"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

කැත පුරුද්දක් නැති කරගත්තෙමි……..



ඔන්න අද කියන්න යන්නේ මගේ කැත පුරුද්දක් නැති කර ගත්තු විදියක් ගැන.කැත පුරුද්ද තමයි සෙරෙප්පු මාරු කිරීම.පෝයට පංසලට අපේ පිංවතුන් ගිහින් එනකොට පෙලක් වෙලාවට අපි දන්නෙම නැතුව අපේ සෙරෙප්පු වලට විදපු වෙලාවල් ඔයාලටත් නම් ඕනි තරම් ඇති.ඉතින් ඔය වෙලාවට ටිකක් විතර මල පැන්නට ඒතරම් කේස් එකක් නැ මොකද තවත් පංසලට ආපු පිංවතෙක්ගෙ සෙරෙප්පු දෙකක් දාගෙන ගෙදර එන එක තමයි කරන්න තියෙන්නේ.ඒත් මම කවදාවත් පංසලක නම් සෙරෙප්පු මාරු කරලා නැ. ඒක කොහොමත් පව් වැඩක්නේ.
 අපේ කැම්පස් එකේ ලැබ් එකට යන්න ඕනි නම් එලියෙ සෙරෙප්පු ගලවලා තමයි ඇතුලට යන්න ඕනි.මම කරන්නේ කොහෙන් හරි ජාති දෙකක සෙරෙප්පු දෙකක් හරි හොඳටම ජරා වෙච්ච සෙරෙප්පු දෙකක් හරි දාගෙන ඇවිත්  ලැබ් එක ඇතුලට ගිහින් ආයෙත් එනකොට සුපිරි සෙරෙප්පු දෙකක් දාගෙන එනවා.කොහොම හරි අන්තිමට එන එකාට ඉතුරු වෙන්නේ මම හඳුන්වා දුන්නු සෙරෙප්පු දෙක.මොනව කරන්නද කියලා අන්තිමයා ඒ සෙරෙප්පු දෙක දාගෙන එනවා.
පුංචි පහේ සිඟිති ආතල් එකක්  ඒ වැඩෙත් තියනවා.ඒත් මේ වැඩේ කවදවත් හොරකමක් කියලා හිතුනෙත් නැ..අනික මම මගෙ වටේ ඉන්න එවුන්ටත් කියලා තමයි මම මේ වැඩේ කරගෙන ගියෙත්.මම ගෙනාපු සෙරෙප්පු දෙක දාගෙන යන එකා සෙරෙප්පු මාරු කරපු එකාට බැන බැන යනකොට කොහොමද කුනු සෙරෙප්පු දෙකකුත් දාගෙන. කොහොම උනත් ඔහොම කරල දවසක් මාව අතටම අල්ල ගත්ත අපේ සීනියර් කෙනෙක්.එදා මම දාගෙන ආවෙ අපේ අලුත් හොස්ටල් එකේ වැඩ කරන අය මේසන් බාස්ල පාවිච්චි කරලා අයින් කරපු සිමෙන්ති ගැවිච්ච සෙරෙප්පු දෙකක්. මම ශේප් එකේ මේ දෙක මාරු කරලා යන්න ගියා. අන්තිමට මේ සෙරෙප්පු දෙක දාගෙන යන්න වෙලා තියෙන්නේ අපේ සීනියර්  අයියෙක්ට. අන්තිමට  කොහොම හරි මැන්ස්ට ආරංචි වෙලා මේ සෙරෙප්පු දෙක මාරු කලේ මං කියලා.අපේ සීනියර් අයියත් මේ සෙරෙප්පු දෙක දාගෙන ආවා මාව හොයාගෙන.මේකට ඔත්තුව දීල තිබුනෙ මාත් එක්ක හිටපු එකෙක්ම තමයි.හැබැයි එහෙම කිව්වේ නැත්නම් මේ වැඩෙත් අහුවෙන්නේ නැ.හික් හික්.කොහොම උනත් සීනියර් මගේ බොක්කක්.උබත් මරු වැඩ තමයි කරන්නේ කියල පොර සෙරෙප්පු දෙක මාරු කරන්  යන්න ගියා.කිසිම කේස් එකක් උන් නැ එදත්. :):):)
කොහොම හරි පහුගිය සතියේ දවසකත් මම මගේ වැඩේ කරල රූම් එකට ඇවිත් "බලපන් අද මම අලුත්ම සෙරෙප්පු දෙකකට මාරු උනා"
කියලා කිව්ව.
මේක අහපු මගේ යාලුවෙක් "උබට ඔය වැඩේට කකුල් දෙක කැඩිලා ඉපදෙන්න වෙයිද දන්නෙ නැ ඊලග ආත්මෙක" කියලා කිව්වා.මට මේකට ටිකක් අප්සට්.
"ඉතිං බන් මම මේක කරන්නේ ආතල් එකටනෙ.."
"යකෝ ආතල් එකට උනත් හොරකමක්නේ..අහල නැද්ද අර ජාතක කතාව.." මැන් කියනව..
දැන් ඉතිං මට මේක කියන ජාතක කතාව දැන ගන්න හිතුනා. මොකක්ද මගෙ කකුල කැඩෙයි කියපු එකෙයි ජාතක කතාවෙ සම්බන්දෙයි බලන්න.ඒත් පොර ජාතක කතාවෙ නම නම් දන්නේ නැ.ඉතින් මම අහගත්ත විදියට මේකයි කතාව.
ඉස්සර කාලේ පොඩි ලමයි ටිකක් සෙල්ලම් කරනකොට තලගොයෙක් අල්ලගෙන නැට්ටෙන් හිර කරලා තියනවා.ආයෙත් අයින් කරන්න හිතාගෙන.ඒත් ලමයි සෙල්ලම් කරල ගෙවල් වලට ගිහින් හැබැයි අර තලගොයාව නිදහස් කරන්න අමතක වෙලා.ලමයින්ට මේක මතක් වෙලා තියෙන්නේ පස්සේ දවසක.ඒත් පස්සේ ඇවිත් බලනකොට පරක්කු වැඩියි.අර තලගොයා මැරිලා.කොහොම හරි මේ ලමයි සෙට් එක පහු ආත්මයක ශාසනේ  මහන වෙනවා.මෙහෙම මහන වෙලා බුදුන් බැහැදකින්න කියලා දිගු දුරක් ගෙවාගෙන එනකොට ගමන දුර වැඩි නිසා කැලේක ගල් ගුහාවක නතර වෙනවා රාත්‍රිය ගතකරන්න.ඒත් උදේ බලනකොට අර ගල් ගුහාවේ දොර හිරවෙල වැහිලා.අපේ මේ සෙට් එකම මේ ගල් ගුහාවේ හිරවෙලා එලියට එන්න බැරිවෙලා අර මුල් ආත්මේ තලගොයා මැරිච්චි විදියටම මියයන්න සිද්ද වෙලා.කොහොමද වැඩේ...විහිලුවට පෙර කල පවක් පලිසන් දීල.
මේ කතාව ඇහුවම මටත් ටිකක් අප්සට්.ඒත් මං කරලා තියෙන්නේ ඒ තරම් ලොකු වැ‍රැද්දකුත් නෙවෙයි.ඒ උනත් මගෙ කකුල් දෙක නැතුව වත් ඊලඟ ආත්මෙක ඉපදුනොත් කාට කියන්නද.ඒක හන්දා මම මගේ ඒ නරක පුරුද්දත් නැති කොර ගත්ත......ඔයගොල්ලොත් මේ ටයිප් එකේ පොඩි පොඩි වැරදි කරනවනම් බලන්න මේ ජාතක කථාවත් එක්ක සම්බන්ද කරලා.කෙනෙක් හරි ඒ වගේ දෙයක් නිවැරදි කර ගත්තොත් මගේ මේ ලිපියත් සාර්ථකයි..ඒ ගමන්ම කියන්න ඕනි ඔන්න මේ තමයි බ්ලොග් එකට ලියන පනස් වෙනි ලිපිය.ඒ ගැනත් පොඩි සතුටක් තියනවා.එහෙනම් මේක කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි. ඔන්න මම ගියා හැමෝටම ජය ශ්‍රී!!!


9 comments:

  1. නරක පුරුදු නෑති කර ගන්න එකක හොද දෙයක් මල්ලි

    ReplyDelete
  2. වැරැද්ද නිවරදි කර ගත්ත එකනම් ලොකු දෙයක් මල්ලි.මටත් ඔහොම වැඩ වෙලා තියනව ලැබ් එකෙන් එලියට එද්දි මගෙ සෙරෙප්පු දෙක නැ.එක දවසක් ඉතුරුවෙලා තිබ්බ පරණ සෙරෙප්පු දෙකක් දාගන එන්න වුනා.

    ReplyDelete
  3. ඒ දවස් වල මම වගේ ඩයල් එකක් ඉන්න ඇති අයියේ...

    ReplyDelete
  4. මේ කතාව කියෙවුවම මගේ කැත පුරුද්දක් තියනවා ඒකත් නතර කරගන්න ඕන කියලා මට හිතුනා ..

    මේක ලියපු එක හොඳයි

    ReplyDelete
  5. මටත් ඔහොම වැඩ වෙලාතියෙනව ඒත් මම අනුන්ගෙ සෙරෙප්පු හොරෙන් නම් දාගෙන ගිහින් නෑ. යාළුවෙක්ගෙ ගෙදරකට ගිහින් එයා නොදාන දෙකක් ඉල්ලගෙන ආවෙ. යාළුවෙක් නොහිටියොත් ඉතිං කඩේකට තමයි...

    ReplyDelete
  6. පෝදා සඳ වුවද ගණදුරු වළා මැඳ
    නොවැටේ එළිය මහ පොළවට ප්‍රිය සබඳ
    මිඳුනෙද යම් විටෙක ගණදුරු වළා සිඳ
    දුරලයි අඳුර විහිදා රුව ගුණය සොඳ

    peka....

    ReplyDelete
  7. අනිත් කරන වැරදිත් නොකර ඉන්න බලන්න..
    යන්තම් ඇති දෙයක් ඉගෙන ගෙන

    ReplyDelete
  8. කැත පුරුද්ද නැති කරගත්තු එක ලොකු දෙයක්.

    ReplyDelete
  9. Ane bola.. e dawas wala computer lab eke sereppu horakam kare ubada gepo.....

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......