඔබේ උපන් අවුරුද්දේ අග අංක දෙක ඔබෙ එම වසරේ වයසට එකතු කලොත් එකතුව 111 ලු

පොලව මතුපිට ඉඳන් හරි මැදට දුර කිලෝ මීටර් 6378ක්ලු

අප්‍රිකාවේ ජීවත්වෙන cicida කියන මැසි විශේශය වසර 17ක්ම ජීවත්වෙන්නේ නිදාගෙනලු..ඊට පස්සේ සති දෙකකට ඇහැරන් ඉඳලා මැරිලා යනවලු

එකම අකුර එකලඟ තුන පාරක් යෙදෙන ඉංග්‍රීසි භාශාවේ එකම වචනය Goddessship ලු

වවල් ටික ඔක්කොම එන ඉංග්‍රීසි භාශාවේ කෙටිම වචනයා aerious ලු

මැශින් ගන් එකේ සංකල්පය ලියනාඩෝ  ඩවින්චිගෙලු

හිපෝලගෙන් එන්නෙ රෝස පාට කිරිලු

Addidas සහ Puma නිර්මාපකයන් සහෝදරයොලු

පුරාන ඊජීප්තු වැසියෝ ගලින් කල පැදුරු මත නිදියගත්තලු

mole කියන මී විශේශයට දවසකට අඩි 300ක් ගැඹුරට පොලව හාරන්න පුලුවන්ලු

කූබියන්ට ඇස් වහන්න බැරිලු

ක්ලියෝපැට්‍රා  ඇගේ සහෝ දරයෝ දෙන්නෙක්වම බැඳල තියනවලු

ජීවිත කාලෙම අලි ඇවිදින්නේ ඇගිලි තුඩින්ලු

ප්‍රින්ටෙර් වලට ඕනි තින්ත වලට යන වියදම් මිනිස් ලේ වලට යන වියෆ්දමට වඩා වැඩියුලු

පැස්බරෙක්ගෙ බිත්තර හොඳින් තම්බන්න මිනිත්තු 40ක් විතර යනවලු

Youtube usersලා මිනිත්තුවකට වීඩියෝ 60ක් අප්ලෝඩ් කරනවලු

කොලයක් අරන් ඒක නමාගෙන ගියොත් ඒක හත් පාරකට වඩා නවන්න බැරිලු

හරක්ට පඩි දිගේ ඉහලට යන්න පහසු උනාත් පහලට එන්න්න අපහසුයිලු

ගූගල් ක්‍රෝම් එකේ එකවාරකට ටැබ් 60ක් ඕපන් කරන්න පුලුවන්ලු


ගීයක සුලමුල 5 - උතුරින් එන දුම්රියදේවී.........


කාලෙකින් ආයෙත් බ්ලොග් එකට ලියන්න එන්න උනේ.පහුගිය කාලේම විභාග කටයුතු නිසා ඒ වැඩේ මග ඇරුනා.කොහොමහරි ගීයක සුලමුල කියලා පහුගිය කාලේ ලියපු ලිපි ටිකට හොඳ ප්‍රතිචාර තිබුනු නිසා හිතුනා තවත් මේ වගේ සින්දුවක් හැදෙන්න පසුබිම් උනු සිදුවීමක් ගැන ලියන්න.අද මම ‍තෝරගත්තු ගීතය තමයි කරුනාරත්න දිවුල්ගනේ ගායකයා ගායනා කරන උතුරින් එන දුම්රියදේවී කියන ගීතය.ගීතයේ පදමාලාව ප්‍රවීන ගීත රචක මහින්ද චන්ද්‍රසේකර.මෙතුමා පහුගිය දවසක අපේ සරසවියට ආවා ගී රස වින්දන වැඩසටහනකට.ඉතින් මම මේ සින්දුවෙ සුලමුල හොයාගත්තේ ඔය වැඩසටහනෙන් තමයි.එතුමා මේ ගීයට හේතු සාදක වෙච්ච සිදුවීම ලස්සනට විස්තර කලා.


එතුමා ඉපදිල තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ ඔයාමඩුව කියන ගමේ.කොහොම හරි එතුමගේ තරුන කාලේ යම් අවදියක උතුරයි දකුනයි එක විදියට ඇවිලුනාලු.සිංහල දෙමල කලකෝලාහල නිසා.මේ නිසා එවකට හිටපු ජනාධිපතිතුමා වහාම නියෝග කරලා උතුරට දුම්රිය යැවීම නවත්තන්න.මේක හන්දා කෝච්ච්චි ඇවිත් අනුරාධපුරේ ස්ටේශන් එකේ නවත්තනවා,ආපහු කොලඹට යනවලු.දැන් ඔහොම මාස ගානක් යන කොට ටික ටික ආපහු ආරවුල් එහෙම අඩුවෙලා.ඉතින් ආයේත් තහංචිය නැතිකරලා.යාල්දේවී ආයෙත් යාපනයට යන්න පටන් අරන්.දැන් ආපහු බඩු මුට්‍ටු සෙනග පුරවගෙන යාල්දේවී යාපනේ ඉඳන් කොලඹ එනවලු.මෙහෙම කෝච්චිය එන වෙලාවක අපේ ගීපද රචකයත් අනුරාධපුර දුම්රිය නැවතුම්පලේ පදික වේදිකාවට වෙලා ඉන්නවලු.දැන් කාලෙකට කලින් ගහමරාගත්තු හැමෝටම ඒ ඔක්කොම අමතක වෙලා.මිනිස්සුන්ගේ හැටි එහෙමයි..කාලෙකට පස්සේ නැයො දැක්ක වගේ ඔක්කොම හිනාවේවී පදික වේදිකාඅවේ එහෙ මෙහෙ යනවලු.මේ වෙලේ අපේ ගීත රචකයා මහින්ද චන්ද්‍රසේකරයන් අහම්බෙන් වගේ දැකලා තියනවා නවත්තලා තියෙන දුම්රියේ කවුලුවක් ලඟ වාඩිවෙලා ඉන්න බොහොම සුන්දර ද්‍රවිඩ තරුනියක්.පද රචකයගෙම වචන වලින්  කියනව නම්

 "මේ කාලේ අසූ තුනේ අවුරුද්ද...අද ඊයේ වගේ නෙවෙයි..මමත් ඉතින් එච්චර වයස නැ....මේ තරුනිය බොහොම ලස්සනයි...කොන්ඩේ සමන් පිච්ච මල් ගහලා....කනට තිරුවංගල් දාල...මාලෙට මූකු ‍තෝඩු දාල "

ඉතින් මේ ලස්සනට වශී වෙලා අපේ කතානායකයත් ඇය දිහා බලං ඉන්නකොට එකපාරම ඇය ඔහු දිහා බලලා.ඒත් දැකපු ගමන් මේ ගැනු ලමයා රවලා අහක බලාගෙන.මෙහෙම උනා විතරයි පද රචකයට උතුර දකුන මාරු වෙලා.මේ වෙලේ මෙතන හිටපු දම්මික චන්ද්‍රසේකරයන්ගෙ යාලුවා මේ ඔක්කොම සිදුවීම් පෙල දැකලා.ඉතින් එයා කියලා තියෙනවා..."ගනන් ගන්න එපා.කෙල්ලො ඔහොම තමයි..."කොහොම උනත් මේ සිදුවීම පද රචකයට එක පාරට අමතක කරන්න බැරිවෙලා.එතුමට මේ කාන්තාවට කියන්න ඒ මොහොතේ ගොඩාක් දේවල් හිතට ඇවිල්ල.පස්සේ තමයි මේ දේවල් මතක් වෙලා තියෙන්නේ.ඒත් ඔක්කොටම වෙලාව පරක්කු වැඩී.මොකද ඒ වෙනකොට කෝච්චිය පිටත් වෙලා.ඒ සුන්දර දෙමල තරුනියට කියාගන්න ගොඩක් දේවල් තිබුනයි කියපු ටික වැඩිදුරටත් එතුමා විස්තර කරනවා මෙහෙම

  "එක්දහස් අටසිය දහ අටේ ඌවේ මහ කැ‍රැල්ල හොඳට පැරදුනා.කැප්පෙටිපොල ඇතුලු ප්‍රධානම කැරලි නායකයො මිහින්තලේ ඉන්න ඇති,අපේ ගම වැද්දා කඳේ ඉන්න ඇති, මේ නායකයෝ ඔක්කොම ‍රැකවරනය ලබාගත්තේ  මේ කැලැවල් වලට ඇවිල්ල. ඒ වෙලාවේ පිලිමතලාවේ නිලමෙගෙ කකුලේ තුවාලයක් හැදිලා පයින් යන්න බැ.දෝලාවක තියලා උස්සගෙන යන්න ඕනි.දැන් යන්නේ අනුරාධපුරේ මැදින්.මෙහෙම යනකොට එකතැනකදි එතුමා කැගහලා කියනවා "ඔය දෝලාව බිම තියපන්. මේ දුවන්නේ බයේ කොයි වෙලේ සතුරන්ට අහුවෙයිද දන්නේ නැ."කියලා එතුමා දෝලාවෙන් බහිනව.බැහැල එතුමා  පයින් යනවා.මෙහෙම යනගමන් එතුමා කියනවා "අපි සිංහලයො..කවදාවත් මෙතනින් දෝලාවක පූනමක පල්ලැක්කේක ,ඇතුන් අසුන් පිට ගිහින් නැ. " එහෙම යන්න එපැයි කියලා නීතිය දැම්මේ ක්‍රිස්තු පූර්ව එකසිය හැට එකේ දු‍ටුගැමුනු රජතුමා. ඇයි?..එතන තමයි එලාරගෙ සොහොන.ක්‍රිස්තු පූර්ව එකසිය හැට එකේ ඉඳලා ක්‍රිස්තු වර්ශ එක්දාස් අටසිය දහාට දක්වා මේ නීතිය ආරක්ශා කරපු,ඒ මැරිච්ච සතුරට ගරු කරපු,අපි හොඳ මිනිස්සු නෙවෙයිද? අපට රවන්න වටිනවද?"

මේ කතන්දරේ එතුමට කියන්න ඕනිවෙලා තිබිලා.ඒත් මේ කියාගන්න බැරිඋන ඔක්කොම මෙතුමා එදා රාත්‍රියේම ගී පද පෙලකට පෙරලනවා උතුරින් එන දුම් රියේ දේවී කවුලුව ලඟට වෙලා...නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා...මේ ගීතයේ දෙවෙනි අන්තරා කොටසක තියනවා ගම හැරදා නුඹ ගියදා...කෝවිල් යන හිත වැලපෙන්නේ..කියලා ආරම්බයක්.මේ පද ටිකටනම් මේ සිදුවීම කිසිම සම්බන්දයක් නැ.ගීතයේ අලංකාරය තවත් වචනෙන් විස්තර කරන්න එකතු කර ගත්තු යෙදුමක් තමයි ඒක.කොහොම හරි මේ ගීතයේ නාද මාලවත් දුම්රියක හඬ ඉස්මතු කරනවා.මේ ඔක්කොමත් එක්ක කරුනාරත්න දිවුල්ගනේ ගායකයානන්ගේ ගී හඬට එකතු වෙලා අවසානයේ සාර්තක ගීතයක් නිර්මානය වෙලා තියෙනව කියලා කියන්න පුලුවන්...

ගීතය:

උතුරින් එනදුම්රියෙ දේවී
කවුලුව ලඟට වෙලා//
නොරවන් නැත දේවී නැත මා
කිසි වරදක් කරලා...

මාල ‍තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ
ඔය නෝක්කඩූ බැලුම් යටින්
සෙනෙහස දෝ හඬා වැටෙන්නේ...

ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැලපෙන්නේ//
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනාසි සිසී බිමට බහින්නේ...

උතුරින් එන දුම්රියෙ දේවී.....

ඔන්න ඔහොමයි ඒ කතාවත්.ඉවර වෙනකං කියවපු අයට නිකම්ම යන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාල යනවනම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ..ඊලගට ලියන්න හිතාගෙන ඉන්නේ සුනිල් එදිරිසිංහ ගයන පැන මඩ කඩිති වැව් තාවුල් වැහි කාලේ ගීතයට පසුබිම් උනු සිදුවීම් පෙල.බලමු ඒකත් මේකෙ ප්‍රතිචාරත් එක්ක.මම ලියපු පහු ගිය ගීයක සුලමුල ලිපිටික බලන්න බැරි උනා නම් ඔන්න ඒ ටිකත් පහලින් දැම්ම.


එහෙනම් මම ගියා.ඔක්කොටම ජය වේවා!!!

ගඩා‍ෆිගේ මරනය සහ බටහිර රටවල හැසිරීම....



පසුගිය කාලය තුල ලෝක දේශපාලනය උනුසුම් කල මාතෘකාව වූයේ ලිබියානු නායක කර්නල් මුහමර් ගඩා‍ෆිගේ අවසානයයි.ලේ වැගිරීමකින් තොර වූ හමුදා කුමන්ත්‍රනයකින් මීට අවුරුදු 42කට පෙර ලිබියාවේ පාලක බලය සියතට ගත් ගඩා‍ෆිගේ අවසානය ලේ වැගිරීමකින් කෙලවර වේ යයි ඔහු කිසි විටෙක නොසිතන්නට ඇත.නමුත් සියලු දේ සිදුවී හමාරය.නියත බලය නියත වශයෙන්ම විනාශ වන බව පසක් කරමින් අවසානයේ බලය සිඳී බිඳී ගොස් ගඩාසිට තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවීම දෛවෝපගතය.පසුගිය දින කීපයේම ගඩා‍ෆි ගාථනයට සම්බන්ද වාර්තා රූප රාමු  පුවත්පත් රූපවාහිනිය තුලින් ප්‍රකාශයට පත් විනි.රක්ත පැහැ මුහුනින් යුක්තව ලේ වගුරවමින් "මට වෙඩි තියන්න එපා" යයි බැගැපත්වනවිටත් කැරලිකාර හමුදා හැට නම හැවිරිදි තම පාලකයාගේ ගෙල සිර කරගනිමින් සිටිනා දර්ශනය දකිනා විට බිඳක් හෝ සිත සසල නොවුනි නම් පුදුමයකි.එසේ නම් මෙසේ තමාව අවුරුදු හතලිස් දෙකක් පාලනය කල නායකත්වය කෙරේ මෙතරම් දෙයක් කරන්නට තරම් ආවේගයක් ඇති වූඒ කෙසේදැයි සිතා බැලිය යුතුය.එහෙත් ඒ පිලිබඳව කතා බහ ඉදිරියට විසඳාගැනීමට හැකි වනු ඇත.ඒ ලිබියානු ජනතාවගේම අදහස් වලිනි.ගඩා‍ෆි පාලනය සිය රටවැසියන්ගේ කතාකිරීමේ නිදහස යම තාක් දුරකට සීමා කල බව කියවේ.

කෙසේ වෙතත් ගඩා‍ෆි ඉදිස් ජූ රජුව නෙරපා දමා මීට වසර 42කට පෙර ලිබියාවේ පාලනය සියතට ගන්නා විට රට ආර්ථික අතින් දුර්වල මට්ටමක පැවතුනි.එහෙත් ක්‍රම ක්‍රමයෙන් ලිබියාව තිබුනු තත්වයෙන් මුදවා රට නිසිමගකට ගෙන ඒමට ගඩා‍ෆිගේ පාලනය සමත් විය.මේ සඳහා ගඩා‍ෆි තම රට සතු තෙල් සම්පත යොදා ගත්තේය.තෙල් බලය උපයෝගී කර ගනිමින් ගඩා‍ෆි ලෝක දේශපාලනය තුලද සෙල්ලම් දැමීමට පටන් ගත්තේය.බටහිර විරෝදී ආකල්පයක සිටිමින් බටහිර ලෝකය දැඩිව විවේචනය කිරීම ගඩා‍ෆිගේ මරනය තවත් ඉක්මන් කල බව නම් නොරහසකි.කෙසේ වෙතත් රට තුල සමාජවාදී දේශපාලන රටාවකට ගෙනයාමට කටයුතු කල ගඩා‍ෆි අසූව දශකයේදී සංස්කෘතික විප්ලවයක් යැයි කියමෛන් සියලු පෞද්ගලික ව්‍යාපාර තහනම් කිරීමත් කතා කිරීමේ නිදහස සහ ‍රැස්වීමේ නිදහස සීමා කිරීමත්,විදේශගතව සිටිට්යද තම විරුද්ද වාදීන්ගෙන් පලිගැනීමට කටයුතු කිරීම වැනි කාරන මුල් කරගෙන ජනතාව තුල මොහු කෙරේ අප්‍රසාදය දිනෙන් දින වර්දනය වන්නට විය.බලයෙන් මත්ව කටයුතු කිරීම තුල ඒකාදිපතිත්වයේ ලක්ශන ගඩා‍ෆි තුලින් තවතවත් පෙන්නුම් කරන්නට වීම තුල රටේ ජනතාව මහත් පීඩාවෙන් සිටි බව ගඩා‍ෆිගේ මරනය වූ ආකාරය හොඳින් පැහැදිලි කර දෙයි. නො එසේ නම් මෙලෙස කුරිරු ලෙස වධ බන්දනයට ලක්වෙමින් තම ජනතාව අතින්ම මැරුම් කන්නට ගඩා‍ෆිට සිදු නොවනු ඇත. නො එසේ නම් ගඩාඅෆි මැරුනු පුවත අසා ත්‍රිපොලි නුවරට පැමිනි ජනයා ප්‍රීති ගෝශා කරමින් සතු‍ටු නොවනු ඇත."රාජ්ය විරෝධී ලෙස අදහස් දක්වන කාන්තාව,දරුවා දක්ව මරා දැමිය යුතුය" ඒ ගඩා‍ෆිගේ හඬයි.ගඩා‍ෆිගේ බල වියරුව මේ ප්‍රකාශයෙන් මැනවින් පිලිබිබු වේ.කෙසේ වෙතත් ඒකාදිපතිත්වය සදාතනික නොවේ යන්න සනාථ කරමින් ජනතාව නැගී සිටීම ආරම්භ විය.සුපුරුදු ලෙස තම බලය යොදා ජනතා නැගිටටීම පාලනය කිරීමට ගඩා‍ෆි උත්සහ කලත් සියලු ක්‍රියා නිරර්ථක වූයේ ජන බලය ඒකාදිපති බලයට වඩා ප්‍රබලය යන සත්‍ය පසක් කරමිනි.

මේ සිදුවීම් කෙරේ බටහිර දේශපාලනයේ හැසිරීමත් සලකා බැලීම ඉතා වැදගත් කරුනකි.ලිබියාව දෙසට මානව හිමිකම් මුවාවෙන් දේශපාලනය වෙනස් කිරීමට අර ඇදූ බටහිර ප්‍රජාවට මේ ජනතා නැගිටීම් හොඳ උත්තේජනයක් සැපයීය.ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් ගඩා‍ෆිගේ පාලනය පෙරලා දැමීම්ට සහයෝගය දෙද්දී ලිබියානු හමුදාවට එරෙහිව අවිබලය යොදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනාවක්ද සම්මත විය.මේ කාරනයේදී බටහිර ප්‍රජාව ගඩා‍ෆිගේ කුරිරු පාලනය බලය පෙරලා දමන බවට කියමින් ඔවුන්ගේ යටි අරමුනු මුදුන්පත් කරගැනීමක නිරත වුනු බව නම් නොරහසකි.මූලිකම දෙය නම් ඩොලර් බිලියන තිස් දෙකක් වටිනා වාර්ශික තෙල් ආධායමයි.මේ තෙල් බලයට ලොල් වූ අධිපතිවාදී බටහිර ප්‍රජාව ඇරභූ Nato සංවිධනයේ සහ ඊට මුල්‍ය ආධාර දෙන බටහිර ඛනිජ තෙල් සමාගම් ජාලයේ බල පරාක්‍රමය තුල ඔහුට බෝක්කු කටක් තුල අවසන් ගමන් යාමට කාරනා කටයුතු යෙදුනි.කෙසේ වෙතත් ගඩා‍ෆිගේ අවසානය සිදුව හමාරය.මේඅනුව  නව සහස්‍රකය තුල ඇමරිකාව ප්‍රමුක බටහිර බලවේගයේ දෙවනි රාජ්ය නායක ගොදුර බවට පත් වූයේ ගඩා‍ෆිය.පලමු වැන්නා සදාම් හුසේන්ය.කෙසේ වෙතත් සදාම්ගෙන් මිදුනු ඉරාකයේ අද තත්වය සලා බැලුවොත් එරට පවතින තත්වය තවමත් ඛේදනීයය.විවිද කන්ඩායම් ආයුද අතට ගනිමින් ප්‍රචන්ඩ ක්‍රියවන් ඉරාකය තුල නිතර නිතර සිදුවන බව අසන්නට දකින්නට ලැබේ.අමරිකානු හමුදා තවමත් විශාල වශයෙන් ‍එහි රැඳී සිටියි.විවිද මතවාද සහිත කන්ඩායම් බිහිවෙමින් පවතී.ජනතා සහනයක් සහිත දේශපාලනයක් ඉරාකය තුල බිහිවීමක් පෙනෙන තෙක් මානයක නැත.ලිබියාව තුල මේ තත්වය  කෙසේ  වෙනස් වේ දැයි කාට නම් සහතික දිය හැකිද?රට තුල සම්පත් විදේශීය සමාගම් අතට පත්වීම නම් නොවරදීම සිදුවනු ඇති බව නම් නිවරදීම කිවිය හැක.පහැදිලි එකඟතාව්යක් නොමැතිව එක අරමුනක පිහිහි‍ටුවා නොසිට විවිද් කන්ඩායම් වල අත්තනෝමතික ක්‍රියාපිලිවෙතකින් කෙලවර වූ ගඩා‍ෆිගේ මරනය යුගයක අවසානයක් සනි‍ටුහන් කරන මුත් තවත් ගැටලු රාශියක ආරම්භයක් වෙන බව නම් පැහැදිලිය.ඉදිරියේදීත් එක්සත් වීමක් නොව බොහෝ දුරට් බලාපොරොත්තු විය හැක්කේ එකිනෙකා තම මතවාද වෙනුවෙන් කුලල් කා ගැනීමකි.බෙදී වෙන්ව පවතිනා තුරාවට බටහිර බලවේග වලට ක්‍රියාත්මක වීමේ හැකියාව වැඩි බව නොරහසකි.එවිට රට වැසියන්ට නොදැනීම රටේම සම්පත් තම ආදිපත්‍යට ගැනීමේ සංකල්පය බටහිර රට වල් හොඳ හැටි පෙන්වමින් තිබේ.ඒ තුල ලිබියාව අවුලෙන් අවුලට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.මෙලෙස සලකා බලන කල ඉඟුරු දී මිරිස් ගත්ත වැනි තත්වයකට රට ඇදවැටෙනු ඇතැයි නොසිතිය හැකිද යන්න සලකා බැලිය යුතු කාරනාවකි.

කෙසේ වෙතත් ලොව කුම්න හෝ තැනක මිනීමරු ඒකාදිපතිත්වයක් ඇත්නම් ඒ පාලනයන්ට තිත තැබිය යුතුමය.එහි කතා දෙකක් නැත.නමුත්  යම් එවැනි පාලනයක් පන්න දැමිය යුත්තේ බටහිර රටක අවශ්‍යතාවයකටවත් වෙනත් කිසියම් හෝ සංවිදානයක අවශ්‍යතාවයකට නටන දේශපාලන න්‍යාය පත්‍රයකට නොවිය යුතුය.සියලු කාරන කටයුතු සිදුවිය යුත්තේ සමස්ත රටවැසියන්ගේ සාධාරන අවශ්‍යතාව මත ඒ ජනතාව මුල් කොටගෙනමය.එවිට පහැදිලි ජනබලය හිතසුව පිරි රටක අනාගතය තීරනය කරනු ඇත.

තෙවසරයි සරසවි මතකයට!!!

පෙර නොකියවූ පොතක
 මුල් අකුරු කරද්දී
නොලියාම පෙරවදන
 පසුවදන ලියාදුන්
සදාදර මතක බිම
ගෙවුනු සරසවි දිවිය
 අද දිනට තෙවසරක්
 නුඹට බැඳි මතකයට