කාලෙකින් කොහෙවත් යන්න බැරිඋන නිසා හිතුවා යන්න කොහෙවත් දිහාවක්.හැමදාමත් යන සුපුරුදු ජනප්‍රිය තැන් වලින් වෙනස් වෙලා යන්න තැනක් කල්පනා කරනකොට තමයි හිතුනේ නකල්ස් කදුවලින් වටවෙච්ච මීමුරේ ගම පැත්තේ ගියොත් ටිකක් වෙනස් අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කියලා.මේ දවස් වල කැම්පස් එකේ වැඩි වැඩක් කෙරෙන්නෙත් නැති නිසා අපි 7ක් මීමුරේ යන්න සෙට් උනා.මේ ගමන යන්ට ඒ තරං ලොකු ලැස්තියක් උනේ නං නැ.ඒත් කලින් ලියපු බ්ලොග් පෝස්ට් නම් කියෙව්වා.ඒකෙන් ගමන ගැන ලොකු අයිඩියා එකක් ගන්න පුලුවන් උනා.
කොහොම හරි අපි කස්ටිය කැම්පස් එකෙන් පිටත් වෙලා උදේ දහයට විතර නුවරට සෙට් උනා.එදා දවල් කැම නුවර යාලුවෙක් ගානේ.දවල් කැම විතරක් නෙවෙයි රැ කැමත් බැඳලා දුන්නා.ඒ විතරකුත් නෙවෙයි යාලුවගෙ තාත්තා ගානේ පාන් ගෙඩි හතරකුත්.කොහොමද බජට් එක?හික් හික්.යන පාරක් විතරක් දැනගෙන ගමන ආපු අපිට යාලුවගෙ තාත්තාගෙන් මීමුරේ ගමන ගැන ලොකු විස්තරයක් දැන ගන්න පුලුවන් උනා.දැනගත්තු විදියට ගමට යන්න එල්ෆ් වැන් දෙකක් තියෙයි.එකක් මීමුරේටම යනවා.අනික කයිකාවල කියන ගමට..මේ වැන් එකේ ගියොත් කයිකාවල ඉඳන් කිලෝමීටර් හතරක් විතර මීමුරේට පයින් යන්න වෙනවා.කොහොම උනත් මීමුරේටම යන්න තියන වැන් එකේම යන්න තමයි අපිට උපදෙස් ලැබුනේ.
මීමුරේ පිවිසුම් මාර්ගය තියෙන්නේ හුන්නස්ගිරියෙන්.ඊට අමතරව රංගල කියලා තවත් පාරක් තියනවා.කොහොම උනත් හුන්නස්ගිරියෙන් මීමුරේ යන්න අපි නුවරින් මහියංගනේ බස් එකක පැය එක හමාරක විතර ගමනකින් හුන්නස්ගිරියට ලඟා උනා.එතකොට 12.30ට විතර ඇති.කලින් කියපු විදියටම කයිකාවල යන හයි රූෆ් වැන් එකයි මීමුරේටම යන ෆ්ලැඑට් රූෆ් වැන් එකයි දෙකම හුන්නස්ගිරියෙ නවත්තල තිබුනා.අපිට ඕනි බඩු ටිකක් එහෙම අරං කලිං කියා දීපු විදියට මීමුරේ වැන් එකේ නං නෙවෙයි අපි යන්ඩ සෙට් උනේ.අනික් වැන් එක.ඒකෙ වැඩිය සෙනගක් හිටියෙත් නැ.අනික එක වෙනකොට යනවා කියපු නිසාත් ඉඳගන්න ඉඩ තිබුනු නිසාත් අපි ඒ වැන් එකට සෙට් උනා. කොහොම උනත් මීමුරේට යන වැන් දෙකම හුන්නස්ගිරියෙන් 12.30ත් 1.30ත් අතර පිටත් වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් යනවා නම් ඒ වෙලාවට කලින් හුන්නස්ගිරියට යන්න වගබලාගත්තොත් හොඳයි.මෙතන ඉඳං මීමුරේට කිලෝමීටර් තිස් හතරක් යන්න ඕනි.අපේ වැන් එකත් හෙමින් හෙමින් නකල්ස් කඳු දිහාවට ගමන යන්න පිටත් උනා.ටිකක් දුර යන කොට තමයි තේරුනේ අනික් වැන් එකේම අපිට යන්න කිව්වේ මොකද කියලා.මිනිස්සු ප්‍රවාහනය කරන්න සුදුසුම තත්වයේ නම් නෙවෙයි මේ වැන් එක තිබුනේ.ගියර් වැටෙන්නේ නැ.බ්රේක් ප්‍රශ්න one wheel.කොහොම උනත් ඒකෙත් පොඩි ගතියක් තියෙයි.ගමට යන පාර නම් වාහනයක් යන්න පුලුවන් මට්ටමක තියනවා.
ගමන යන අතරතුර වටාපිටාව සුන්දර දසුන් මවනවා.විශේශයෙන්ම නකල්ස් කඳු මුදුන්, පාර පුරා ඇද හැලෙන දිය පාරවල්, ඒ වගේම දෙපසට විහිදිලා තියන දුම්බර වනාන්තර.එන අතරමග දෝතලු කන්ද දකින්නත් පුලුවන්.එතනින් ටිකක් ඉස්සරහට ගියහම corbet gap කියන කපොල්ල.මෙතනින් තමයි මම මුලින් කියපු රංගල පාරයි හුන්නස්ගිරිය පාරයි එකතු වෙන්නේ.මෙතන ඉඳන් හොඳින් නකල්ස් කඳු වලල්ල හොඳින් දකින්න පුලුවන්.මේ ඔක්කොමත් බලාගෙන කයිකාවලට වැන් එක එනකොට වෙලාව පහට විතර ඇති.එතනින් මීමුරේට කිලෝමීටර් හතරයි.වැන් එකේ අයියට පොඩි ටෝක් පාරක් දාල වැන් එකේ මීමුරේටම යන්න කතාකරගත්තා.අන්තිමට මීමුරේට යනකොට පහයි කාලයි.වැන් එකේ හුන්නස්ගිරියේ ඉඳන් මීමුරේට අපි පැය හතරක් විතර අපි ඇවිත්.මීමුරේ තියන මීගහ ගාව බහිනකොටත් අපිට නවතින්න තැනක් ගැන කිසිම අයිඩියා එකක් නැ.මීගහ ගාව කඩෙන් අහුව ඉන්න තැනක් සෙට් කරගන්න කොහොමද විස්තරේ කියලා.
"මල්ලි පංසලෙත් ඉන්න දෙනවා..ගිහින් අහලා බලන්නකෝ.හාමුදුරුවොත් එක්ක කතා කරලා..."
පංසලට යනකොටම පොඩි බලු පැටියෙක් අපිව දන්නවා වගේ ආව ඉස්සරහට නැට්ටත් වනාගෙන.ඒකෙන් හිතුන එන පොට ටිකක් හොඳ ලයින් එකක් තියෙයි කියලා. කෙලින්ම අපි ගිහින් පංසලේ හාමුදුරුවොත් එක්ක කතා කලා නවාතැන් ගන්න විදියක් ගැන.හාමුදුරුවෝ ඒතරම් වයසක් නැහැ.කිසි අකමැත්තක් නැතුව අපිට ධර්මශාලවේ නවතින්න හාමුදුරුවෝ අවසර දුන්නා.කොහොම උනත් ඉන්න තැනක් තියන නිසා දැන් ටිකක් හිතට ෆිට්.ගමට ඇවිත් වැඩි වෙලාවක් යන්න කලින් ඉන්න තැනකුත් සෙට් උනානෙ.කොහොම හරි ඔක්කොම ගෙනාපු බඩු ටික පංසලේ දාල ආපු ගමන් නාන්ට තමයි අපේ අදහස.එදා හවස් වරුවම දොලට පැනලා නාපු එක තමයි කලේ.නාල කරලා එනගමන් ගෙනාපු කැම ටිකත් අතරමග තිබුනු කුඹුරක් මැද ගල් තලාවේ තියන් කැවා.මම කලිං කියපු අපිව පිලිගන්ට ආපු යාලුවා අපිත් එක්කම ගමනේ.ආයෙත් පංසලට ඇවිත් ඉන්න ධර්මශාලාව සුද්ද කරගෙන ආයෙත් අපි පොඩ්ඩක් ගමේ කඩේ පැත්තට පොඩි රවුමක් දැම්මා ඕනි කරන බඩු ගන්නත් එක්ක.ගමේ කඩ දෙකක් තියනවා.. සාමාන්‍යයෙන් සිල්ලර බඩු ඕනි දෙයක් ගන්න පහසුකම් කඩ වල තියෙයි කියන්න පුලුවන්.ඒත් ගමට මොබයිල් සිග්නල් නම් නැ.ඒත් හුඟක් ගෙවල් වලට සී ඩී එම් ඒ ෆෝන් තියනවා.ඒ කඩවල් වලින් දුරකතන පහසුකම් ලබා ගන්න පුලුවන්.
මේ දේ කයිකාවල තිබුනු ප්රචාරක දැන්වීමකත් තිබුනා.
"කයිකාවල ,පුස්සේ ඇල,මීමුරේ,කුඹුක්ගොල්ල, ශ්‍රීලාංකීය අනන්‍යතාවයේ අපූර්වත්වය ලොවට ප්‍රකට කල පාරම්පරික ගම්මාන වේ.මෙම ගම්මාන වල ප්‍රජාවට ගරු කරන්න.ඔවුන්ගේ සිරිත් වලට ගරු කරන්න.එවිට ඔවුන්ද ඔබට ගරු කරනු ඇත."
මේ ඉන්නේ වයස අවුරුදු අනූ හතරක් වෙන සීය කෙනෙක්.ගම ගැන හොඳ අවබෝදයක් තියෙයි කියලා කතාවෙන් තේරුනා.මීමුරේ ගෑන කවියක් අහගන්න ඕනිකමට සීයගෙන් අහල බැලුව.
"කියමුද සීයේ කවියක් ?"
එපිට පැත්ත ලක්ගල මීමුරේයා
මෙපිට පැත්ත කලුපානා කලේයා
දෙසිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි බරකාස ලක මීමුරේයා
මීමුරේට දකුනු දෙසින් කයිකාවල සැදුනා
නෙත් පිනවන ලකේගලද උතුරු දෙසින් සැදුනා
යස ඔබිනා සීතා ගඟ නැගෙනහිරින් සැදුනා
මෙසියල්ලට බටහිරයෙන් ඇබේගලද සැදුනා
මේ කවි දෙක මීමුරේ ගම ගැන..මීමුරේට උතුරින් පිහිටලා තියන සුන්දර ලකේගල ගැනත් කිව්වා සීය කවියක්.
ගලේ උස බෝය ගල උඩ බලන්නට
ගලේ වට බෝය ගල වට දුවන්නට
හිතේ සැක බෝය පදකර කියන්නට
ලකේගල හොඳයි දාගැබ් බඳින්නට
කතා බහෙන් ගමේ තිබුනු එක කඩේකින් බඩු අරන් දුන්නහම කැම හදල දෙන විදියට ඔක්කොමත් සෙට් කරගෙන එදා රැ පංසලේ නැවතුනා.
ඊලඟ දවසේ උදෙන්ම අපි ගෙනාපු පාන් වලට ගමේ ගෙදරකට කියලා පරිප්පුවක් හදාගෙන.නූඩ්ලස් එකක් දවල්ට හදාගෙන ගමේ ඇවිදින්න පටන් ගත්තා..කලින් කවියෙදිත් කියපු ලකේගල ගමට උතුරින් ලස්සනට පේන්න ගත්තා..දැන ගත්තු විදියට ලකේගලට මේ නම හැදෙන්න ගොඩක් කතා තියනවා කියලයි කියවෙන්නේ.කොහොම උනත් රාවනා රජ සමයේ දඬුමොනරයේ ලන්කාව දෙසට දිශාව හොයාගන්න බාවිතා උනු ගල නිසාත් ලකේගල කියන බවට කතාවක් තියනවා.ඒ වගේම මේ ගල ලංකාව හැඩයෙන් නිසාත් ලකේගල කියන බව කතාවකුත් තියනවා.ලකේගලට යනවානම් ටිකක් දුශ්කර ගමනක්.හැබයි ගමනෙන් බාගෙකටත් වඩා දුරක් පහසුවෙන් යන්න පුලුවන්.ගමේ මිනිස්සු කුඹුරු පැල ගැහිලා එන කාලෙට හරක් බැඳලා තියන්නේ මේ ලකේගල පාමුලා පතන ප්‍රදේශයේ.ලකේගල නගිනවනම් දිග කඹ අරන් ගිහින් ගමනේ අවසාන හරිය යන්න ඕනි කියලයි ගමේ අය කිව්වේ.ගලේ කොකු දාල කඹ බඳින්න පුලුවන් විදියට සකස් කරල තියනවලු.ලකේගල පේන කොත වගේ එක මුදුනේ සමතලා බිමක්ලු තියෙන්නේ.එතන රැයක් ගත කරන්නම බලාගෙන එනවනම් තවත් දවසක් ඒ වෙනුවෙන්ම ගත කරන්න වෙනවා.අපි එහෙම ලැස්තියක් නැති නිසා වෙල් යාය මැදින් සූරිය අරන කරපු ගඟ පැත්තට සේන්දු උනා.ඒ යන අතරමග තමයි සූරිය අරනේ කඩේ තිබුනු තැන එහෙම හම්බවෙන්නේත්.
සශ්‍රීක කුඹුරු යාය
සූරිය අරනේ පොඩි හාමුදුරුවෝ වතුර දිගේ ලිස්සලා එන හැටි මතකද? අපිත් පොඩ්ඩක් බැලුවා ට්ර්යි එකක් දාල.වැඩේ ගොඩාක් සාර්තකයි.
ලෙෂර් වර්ල්ඩ් කුමකටද?
මෙතන යටින් වලවල් දෙකක් තියනවා.එකක් ටිකක් ගැඹුරු එකක්.මේ වලේ දැනට අවුරුදු දෙකකට කලින් කෙනෙක් ගිලිලා මැරිලා තියන්වලු.ඊටත් යටින් තියනවා තාලි කට කියලා ගල් බේසමක් වගේ වලක්.ගමේ අය කියන විදියට ගොඩක් ගැඹුරුයි.අපිත් බැලුවා රිටක් එහෙම දාල.අඩිය වැදෙන් නැති ගානයි.ඔයාලත් මේ පැත්තේ එනවනම් මේ තැන් ගැනත් ටිකක් දැනුවත් වෙලා එන එක වටිනවා.
මේක තමයි තාලි කට
දවසෙන් වැඩි හරිය නාන එක තමයි කලේ.දවල්ට එහෙම කාලා ආයෙත් ගම දිගේ උඩහට ටිකක් දුර කැලේ ඇතුලටත් ඇවිදින්න ගියා.කොහොම හරි ඉස්සර කාලේ ගමේ වතුපිටි වෙන් කරලා තිබුනේ ගල් වැටි වලින්ලු.තවමත් යම් තාක් දුරකට ගල් වැටි පිහිටල තිබුනත් ගමට පාර හැදුනු නිසා ඒ ගල්වැටි කැඩිල ගිහින් තියනවා.නැත්නම් අවුරුදු තුන හතරකට කලින් දෙන්නෙක්ට සමාන්තරව එක පැත්තකට යන්න බැරිවෙන තරමට ගල්වැටි තිබුනා කියලා තමයි ගමේ අය කිව්වේ.ලකේගල අවට කැලේ හරහා මාතලේට යන්නත් පුලුවන්ලු.ඒ නාරංගමුව කියන ගම හරහා.ඒක ලකේගල පාමුලින් කැලේ හරහා වැටිලා තියන පාරක්.අපිත් ටිකක් දුර ඒ පාර දිගේ කැලේ මැදට ඇවිද්දා.තවත් ඉතිං ඇවිදිනවා නම් රනමුරේ කියන ගමටත් යන්න පුලුවන්.අපිට එහේ යන්න වෙලාවක් ඉතුරු උනේ නම් නැ.රැ වෙලා හාමුදුරුවෝපංසලට එනකොට ගමේ කෙනෙක් අපිටත් එක්ක හාමුදුරුව්න්ට දවල් දානේ ගෙනකොට කැම අරන් ඇවිත්.හික් හික්.. හාමෞදුරුවො කිව්ව ආයෙත් රැට උයවගන්න එපා ඒවා කන්න පුලුවන් කියලා.හේ හේ..කොහොමද ඒකෙත් හැටි.
ගමේ වටපිට
මීමුරේ ගමේ ඉස්සර නං කුරහං එනසාල් වගේ වගාවන් පැවතුනු බව තමයි ගමේ මිනිස්සු කිව්වේ.ඒත් දැන් නං ඒ තත්වේ වෙනස් වෙලා.ගමේ විශාල වශයෙන් ගම්මිරිස් වගා කරනවා දැකගන්න පුලුවන්.එදා ඉඳන් පැවතුනු කුඹුරු වගාව අදට සාර්තකව කෙරෙනව කියල කියන්න පුලුවන්.මට හිතෙන විදියට නං තවමත් යම්තාක් දුරකට ගමේ ගැමිකම,ඉපැරනි චාරිත්‍ර සිරිත් විරිත් රැඳිලා තියනවා.ගමට පාර හැදුනු එකත් එක්ක, මිනිස්සු වැඩි වැඩියෙන් එන්න ගත්ත එකත් එක්ක හොඳ දේවල් වගේම නරක දේවලුත් ගමට ඇවිත් කියලා හිතෙනවා.ගමේ හාමුදුරුවන්ගේ ලොකු වැඩපිලිවෙලක් ගමේ ගැමිකම රැකගන්න තියෙන බව කතා බහෙන් තේරුනා.කොහොම උනත් ඔයගොල්ලොත් මීමුරේ යන්න අදහසක් තියනවා නම් ගමේකමට ගරුකරලා ඒ විදියට කටයුතු කරන්න වග බලාගත්තොත් හොඳයි.කල යුතු නොයුතු දේවල් ගැන මම කියන්න යන්නේ නැ.කරන කියන හැම වැඩක්ම සීමාවක් ඇතුව ගමේ සුන්දරත්වය රැකෙන පරිදි කලොත් හොඳයි.
කොහොමින් හරි පංසලේ හාමුදුරුවන්ට එදා රැම කතාකරල ස්තූති කරලා අපි කලින්ම නින්දට වැටුනා.මොකද මීමුරෙන් හුන්නස්ගිරි එන වැන් එක ගමෙන් පිටත් වෙන්නේ උදේ පහ හමාරට.ඒක මිස් උනොත් තව දවසක් මීමුරේ.කොහොම හරි පහුවදා උදෙන්ම මීමුරෙන් එන්න පිටත් උනේ ආයෙත් දවසක් ලකේගල නගින්න එන්න බලාගෙන.
පුංචි ලෝකාන්තාය
එන ගමනේ හුන්නස්ගිරියට කිලෝමීටර් හතක් මෙහායින් කුඩා ලෝකාන්තය බලන්නත් යන්න පුලුවන්.ඔන්න ඉතින් අපි නම් එකක් වත් අතෑරියේ නැ..මේ විදියට ආයෙත් මීමුරේ එන බලාපොරොත්තුවෙන් කුඩා ලෝකාන්තය බලල පයින්ම හුන්නස්ගිරියට ඇවිත් අපේ ගමන ඉවර කලා.ඔන්න ඔයාලත් යනවනම් අමතක නොවෙන ගමනක් කරගන්න යන්න පුලුවන් මීමුරේ...ඔක්කොටම ජය!!!
Din't you went to "WEDI LUNU GUHAWA" ??
ReplyDeleteවෙඩි ලුනු ගුහාවට නම් යන්න බැරි උනා..ඒ ගැන විස්තරයක් නම් දැන ගන්න බැරි උනා..
ReplyDeleteනියම ගමනක් මල්ලියේ..විස්තරෙත් පංකාදුයි. හැකි ඉක්මනට ඔය අහ යන්ට ඕන...
ReplyDeleteයන්ට යන්ට මාර අයියේ...යනවනම් නියම ගමනක්
ReplyDeleteසුපිරි , යන්න ට්‍රයි එකක් දෙන්න ඕනේ ..!!
ReplyDeleteඑල එල... කොහොම හරි යන්න
Deleteනියම ගමන් විස්තරයක්.
ReplyDeleteමාත් ආසම ගමක් තමයි මීමුරේ.
බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට,,මීමුරේ ගිහින් තියන පාටයි
Deleteමීමුරේට රණමුරේ පැත්තෙන් පයින් එන එකත් හොඳ චාරිකාවක් ....
ReplyDeleteඔබලාගේ සෙට් එකට තිබුනේ ඒ පැත්තෙන් ආපසු එන්න කියලයි ... මගේ හැගීම
නමුත් ගමනා ගමන පහසුකම් නම් ඒ පැත්තෙත් ඔය වගේම තමයි ....:(
එහෙම ආවා නම් පුංචි ලෝකාන්තය මිස් වෙනවනේ ....
බොහොම ස්තූතියි ප්‍රතිචාරෙට.ඊලඟ පාර ඒ පැත්තෙන් යන්න ඕනි
DeleteWell done machan, trip & article both. We went our final university batch trip there. It's really refreshing memories.
ReplyDeletethank u machan
Deleteපට්ටනෙ මල්ලී. මටත් යන්න හිතෙනව...
ReplyDeleteඒකනෙ අයියේ... යනවනන් කියන්ට
Deleteanyway maru trip 1...maarama idea yanna me gamana.try 1 dennawa anywa...
ReplyDeleteela ela...
Deleteෂා..........නියම ගමනක්....අපට නැනේ ඔහොම චාන්ස්.....
ReplyDeleteඒකනේ..කොහොම හරි යන්න බලන්න
DeleteFeel J...:(
ReplyDeleteආස හිතෙනව ....
හික් හික්... ඉතින් යන්න දවසක් මීමුරේ...
Deletehey hey jewithye ekaparak hari yanna one thanka
ReplyDeleteapith giya nowe giya awurudde
Niyama photo tika
මම දැක්ක අපි යන්න කලින් විස්තරේ..නියමයි
Deleteනියම විස්තරේ මල්ලි . . . පින්තූර ටික ගැනත් පොඩි හැඳින්වීමක් එක්කම ගියානං මල් හතයි
ReplyDeleteරිප්ලයි එකට තැන්ක්ස් අයියේ...
DeleteEla macho gamana..
ReplyDeleteelakiri machan, nxt trip take me too.....
ReplyDeleteThat was the greatest experience in my whole life...thnx 4 putting that machan..that was awesome bn..
ReplyDeletemeemure inna tanak dannawada
ReplyDeleteraata poddak set wennath pulwan wenna ona