"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

හැක් කරන අයගෙන් බේරෙන්න ආසද?


ලගඳි මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් ගිනුමක් හැක් වෙලා.මේක වෙලා තියෙන්නේ අපේ යාලුවා හොඳට දන්න කියනවිශ්වාසවන්තම ගැනු ලමෙක් එක්ක Facebook චැට් කර කර ඉන්නකොට.ගැනු ලමයා  කියලා ටිකකට ජීටොක් වලටඑන්න චැට් එකට.මේ ෆෙස්බුක් එකෙ ගොඩක් හායි කියනවා චැට් කරන්න අමාරුයි කියලා.එහෙම කියලා Gmail වලලින්ක් එක දීලා ෆේස්බුක් චැට් එකේ ජීටොල්ක් වලට එන්න කියලා..මේකටත් මොකද කෙල්ලෙක් චැට් කරනවනම්වෙන ලෝකයක් නැ.ෆේස්බුක් චැට් එකේ එවපු ජීටොක් ලින්ක් එක ක්ලික් කරලා කියපු පමාවට ජීමේල් ලොග්වෙලා.මෙහෙම ටික වෙලාවක් චැට් කර කර ඉඳලා ආයෙත් bye bs එහෙම කිව්වට පස්සේ ඉතින් අපේ යාලුවා ඊලඟදවසෙ ආයෙත් ෆේස්බුක් ලොග් වෙන්න බලනකොට ඒකට ලොග් වෙන්න බැරිලු.gmail ලොග් වෙන්නත්බැරිලු.කොහොමද වැඩේ?එකවුන්ට් දෙකටම ෂොට් එක හම්බ වෙලා.

හිතුන නේද කොහොමද කාටවත් පාස්වර්ඩ් එක දෙන්නෙ නැතුව කොහොමද එකවුන්ට්  එක හැක් උනේ කියලා? ජීටොල්ක් එකේ චැට් කරලා කොහොමද ෆෙස්බුක් එකේ එකවුන්ට් එකත් හැක් උනේ කියලා.ඒ වගේම හිතුන නේදවිශ්වාසවන්ත ගැනු ලමෙක් වෙලත් කොහොමද එයා මේ එකවුන්ට් එක හැක් කලේ?

කියන්නම් කොහොමද මෙහෙම උනේ කියලා පිලිවෙලට.කාටවත් පාස්වර්ඩ් දෙන්නේ නැතුව එකවුන්ට් එක හැක්වෙලා තියෙන්නේ මේ ගැනු ලමයා දීල තියෙන්න ලින්ක් එකේ ඉන්ටෆේස් එක ජීමේල් වගේම පෙනුනට ඒ ලින්ක් එකඅදාල ජීමේල් වල ඇඩ්‍රස් එක නෙවෙයි.කෙල්ලෙක් එවපු නිසා හදිසියට මේකා අදාල යුසර් නේම් එක පාස්වර්ඩ් එකටයිප් කරල එකවුන්ට් එකට ලොග් වෙලා.මෙතනදි වෙලා තියෙන්නේ ගැනු ලමෙක් විදියට ලින්ක් එක එවපු කෙනාඑවලා තියෙන්නේ ඒ විදියටම බාහිර පෙනුම තියෙන්න හදපු වෙනත් ඇඩ්‍රස් එකක් තියන ලින්ක් එකක්.මේ විදියටපෙන්නුම් කරන වෙබ්සයිට් ව්ලට කියන්නේ පිශිං සයිට් කියලා.මේ දවස් වල මේ ක්‍රමයට හැක් කරන්න ගොඩක්දෙනෙක් පෙලඹිලා ඉන්න බව පේනවා.ගොඩක් වෙලාවට මෙහෙම ලින්ක් එකකට අදාලව අපි ටයිප් කරන අපේපාස්වර්ඩ් එක කෙලින්ම ටෙක්ස්ට් ෆයිල් එකකට ලියවෙන හරි නැත්නම් ඩේටා බේස් එකකට හරි යන විදියට තමා මේපිශිං සයිට් හදලා තියෙන්නේ.ඒ නිසා අපි පලවෙනි පාර අපේ යුසර් නේම් පාස්වර්ඩ් ටයිප් කරනකොට කවදාවත් අදාලඑකවුන්ට් එකට ලොග් වෙන්නේ නැ.ඊලඟ පාර තමයි හරියටම අපේ එකවුන්ට් එකට ලොග් වෙන්න පුලුවන්.ඔන්නඔහොමයි ඕක වෙන්නේ.

දෙවෙනි කාරනේ ඒ කියන්නේ කොහොමද ජීමේල් එකවුන්ට් එකෙන් චැට් කරලා ෆේස්බුක් එකත් හැක් උනේ?ඒක නම්අපේ යාලුවා බාවිතා කරලා තියෙන්නේ එකම පාස්වර්ඩ් ජීමේල් වලටත් ෆේස්බුක් වලටත්.එතකොට ඉතිං ෆෙස්බුක් එකහැක් වෙන එක අහන්නත් දෙයක්ද?

අන්තිම කාරනේ කොහොමද විශ්වාසවන්ත ගැනු ලමෙක් වෙලත් අපේ යාලුවව හැක් කලේ.ඒකට හේතුව ඒ ගැනුලමයගෙ එකවුන්ට් එක අපේ යාලුවට කලින් හැක් වෙලා.වෙන කෙනෙක් තමයි මේ ගැනු ලමයා විදියට මගේ යාලුවත්එක්ක චැට් කරලා තියෙන්නේ. විශ්වාසවන්තකමට අර ලින්ක් එක ක්ලික් කරලා තමයි මෙයා මේකෙන් ලොග් වෙලාතියෙන්නේ.

ඔන්න ඉතින් ඔයගොල්ලන්ටත් හැක් වෙන්න කලින් පෙර සූදානමට මේක ටිකක් වෙනස් විදියට ලියලා දැම්මා.දැන්කියන්නම් කොහොමද මේ විදියට හැක් වෙන එකෙන් ගැලවිලා ඉන්නේ කියලා.මූලිකම දේ තමයි කවුරු කොයි තරම්විශ්වාස උනත් හදිස්සියට ලින්ක් ක්ලික් කරලා එකවුන්ට් වලට ලොග් නොවී ඉන්න එක.හැම වෙලේම අදාල එකවුන්ට්එකට අන්තර්ජාල ලිපිනය ඇඩ්‍රස් බාර් එකේම ටයිප් කරලම එවට ලොග් වෙන්න.උදාහරනයක් විදියට ජීමේල් ලොග්වෙනවා නම්  https://www.gmail.com  විදියට ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරලා ලොග් වෙන්න.ඒ වගේම ෆේස්බුක්එකේ නම් එක එක ගෲප් වලට ජොයින් වෙනකොට ඇඩ්‍රස් බාර් එකේ URL එක පිලිබදව ගොඩක් දුරට සැලකිලිමත්වෙන්න.
තවත් දෙයක් ඊමේල් ගිනුම් වලටයි ෆේස්බුක් වගේ එකවුන්ට් වලටයි එකම පාස්වර්ඩ් නම් යොදාගන්නඑපා.බැරිවෙලාවත් එක ගිනුමක් හැක් උනු ගමන් අනිත් එකවුන්ට් එකත් හැක් වෙන්න පුලුවන්කම වැඩියි.

මීට අමතරව පොදුවේ හැකිං වලින් බේරෙන්න Crack කරපු සොෆ්ට්වෙයාර් බාවිතයෙන් වැලකී ඉන්න එකත්,ඔබගේ antivirus එකයි anti-spyware නියමිත පරිදි යාවත්කාලීන කරන එකත් හුඟක් දුරට වැදගත්.මීට අමතරව පෙන් ඩ්‍රයිව්භාවිතා කරන්න කලින් Scan කරන්නත් හොඳින් මතක තියාගන්න.ඒ වගේම ඔබ පාවිච්චි කරන පරිගනකය හෝලැප්ටොප් එක භාහිර අයගෙ පාවිච්චියට ලබා නොදෙනවනම් තමා වඩාත් හොඳ. 

ඔන්න ඉතිං මම දන්න විදියට මේ දේවල් පැහැදිලි කලා.සමහරවිට වැරදි තියෙන්නත් පුලුවන්.එහෙම දෙයක්තියනවනම් දන්න කෙනෙක් නිවැරදි කරන්න.ඒ වගේම මේ විදියට හැකිං වලිං බේරිලා ඉන්න අනුගමනය කරන්න ක්‍රමතියනව නම් කමෙන්ට් එකක් විදියට එකතු කරන්නත් කියලා ඉල්ලනවා.ආයෙත් ඉතිං මේ වගේ ලිපියකිංහම්බවෙන්නම්.ඔක්කොටම ජයශ්‍රී!!!

13 comments:

  1. වැදගත් ලිපියක්.
    g mail url එක සහ facebook url හැමවිටම https කියලද බලන්න.
    facebook සෙටින් වල ලොගින් නොටි‍ෆිකේශන් සහ ලොගින් අපෘවල් ඇක්ටිව් කරන්න.

    ReplyDelete
  2. නියම ලිපියක්. අම්මෝ ආයෙ නම් මම ලින්ක් ක්ලික් කරන්නේ නෑ. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම් වලට !!!

    ReplyDelete
  3. නදීරටත් මධුරංගටත් ගොඩක් ස්තූතියි කමෙන්ට් වලට...

    ReplyDelete
  4. බොහොම වැදගත් ලිපියක්.. නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා. ස්තූතියි

    ReplyDelete
  5. hoda lipiyak bohoma thank meka demmata.mamath rathnapure.kemathinam balanna mamath blog 2kak karanawa.
    http://sipsala.blogspot.com/
    http://batuhenavta.blogspot.com/

    ReplyDelete
  6. රුපියල් 4000ක් විතර ගෙවල https ගන්න පුළුවන්. https කියන්නේ browser එක හා server එක අතර සියලු ගනුදෙනු encrypt කරලා යවනවා කියන එක. නැතුව original site එක කියන එක නෙමයි.

    තමන් දැනටමත් gmail එකට log වෙලා ඉන්නවනම් phishing site එකක password එක ගහපු ගමන කෙලින්ම තමන්ගේ inbox එකට redirect වෙනවා, කිසි වෙනසක් නැතුව.

    facebook එකේදී කවුරු ලින්ක් එකක් දුන්නත් යන්න එපා, මොකද එක එක malicious application වලින් affect වෙච්ච facebook profile වලින් "Hay check this out, this is cool" වගේ බොරු ලින්ක් ඕන තරම් එවනවා.

    ReplyDelete
  7. බොහොම වැදගත් ලිපියක් සහෝදරයා ..

    ReplyDelete
  8. හොඳ ලිපියක් හැබැයි මෙතන හැකින් කියලා මේක නම් කිරීම වැරදියි. කමෙන්ටුවකත් තිබුන විදිහට මේකට කියන්නේ phishing කියල. තව කෙනෙක් රවට්ටලා username password එයා ලව්වාම ඇතුලත් කරව ගැනීම තමයි මෙතනදි කරන්නේ. ලින්ක් එකක් click කල පමණින් username password තව කාටවත් ගන්න බෑ මම දන්න විහිදට නම්. Google එකකට ලොග් වෙලා හිටිය නම් එයා server side එකෙන් single login technology එකක් හරහා(openid වගේ) validate කර ගත්තත් ඒක userට ගන්න බෑ. කරන්න පුළුවන් එකට දේ user ලව්ව බොරු login page එකකට username password ඇතුලක් කරව ගන්න එක. protocol එක https ද කියල බලල මේ fake login pages අඳුර ගන්න පුළුවන්. තවත් සැක නම් browser එකේ මුලින්ම පෙන්නන ඉබ්බාගෙ උඩ click කලාම අදාල site එකේ security certificate එක බලන්න පුළුවන්.

    හැකින් කියල ඇත්තටම කියන්නේ code කිරීමට. programmers ලගේ greeting එකක් තමයි happy hacking කියන එක. ඔබ කියන අර්ථය එන වචනය cracking. නියම crackers ලාට ඔයාලව බොරු login page හදලා රවට්ටන්න ඕන නෑ. එහෙම හැකියාව තියන අය කෙලින්ම database එක access කරලා අදාල තොරතුරු හොරකන් කර ගනීවි.

    ReplyDelete
  9. වැදගත් ලිපියක්..

    ReplyDelete
  10. හොඳ ලිපියක් සහෝ... ඒ වගේ ම hacking, cracking වල ලකු වෙනසක් තියෙනවා... hacking වල අනිත් අයට හානි කිරීමේ අරමුණක් නෑ, හරියට විනෝදෙට වගේ... ඒ වුනත් cracking වලදි පැහැදිලිව ම අනුන්ට හානි කිරීම මයි කෙරෙන්නේ...

    ReplyDelete
  11. වටිනා ලිපියක් .....ස්තුතියි :)

    ReplyDelete
  12. කිසිවක් නොකියමි...වැදගත් නිසා ෂෙයාර් කරමි.

    ප.ලි. සුසිත කී දේ ගැන අවධානය යොමු කරනවා නම් මැනවි

    ReplyDelete
  13. maha mattek ne,gtalk log wenna kello dipu link walin yanne mokatada

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......