ආයෙත් කාලෙකින් ගීයකට තේමා වෙච්ච හේතුවක් ගැන විස්තරයක් දාන්න හිතුනා බ්ලොග් එකේ..කොහොම උනත් දැන් මගේ බ්ලොග් එක එක පැත්තකට විතරක් සීමාවේගෙන එනවද කියලත් හිතෙනවා..කොහොම උනත් ගීයක පසුබිම් කතා ගැන ලියපු ලිපි වලට ගොඩක් ප්‍රතිචාර තිබුනු නිසා තවත් එක සියුම් සංවේදීම කතාවක් සැඟවුනු ගීතයක් ගැන ලියන්න හිතුනා නිධාන කතාව..ගීතය තමයි රත්න ශ්‍රී විසින් ලියපු සුදු නෙලුම කෝ සොර බොර වැවේ කියන ගීතය.හුඟක් දෙනා කතාවේ සුලමුල දන්නවා ඇති.ඒත් කතාවේ තියන සංවේදීකමටයි..කතාව දන්නේ නැති අයට කියවන්නයි බ්ලොග් එකට එකතු කරන්නම්..
අසූව දශකයේ
තමය් ගීතය රත්නශ්‍රී විසින් ලියවිලා තියෙන්නේ.දේශපාලන මාරුකිරීමක් හේතුවෙන් ඒ කාලේ
ගීපද රචකයාට යන්න ලැබෙනවා මොනරාගල පැත්තෙ තියන අති දුශ්කර ගමක ඉස්කොලකට
උගන්වන්න(හුලංදාවද කොහෙද) .ගමේ මිනිස්සු හුඟක් දුප්පත් අය..ඒ නිසා හුඟක් ලමයි ඉස්කෝලේ
ගිහිං ඉවර උනහම ගෙදර වැඩකට හේනක වැඩකට උදව් දෙන එකයි කලේ..එතුමා මෙහෙම පාසලේ
පංතියේ උගන්නනකොට දකිනවා පංතියේ ගැනු ලමෙක් හැමදාම එකම ඇඳුමක් ඇඳලා පංතියට එන.පොඩි විශේශත්වයක් තිබුනේ මේ ගැනු
ලමයා හැමදාමත් පාසල් ගිහින් ඉවරවෙලා ගමේ වැවට ගිහින් සුදු නෙලුම් මල් කඩලා දෙමට
මල් විහාරෙට එන මිනිස්සුන්ට විකුනපු එක. ඒ කාලේ ගීපද රචකය පංසලට යනකොට පෙලක්
වෙලාවට මේ පුංචි ගැනුලමයත් ඉන්නවලු සුදු නෙලුම් විකුන විකුනා..
කොහොම උනත් ලඟ
එන පුර පෝයට මල් නෙලන්න මේ පුංචි නංගියා වැවට බැස්ස හැමදාමත් වගේ..ඒත් එදා හොදටම
අනෝරා වැස්සක් වැටෙමින් තිබුනේ..හිතේ ලොකුවටම ආසාවක් තිබුනේ පෝයට මල් විකුනලා ඒ
සල්ලි වලින් කවකටු
පෙට්ටියක් ගන්න ඉස්කෝලේ වැඩ වලට.ඒත් අවාසනවකට ඇය ටිකෙන් ටික දියට ඇදිල ගිහින්
නොපෙනී ගියා..දවස් තුනකට පස්සෙයි ඇගේ මිනිය හම්බුනේ..රත්නශ්‍රීට මේ
බව ආරංචි වෙලා ඔහු යනවා
මලගෙදර..මිනිය තියන්න තැනක් නැ.ගෙදරක් කියල එකම කාඹරයයි තියෙන්නේ. ගමේම මිනිස්සු එකතු
වෙලා ඉටි රෙදි වලින් පැලක් හදලා ඒ පැලේ අඹ කොට වලින් හදපු පෙට්ටියක මිනිය තියලා
තියනවා..මේ කවියා තමන්ගේ හදවත විඳවමින් දකිනවා ඉස්කෝලේට ඇඳල ඇඳල කහපාට වෙච්ච එකම
සුදු ගවුම මිනියට අන්දවලා තියනවා.
මේ සියල්ල
දැකලා සියලු සිදුවීම් එකතු කරලා රත්නශ්‍රී මේ සිදුවීම් පෙල ගීයකට පෙරලනවා.
"සුදු නෙලුම කෝ
සොර බොර වැවේ
මල් සුවඳ දුන් මුතියංගනේ
පුන් පෝයද
පහලෝස්වකේ
මල් නෙලා
විකිනූ පංසලේ"
කොහොම උනත්
ගීතයට අනුභූතිය වෙච්ච සිදුවීම හුලංදාවේ ඉස්කොලේ ගිය දෙමට මල් විහාරෙ සුදු නෙලුම්
විකුනපු පුංචි දැරිය උනත් සොර බොර වැවයි මහියන්ගනේ පංසලයි ගීපද අතරට එකතු කරලා
තියෙන්නේ ගීතයේ සංවේදි බව අසන්නාට හොඳට දැන්නේන්න වෙන්න ඕනි.
වැවට කලුවර යා උනා
සංසාර දුක බෝ උනා
නෙලූ මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පා උනා
සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙලුම් මල දැස පියවී
මෙහා ඉවුරට පා උනා
රත්නශ්‍රී
කියන විදියට එදා මේ පුංචි දැරිය සදහට දෙනෙත් පියාගනිද්දි ඇගේ දෙමවුපියන්ගේ ඇසේ සිහින් කඳුලක් වැහෙන්නේ
ඇයත් හැමෝටම උරුම සංසාර දුකට පත් උනු නිසයි..කොහොම උනත් මා අසා ඇති පරිදි දිනෙක
අමරදේවයන් ජෝන් ද සිල්වා රඟහලේ මේ ගීය ගයද්දි එතන හිටපු මහාචාර්‍ය සරත්චන්ද්‍රයන්ගේ
ඇස් වලත් කඳුලු පිරුනලු..
ගී පද-රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පංඩිත් අමරදේව
maxa bro
ReplyDeleteබොහොම ස්තූතියි කමෙන්ටුවට..ඇත්ත නමින්ම දැම්මනං තමයි අගේ
Deletenc crtn aiya...
ReplyDeletetnkx
Deleteඔයා ලිපියක් ලියද්දි ඒකට අදාල තව ලිපි ලින්ක් වෙනවානම් ඒවා ලින්ක් කරන්න ... ඒකත් හොද විදිහක් එන අයට තව ලිපි කියවන්න උනන්දු කරන්න..
ReplyDeleteසරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය නිසා .. කොහෙවත් ගියෙ නැද්ද මොනවත් ලියන්න..
දිගටම ලියන්න.. ඒ වගේම අනිත් අයගෙ ඒවටත් කමෙන්ට් කරල සබදතාවය තියා ගන්න..
මමත් රජිත .. ඒත් ඔයා නෙමේ..(හික්ස්)
බොහොම ස්තූතියි අයියේ කමෙන්ට් එකට..අන්ධ්යන වර්ජනේට කලින් වෙලාවට අපේ විභාග ඉවර උනා..කොහේ හරි යන්න නම් හිතන් ඉන්නවා..ගියොත් විස්තරේ බ්ලොග් එකේ දාන්නම්...
Deleteහරි අපූරුයි. මම මේ කතාව මීට කලින් අහල තිබුනා. පපුවටම දැනෙන ගීතයක්. කොහොමත් රත්නශ්‍රී ලියන ගීත පිටුපස මේ වගේ අපූරු කතා බොහොමයක් තියෙනවා
ReplyDeleteබොහොම ස්තූතියි කමෙන්ටුවට අයියේ..මේ වගේම පසුබිමකින් ලියවුනු ගීතයක් ලු රත්නශ්‍රී ලියපු චන්ද්‍ර මන්ඩලේ සැතපුනු පුංචි සාවියේ ගීයත්..
Deletevery sensitive....
ReplyDeleteකමෙන්ට් එකට තැන්ක්ස්
Deleteඅගෙයි
ReplyDeleteඅගෙයි. මම මේ පසුබිම කලින් දැන ගෙන හිටියේ නෑ.
ReplyDeleteඅංකල්ට බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට
Deleteගීතය ඇහුවේ නම් අද උපරිමයෙන් රසවින්දා...... , දැන් සති කීපයකට උඩදි දෙමට මල් විහාරය වදින්ඩ ගියා ......මුලු සිදුවීමම මැවී පෙනුනා.
ReplyDeleteසතුටුයි ගීය කතාව කියව්වා රසවින්ඳා නම් ගොඩක්ම..මම නම් තාම දෙමට මල් විහාරේ ගිහින් නෑ
Deleteසත්‍ය සිදුවීමක් පාදක කර ගත් ඒ වගේම අමරදේවයන්ගේ භාවපූර්ණ කට හඬ මුසුවූ ගීයක්. ජීවත් වෙන්න වෙර දරන මිනිසුන්ගේ ශෝකාලාපයක්. මේ පවුල ජීවත් වී ඇත්තේ දැරියගේ මල් වෙළඳාමෙන්. ඇත්තටම දුක්බර ගීයක්. ඔබට ස්තූතියි.
ReplyDeleteලබා දුන් ප්‍රතිචාරයට ස්තූතියි...ඔබේ බ්ලොග් එකත් මම ආසාවෙන් කියවන්නේ..ජය!!!
Deleteස්තුතියි ගීතය පිලිබද මතකය අලුත් කලාට. තාමත් හිතට වෑදෙනවා. පුලුවන් නම් සගවුනු ගීත ජනතා කරණය කරන්න. සුභ පතනවා.
ReplyDeleteතවත් ගීත කිහිපයක් තියනවා..ඉඩ තියන හැටියට බ්ලොග් එකේ දාන්නම්
Deleteඅද කාලේ තියෙන සින්දුවල වස්තුවිෂය එක්ක මෙව්ව කම්පෙයාර් කරද්දි පිස්සු පීකුදු වෙනවා... මෙව්ව නම් මොනාද???
ReplyDeleteඅපි කැම්පස් එකේ ඉන්න කාලේ වස්තුවිෂයවල තියෙන වෙනස ගැන පොඩි සංවාදයක් ගියා.. අන්තිමට ඒක පට්ට වාදයක් වෙලා අන්තිමේ අපි තරහකාරයො වෙන්නත් උණා...
එකෙක් කියාපි තොපිට තියෙන්නේ හැටේ දශකයේ වින්දනයක් කියලා.. අපි කිව්වා ඉතිං බොල අද බිහිවෙන බහුතරයක් බොළඳයිනෙ කියලා... එතකොට ඌ කිව්වා සංසන්දනයක් කරමුද කියලා.. අපි උදාහරණෙට ගත්තේ රෑ වැඩමුරය අවසන් වෙන කණිසමට සින්දුව.. අනේ අරූ ගත් කටට ම කියාපි යකෝ ඔය වගේ ම වස්තු විෂයයක් තියෙනව අද කාලෙ සින්දුවකත්.. අපිත් බැලුව මොකක් ද කියලා... ‘කටුනායක ඇඳුම් මහන අපේ නංගිට‘
අනේ ඉතිං අපි කටයි අහුවල් එකයි වහගෙන වහුං උණා...
කොහොම උණත් රජියෝ එළ වැඩක්.. මේ විදියට වස්තුවිෂය දැනගත්තා ම සින්දුව තව ටිකක් වදිනවා... අමරදේවගෙ සින්දු කොයිකත් ලස්සනයි... මේකත් එහෙම ම වැදිච්ච සින්දුවක්...
තව එළ සින්දුවක් කියන්නම් දීපිකා ප්‍රියදර්ශනීගේ - කෑ ගසා පවසාවී හිරුට හැකිවේ නම්...
පොඩ්ඩක් හොයලා බලපං... සින්දුව කතාවක් වගේ ම පැහැදිලියි...
මේ ලංකාවේ සිද්ද වෙන දේවල් දිහා හරියට ඇහැ ඇරලා බලනවානම් කලා නිර්මාණ ජාත්‍යන්තර මට්ටමෙන් බිහිවෙයි.. අද තියෙන්නේ අංශබාග නිර්මාණකරණයක්.. ඒකට ම කියාපු අඳබිහිරි විචාරයක්.. ඒකයි මේ ඔක්කොට ම හෙනේ...
කොහොම උණත් අද තමයි උඹේ බ්ලොග් එකට එන්න ලැබුණේ.. පිං... තව ඉස්සරහට මම වමාරන්නම් හිතෙන හැම දේ ම... උඹ එළ කොල්ලෙකි... එය පමණක් ම හිතේ ම ය....
මට හිතෙන විදියට අයියේ වැඩි පිරිසක් හරසුන් බොලඳ ගීත අහන්න ඒ තරම් කැමැත්තක් නැ..ඒත් අද මාධ්ය තුලින් වැඩිපුර හරසුන් ගීත මිනිස්සුන්ට බලෙන් අහන්න සලස්වනවා..
Deleteස0සාරේ දුක බෝ උනා.....
ReplyDeleteහ්ම්ම්ම් ගීතය හුගක් හැගීම බරයි
වචන ඒ වගේම ගීතයටම ගැලපෙන කටහඩ....
ලියල තියන අදහසත් නරක නෑ
දුක බේදාගන්න ස0වේදීව ලියල තියනව ...ලස්සනයි
දුන්නු කමෙන්ට් එකට ස්තූතියි...
Deleteඅදමයි මේ පිළිබඳව දැනගත්තේ
ReplyDeletesuperb!!!!
ReplyDelete