"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ............






මේක අද කාලෙට ගැලපෙන සිංදුවක්. ලගින්ම ඉදගෙන වල කපන යාලුවො ගැන තමයි සිංදුවෙන් කියවෙන්නෙ.මට හිතුනා බ්ලොග් එකේ ලියන්න ඕනි කියලා.සිංදුව කියන්නෙ නං ජෝතිපාල මහත්තයා.ලිව්වෙ කව්ද කියලා දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.

දිලි දිලි දිලිසේ වි මා දෑසෙ ආලොකේ //
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමග සිනාසි මිතුරා සේ ඉන්නේ//

ඇස් බැන්දුමක් වාගෙ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවි සිතු සෑම දේ....
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත දියේ මේ යාවි
මල්බර වී යෞවනේ සල් වනේ ආදරේ......

දිලි දිලි දිලිසේ වි මා දෑසෙ ආලොකේ //
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ

කව්දෝ මවාපාන මායාවකි
ඔබගේ ලඟින් ඉන්නේ චායාවකි
ඔහුගේ දැස ඔබ සොයා එන්නේ
සැගවු රහස නැත කෙනෙක් දන්නේ
මල්බර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලිසේ වි මා දෑසෙ ආලොකේ //
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමග සිනාසි මිතුරා සේ ඉන්නේ//

සිංදුව අහනවානම් මෙතන ක්ලික් කරන්න



ඇඩිෂම් බංගලාව බලන්න යමු - To the Adisham Bunglow




අවුරුදු නිවාඩුවට හැමෝම කොහේ කොහේ හරි යනවනේ.මේ පාර අවුරුද්දට ඉතිං මමත් ගියා ඇඩිෂම් බංගලාව බලන්න.හැබැයි මේ පාර ගියේ සුපුරුදු යාලුවෝ ටිකත් එක්ක නම් නෙවෙයි අපේ ගෙදර කට්ටියත් එක්ක.ඇඩිෂම් බංගලාව බලන්න යනවා නම් කොලඹ - බදුල්ල පාරේ හපුතලේ ටවුන් එකෙන් වමට හැරිලා වැලිමඩ පාරේ ටික දුරක් ගියහම තමයි මේක හම්බ වෙන්නේ.මුලින්ම කියන්න ඕනි ඔයගොල්ලොත් මේක බලන්න යනවානම් සතියේ හැමදාම මේක බලන්ඩ යන්ඩ බැ.සෙනසුරාදා ඉරිදා පෝය නිවාඩු සහ පාසල් නිවාඩු දවස් වලට විතරයි ඇඩිෂම් බංගලාව බලන්න අවසර දෙන්නේ.මගෙ බ්ලොග් එක කියවන අයට පොඩි විස්තරයක් මේක ගැන දාන්ඩ ඕනි කියල ඇතුලට ගියාට වැඩිපුර විස්තරයක් ඇතුලෙන් හොයා ගන්න බැරි උනා.එලියට ඇවිල්ල බැලුවහම මේකෙ පොඩි ස්ටෝල් එකක් තිබුනා.මමත් ඒකට බෙල්ල දාලා බැලුවා .මෙන්න ඒකේ විකුනනවා ඇඩිෂම් බංගලාව ගැන සම්පුරන විස්තරයක් තියන වීසීඩී එකක්.මේක ගැන තොරතුරු හොයා ගත්තේ මේ සීඩී එකෙන් තමයි.

 
                                           ඇඩිෂම් මංදිරය

ඉංග්‍රීසි ජාතික සර් ලෙස්ටර් තොමස් විලස් ස්කොට්ලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ ඇඩිෂම් කියන ගමේ තමයි ඉපදිලා 1887 අවුරුද්දෙදි ලංකාවට ඇවිත් තියෙන්නේ.මේතන හදපු මංදිරේට ඇඩිෂම් කියලා නම දාලා ටියෙන්නේ තමනේ ගම සිහිවීම පිනිසලු. ‍තෝමස් ලෙස්ටර් විලස් මහතා ලංකාවට ඇවිත් තියෙන්නේ. ලංකාවට තේ ගෙන එන නැවක නැගිලා 1987 අවුරුද්දේදී.ගෙදරින් පැනලා මෙහෙම එනකොට වයස අවුරුදු 17ක් ව්තරයිලු.ඔහු නිවසින් පැන එද්දී පවුම් 10ක් වගේ සුලු මුදලක් අරගෙන ආව කියලා තමයි කියන්නේ.ඊට පස්සේ ක්‍රමයෙන් තේ ආස්‍රිත කර්මාන්ත්යේ යෙදිලා මුදල් හොයාගෙන තමයි ඇඩිෂම් මංදිරය හදලා තියෙන්නේ.කොහොම හරි ලංකාව නිදහස ලබාගැනීමෙන් පස්සෙ විදේශිකයන්ට මෙරටින් පිටව යාමට සිදු වු නිසා ‍තෝමස් මහතා මේ දේපල සේදවත්ත කියලා කොම්පැනියකට විකුණලා.ආයෙත් 1960 අවුරුද්දෙදි මේ මංදිරය රෝමානු ක‍තෝලික සභාවට අයත් බෙනඩිකානු නිකායේ පියතුමන්ලා හට දේව ධර්මය පුහුනු කරන මද්‍යස්ථානයක් ලෙස මෙම මංදිරය මිලට අරන්.එතැන් සිට මේ වන තුරුත් බෙනඩිකානු තාපසාරාමයක් වශයෙන් තමයි ඇඩිෂම් මංදිරය භාවිතා වෙන්නේ.

                                          පැරනි පොත්පත්

                                   උද්‍යානයේ අලංකාරත්වය

මේ මංදිරය හදන්ඩ මුල් ගල් තියලා තියෙන්නේ 1927 වසරෙදී.1931 වෙනකොට මංදිරය හදා නිම කරන්නත් හැකි වුනාලු.මේක හදන ඉංජිනේරුවන් එංගලන්තයෙනුත්.කම්කරුවන් උතුරු ඉංදියාවෙනුත් ගෙන්වාගෙන තියෙන්නේ.මංදිරය ගොඩනගන්ඩ අවශ්‍ය වුනු කපා ඔප මට්ටම් කල කලු ගලුත් ගෙන්වලා තියෙන්නේ එංගලන්තෙන්.මේකේ වහල හදලා තියෙන්නේ බුරුම තේක්ක ලී වලින් සාදපු විශේෂිත උලු වර්ගයකින්.මේකෙ පියගැට පෙල හදලා තියෙන්නේ එංගලන්තේ බකින් හැම් පැලස් එකේ පිය ගැට පෙලේ ආකාරයට.ඒකට දැව ඕක් ගෙනත් තියෙන්නෙත් එංගලන්තෙන්.ඉස්සර කාලේ මේ පැත්ත හුඟක් කැලේලු.පාරක්වත් නැති මේ කෑලෑ පෙදෙසට මේ ඕක් කඳන් ගෙනාපු එක විශ්මය දනවන්නක් කියලයි කියන්නේ.මංදිරයට අවශ්‍ය බුමුතුරුනු පර්සියාවෙනුයි ගෙනැල්ල තියෙන්නේ.මෙහි තියන සමහර සෝෆා ඔ‍ටු හමෙන් නිර්මානය වෙලා තියෙන්නේ.විවිධ වු ගෘහ භාන්ඩ අලංකාරව නිමවලා තියනවා.ඒ වගේම මෙහි තියන පුස්තකාලයේ තිබෙන ඇතැම් පොත්පත් වසර 500කට වඩා පැරනි ඒවා.මෙහි පිහිටි සුලං කවුලු තුලින් හමන සුලග විශේශිත නල මගින් ගමන් කරවා එවා ගිනි උඳුන තුලට යවලා ඒ වායු ධාරා මගින් කාමර උනුසුම් කරන දියුනු ක්‍රමවේදය නම් විශ්මයජනකයි.

‍                                     තෝමස් මහතාගේ රුව සහිත චිත්‍රය

ඇඩිෂම් මංදිරේ ත්යෙන තවත් සුවිශේෂී ස්ථානයක් වෙන්නෙ බොයිලේරුව පිහිටි කාමරය.ඉහල කදු මුදුනේ ඉදං පයිප්ප මගින් පොම්ප කරන ජලය ඉහල මාලයට පවා පොම්ප කරන්න පුලුවන් ආකාරයෙන් තමයි හදලා තියෙන්නේ.ඇඩිෂම් මංදිරයේ තියෙන ප්‍රධානතම අංගයක් තමයි ‍තෝමස් මහතාගේ රුව සහිත චිත්‍රය.ඩේවිඩ් පේන්ටර් කියන ඉංග්‍රීසි ජාතිකයා තමයි මේ පිංතූරේ ඇදලා තියේන්නේ.ඩාවිංචිගෙ මෝනාලිසා චිත්‍රය වගේම මේ පිංතුරෙත් අපි යන දිහාවට හැරෙනවා.ඒ වුනාට මෝනාලිසා චිත්‍රයට වඩා සුවිෂේශී භාවයක් මේ චිත්‍රයේ තියෙනවා.ඇ තමයිමේ චිත්‍රයේ ඇස් විතරක් නෙවෙයි,මුලු පුද්ගලයාම යන යන අතට හැරෙනවා.ඒවට අමතරව තවත් චිත්‍ර 16ක් මෙහි සුරක්ශිතව තැන්පත් කරලා තියෙනවා.ඉතා පෞරාණිකව තේජවන්ත ලෙස අහස් කුසට නැගී සිටින මේ මහා අනර්ග මංදිරය ‍රැකබලා ගැනීම අපසතු යුතුකමක්.ඉතිං ඔයගොල්ලොත් මේ පැත්තේ ආවොත් ඇඩිෂම් මංදිරය බලංඩ යන්ඩ අමතක කරන්න එපා.

මේ පාර අලුත් අවුරුද්දට මගේ බ්ලොග් එක කියවන අයට සුභ පතන්නත් අමතක වුනානේ.එහෙන ඕන් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!

Trip to Thanthirimale - තන්තිරිමලේ වඳින්න යමු

පහුගිය දවසක අපිත් ගියා තන්තිරිමලේ.මේ දවස් වල කැම්පස් එකේ වැඩිපුර වැඩක් නැති හන්දා හොස්ටල් එකේ කට්ටියත් එක්ක තමයි ගමන යන්ඩ පිටත් වුනේ.අනුරාධපුරේ ඉදලා යනවා නම් පරන බස් ස්ටැන්ඩ් එකෙන් පැයකට වරක් බස් යනවා.කොහොමහරි අපිත් බස් එකේ පැය එක හමාරකින් විතර තන්තිරිමලේ පුදබිමට ලඟා උනා.අනුරාධපුරෙ ඉදන් කි.මි 40ක් විතර දුරින් තමයි පංසල පිහි‍ටුවා තියන්නේ.


                     සැතපෙන පිලිම වහන්සේ


තන්තිරිමලේ පුදබිමේ ඉතිහාසය ගැන කියනවනම් සංඝමිත්තා තෙරනිය සිරි මහ බෝ හිමි අරගෙන අනුරාධපුරට එන ගමනේදී ‍රැයක් තන්තිරිමලේ පිහිටි ගල් ලෙනක ඉදලා ගියා කියලා තමයි කියන්නේ.තන්තිරිමලේදී අපට බලන්ඩ දේවල් තමයි අශ්ඨ මහා ඵල බෝධීන් වහන්සේ,ශෛලමය සමාධි පිලිම වහන්සේ,චෛත්‍ය,බුදු මැදුර,පොත්ගුල,පධාන ඝරය,සංඝාරාම නටඹුන්,කෞතුකාගාරය,නෙලුම්පොකුන,වැදිලෙන සහ වැදි චිත්‍ර වගේ දේවල්.මීට අමතරව පුදබිම පිහිටිලා තියන්නේ අක්කර 250ක් විතර විශාල ගල් තලාවක.

ගල් තලාව මත ඇති බෝධීන් වහන්සේ 


තන්තිරිමලේ පිහි‍ටුවා තියෙන අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ ක්‍රි.පු තුන්වන සියවසට අයත් වනවා.තිවංක කියලා බමුනුවරයෙක් තමයි ශ්‍රීමහ බෝධියෙන් හටගත්ත අංකුර අටෙන් එකක් මෙහි ගෙනත් රෝපණය කරලා තියෙන්නේ.විශේෂිතම කාරනය කියන්නේ මේ බෝධිය හටගෙන තියෙන්නේ ගල් තලාව උඩ. මෙහි තිබෙන ගලෙන් නිමවු පිලිමවහන්සේ අයත් වෙන්නේ ක්‍රි.ව අට හෝ නව වන සියවසට කියලා තමයි හොයාගෙන තියෙන්නේ.මේ ගල් පර්වතයේ සමාධි පිලිමෙට අමතරව තවත් පිලිම කිහිපයක වැඩ නිම කරලා නැහැ.දැනගත්ත විදියට නම් ඒ කාලෙ තිබ්බ සතුරු ආක්‍රමන හන්දා තමයි මේ කටයුතු ඉවර කරන්න බැරි වෙලා තියෙන්නේ.කොහොම උනත් මේ තියන සමාධි පිලිම වහන්සෙට වගේම අනික් පිලිම වහන්සේලාටත් නිධන් හොරුන් හානි කරලා තියනවා.ඔය මම රතු පාටින් දක්වලා තියෙන්නේ එහෙම නිධන් හොරු විනාශ කරපු තැනක්.
  
සමාධි පිලිම වහන්සේ



තන්තිරිමලේ පුදබිමෙ තියන ප්‍රාග් ඉතිහාසික ගල් ගුහා සහ වැදි චිත්‍ර වලටත් වැදගත් තැනක් හිමි වෙනවා.මේ ඇදලා තියන සිතුවම් ඇදීමට සත්ව ලේ,අල,අඟුරු,ශාක පත්‍ර උෂ සහ පාට ගල් වර්ග භාවිතා කරලා තියනවා.නමුත් දැන්නම් ඒ තරම් පැහැදිලිව චිත්‍ර පේන්න නැ.ඒවත් හරියට සංරක්ශනයක් නම් වෙන පාටක් පේන්න තිබුනෙ නැහැ.

                       ඉපැරනි චිත්‍ර ඇදි ගල් ගුහාවක්


                   සංඝාරාමයේ දක්නට ඇති පොත්ගුලක්

 

කොහොම උනත් අනුරාධපුරෙ ට්‍රිප් එකක් ආවොත් තන්තිරිමලේ බලන්නත් යන්න.මොකද තන්තිරිමලේ පුදබිමේ බලන්න දේවල් ගොඩක් තියනවා. 



එකකට එකක් වෙනස් photo ටිකක්........


පහුගිය දවස් වල මට ආපු email වල තිබ්බ photo ටිකක් blog එකට දාන්න ඕනි කියලා හිතුනා.මේවා එකකට එකක් වෙනස්.පොඩ්ඩක් බලන්ඩකෝ.........


1) අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයා අරවින්ද සිල්වා දන්නවනේ.එයාගේ විනෝදාංශය ඉතිං කාර් එකතු කරන එකනේ.මේක 2009දී ගෙනාපු භාන්ඩේ.වරායට ගෙනාපු කාර් එක ගෙනියන්නයි ලෑස්තිය.ඔය කහ පාට කමිසයක් ඇදන් ඉන්නේ අරවින්ද තමයි.



2) අර කාලකන්නි මිනීමරුවා මතකද දන්නේ නෑ.....ප්‍රභාකරන්..එයා තමයි.ඒ යකා පාවිච්චි කරපු van එක.




3) මේ email එකේ subject එක කියන්නම්. BEST LOSER AND HIGHEST WICKET TACKER.



4) මේක නම් ටිකක් විතර අමුතුයි.අතින් ඇදපු චිත්‍රයක්....



5) මේ ටයි එකේ අගට වෙන්න තියෙන්නේ pen drive එකක්.කොහොමද වැඩේ.දැන් ටයි එකත් බහුකාර්ය වෙලා.

  


6) පියාඹන්ඩ කුරුල්ලන්ට ත‍ටු ඕනිමද????