"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

දුක තමයි.....




ඔන්න අද කියන්න යන්නෙ මට වෙච්ච පොඩි  කථාවක්. අපේ ආච්ච්චි අම්මා නැතිවෙලා දෙන වාර්ෂික දානේ තියෙනවා රත්නපුරේ වැඩිහිටි නිවාසෙට.පහුගිය මාසේ ඒ දවසේ උදෙන්ම ඉතින් ගෙදර කට්ටියත් එක්ක උදේ දානේ අරන් වාහනෙන් ගියා වැඩිහිටි නිවාසෙට.

ඔන්න දානේ එහෙම ඉවර වෙලා වාහනේ එලවාගෙන ආවා ගෙදර පැත්තට.ටිකක් දුර එනකොට අපේ විනයගරුක රියදුරෝ කස්ටියම හරහට දිගට හෙඩ් ලයිට් ගහනවා.මමත් ඉතින් කාරනේ හොදට දැනගෙන විනීත රියදුරා වගේ මාර්ග නීති හොදට ‍රැකගෙන එලවාගෙන ගියා ඉස්සරහට.අවාසනාවක මහත කියන්නේ  පොලිස් කාරයා නවත්තන්ඩ කිව්වා.ඔන්න මං වාහනේ නැවැත්තුවා.

මම ඉතින් වැ‍රැද්දක් කෙරුවෙ නැති හංදා  ඉතින් බය නැතුව ඉස්සරහට ගිහින් තියන ඔක්කොම ලිය කියවිලි ටික පෙන්නලා වැඩේ ගොඩ දාගත්තා.ඊට පස්සේ ආයෙත් වාහනේ පැත්තට  එනකොට එතන හිටපු කාලකන්නි පොලිස් කාරයෙක්

 "සර් මේකෙ බලපත්‍ර අලවලා නැ කිව්වා".

අම්මට සිරි.... මටත් එතකොට තමයි මතක් උනේ ඒක අලවලා නෑ කියලා.එතන හිටපු ලොක්ක ව්ගේ ඉන්න පොලිස් කාරයා ආවා.ඇවිත් චාටර් ටෝක් ටිකක් දුන්නා.හෆ්ෆා.මුට තියෙන්නේ හොරා පොලිස් ලයිශන් එකක්ද කොහෙද.අනේ මන්දා.

"මේක හරියන්නේ නෑ ගහන්ඩ දාහක දඩයක් එතකොට හරියයි"

මේ යකා කිව්වා.අයියෝ ඉතින් මොනවා කරන්නද...තව එකෙක් දඩයක් ලියලා දුන්නා.මමත් ඉතින් දඩ කොලේ අරන් ගෙදර  ගියා.ගෙදර ගිහින් කලේ මේ වැඩේ ගොඩින් බේරගන්ඩ ක්‍රමයක් හොයපු එක.අන්තිමට දන්න පොලිස් කාරයෙක් සෙට් වුනා.මමත් මිනිහට කෝල් එකක් එහෙම දීල ගියා පොලිසියට.ගිහින් බැලුවා මොකද කරන්න පුලුවන් කියලා.පොර ඉතින් මොනවද පොත් ටිකක් පෙරලලා බලලා

 "වැඩක් නැ මල්ලි ..මේක පොතේම ලියලා මොකුත් කරන්න බැ දඩේ ගෙවන්නම වෙනවා" 

මිනිහා කියාපි.. ඔන්න ඉතිං මාත් පිනක් කරගන්ඩ ගිහින් කර ගත්ත දෙයක්.දුක තමයි.....

5 comments:

  1. ඒකත් පිනක්නේ බන්

    ReplyDelete
  2. කොලේ ලියන්න කලින් පොඩි "ටෝක්" එකක් දාල බලන්න තිබ්බා.
    මක් කරන්නද ඉතින් මොනව උනත් පින් අතේ වැඩක් කරගත්ත එක ගැනවත් සතුටු වෙමු.

    ReplyDelete
  3. අර මම කලා වගේ පෙට්‍රල් ගහ ගන්න පොඩි ආදාරයක් කලා නම් හරි. ඒත් දඩ කොලේ 1000 නිසා ගෙවන එක හොදයි. මොනව උනත් කාලකන්නි යෙක් තමා. ඔය වගේ දේටත් ලියන්නේ. ගානක් දෙය් කියල හිතන්න ඇත්තෙ.

    ReplyDelete
  4. ප්‍රදීප්May 9, 2010 at 6:12 PM

    දුක තමයි රංජනී...

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......