"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

නැගෙනහිරට ගිය ගමනේ මතක සටහන්...


පහුගිය අවුරුද්දේ කැම්පස් එකෙන් සංවිධානය කරලා තිබුනා උතුරු නැගෙනහිර පාසල් වලට පොත් පත් බෙදාදෙන  වැඩපිලිවෙලක්.ඉතිං ඕකට අපේ වීදි නාට් කන්ඩායමටත් එන්න කියලා තිබුනා ගමන යන්න.ඔන්න ඉතින් චාන්ස් එකෙන් මමත් ගමනට set උනා. 

අපිට යන්න තිබුනේ කන්තලේ තියන සේරුවිල කියන ඉස්කෝලෙට.හුඟක්ම දුශ්කර පාසලක් කිව්ව්වොත් හරි.පොල් අතු මඩු වලත් පන්ති පැවැත් වෙනවා.මේ පලාතේ තියන අන්තිම සිංහල  පාසල තමයි මේ ඉස්කෝලේ.ඒක හන්දා කුඩම්මගේ සැලකිලි තමයි මේ ඉස්කෝලෙට ලැබිලා තියෙන්නේ.කොහොමහරි  අපිත් පුලුවන් හැටියට ඉස්කෝලේ තින්ත පාරක් එහෙම ගාල පොඩි සුද්ද පාරක් දැම්මා.ඊට පස්සේ ඉස්කෝලේ ලමයි සතුටු කරන්න කියලා වීදි නාට් දෙකකුත් පෙන්නුවා.‍‍
                      අපේ රජ වීදිය නාට් සෙට් එක
 ඔක්කොම ඉවර කරලා එදාරැ ඉතින් ඉන්න කියලා ගියේ සේරුවිල පංසලට.සේරුවිල පංසලේ වටෙ තියන ගම්මාන ත්රස්තවාදීන්ගේ බලපැම් වලට යටත් වෙලා තමයි තිබිලා තියෙන්නේ.කොහොම කොහොම හරි සෙරුවිල පංසල මේච්චරකට හරි බේරිලා තියෙන්නේ ඒක ආරක්ෂා කරන්න හිටපු දඹගස් ආරේ සුමේධාලංකාර කියලා හිමිනමක් දිවි හිමියෙන් මේක ආරක්ෂා කල හංදා.මේ පංසලේ තියන ප්රතිමාවක ලියලා තියන විදියට‍‍
" ක්රි. 1921 දී ලංකාව වටේ යන එන නැව් වලින් නැගෙනහිර වෙරලට වැඩම කොට වනගතව පැවති සේරුවිල මංගල මහා සැය ප්රතිසංස්කරනය කිරීමේ ඇරඹි දැවැන්ත ශාශනික මෙහෙය ගොවි ජනපද ඇති කිරීමටත් වැව් ඇල වේලි පාලම් තැනවීමටත් පාසල් රෝහල් ආරම ඉදි කිරීමටත් කොලනි වැසියන්ගේ දුක් අදෝනා රජයට හඩගා කීමටත් සේරුවිල පාර්ලිමේන්තු ආසනයක් වෙන්කර ගැනීම දක්වාත් පැතිර ගියේය‍‍

                                   සේරුවිල පංසල
 පංසලේ තියෙන ඉතිහාසික වටිනාකම කිව්වොත්  මේ පංසලේ තියන චෛත් බුදු පහසින් පිවිතුරු වූ නලල් දා තැන්පත් කරලා තමයි ගොඩනගලා තියෙන්නේ.දැන් නම් පංසල හුගක් ලස්සනට තියෙනවා.කොහොම වුනත් යුද්දේ පැවති කාලේ නම් මේක ආරක්ශා වුනේ හමුදා සෙබලුන්ගේ ආරක්ශාව යටතේ.
ඔන්න ඉතිං එදාරැ පංසලේ විශ්රාම ශාලාවේ ගත කරලා.දෙවෙනි දවසේ ගියා ලංකා ටුන බලන්න.සේරුවිල පුද බිමේ ඉදන් ලංකාපටුනට යනවනම් එතන ඉදලා නැගෙනහිර පැත්තට  කිලෝමීටර් තිහක් විතර යන්න ඕනි.පාර නම් ඒතරම් හොද නැ.ඒත් දවස් වල පාර හදනවා.මම හිතන විදියට පාර හොදට හදලා ඇති.ලංකාපටුන අවට නම් ජීවත් වෙන්නේ හුගක් මුස්ලිම් මිනිස්සු. අය හොදට වවපු කුඹුරු,බඩ ඉරිගු වගේ වගාවනුත් බලාගන්න පුලුවන්.‍‍‍‍

                                  ලංකාපටුන

                             ලංකාපටුන වෙරල තීරය
                                           
ලංකාපටුන කියන්නේ කිත්සිරිමෙවන් රජ්ජුරුවන්ගෙ කාලේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු බුදුන්ගේ දන්ත දාතුව දඹදිව ඉදන් ගෙනාපු ගමනෙදි ලංකාවට ගොඩ බැහැපු තැන.ලංකා ටුනට ලගා වෙච්ච හේමමාලි හා දන්ත කුමරුවන් මෙතැන කදු මුදුනේ දේවාලෙක දන්ත දාතුව තියලා පස්සේ දවසේ තමයි අනුරාධපුරාට දළදා වහන්සේ ගෙනිහින් රජුට  බාරදුන්නයි කියන්නේ.මෙතන හුගක් පෞරානික නටඹුන් බලාගන්න පුලුවන් තැනක්.නමුත් කාලයක් කොටි ග්රහනයෙත් තිබිලා තියෙනවා.බෞද්ධ සලකුනු විනාශ කරන්න ගත්ත උත්සයයකුත් හොදටම මෙහි පේන්න තියෙනවා. බව ඔප්පු වෙන්නේ කලින් චෛත් තිබ්බ තැන කෝවිලක් හදන්න දරලා තියෙන උත්සහයෙන්.කොහොම උනත් දැන් ඒතැන ආයෙත් චෛත්යක් ඉදි වෙනවා. වගේම මැතකදී බුදු පිලිම වහන්සේ නමකුත් ඉදි කරලා තියෙනවා.කවුරුහරි මේ පැත්තේ එනවානම් පංසලේ නවතැන් ගන්නත් පුලුවන්.මොකද පංසලේ විශ්රාම ශාලාවකුත් හදලා තියෙනවා. වුනාට එච්චර ඉඩ නම් නෑ.‍‍‍‍‍‍

                       ඉර බහින වෙලේ මුහුදේ සුන්දරත්වය

ලංකාපටුන ආවොත් බලන්න පුලුවන් සුන්දරම දර්ශනයක් තමයි ලස්සන මුහුදු තීරය.මුහුදුරැල්ලත් වැඩිය නැ.හුගක්ම ලස්සනයි.මේ වෙරල තීරය ගොඩක් ආරක්ශිතයි කියලත් කියන්න පුලුවන්.මුහුද දෙසට හුඟක් දුර ඇවිදගෙන යන්නත් පුලුවන්.අපි නම් දවසම ලංකාපටුන මුහුදෙන් නාල ආපහු කැම්පස් එකට එන්න පිටත් උනා.හවස් වෙන වෙලාවේලංකාපටුන අවට ලස්සන නම් වචනයෙන් විස්තර කරන්න බැරි තරම් කිව්වොත් හරි.මේ අන්තිම පින්තුරෙනුත් ඒක ඔප්පුවෙනවා.ඔයගොල්ලොත් නැගෙනහිර පැත්තේ එනවානම් ලංකාපටුනට එන්න අමතක කරන්න එපා. ‍‍‍‍


6 comments:

  1. ගියා නම් හොඳයි කියලා හිතෙනවා ...... මේ පැත්ත බලන්න ...

    ReplyDelete
  2. mamath oya paththe yanna inne...balamukooo

    ReplyDelete
  3. සේරුවිල පැත්තේ නම් ගියා. ඒත් ලංකා පටුන නම් බලන්න යන්න වුනේ නැහැ. ආයි පාරක ඕවා ඔක්කොම බලන්න යන්න ඕනේ. ස්තුතියි තොරතුරු අපිත් එක්ක බෙදා ගත්තට

    ReplyDelete
  4. සහෝ බ්ලොග් එකට FB Group එක link වෙන්න දාගන්න විදිහ කියාදෙන්න පුළුවන්ද ?

    ReplyDelete
  5. මම නම් කලේ බ්ලොගෙර් එකේ ගැජට් දාන තැන picture වලට ගිහින් එතැන link කියන තැනට ෆේස්බුක් එකේ group එකේ ලින්ක් එක පේස්ට් කලා...

    ReplyDelete
  6. හරි වැඩේ හරි. තැන්කු වේවා කියාදුන්නාට :)

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......