"රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු!!!-WELCOME TO SANNASA!!!"

හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ............






මේක අද කාලෙට ගැලපෙන සිංදුවක්. ලගින්ම ඉදගෙන වල කපන යාලුවො ගැන තමයි සිංදුවෙන් කියවෙන්නෙ.මට හිතුනා බ්ලොග් එකේ ලියන්න ඕනි කියලා.සිංදුව කියන්නෙ නං ජෝතිපාල මහත්තයා.ලිව්වෙ කව්ද කියලා දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න.

දිලි දිලි දිලිසේ වි මා දෑසෙ ආලොකේ //
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමග සිනාසි මිතුරා සේ ඉන්නේ//

ඇස් බැන්දුමක් වාගෙ මේ ලෝ තලේ
මොහොතින් බිඳී යාවි සිතු සෑම දේ....
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත දියේ මේ යාවි
මල්බර වී යෞවනේ සල් වනේ ආදරේ......

දිලි දිලි දිලිසේ වි මා දෑසෙ ආලොකේ //
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ

කව්දෝ මවාපාන මායාවකි
ඔබගේ ලඟින් ඉන්නේ චායාවකි
ඔහුගේ දැස ඔබ සොයා එන්නේ
සැගවු රහස නැත කෙනෙක් දන්නේ
මල්බර වී යෞවනේ සල් වනේ ආදරේ

දිලි දිලි දිලිසේ වි මා දෑසෙ ආලොකේ //
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකෙ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමග සිනාසි මිතුරා සේ ඉන්නේ//

සිංදුව අහනවානම් මෙතන ක්ලික් කරන්න



1 comment:

  1. මෙහෙමයි වල කපනකොට තමා වැඩ කරන්න ගට එන්නෙ.....ජීවිතේ අලුත් ප්‍රස්න ගොඩක් දමාගන්න එවුන් තමා ජීවිත දකින්නෙ කිසි ප්‍රස්නයක් නැති ලෝකයක්....සිතූ සම්පත් දෙනව් කීවත් මටනම් එපා....

    ReplyDelete

කියෙව්වා නම් පොඩි හරි අදහසක් දාලා යන්න අමතක කරන්න එපා.ඔබේ අදහස් හුඟක් වටිනවා......